Saturday, December 31, 2011

හිතේ උපන් සහෝදරත්වය නිසා....

                                            (" හිස් අහස" ලියන සදරු)
මෙි සටහන ලියන්නේ මගේ හිතේ ඉපදුනු සහෝදරත්වය නිසයි.. මොකද මට බිලොග් අඩවියක් ලියන්න උපකාර කරපු ඒ සහෝදරයා ගැන තවත් හංගන්න මට කිසිම උවමනාවක් නැති නිසා. බිලොග් කරණයේ යෙදෙන අපි හැමෝටම ලොකු සතුටක් හිතට දැනෙන දවසක් අද.. මොකද අද අපේ එකෙක්ගේ ආර්ටිකල් එකක් ජාතික පත්තරේක පලවෙලා තියෙන නිසා. බලන්න ලොකු ආසාවක් හිතේ තිබිබ නිසා දවසකදි නුඹට නොකියාම අමිපාරේ එන්න හිතන් උන්නේ. ඊට කලිං උඹෙි රූපේ දකින්න වාසනාව උදා උනු නිසා සංතෝෂයි.....
තවත් දිගටම ලියන්න නුඹට හයිය හත්තිය ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා....

සදරුවෝ.... ඇත්තටම නුඹ මනුස්සකමින් පිරුනු සහෝදරයෙක්... ඒ මනුස්සකම නිසයි මෙි පුංචි සටහන.....!!

හැමදාම නුඹට ජයවෙිවා....

නදුන්...!!!!

නව වසරේදි.....

2011 වසර ගෙවිලා යන්න තව තියෙන්නේ පැය 10 කටත් අඩු කාලයක් විතරයි. ගෙවි යන වසරේ අපි කරපු කියපු දේවල් ගැන අපි කාගෙත් හිතේ සතුට, දුක මිශ්‍ර වෙලා ඇති. කාටත් තමන්ගේ ජිවිතේ ජයගත යුතුයි කියලා අරමුණු ගොඩාක් හිතේ තියෙන්න ඇති. ඒත් සමහර විට ඒ අරමුණු ජය ගන්න බැරුව ගියා කියලා තමන්ට දෝෂාරෝපණය කර ගන්නේ නැතුව මෙි එලැඹෙින නව වසරේදිත් තමන්ගේ ඉලක්කය කරා ගමන් කරන එක තමයි වැදගත්ම දේ.

මෙි එලැඹෙින නව වසරේදිත් අපිට අළුත් අභියෝග එල්ල වෙිවී... ඒ හැමදෙයක්ම ජය ගන්න සුදානමි ආත්ම ශක්තියත්, ධෛර්්‍යත් සියළු දෙනාටම ඇති වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා.......

ඉතිං...මෙි බිලෝග් අඩවිය කියවන සියළුම දෙනාටත්.. මට බිලෝග් කලාවට එන්න අතහිත දුන්න " හිස් අහස ලියන දයාබර සදරු සහෝදරයාටත්" ඒ වගේම බිලෝග්කරණයේ යෙදෙන අනෙක් සියළුම සහෝදර, සහෝදරියන්ටත්.. ලබන්නාවු 2012 වසර සුභම සුබ නව වසරක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා....!!!!



Tuesday, December 27, 2011

ප්‍රමාද දෝෂයට සමාවෙන්න යහළුවනේ...

යාහළුවනේ ... මෙි දවස්වල මම ඉන්නේ ටිකක් ඈත පලාතක. හාපුරා කියලා මට අවුරුද්දකට පස්සේ නිවාඩුවක් ලැබුනා මට ගමට යන්න. ඒක නිසා මම මෙි දවස්වල ඉන්නේ ත්‍රිකුණාමලේ. හරියටම ගිය අවුරුද්දේ දෙසැමිබර් මාසයේදි ගෙදර ආවට පස්සේ මට අද තමයි ගෙදර එන්න ලැබුනේ. මම ආපහු ඉක්මනටම කොලඹ එනවා. ආපු ගමන්ම නැවත පෝසටි එකක් දානවා.

වුනු ප්‍රමාද දෝෂයට සමාවෙන්න.......

නදුන්

Monday, December 19, 2011

කොටින්ගේ වැරදුනු ගුවන් කරණම- ( දෙවන කොටස)



අප බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව තිබුනේ පුනරින් නගරය කොටි ග්‍රහණයෙන් මුදවා ගන්නා දිනයට අපගේ විරෝධාර රණවිරුවන් ලගාවන තුරුය. දිනය මතක හැටියට නමි 2008 වසරේ සැප්තැමිබර් මස 6 වෙනිදාය.
වන්නි සටන් බිමෙි රහසිගත ස්ථානයක පැවති පුහුණු සැසි කිහිපයකින් පසුව කොටි ගුවන් බලකාය, කාලතුවක්කු බලකාය හා කළු කොටි කණ්ඩායම සිය අවසන් ඉලක්කය ලබා ගැනිම සදහා විසිරි ගියේ තම සතුරා වන රජයේ හමුදාවන්ගේ හදවත බදු කේන්ද්‍රස්ථානයකට උපරිම ප්‍රහාරයක් එල්ල කිරිමට තම නායකයින් හමුවෙි ශපථ කිරිමෙන්ද අනතුරුවය.

කිසිම විශේෂත්වයකින් තොරව කාලය ඉදිරියට ඇදෙමින් තිබුනී. පුනරින් නගරය ඉලක්ක කර ගනිමින් හමුදාවන් ගේ මෙහෙයුමි වලට බාධාවක්වන සේ කිසිදු සාර්ථක ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරිමට කොටි ත්‍රස්තවාදින් කිසිදු උත්සහයක් නොගන්නා ලදි. එහෙත් සැප්තැමිබර් 10 වන දින කොටි ත්‍රස්තවාදින් යුධ හමුදාවෙි 58වන සේනාංකයට දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කිරිමට උත්සහදැරු අතර 8 වන හා 10 වන ගැමුණු බලකායේ සෙබළුන් හා සිංහ රෙජිමෙින්තුවෙි සෙබළුන් කොටින්ගේ එම උත්සහය පුස්සක් බවට පත්කලේ නැවත වතාවතක් කොටින්ට හොද හැටි හෙමිබත්වන්නටම පහරදිමෙන් අනතුරුවයි.

භුමියේ සිටි කොටි ත්‍රස්තවාදින්ගේ මෙම අරුම පුදුම නැගිටිමට යමි හේතුවක් ලෙස කොටි සංවිධානය විසින් රහසිගතව සිදුකිරිමට සැලසුමි කරන ලද මෙහෙයුම හේතුවු බවට පසුව අපට වාර්ථා විය.

ඒ සැප්තැමිබර් 11 වෙනිදායි.. අලුයම 1 පසුව විනාඩි කිහිපයක් ගත වන්නට මත්තෙන් වවිනියා නගරයේ පිහිටි යුධ හමුදා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයට කොටි ත්‍රස්තවාදින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කිරිම ආරමිභ කරන ලදි. ක්‍රමක් ක්‍රමයෙන් වරකට එක-දෙක බැගින් එල්ලවු මෙම කාලතුවක්කු ප්‍රහාරය විනාඩි පහක් තුලදි කාලතුවක්කු උණ්ඩ තුන, හතර දක්වා එය වර්ධනය විය. කොටින්ගේ මෙම කාලතුවක්කු ප්‍රහාරය ඇරඹිමත් සමග වන්නි ආරක්ෂක මුලස්ථානයේ සිටි සෙබළුන් හා නිලධාරින් කදවූරු භුමිය තුල තිබෙනා කොන්ක්‍රිටි බංකර් වෙත දිව යන ලදියි.

