" ලියලා තියෙන ටික කියවන්න හරි අමාරුයි. අකුරු ටිකක් ලොකු කලොත් වයසක අපිට කියවන්න ලේසියි" බිලොග්කරණයට අත්පොත් තිබිබ මගේ කුළුදුල් නිර්මාණය කියවලා කමෙන්ටුවක් පලකරපු ඔබා මාමා කවුරුත් කියන්න වගේ හැමදාම ඇවිත් ඒ ලියුව පුද්ගලයාගේ හිතට ශක්තියක් වුනා.
ඔබා මාමා ගැන මම මුලින්ම දැනගත්තේ අහමිබෙන් " අන්තිම පේලියේ" ලියලා තිබිබ කතාවකින්. එදා ඉදලා මම ඔබා මාමාගේ රසිකයෙක් උනා. බිලොග් එකක් ලියන්න කවදාවත් හිතුවෙි නැති මම ඒ ආසාව ඇති කරන්න ඔබා මාමා නිහඩ උපකාරයක් උනා.
මම යුද්දේ ගැන ලියද්දි සමහර දවස්වලට ඔබා මාමා ඒ ලිපිවලට කොමෙන්ටුවක් දාලා යන්නේ වැරද්දක්, අඩුපාඩුවක් තියේනමි එක ගැනත් අවධානය යොමු කරවලයි. ඉතිං ඔබා මාමෙි ඔයා දැන් අපි ලියන දේවල් කියවන්න එන්නේ නැති උනාට තරහක් නැහැ. මොකද ඔබා මාමා අපි අතරේ හැමදාම ඉන්න නිසා.
මෙි ලෝකයේ හතරදිග් භාගයේ ඉදලා බිලොග්කරණයේ යෙදෙන හැමෝම අද ඔබා මාමා වෙනුවෙන් දුක් වෙන්නේ ඒ ඔයා අපිට ඒතරමිම වටින කෙනෙක් නිසයි. ඔබා මාමෙි ඔයා අපි ලග නැති අඩුව හැමදාම අපේ හිත්වල තියේවි.
සොදුරු මිනිසාණනී ඔබට මොක්සුව.....!!!
අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............
ReplyDeleteහිත කියන්නේම මෙික බොරුවක් කියලා..... ඔබා මාමා අපි අතරේ ඉදපු සුන්දරම මනුස්සයෙක්...
Deleteකියන්ඩ දෙයක් නෑ සහෝ.. උදේ ඉඳන්ම නිකන් ඔලුවට පොල්ලකින් ගහලා වගේ.. ලඟින්ම හිටපු කෙනෙක් නැතිවුනා වගේ දැනෙන්නෙ.
ReplyDeleteඔබා මාමේ, නිවනින් නිවෙන තෙක් නැවතත් ඔබ අප අතරම ඉපදේවා !!
සහමුලින්ම ඇත්ත....
Deleteඅපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මාමාටත් එසේම විය.
ReplyDelete"ඔබා මාමේ" ඔබට නිවන් සුව!!
යතාර්ථය ඒකයි....
Deleteදිනේෂ්, මටත් හිතා ගන්න බැරි උනා මෙි සිද්ධිය දැනගත්ත ගමන්ම. මමත් හිතුවෙි මෙික විහිළුවක් කියලා මුලින්ම
ReplyDelete