Friday, November 18, 2011

වීරයෝ නැවතත් මෙි ලක් දෙරණේ උපදින්නේ නමි නැතුවා

ශ්‍රි ලංකාවාසි ජනතාවගේ සිතේ යමිහෝ බලාපොරෝත්තුවක සේයාවක් තිබුනේ නමි එයද ඊයේ සුනු විසිනුව ගියේ කාට කාටත් නැවත නැවතත් අමිහිරි මතක රැසක් හිතට අලුත් කර දෙමිනි.
සුදු කොඩි නඩුවෙන් හිටපු යුධ හමුදාපතිවරයාවු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව වසර තුනක කාලයකට සිරදඩුවමි නියම කලේ ගොනු කර තිබු චෝදනා තුනෙන් පලමු චෝදනාව වන අසත්‍ය ප්‍රකාශයක් සිදු කල බවට කියමිනි. තත්වය මෙසේ වුවද ඊයේ දින යෙදි තිබුනු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 66 වන ජන්ම දිනය නිමිත්තෙන් හෝ හිටපු යුධ හමුදාපතිවරයාට පොදු සමාවක් ලැබෙනු ඇතැයි කියා අපේක්ෂාවෙනි. එහෙත් ඒ සියලුම බලාපොරොත්තු දැන් හිස්වී හමාරය. සිදුවන්නනට නොවිය යුතු සිදුවීමක් සිදුවී හමාරය..


එහෙත් පුරා වසර 30 ක් පුරා අප රට වෙලාගත් රුදිරු ත්‍රස්තවාදයේ සෙවනැලි පරාජය කිරිමට කැපවුනු හිටපු හමුදාපතිවරයා තෙවරක්ම මරණය පෙනි පෙනී නැවත වතාවක් ජිවත් වන්නට වරමි ලැබු අයෙක් බව අද කාට කාටත් අමතකවීමද විශේෂත්වයකී. යුද්ධය ජය ගත්තේ හමුදාපතිවරයාට ජනාධිපති, ආරක්ෂක ලේකමි ඇතුලු තවත් විශාල පිරිසකගේ උදවි උපකාර නොලැබුනා නොවෙි. ඒ සියල්ලම ලැබුනත් යුද්ධයට අවශ්‍ය කරන සැලසුමි සකස් කිරිම හා පිරිස් මෙහයවීම ආදිය මනාව සිදුකිරිම තුලින් අපේක්ෂා කල ආකාරයේ ප්‍රථිඵල නෙලා ගන්න හමුදාපතිවරයා සමත්කමි දැක්වුයේ යුධ බිමෙිදි ඔහු ලබා තිබෙන හසල දැනුම නිසාය.


අවසන් වරට හමුදා මුලස්ථානය තුලදිම මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයකට ගොදුරුවුනු එතුමා පසුව සුවය ලබා පැමිනි අවස්ථාවෙිදි ඔහුට ලබාදි තිබු වෛද්‍ය උපදෙස්මත හමුදා සේවයෙන් විශ්‍රාම යෑමට පවා හැකියාව තිබුනත් ඔහු එසේ නොකලේ සැබැවින්ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරිමෙි අරමුණින් බව ඔිනෑම ශ්‍රි ලාංකිකයෙකුට වැටහෙන කාරණාවක් වන්නේය.


තමාට එරෙහිව නැවත වරක් වසර තුනක සිරදඩුවමි නියම කරද්දි ඒ රණවිරුවා කියු එක් දෙයක් ගැන අප සියලු දෙනාම තවත් වරක් කල්පනාකර බැලුවහොත් එහි ඇතුලාන්තය කුමක්ද යන්න පැහැදිලි කර ගත හැකියි. ඒනමි, " මෙි නඩු තීන්දුව නිසා තවත් කාලයක් මට මගේ බිරිදගෙන් හා දරු දෙදෙනාගෙන් ඈත් කර තබන්න ලබා දුන් දඩුවමක් බවත් කිසිදු දිනක තමා අණ දුන් හමුදා සේනාංක යුධ අපරාධ නොකර බවත්ය."


මෙි කුඩා සටහන අවසන් කිරිමට පලමුවෙන් යමි දෙයක් කිමට ඇත්තෙමි. එනමි, නැවතත් මෙි ලක් දෙරණට වීරයෝ ඉපදෙන්න සිතන්නේවත් නැත කියා පමනී. මන්දයත්, වීරයින්ට අද හිමි සිරකුඩුවත්, දේශ දෙූා්හීන්ට අද හිමි සුපිරි නිවාස හා රජ සැප හිමි විම නිසා ඉදිරියේ ඉපදෙන්නේ දෙූා්හීන් පමණක්ය.....!!!




( දේශපාල කෝණයෙන් තොරව මධ්‍යස්ථ සිතින් කියවන්නැයි ඉල්ලා සිටිමි )