කදවුරේ ගොඩනැගිලි වල සිටින හමුදා සාමාජිකයින් එසේ බංකර් තුලට දිව ගියත් ආරක්ෂක රාජකාරි කටයුතු භාරව සිටින හමුදා සෙබළුන් හා එයට පසකින් පිහිටා තිබෙන වවිනියා ගුවන් හමුදා කදවුරේ ආරක්ෂක මුරකපොලුවල සිටින ගුවන් හමුදා භටයින් සිය රාජකාරිය දිගින් දිගටම සිදුකරමින් සිටියේ කවදාවත් නැති ආකාරයෙන් කොටින්ගේ මෙම කාලතුවක්කු ප්‍රහාරයේ යමි අමුත්තක් ගැබිව තිබෙන බවට ඔවුන්ට ඉවෙන් මෙන් දැනුනු නිසාය.



මෙි අතරේ වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සංකිර්ණයේ පිටුපසම ප්‍රදේශයේ අවසන් මායිමට වන්නට පිහිටා තිබෙන යුධ හමුදා විශේෂ බලකායේ දිගු දුර මෙහෙයුමි බලකායේ සෙබළුන් රැදි සිටිනා ගොඩනැගිල්ල අසල රාජකාරියේ යෙදි සිටි සෙබලෙක් රාත්‍රි අන්ධකාරයේම දුටුවෙි තම කදවුරෙ මායිමිව තිබෙන කමිබි වැට කපා දමමින් අනවසරයෙන් කදවුර තුලට ඇතුල්විමට උත්සහ දරණා භට පිරිසකි. පලමුව මෙම පිරිස තම විශේෂ බලකායේ සෙබළුන් යැයි සිතා සිටි රාජකාරියේ යෙදි සිටි හමුදා සෙබලාට සිය විශේෂ බලකා පුහුණුවෙිදි ලබාදි තිබුනු අනගි පුහුණුව නිසා ඒ පැමින සිටින්නේ හමුදා නිල ඇදුමි ඇදගත් කොටි ත්‍රස්තවාදින් පිරිසක් බවට ඒත්තු ගන්නට වැඩි වෙලාවක් ගත නොවීය.
තමන්ට මෙි ගැන අනෙක් සහෝදර සෙබළුන්ට පවා දැන්වීමට කාලයක් නොමැතිබව වටහාගත් ඔහු සිය ගිනි අවියෙන් කොටි ත්‍රස්තවාදින් සිටි පැත්තට අනතුරු ඇගවිමෙි වෙඩි කිහිපයක් තැබුවෙි සැකයට මෙන්ය. එහෙත් ඒ සමගම ඔහු සිටි මුරකපොල්ල දෙසට කොටි ත්‍රස්තවාදින්ද වෙඩි තැබිමත් සමග තමාගේ සැකය නිවරදි බවට විශේෂ බලකායේ සෙබලාට හැගි ගියේය.
මෙම වෙඩි හුවමාරුවත් සමග විශේෂ බලකායේ සෙබළුන් තම කණ්ඩායමි අනුව ෆෝ මෑන් ( හතර දෙනාගේ කණ්ඩායම) හා එයිටි මෑන් ( අට දෙනාගේ කණ්ඩායමි) ලෙස සටනට අවතීර්ණ විය. ඒ වන විටත් කොටි ත්‍රස්තවාදින් 14 දෙනෙක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය තුලට රිංගා ඇති බවට සාක්ෂි විශේෂ බලකාය සතුව තිබිම නිසා ඔවුන් වහා වහාම සිය සතුරන් හඹා යෑම ආරමිභ කරන ලදි.


මුලින්ම කදවුරු සංකිර්ණයේ පිහිටි ආයුධ ගබඩාවන් හා ඉන්ධන ගබඩාවන්හි ආරක්ෂාව තර කරමින් විශේෂ බලකාය ක්‍රමක් ක්‍රමයෙන් කොටි ලුහුබදිමින් ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙමින් තිබුනු අතර කදවුරේ ඉදිරි දෙසින් කමාන්ඩෝ සෙබළුන්ද විශේෂ බලකායට සහය දක්වමින් කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව මෙහෙයුමට දායකත්වය සපයමින් සටනට අවතීර්ණ විය.



තත්වය මෙසේ තිබියදි වවිනියා ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කර තිබුනු " ඉන්දිරා-2" නමි රේඩාර් යන්ත්‍රයේ අමුතුම සලකුණු දෙකක් පෙන්නුමි කල අතර, ඒ පිලිබදව වවිනියා ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරිවරයා වහාම කොලඹ පිහිටි ගුවන් හමුදා මෙහෙයුමි අංශයට ඒ පිලිබදව සැලකරන ලදියි.

වන්නි ආරක්ෂක සේනා කදවුරු සංකිර්ණයට ඒ වන විටත් කොටි ත්‍රස්තවාදින් විසින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් තිබුනු අතර වවිනියාවෙි ඉදිරි ආරක්ෂක වලල්ල ආසන්නයේ ස්ථානගතකර තිබු යුධ හමුදා 56වන සේනාංකය විසින් මිලිමිටර් 120 හා 152 වර්ගයේ කාලතුවක්කු අවි හා මල්ටි බැරල් අවි ප්‍රති ප්‍රහාර එල්ල කිරිමත් සමග කොටි සංවිධානය කාලතුවක්කු ප්‍රහාරද ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන බවක් පෙනුනී. තත්වය මෙසේ තිබියදි විශේෂ බලකායේ හා කමාන්ඩෝ සෙබළුන් එක්ව කොටි සංවිධනයේ කළු කොටි සාමාජිකයින් 8 දෙනෙක්ට ඒවන විටත් වගකියා අවසන්කර තිබුනී.

අලූයම 3ට පමන එකවරම අහස දෙසින් අමුතු ශබිදයක් නැගුනු අතර අදුරේම පැමිණි කොටි ත්‍රස්තවාදින් සතුව තිබෙනා චෙක් රාජ්‍යයේ නිෂ්පාදිත සීලින් 143 වර්ගයේ කුඩා ගුවන් යානා දෙක වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයට ගුවනින් බෝමිබ දෙකක් හෙලා පලායන්නට විය. 



කොටි ගුවන් යානා පැමීණෙන බවට කල්තියා හදුනා ගෙන තිබිම නිසා ගුවන් හමුදාවෙි එෆ්-7 වර්ගයේ ප්‍රහාරක යානා දෙකක් කටුනායක ගුවන් තොටුපලින් ගුවන් ගත කෙරුනේ කෙසේ හෝ කොටි ගුවන් යානා දෙකට පහරදි බිම හෙලිමෙි පරමාර්ථයෙනි. ගුවන් ගතවී විනාඩි 8ක් වැනි සුලු කාලයක් තුලදි ගුවන් හමුදාවෙි එෆ්-7 ගුවන් යානා වවිනියාව ප්‍රදේශයට ඉහලින් ගමන් කරමින් කොටි සංවිධානයේ ගුවන් යානා දෙකෙන් එකක් මුලතිවි ප්‍රදේශයට ඉහල අහසේදි සිය දර්ශණයට හසුකර ගැනිමට එක් ගුවන් හමුදා යානාවකට හැකිවිය. තමන්ට වඩා කිලෝමිටර් දෙකක් පමන ඉදිරියෙන් ගමන් ගන්නා කොටි ගුවන්යානය පිලිබදව සිය මෙහෙයුමි මැදිරියට විස්තර ලබාදුන් ඒ අභීත ගුවන් නියමුවා තවත් කල් යැවිමෙි තේරුමක් නොමැති බව වටහා ගෙන තමන්ට ලද උපදෙස් අනුව ගුවනේ සිට තවත් ගුවන් යානාවකට පහරදිමෙි හැකියාව ඇති මිසයිල පද්ධතියෙන් එක් මිසයිලයක් කොටි සැහැල්ලු ගුවන් යානය ඉලක්ක කරමින් මුදාහරින ලදියි. විනාඩියක් ගතවිමට පෙර තමා ඉදිරියෙන් විශාල ගිනිබෝලයක් සමග පිපිරිමක් නිරික්ෂණය කල ගුවන් නියමුවා තමාගේ මෙහෙයුම ඉතා සාර්ථකවු බව සිය මෙහෙයුමි මැදිරියට දන්වා සිටියා.

