Thursday, December 1, 2011

මුතුර් මුදාගත් කමාන්ඩෝ මෙහෙයුම ( පලමු කොටස)




කොහොමින්..කොහොමහරි එදා කොටි ත්‍රස්තවාදින් ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට එල්ල කරපු ප්‍රහාරය නිසා සවස 6-7 වෙන කොට ගොඩාක් මිනිස්සු තමන්ගේ ගෙවල් වලට එලියේ ඉදගෙන කතා කරමින් හිටියේ ඉදිරියේ මොනවයින් මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි උනු නිසයි.
අපේ ගෙදරත් ඉතිං අමුතුවෙන් කියන්න තරමි දෙයක් තිබුනේ නැහැ. මොකද ඒ වෙන කොට අපේ ගෙදරට එහා ගෙදර ඉන්න අය හොදටම බය වෙලා හිටිය නිසා ඒ බය අපේ ගෙදරටත් නොකියාම රිංගලා තිබිබා. තාත්තයි, මමයි හවස 6ට විතර ටවුමෙි තිබිබ තොග බඩු කඩෙිට ගිහිං මාසයකට හරියන විදිහට ගෙදරට අවශ්‍ය කළමණා ටික ගෙනත් තිබිබා. සතියකට විතර හරියන්න එලවලු, පොල් ටික පවා ගෙනත් තිබිබෙි සමහර විට හදිසියකටවත් කාලා බීලා හරි ඉන්න ඔින නිසයි.
එදා රාත්‍රි 8 වෙන කොටම ත්‍රිකුණාමලය නගරයම පාලු සොහොන් පිටිටනියක් ගානට ගිහිං. වෙනදාට බිචි එකට යන, ටවුමෙි කඩවල් වලට එන සෙනග එදා හවස නමි ටවුමෙි නමි දකින්න හිටියේ නැහැ. ටවුමෙි හැම තැනම පොලිසියයි, හමුදාවයි මුරට දාලා තිබිබා.
රෑට කැම එහෙම කාලා මමයි, තාත්තයි, නංගි, මල්ලි, අමිමා ගෙදර එලියේ පුටු ටික දාගෙන කතා කර කර ඉද්දි එහා ගෙදර කටිටයත් ආවා අපි කතා කර කර හිටපු තැනට. ඇවිත් ඉතිං එදා දවල් වෙචිච සිද්ධිය ගැන තම තමන් දන්න විස්තරයි, තාර බර දාලා හදපු කතා ටික කියවනවා. ඔය අතරේ සාමිපුර් පැත්තට ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ ස්ථානගත කරලා තිබිබ මල්ටි බැරල් රොකටි ලෝන්චරයෙන් හා කැලැෆමිබර්ග් කාලතුවක්කු රෙජිමෙින්තු කදවුරෙන් ඉදලා හිටලා රොකටි හා කාලතුවක්කු ප්‍රහාරත් එල්ල වෙන සද්දයත් හොදටම ඇහෙනවා අපිට.
කතා කර කර ඉදලා අපි එදා නිදා ගන්න යනකොට එදා රෑ 10ට විතර ඇති. මම නිදා ගෙන ඉද්දි කොහොම හරි ගෙදර සිවිලම හෙලවිලා වගේ මුනට වැලි වැටෙනවා දැනුනු නිසා මම නැගිටිටුනා. හිතුවා හරි... මුනේ වැලි ටිකක් අතේ ඇගිලි වලට දැනුනා. දැන් ඉතිං මුන හොදගන්න ඔින නිසා එලියේ වතුර ටැංකියට යන්න ගෙදර පිටිපස්සේ දොර ඇරපුවාම තමයි සද්දේ ඇහෙන්න පටන් ගත්තේ...


එදා රෑ තමයි මම ජිවිතේ මුල්ම වරට ඒ වගේ ශබිද ගොඩක් අහන්න ලැබුනේ කිවිවට සමහර අය විශ්වාස කරන්නේ නමි නැති වෙයි. මුන හෝදන එක පැත්තක දාලා මම දුවන් ගියේ තාත්තාට කතා කරන්න. ගිහිං තාත්තට කතා කරන කොට අමිමත් නැගිටලා ආවා මගේ සද්දේට. දැන් ගෙදර එලියේ වතුර ටැංකිය පැත්තේ ඉදන් අපි අහස දිහා බලාගෙන ඉන්නවා. අහස නිකං ගිනිකෙලි සංදර්ශණයක් වගේ මට නමි එදා පෙනුනේ. එක දිගට කාලතුවක්කු, මල්ටි බැරල් ප්‍රහාර එල්ල වෙනවා. ඒවල ප්‍රබලත්වය නිසාද කොහොද අපේ ගෙදරත් හෙල්ලුමි කනවා. හිතාගන්න බැරි උනා මොනවයින් මොනවා වෙනවද කියලා. වෙන්නේ මොකක්ද කියලා අහගන්න කෙනෙකුත් නැති නිසා අපි එදා ගොඩාක් අසරණ වුනා ඇත්තටම. ජිවිතේ ගැන බයකුත් නොදැනුනා නොවෙි. ඒත් ඉතිං හිත ශක්තිමත් කර ගත්තා ඔිනම දෙයකට මුහුන දෙන්න.