මෙි අතර මුලතිවි ඉහල අහසේදි ගුවන් හමුදාව සිය රණකාමිත්වය විදහාපාද්දි භුමියේ සටන් ඇවිලෙමින් තිබුනි. මරාගෙන මැරෙන කළු කොටි සමාජිකයින් තිදෙනෙක් වවිනියා ගුවන් හමුදා කදවුරු භුමියට ඇතුල්විමට දරණ උත්සහය නිරික්ෂණය කල ගුවන් හමුදා සෙබළුන් සිය ගිනි අවි ඒ දෙසට හරවමින් දැඩි ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන්නට පටන් ගන්නා ලදියි. ගුවන් හමුදාවෙි සෙබළුන්ගේ සහයට එක්වු කමාන්ඩෝ සෙබළුන් විනාඩි 20ක් ගතවිමට පෙර මරාගෙම මැරෙන කොටි ත්‍රස්තවාදින් තිදෙනාව අවසන් ගමන් යැවුහ.

මෙි අතර වන්නි ආරක්ෂක සේනා මුලස්ථානාධිපතිගේ නිල නිවාසය ආසන්නයට පැමින රැකවල්ලාගෙන සිටි කොටි ත්‍රස්තවාදියෙක්වද මරා දැමිමට යුධ හමුදා විශේෂ බලකායේ සෙබළුන් සමත්විමත් සමග කදවුරට ඇතුල්ව සිටි අවසන් කොටි ත්‍රස්තවාදියා ඝාතනය කරමිනි.

පුරා පැය හතරකට ආසන්න කාලයක් මුළු වවිනියා නගරයම නැවත වරක් යුධ බියෙන් ඇලලී ගිය මෙහෙයුමක් අවසන් කරමින් යුධ හමුදා විශේෂ බලකාය, කමාන්ඩෝ බලකාය ඇතුළු සෙසු බලමුළු හා ගුවන් හමුදාව එක්ව නැවත වරක් කොටි ත්‍රස්තවාදින්ගේ සිතේ පැලපදියමිව තිබු සිහිනය සුනුවිසුනු කරන්නට සමත් විය.

මෙවර කොටි ත්‍රස්තවාදින්ගේ මුලික ඉලක්කයන්වී තීබුනේ

1). වවිනියා ගුවන් හමුදා කදවුරේ පිහිටා තිබෙන රේඩාර්් යන්ත්‍රය විනාශ කිරිමයි. ( මෙම රේඩාර් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය කොටින්ගේ ගුවන් යානා හැසිරවිමට විශාල බාධාවක්ව තිබිම නිසායි).

2). වන්නි ආරක්ෂක කදවුරු සංකිර්ණය තුල පිහිටා තිබෙන ආයුධ ගබඩාවන් විනාශ කිරිම. ( පුනරින් ඇතුළු කොටි මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක හමුදා මෙහෙයුමි අඩාල කිරිම මෙහි මුලික වෑයමයි.)

මෙම ඉහත කාරණා සාක්ෂාත් කර ගැනිම සදහා කොටි සංවිධානය ඉතා විශාල සැලැස්මක් දියත් කලත් රාජකාරියේ යෙදි සිටි එක් විශේෂ බලකා සෙබලෙක්ගේ විමසිලිමත්භාවය නිසා සිදුවන්නට ගිය මහා විනාශයක් වලක්වා ගන්නට යුධ හමුදාවට හැකිවිය. කොටි සංවිධානය බරඅවි, භුමි භටකණ්ඩායමි හා ගුවන් බලය යොදා ගනිමින් ආරක්ෂක හමුදාවන්ට එල්ල කරන ලද පලමු මෙහෙයුම ලෙස මෙය ඉතිහාසයට එක්විය. එහෙත් එය කොටින්ට වැරදුනු ගුවන් කරණමක් පමනක් විය.....!!!!

Sunday, December 18, 2011

කොටින්ට වැරදුනු ගුවන් කරණමි..- ( පලමු කොටස )



ඒ 2008 වසරේ අගෝස්තු මාසයයි. මෙි මොහොත වෙද්දි රජයේ හමුදාවන් හා කොටි ත්‍රස්තවාදින් අතර දැඩි සටන් ඇවිලෙමින් පැවති කාලවකවානුවයි. කොටි ත්‍රස්තවාදින් වියරු වැටුනු සතුන් විදිහට දකුණේ ජන ජිවීතය ඉලක්ක කරගනිමින් බෝමිබ පුපුරවමින් අහිංසක මිනිස් ජිවිත බිලිගනිද්දි රජය තම මානුෂිය මෙහෙයුම කිසිදු විටක නතර කරන්නට පියවර නොගත්තේ කොටි ත්‍රස්තචාදින් පරාජය කිරිමට මීට වඩා වටිනා අවස්ථාවක් තවත් නොලැබෙන බවට දැනුනු නිසා වෙන්න ඇති.

අගනුවර කලඹමින් පුපුරා ගිය බෝමිබ ප්‍රහාර දෙකක් නිසා 40 කට ආසන්න අවිහිංසක සිවිල් වැසියන් පිරිසක් මිය ගිය අතර තවත් 60 කට ආසන්න පිරිසක් තුවාල ලැබුහ. උදේ ගෙදරින් බත් එක රැගෙන ගෙදරින් යන තම ස්වාමිපුරුෂයා, බිරිද, දරුවන් නැවත පන පිටින් යලි සවස ගෙදරදි දකින්නට ලැබෙිවිද යන්න දෙගිඩියාව සැමගේම සිත්තුල පැලපදියමිව තිබුනා. නිදහස් නිවහල් දේශයක සාඩමිබර හිිමිකරුවන්ව සිටින්නට හැමගේම සිත්වල තිබුනු ඒ ආශාව මම වවිනියාවෙිදි, මන්නාරමෙිදි, යාපා පටුනේදි විතරක් නෙමෙියි කොලඹ 7 දිත් ඇස් දෙකින් දකින්න තරමි වාසනාවන්ත උනා.
සෑම මාසයකදිම උතුරේ යුධ බිමෙි සටන් වාර්ථාකරණය කරලා කොලඹට ආවට පස්සේ දන්න කියන හැමෝම අහන එක් පොදු ප්‍රශ්නයක් තිබිබා හැමෝම ලග. ඒ තමයි මාව මුලින්ම  දැක්ක ගමන් අහන්නේ " මචං මෙික ඉක්මනට මෙික ඉවර වෙයි නේද?" කියලා. නිවාඩු වෙලාවට හයර් එක යන්න කතා කරන ත්‍රිරෝද රියදුරාගෙත්, කෑම කන කඩෙි මුදලාලිලාගේ කටෙිත් තිබිබෙි ඔය ප්‍රශ්නේ විතරමයි. හැමෝගේම අනාගත බලාපොරොත්තුව තිබුනේ රටම වෙලාගත් ඒ පාපතර මිලේචිජත්වයේ අවසානය දකින්නේ කවදාද කියලයි....

ඒ් මිලේචිජත්වය පරාජය කිරිමට අවි වැසි නොතකා සටන් කරනා සෙබල බලමුළු සිය මවිබිම වෙනුවෙන් දහස් සංඛ්‍යාත සිත්වලින් නැගෙනා ඒ අවංක ප්‍රාර්ථනා වලට හුස්ම පොදක් මුසු කරමින්   පුනරින් කොටි බලකොටුව ජය ගැනීම සදහා අවසන් පිඹුරුපත් සකස් කරමින් සිටිනා කාලයයි.

තමන්ගෙන් ගිලිහුනු යාපනය නගරයේ බලයට යමි තරමිකින් හෝ තර්ජණයක් එල්ල කිරිමෙි අභිප්‍රායෙන් පසුවු කොටි ත්‍රස්තවාදින්ට පුනරින් නගරයේ බලය මෙි වන විට කියා නිම කිරිමට නොහැකි අන්දමින් වටිනාකමක් එකතු කර තිබිනි. පුනරින් ආරක්ෂා කර ගැනිමට නමි දැනට ඉදිරියට එන හමුදාවෙි චිත්ත ධෛර්්‍ය හීන කිරිමෙි වැඩපිලිවලක් ක්‍රියාත්මක කිරිමෙි උවමනාවක් කොටි නායකත්වයට මෙි වන විට තදබල ලෙස දැනෙමින් පවතින්නක් විය. එම පියවරෙ පලමු අදියර ලෙස කොලඹ ඇතුළු තදාසන්න නගර ඉලක්ක කරගනිමින් බෝමිබ ප්‍රහාර 2-3ක් එල්ල කලත් එයට රජයේ හමුදාවන්ගේ මානසික ඒකාග්‍රත්‍රාවය සිතු අයුරින් ආපස්සට හැරවිමට නොහැකි විය.

මෙවැනි තත්වයක් හමුවෙි කොටි නායකත්වයට සිය අවසාන ගැලවුමිකරුවා වන කොටි ගුවන් බලකායේ පිහිට පැතිමට සිදුවිය. වරකට කිලෝග්‍රෑමි 500කට ආසන්න බරක් ඔසවාගෙන ගුවන් ගතවිය හැකි මෙම සැහැල්ලු ගුවන් යානා 2ක් කොටි සංවිධානය සතුව පවතින බව රජයේ බුද්ධි අංශ මිට ප්‍රථමව ආරක්ෂක අමාත්‍යාංශයට පවා සැලකර තිබිනි.

සතියක පමන කාලයක් තුලදි කොටි ගුවන් හමුදාවෙි ගුවන් නියමුවන්ට වන්නීයේ රහසීගත ස්ථානයකදි ඔවුන් ලබාගත යුතු ඉලක්කය පිලිබදව හා එහිදි තම සතුරාවන ශ්‍රි ලංකා රජයේ හමුදාවන්ට සිදුකල යුතු හානිය උපරිම කිරිම සදහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදියි.

කොටි ත්‍රස්තවාදින්ගේ මෙි සැලසුම සමිබන්ධයෙන් රජයේ බුද්ධි අංශ පවා නොදැන සිටි අතර, එහෙත් ලගදිම කිසියමි හෝ අමුතු ආකාරයේ ප්‍රහාරයක් සදහා කොටින් අර අදින බවට යමි ඉගිබිගි පලවන ආකාරයේ මාධ්‍ය වාර්ථාවන් කොටි සංවිධානයට හිතැති මාධ්‍ය මගින් ඒ වන විටත් පලකර තිබිණි..

( මතුසමිබන්ධයි)....

Monday, December 12, 2011

සිංහ පෝතකයින්ගේ ලෝ ෆලයින් ටාගටි....!!!

ඒ... 2006 වසරේ අවසන් භාගයයි. කොටි ත්‍රස්තවාදින් සිය උවමනාව මතම ආරමිභකර ගත් හතරවන ඊලාමි යුද්ධය ඒවන විටත් නැගනහිර පලාතේ ක්‍රියාත්මක වෙමින් තිබිණී. කොටි ත්‍රස්තවාදින්ගේ සැලසුමි කිසිදු විටක සාර්ථක නොවුනුබව ඒ වන විටත් වන්නී මහ කොටියා වන වෙළුපිල්ලේ ප්‍රභාකරන්ටද අවබෝධවී තිබිණි.
කලක් ත්‍රිකුණාමලය නගරයට හා වරායට අතපොවන මානයේ සිටියි කොටි ත්‍රස්තවාදින් මාස 5ක් ගතවිමට පෙර සාමිපුර් ප්‍රදේශය දක්වා පලවාහරින් ආරක්ෂක හමුදාවන් සමත්විය. සිංහ, ගැමුණු, ජාතික ආරක්ෂක බලමුළුව ඇතුළු භුමිසටන් සදහා රණකාමිත්වයෙන් පිරි හමුදා රණවිරුවන් දිවා රෑ නොබලා මෙහෙයුමි කටයුතුවල නිරතව සිටියේ කොටි ත්‍රස්තවාදින් නැගනහිරින් අතුගා දැමිමෙි ඒකායන අභිප්‍රායෙනී.
කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව පුරා මාස 6කට ආසන්න කාලයක් කරගෙන ගිය යුද්ධයේදි කිසිවෙකුටත් නොදැනෙන ආකාරයට ත්‍රස්තවාදින්ගේ පාලන ප්‍රදේශයට රිංගා ඔත්තු බැලිමෙි යෙදි සිටියි හමුදා විශේෂ බලකායේ හා කමාන්ඩෝ බලකායේ සෙබළුන් සිදුකල අමිල මෙහෙය ගැනද සදහන් කිරිම ඉතා වැදගත්ය.
කොටි ත්‍රස්තවාදින්ගේ ඉදිරි මෙහෙයුමි පිලිබදව ඔත්තු බැලිම නිසා විශේෂ බලකායේ සෙබළුන්ගේ අප්‍රමිත ධෛර්ය නිසා කොටි ත්‍රස්තවාදින්ට ඉතා දරුණු ප්‍රහාරයක් එල්ල කිරිමට ආරක්ෂ
අංශ සමත්විය.

2007 වසර උදාවෙත්ම  නැගෙනහිර කොටි නායකයාවු ස්වර්ණමි පිලිබදව කිසිදු තොරතුරක් හමුදා අංශ වෙත වාර්ථා නොවුනු අතර නිල නොලත් ආකාර
යෙන් බුද්ධි අංශ සාමාජිකයින්ට ලැබුනු තොරතුරු වලින් කියැවුනේ නැගනහිර පලාතේ මෙතෙක් පැවැති සටන් වලින් එල්.ටි.ටි.ඊ. සංවිධානය අත්කරගත් දරුණු පසුබෑම පිලිබදව උරණවු කොටි නායක ප්‍රභාකරන් වහාම ක්‍රියාත්මකවන පරිදි නැගනහිර නායක ස්වර්ණමිව වන්නීයට කැදවු බවයී.
තවත් ආරංචි මාර්ග වලින් කියැවුනේ සාමිපුර් ප්‍රදේශය ආරක්ෂා කරගැනිම සදහාවු සටන් වලදි ස්වර්ණමි තුවාල ලැබු බවයී.
මෙි සියළු තොරතුරු වලින් කියැවුනු කිසිදු තොරතුරක් විශ්වාස කිරිමට හැකි ආකාරයේ එවා නොවුණු අතර ඒ වන විටත් රජයේ ආරක්ෂක අංශ වාකරේයි ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් සිය ඉදිරි මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමට සියළු සැලසුමි සකස්කර අවසන්විය.