එදා රෑ නමි නින්ද අපේ ඇස් අහලකටවත් ආවෙි නැහැ. රටෙි අනිත් ප්‍රදේශවලට කලිං අපේ ත්‍රිකුණාමලයට හිරු එලිය වැටෙනවා. එලිය වැටිගෙන එනකොට මිනිස්සු එකා දෙන්නා ටවුමට ඇවිත් ඉන්නවා දැක්කා. කාගේ කාගෙත් මුහුනු වලනමි එදා තිබිබෙි ලොකු අවිනිශ්චිතභාවයක් කියලා නමි මට අද වගේ හොදටම මතකයි. මමත් පත්තරයක් ගන්න කියලා පත්තර කඩෙි පැත්තට යනකොටත් එදා පත්තරේ ඇවිත් තිබුනේ නැහැ. ඔිතනට වෙලා ඉද්දි තමයි මට ඊයේ හවස ජෙටිලයිනර් නැවට ගහන්න කොටි ආපු වෙලාවෙි සිද්ධ වෙචිච දේ බලමින් ඉද්දි මුනගැහුනු නාවික හමුදාවෙි නිලධාරියාව මුනගැහුනේ.


ඊයේ රෑ වෙචිචදේ ගැන මට විස්තර ටික දැනගන්න ඔිනකම තිබිබ නිසා ඒ ගැන මම අදාල නිලධාරියාගෙන් ඇහුවම තමයි ඔහු මට කිවිවෙි ඊයේ රාත්‍රියේදි කොටි ත්‍රස්තවාදින් 500 ක පමන පිරිසක් මුතුර් හි පිහිටලා තිබිබ මහින්දපුර ඇතුලු තවත් හමුදා කදවුරු දෙකකට පහර දෙනවා කියලා. තවමත් සටන යනවා කියලයි ඔහු කිවිවෙි. ඔය අතරේදි තමයි ඒ නිලධාරියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවෙි, ඒ ඔහුට හැකි ඉක්මනට හදිසි මෙහෙයුමක් සදහා කරපු රාජකාරි කැදවීමක්. ඔහු යන්න සුදානමි වෙලා මට කිවිවා මල්ලි මම කෑමිප් එකට ගිහිං කෝල් එකක් දෙන්නමි කියලා.


මමත් ඉතිං පැය බාගයක්ම බලන් ඉදලා පත්තරෙත් අරං ගෙදරට ආවා විතරයි මගේ හිතවත් නාවික හමුදා නිලධාරියාගෙන් මට දුරකථන ඇමතුමක් ආවා. ඔහු මට කියා සිටියේ කොටි ත්‍රස්තවාදින් මුතුර් නගරය අල්ලා ගෙන ඇති නිසා එය මුදාගැනිම සදහා තමන්ද භට කණ්ඩායමක් සමග එහි යන බවයි.
මුතුර් ප්‍රදේශයේ වැඩි වශයෙන්ම ජිවත්වුනේ මුස්ලිමි හා දමිල ජනතාව. කොටි ත්‍රස්තවාදින් 1988-2003 කාල සිමාවෙිදි මුතුර් නගරයේ ජිවත්ව හිටපු සිංහල හා මුස්ලිමි ගමිමාන ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කලා. 
ඔය නිසා මුතුර් නගරයේ හිටපු ගොඩාක් සිංහල මිනිස්සු සේරුවිල, දෙහිවත්ත, මහින්දපුර ඇතුලු වෙනත් ප්‍රදේශ කරා ඇවිල්ලා ගමිමාන ඉදිකර ගෙන ජිවත් උනා. මෙි සිංහල මිනිසුන් ගොඩාක් දෙනා තමන්ගේ එදා වෙල හමිබ කර ගත්තේ ගොවිතැන් කරලයි. ආරක්ෂක අංශ නිලධාරින් මෙි අය කුඹුරු වැඩ කරනකමි ඒ අයට ආරක්ෂාව දුන්නා ඔය දවස් වල. මොකද කොටි ත්‍රස්තයින් තමන්ගේ ලේ පිපාසය නිවාගන්න කුඹුරු වලටම ඇවිත් ගොවින්ව ඝාතනය කරන්න පටන් ගත්තා.
 

එත් අද උදේන්ම ලැබුනු ආරංචිය නිසා අහල පහල ගෙවල් වල අයත් ටික ටික කලබල වෙලා. මොකද මුතුර් නගරයේ ඉදලා ත්‍රිකුණාමලයට බර අවි යොදා ගෙන කොටි ත්‍රස්තවාදින්ට ප්‍රහාරයක් එල්ල කරන්න ඔිනතරමි හැකියාව තිබෙනවා කියලා අපි කාට කාටත් ඒ වෙන කොට තේරුමි ගිහිල්ලා තිබුනේ.

එදත් හවස 3-4 වෙන කොට ටවුම පාලුවට ගිහිල්ලා. ඈතින් ඇහෙන කාලතුවක්කු හඩත්, ගුවන් හමුදා හෙලිකොප්ටර් හා ප්‍රහාරක ගුවන් යානාවල ශබිදය හැරෙන්න ලොකු සිදුවිමක් උනේ නමි නැහැ.


( ඉතිරි කොටස ලගදිම බලාපොරොත්තු වන්න)