තත්වය මෙසේ තිබියදි ඝන කැලැවෙි හිදිමින් කොටි ත්‍රස්
යින්ගේ ඉදිරි ආරක්ෂක තිරුව පසුකරමින් ඉදිරියට ගොස් තිබුනු යුධ හමුදාවෙි විශේෂ බලකායේ කණ්ඩායමකට දිනක් අමුතුම ආකාරයේ ගල් ගුහාවක් නිරික්ෂණය විය. වාකරේ ප්‍රදේශයේ ඝන කැලෑවෙි මැදට වෙන්න පිහිටා තිබුනු මෙම ගල් ගුහාව වටකර ඉතා දැඩිව රැකවල් යොදා තිබුනු නිසා අනිවාර්්‍යයෙන්ම කොටි සංවිධානයේ ප්‍රධානින් කිහිපදෙනෙක් මෙහි සිටිනු ඇතී බවට උපකල්පනය කල එම හමුදා කණ්ඩායම ඉදිරි මෙහෙයුමි කටයුතු සදහා අවශ්‍ය උපදෙස් තම ඉහල නිලධාරින්ගෙන් ඉල්ලා සිටින ලදියි.
අදාල ගල් ගුහාව පිලිබදව පැය 24 පුරාම අවධානය යොමු කරගෙන සිටින ලෙසත් එම ගල් ගුහාවෙි පිහිටිම හා සිතියමිගත කරන ලද තොරතුරු එම මොහොතේදිම තමන් වෙත ලබාගත් අදාල නිලධාරින් ඉදිරි මෙහෙයුමි කටයුතු කරගෙන යන ලෙස උපදෙස් ලබාදෙන ලදියි.
විශේෂ බලකායේ සෙබළුන් දිවා රාත්‍රි නොතකා සිය ඔත්තු බැලිමෙි කටයුතු සිදුකරගෙන යන ලදියි.
ගල් ගුහාවට ආසන්නයේ පිහිටි කොහිල ගාලක සැගව සිටිමින් පුරා සතියකට ආසන්න කාලයක් සිය මෙහෙයුම කලත් විශේෂ බලකායේ සෙබළුන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනිමට නොහැකිවිය. කොහිල ගාලේ සිටින මදුරුවන්ගේ නිමක් නැති දෂ්ඨ කිරිමි හා විවිධ කෘමි සතුන්ගෙන් එල්ලවුනු පීඩාවන් දරාගෙන ඉතා දුෂ්කර කර්තව්‍යක නිරතව සිටි එම සෙබළුන් කිසිදු විටක තමන්ට ලබාදුන් අභියෝගය අතහැර යෑමට සුදානමි නොවීය. ඒ අන් කවර හේතුවක් නිසා නොව තමන්ට විශේෂ බලකාය විසින් ලබාදුන් පුහුණුව හා ඉවසා සිටිම හා දරාගැනිමෙි ශක්තිය උපරිම තලක තබාගෙන හිදිමින් මෙම සෙබළුන් සිය මෙහෙයුම තවදුරටත් ඉදිරියට කරගෙන ගියේ විශේෂ බලකායේ උදෘත පාඨයවන " නොහැක්කක් නොමැත" යන වචනය සත්‍ය කරමිනී.

මෙලෙස හමුදා කණ්ඩායමින් ලද තොරතුරු පැය දෙකක් ගතවීමට පෙර කොලඹ ගුවන් හමුදා මුලස්ථානය වෙත යොමු කර තිබුනේ ඉදිරියේදි ගුවන් ප්‍රහාරයක් එල්ල කිරිමට අවශ්‍යවුවහොත් ඒ සමිබන්ධයෙන් අවශ්‍ය සැලසුමි සකස්කර ගැනිම සදහායි. එවකට ගුවන් හමුදා මෙහෙයුමි අධ්‍යකෂකව සිටියි වර්ථමාන ගුවන් හමුදාපති හර්ෂ අබෙිවික්‍රම මහතා ඒ මොහොතේම නියමුවන් රහිත යානා යොදා ගනිමින් හමුදා සෙබළුන් ලබාදුන් ප්‍රදේශය නිරික්ෂණය කර අදාල ජයාරූප හා භුමිය පිලිබදව අදාල නිගමනයන්වලට එැලඹිණි.

කෙසේ හෝ සියළු කටයුතු මෙසේ සිදුවෙමින් තිබියදි වාකරේ කැලැවෙි පිහිටි ගල් ගුහාව අසල ඔත්තු බලමින් සිටියි ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙතෙක් කල්යල් බලා සිටි හෝඩුවාව සාක්ෂාත් කර ගැනිමට හැකිවිය. දිනක් අළුයමි කාලයේදි කොටි ත්‍රස්තවාදින් 6 දෙනෙක්ගේ රැකවල්මත ගල් ගුහාවෙන් එලියට පැමිණි නායකයෙක් බවට සැකකල හැකි පුද්ගලයෙක් නිරික්ෂණය කල විශේෂ බලකා සෙබළුන් තමන් මෙතෙක් කල් දැරු සියළු උත්සහයන් සාර්ථකවු බවට හැගි ගීයේ අදාල කොටි නායකයා හදුනාගැනීමත් සමගය. ඒ අන් කිසිවෙක් නොව මෙතෙක් කල් අතුරුදහන්ව සිටියි නැගනහිර කොටි නායක ස්වර්ණමිය. තමාගේ මවිකදවුර වන ' ස්වර්ණමි බෙිස්" හි සැගව හිදිමින් ආරක්ෂක හමුදාවන්ට එරෙහිව සටන් මෙහෙයව ස්වර්ණමි හමුදා ප්‍රහාරවලට බියේ මෙසේ සැගව සිටින බවට අනාවරණය කරගත් හමුදා සෙබළුන් තමන් සතු තොරතුරු ඉහල නිලධාරින්ට දැනුමි දෙන ලදියි.

ස්වර්ණමි සැගව සිටින ස්ථානය පිලිබදව නිශ්චිත තොරතුරු අනාවරණය වීමත් සමග කටුනායක ගුවන් හමුදා කදවුරේ ස්ථානගතකර තිබු අංක 10 ප්‍රහාරක බලඝණයවු කෆීර් ප්‍රහාරක යානා 3ක් හා අංක 12 ප්‍රහාරක බලඝණයවු මිග්-27 ගුවන් යානා 2ක් උදෑසන 6.30 පමන වන විට හීයක වෙිගයෙන් ගුවනට පිවිසුනේ තමන්ට ලබාදුන් ගොදුර ඩැහැගැනිමෙි ඒකායන පරමාර්ථයෙනි.

කටුනායකින් ගුවන්ගතවු ප්‍රහාරක යානා 5 ඒ වන විනාඩි 30ක් ගතවිමට පෙර මඩකලපුව ප්‍රදේශයේ ගුවනේ සිට සිය මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට සුදානමිවු ගුවන් හමුදා රණවිරුවන්ට මුහුන පෑමට සිදුවු බලවත්ම ගැටළුව වුයේ ස්වර්ණමි සැගව සිටින ගල් ගුහාවට නියමිත පරිදි ඉලක්ක ගැනිමට වනයේ පිහිටි ගස් නිසා අපහසුවිමයි. අවසානයේදි එම අභියෝගය ජයගැනිමට නමි සියළු ප්‍රහාරක යානා " ලෝ ෆටයින් ටාගටි" ( භුමියට ආසන්නව පැමින ප්‍රහාර එල්ල කිරිම) ක්‍රමවෙිදය අනුගමනය කිරිමට තිරණය කරන ලදියි.

ස්වර්ණමි බෙස් වෙත එල්ල වෙන ගුවන් ප්‍රහාරය පිලිබදව තොරතුරු ලැබිමත් සමග එහි ඔත්තු බලමින් සිටියි විශේෂ බලකායේ සෙබළුන් ඉතා සුපරික්ෂාකාරිව පසුබා ගොස් තිබුනී. මෙි අතර උදැසන 7.15 ට පමන ස්වර්ණමි බෙිස් යනුවෙන් හැදින්වු ගල් ගුහාවට ගුවන් හමුදාවෙි පලමු කෆීර් යානාව භුමියේ සිට අඩි 800ක් ආසන්නයට පැමින කිලෝ 500ක් පමන බර බෝමිබය පලමු වරට හෙලිමත් සමග සෙසු ප්‍රහාරක ගුවන් යානාද සිය වැඩ ඇල්ලීම ආරමිභ කලේ ස්වර්ණමි බෙිස් විනාඩි කිහිපයක් ගතවිමට පෙර සුනු විසුනු කර දමමින්ය.

මෙම ගුවන් හමුදා ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු නැගනහිර පලාතේ කොටි නායක ස්වර්ණමි පසුව වන්නීය බලා රැගෙන ගොස් තිබු අතරම පසුව 2009 වසරේ මැයි 15 වෙනිදින ඔහු ආරක්ෂක අංශ සමග පැවැති සටනකදි මියයන ලදියි.

පුරා දින 10කට ආසන්න කාලයක් මරුවා පෙනි...පෙනි...සිය ඉලක්කය අභියෝගයක් ලෙසින් සිතා උපන් මවිබිම වෙනුවෙන් විශේෂ කාර්්‍ය බලකායේ සෙබළුන් කල ඒ අභීත මෙහෙයුම අදත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී තිබෙනවා නොඅනුමානයි.....!!!!

Monday, December 5, 2011

මුතුර් මුදාගත් කමාන්ඩෝ මෙහෙයුම... (දෙවන කොටස)



මගේ මතකය හරිනමි වෙලාව පාන්දර හතරට විතර ඇති. පොලොව දෙදෙරුමි කාලා යනවත් එක්කම ඇහිචිච ශබිදයත් එක්ක ඇදෙන් පැනලා දුවගෙන ආවෙි ගෙදර ඉස්සරහට. මං යනකොටත් තාත්තා නැගිටලා ගෙදර දොර ලගට වෙලා ඉන්නවා.

තාත්තා මගේ මුන දිහා බැලුවෙි වෙන්නේ මොනවා කියලා හිතා ගන්න බැරි ගතියකින්.
ඒත් එක්කම තවත් කාලතුවක්කු ප්‍රහාරයක සද්දයක් ඇහුනා.
කොටි ත්‍රස්තවාදින් දෙවන අවස්ථාවටත් කාලතුවක්කු ප්‍රහාර මාලාවක් එල්ල කරනවා ත්‍රිකුණාමලය නගරයට. අපි ඉන්න හරියටම කාලතුවක්කු ප්‍රහාර එල්ල නොවුනත්, ඒ ප්‍රහාර එල්ල වෙන්නේ ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට කියලා මට හිතා ගන්න පුලුවං උනා.

එදා උදේ 6 වෙන කොට කොටින් එල්ල කරපු ප්‍රහාරය නතර උනා. මෙි සිද්ධියෙන් මොනවා උනාද කියලා දැනගන්න විදිහක් නැතුව මිනිස්සු නිකං ආවෙිශයෙන් වගේ එහේ මෙිහේ දුවනවා. කොහොම හරි ඊටත් පැය භාගයකට පස්සේ ආරංවි උනා අද අලුයම ඉදලා කොටි ත්‍රස්තවාදින්  ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට, චීන වරාය ගුවන් හමුදා කදවුරට ප්‍රහාර එල්ල කරලා තියනවා කියලා.
මෙි සිද්ධියෙන් එක් සිවිල් වැසියෙක් මිය ගිහින් තිබුනා. ආරක්ෂක අංශ සාමාජිකයින් එක්ක තවත් පුද්ගලයින් 14 දෙනෙක් තුවාල වෙලා තිබුනා.


ඔය සිද්ධිය ආරංචි වෙලා පැය භාගයක් ගතවෙන්න කලිං අහසින් ඇහුනේ අමුතු ශබිදයක්. අපේ ඔලුවට උඩිං ශබිදය එනකොටත් ඒ ආපු ගුවන් හමුදා ප්‍රහාරක යානා 3ක් කොනේෂ්වරමි කෝවිලත් පහුකරලා අමුතු රටාවකට නැවත සාමිපුර් ප්‍රදේශය දෙසට ඇදෙන හඩ ඇහුනා.

ඉර මුදුන් දිලා තියෙද්දි ත්‍රිකුණාමලයේ ඉන්නවා කියන්නේ නිකං උනු තෙල් තාචිචීයක බැහැලා ඉන්නවා වගේ. වෙනදාට නමි රස්නයක් දැනුනු ගමන් මුහුදට බැහැලා නානවා. ඒත් දැන් මුහුදට බහින එකත් නාවික හමුදාව තහනමි කරලා. ධිවරයින්ට තමන්ගේ රැකියාවට යෑමත් තහනමි කරලා. මොනවා කරන්නද, මෙි ත්‍රස්තවාදින්ගෙන් රට බෙිරා ගන්න කරන මෙි කර්තව්‍යට බඩගින්නේ ඉදන් හරි සහය දක්වන්න අපේ ගමෙි මිනිස්සු තිරණය කලා. ඒ දවසකට, දෙකකට නෙමෙියි. පුරා අවුරුදු දෙකකට ආසන්න කාලයක්.( අඩුම තරමින් මෙි නිසා තමනගේ රැකියාව නොකරපු නිසා බැංකු වලින් ගත්ත ණය ගෙවා ගන්න බැරිව අද උසාවි ගානේ පොලිමෙි ගිහිං ඉන්න ධිවරයෝ, ව්‍යාපාරිකයෝ ඉන්නවා සිය ගාණක්)

දින දෙකක කාලයක් පුරාවටම මුතුර් නගරයේ අණසක පතුරුවගෙන ඉන්න කොටි ත්‍රස්තවාදින්ට අවසාන වශයෙන්ද නගරයෙන් ඉවත් විම සදහා රජයෙන් ලබාදුන් නියෝගය අවනත නොවිම නිසා එය මුදාගැනිමෙි හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිම සදහා ආරක්ෂක ප්‍රධානින් තිරණය කලා.

අමිපාර, කුඩාඔය පිහිටි කමාන්ඩෝ පුහුණු පාසලේ ස්ථානගතව කර සිටි පලමු හා දෙවන කමාන්ඩෝ බලඇණි දෙක ගුවන් හමුදා එමි.අයි.17 හෙලිකොප්ටර් මගින් ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට ගෙන එන ලද්දේ අගෝස්තු 4 වෙනිදා රාත්‍රියේදිය.
මෙි විිදිහට ගුවන් මගින් රැගෙන ආ 80 කට ආසන්න කමාන්ඩෝ සෙබලුන් නාවික හමුදා යාත්‍රා 4 කට 20 දෙනා බැගින් බෙදා ගොඩ කල අතර අමතරව සිංහ බලඇණියක්ද වෙනත් නාවික හමුදා යාත්‍රාවකට ගොඩ කරන ලද්දේ කමාන්ඩෝ බටයින්ගේ සහයට හා ආධාරක වෙඩි බලය සැපයිමෙි මුලික පරමාර්ථයෙනි.

නාවික හමුදා හා යුධ හමුදා ජේෂ්ඨ නිලධාරින් ක්‍රියාන්විතයට යෑමට පෙර සියළුම බලමුළු වෙත මෙහෙයුම සිදුකල යුතු ආකාරය පිලිබදව අදාල උපදෙස් ලබාදුන් අතර සිවිල් වැසියන්ට කිසිදු අණතුරක් සිදුනොවන ආකාරයට මෙහෙයුම සිදුකිරිම මෙිහිදි ලබාදි තිබුනු වැදගත්ම උපදේශය විය.

ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ මෙලෙස සියලු කටයුතු සිදුවද්දි මුතුර් නගරයේ පැවතියේ දැඩි වෙඩි හුවමාරුවකි. මුතුර් නගරයේ කොටසක හා එහි ජැටියේ ආරක්ෂාව තමන් සතුකර ගැනිමට නාවික හමුදාව, පොලිස් හා හමුදා රණවිරුවන් දැඩි පරිශ්‍රමයකින් සටන් කල බව මාගේ මිතුරු නාවික හමුදා නිලධාරියා පසුව කියා සිටින ලදියි. කොටි ත්‍රස්තවාදින්ට මුතුර් ජැටිය සිය ග්‍රහණයට නතුකර ගන්න උත්සහ කලේ ඒ සමගම මුතුර් නගරයේ සටන් කරමින් සිටින රජයේ ආරක්ෂක අංශ හුදකලා කර ඔවුන් සතුව තිබෙන එකම හා අවසන් සැපයුමි මාර්ගයද බිදහෙලිමෙි අරමුණින්ය.

මුතුර් නගරය මුදා ගැනිමෙි අරමුණින් යුත් කමාන්ඩෝ ඇතුලු ආධාරක භට කණ්ඩායමි රැගත් නාවික හමුදා යාත්‍රා 6ක්ද, ඒවාට ආරක්ෂාව සැපයිමට ඩෝරා ප්‍රහාරක යාත්‍රා 8ක්ද, මුහුදේ සිට මුතුර් නොගැඹුරු මූහුදු වෙරල දක්වා හමුදා භටයින් රැගෙන යෑමට අවශ්‍ය නාවික හමුදා කුඩා යාත්‍රාවන් හා ඒවාට ආරක්ෂාව සැපයිම සදහා විශේෂ ප්‍රහාරක බලඇණියේ යාත්‍රා 12ක්ද අවස්ථාවන් කිහිපයකදි මුතුර් දෙසට යාත්‍රා කිරිම ඇරඹුවෙි රාත්‍රි 10 පසුවනවාත් සමගය. 


කොටි ත්‍රස්තවාදින්ට කිසිදු අවස්ථාවකදි රජයේ හමුදා මෙවැනි මෙහෙයුමක් සදහා සුදානමිවනවා කියා දැනගැනිමට හෝ සිතාගැනිමටවත් අවස්ථාවක් නොවිනී. එසේ ඔවුන්ට සැකයක් ඇති නොවිමට මුලික හේතුව වුයේ ඒ වන විටත් රජයේ හමුදාවන් මාවිල්ආරු සිට මුතුර් දක්වා සිය පාබල සේනාංක යොදා ගෙන ක්‍රියාන්විතයක් ආරමිභ කර තිබුනු නිසාවෙන් බව පසුව අපට අනාවරණය විය.



මධ්‍යම රාත්‍රිය පසුවි පැය භාගයක් ගත වන විට කමාන්ඩෝ සෙබළුන් 10 දෙනා බැගින් රැගත් කුඩා නාවික හමුදා යාත්‍රා දෙකක් මුතුර් ජැටියට මදක් නැගනහිරින් පිහිටි වෙරල තිරයට ගොඩ බසින ලදි. මුතුර් නගරය මුදා ගැනිමෙි මෙහෙයුමක් ක්‍රියාත්මක බව මුතුර් ජැටියේ සිටි නාවික හමුදා අණදෙන නිලධාරියාට පවා දැනුමි දි තිබුනේ අවසන් මොහොතේදිය. කෙසේ හෝ රාත්‍රි දෙක පමන වන විට සියලුම කමාන්ඩෝ හා ආධාරක හමුදා සේනාංකයන් වෙරලේ සිට වෙන වෙනම ස්ථාන පහකින් මුතුර් නගරයට ඇතුල්වුනේ තමන් පැමින සිටින බවට කොටි ත්‍රස්තවාදින්ට දැනගැනිමට පවා හෝ අංශු මාත්‍රයක ඉඩ ප්‍රස්ථාවක් ලබානොදිමය.

එසේ මුතුර් නගරයේ තමන්ට අවශ්‍ය ආවරණයන් හා භුමියේ හා සතුරාගේ ක්‍රියාකාරකමි පිලිබද කෙටි රෙකි කිරිමකින් ( ඔත්තු බැලිමකින්) පසු අළුයම 3.30ට පමන කමාන්ඩෝ සෙබළුන් සිය මෙහෙයුම ආරමිභ කරන ලදියි.
තමන්ට සිදුවන්නේ කුමක්ද යන්න සිතා ගැනිමට නොහැකිවු කොටි නායකයින්ට හා සාමාජිකයින්ට සිහිය එලවා ගැනිමටවත් ඉඩක් නොදුන් කමාන්ඩෝ සෙබළුන් පැයක් ගතවිමට පෙර කොටි සාමාජිකයින් 25 දෙනෙක්ට වගකියා තිබුනී. ඉන්පසුව ක්‍රමක් ක්‍රමයෙන් වැසියන් විසින් අතහැරදමා ගොස් තිබුනු නිවාස වලට ආවරණය වෙමින් තමන්ට ප්‍රහාර එල්ල කරන කොටි සාමාජිකයින් සොයා ගෙන ගොස් ප්‍රහාර එල්ල කරමින් කොටි ග්‍රහණයේ දින තුනකට ආසන්න කාලයක් පැවති මුතුර් නගරය මුදා ගැනිමෙි මෙහෙයුම පසුදින උදෑසන 10 වන විට අවසන් කිරිමට කමාන්ඩෝ සෙබළුන් ඇතුළු ආරක්ෂක හමුදාවන්ට හැකියාව ලැබිණි.

මෙි අතර මුතුර් නගරයට කමාන්ඩෝ සෙබළුන් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන බව ආරංචිවු විගස මුහුදු කොටි නායක සුසෙයි සිය නාවික යාත්‍රා 20ක් පමන යොදා ගනිමින් මුතුර් ජැටියට ප්‍රහාර එල්ල කිරිමට පැමිණි අතර ඔවුන් එන තුරු සැදිපැහැදි සිටි  නාවික හමුදා රණවිරුවන් 40කට අධික මුහුදු කොටි සාමාජිකයින්ට ජිවිතය අහිමි කලේ මුතුර් මුදාගැනිමෙි ජයග්‍රහණය තවත් අර්ථවත් කරමිනී.

( ස්වර්ණමි බෙිස් වෙත එල්ල කල ගුවන් ප්‍රහාරය ගැන ඉදිරි සතියේදි බලාපොරොත්තු වන්න)

Thursday, December 1, 2011

මුතුර් මුදාගත් කමාන්ඩෝ මෙහෙයුම ( පලමු කොටස)




කොහොමින්..කොහොමහරි එදා කොටි ත්‍රස්තවාදින් ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට එල්ල කරපු ප්‍රහාරය නිසා සවස 6-7 වෙන කොට ගොඩාක් මිනිස්සු තමන්ගේ ගෙවල් වලට එලියේ ඉදගෙන කතා කරමින් හිටියේ ඉදිරියේ මොනවයින් මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි උනු නිසයි.
අපේ ගෙදරත් ඉතිං අමුතුවෙන් කියන්න තරමි දෙයක් තිබුනේ නැහැ. මොකද ඒ වෙන කොට අපේ ගෙදරට එහා ගෙදර ඉන්න අය හොදටම බය වෙලා හිටිය නිසා ඒ බය අපේ ගෙදරටත් නොකියාම රිංගලා තිබිබා. තාත්තයි, මමයි හවස 6ට විතර ටවුමෙි තිබිබ තොග බඩු කඩෙිට ගිහිං මාසයකට හරියන විදිහට ගෙදරට අවශ්‍ය කළමණා ටික ගෙනත් තිබිබා. සතියකට විතර හරියන්න එලවලු, පොල් ටික පවා ගෙනත් තිබිබෙි සමහර විට හදිසියකටවත් කාලා බීලා හරි ඉන්න ඔින නිසයි.
එදා රාත්‍රි 8 වෙන කොටම ත්‍රිකුණාමලය නගරයම පාලු සොහොන් පිටිටනියක් ගානට ගිහිං. වෙනදාට බිචි එකට යන, ටවුමෙි කඩවල් වලට එන සෙනග එදා හවස නමි ටවුමෙි නමි දකින්න හිටියේ නැහැ. ටවුමෙි හැම තැනම පොලිසියයි, හමුදාවයි මුරට දාලා තිබිබා.
රෑට කැම එහෙම කාලා මමයි, තාත්තයි, නංගි, මල්ලි, අමිමා ගෙදර එලියේ පුටු ටික දාගෙන කතා කර කර ඉද්දි එහා ගෙදර කටිටයත් ආවා අපි කතා කර කර හිටපු තැනට. ඇවිත් ඉතිං එදා දවල් වෙචිච සිද්ධිය ගැන තම තමන් දන්න විස්තරයි, තාර බර දාලා හදපු කතා ටික කියවනවා. ඔය අතරේ සාමිපුර් පැත්තට ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ ස්ථානගත කරලා තිබිබ මල්ටි බැරල් රොකටි ලෝන්චරයෙන් හා කැලැෆමිබර්ග් කාලතුවක්කු රෙජිමෙින්තු කදවුරෙන් ඉදලා හිටලා රොකටි හා කාලතුවක්කු ප්‍රහාරත් එල්ල වෙන සද්දයත් හොදටම ඇහෙනවා අපිට.
කතා කර කර ඉදලා අපි එදා නිදා ගන්න යනකොට එදා රෑ 10ට විතර ඇති. මම නිදා ගෙන ඉද්දි කොහොම හරි ගෙදර සිවිලම හෙලවිලා වගේ මුනට වැලි වැටෙනවා දැනුනු නිසා මම නැගිටිටුනා. හිතුවා හරි... මුනේ වැලි ටිකක් අතේ ඇගිලි වලට දැනුනා. දැන් ඉතිං මුන හොදගන්න ඔින නිසා එලියේ වතුර ටැංකියට යන්න ගෙදර පිටිපස්සේ දොර ඇරපුවාම තමයි සද්දේ ඇහෙන්න පටන් ගත්තේ...


එදා රෑ තමයි මම ජිවිතේ මුල්ම වරට ඒ වගේ ශබිද ගොඩක් අහන්න ලැබුනේ කිවිවට සමහර අය විශ්වාස කරන්නේ නමි නැති වෙයි. මුන හෝදන එක පැත්තක දාලා මම දුවන් ගියේ තාත්තාට කතා කරන්න. ගිහිං තාත්තට කතා කරන කොට අමිමත් නැගිටලා ආවා මගේ සද්දේට. දැන් ගෙදර එලියේ වතුර ටැංකිය පැත්තේ ඉදන් අපි අහස දිහා බලාගෙන ඉන්නවා. අහස නිකං ගිනිකෙලි සංදර්ශණයක් වගේ මට නමි එදා පෙනුනේ. එක දිගට කාලතුවක්කු, මල්ටි බැරල් ප්‍රහාර එල්ල වෙනවා. ඒවල ප්‍රබලත්වය නිසාද කොහොද අපේ ගෙදරත් හෙල්ලුමි කනවා. හිතාගන්න බැරි උනා මොනවයින් මොනවා වෙනවද කියලා. වෙන්නේ මොකක්ද කියලා අහගන්න කෙනෙකුත් නැති නිසා අපි එදා ගොඩාක් අසරණ වුනා ඇත්තටම. ජිවිතේ ගැන බයකුත් නොදැනුනා නොවෙි. ඒත් ඉතිං හිත ශක්තිමත් කර ගත්තා ඔිනම දෙයකට මුහුන දෙන්න.


එදා රෑ නමි නින්ද අපේ ඇස් අහලකටවත් ආවෙි නැහැ. රටෙි අනිත් ප්‍රදේශවලට කලිං අපේ ත්‍රිකුණාමලයට හිරු එලිය වැටෙනවා. එලිය වැටිගෙන එනකොට මිනිස්සු එකා දෙන්නා ටවුමට ඇවිත් ඉන්නවා දැක්කා. කාගේ කාගෙත් මුහුනු වලනමි එදා තිබිබෙි ලොකු අවිනිශ්චිතභාවයක් කියලා නමි මට අද වගේ හොදටම මතකයි. මමත් පත්තරයක් ගන්න කියලා පත්තර කඩෙි පැත්තට යනකොටත් එදා පත්තරේ ඇවිත් තිබුනේ නැහැ. ඔිතනට වෙලා ඉද්දි තමයි මට ඊයේ හවස ජෙටිලයිනර් නැවට ගහන්න කොටි ආපු වෙලාවෙි සිද්ධ වෙචිච දේ බලමින් ඉද්දි මුනගැහුනු නාවික හමුදාවෙි නිලධාරියාව මුනගැහුනේ.


ඊයේ රෑ වෙචිචදේ ගැන මට විස්තර ටික දැනගන්න ඔිනකම තිබිබ නිසා ඒ ගැන මම අදාල නිලධාරියාගෙන් ඇහුවම තමයි ඔහු මට කිවිවෙි ඊයේ රාත්‍රියේදි කොටි ත්‍රස්තවාදින් 500 ක පමන පිරිසක් මුතුර් හි පිහිටලා තිබිබ මහින්දපුර ඇතුලු තවත් හමුදා කදවුරු දෙකකට පහර දෙනවා කියලා. තවමත් සටන යනවා කියලයි ඔහු කිවිවෙි. ඔය අතරේදි තමයි ඒ නිලධාරියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවෙි, ඒ ඔහුට හැකි ඉක්මනට හදිසි මෙහෙයුමක් සදහා කරපු රාජකාරි කැදවීමක්. ඔහු යන්න සුදානමි වෙලා මට කිවිවා මල්ලි මම කෑමිප් එකට ගිහිං කෝල් එකක් දෙන්නමි කියලා.


මමත් ඉතිං පැය බාගයක්ම බලන් ඉදලා පත්තරෙත් අරං ගෙදරට ආවා විතරයි මගේ හිතවත් නාවික හමුදා නිලධාරියාගෙන් මට දුරකථන ඇමතුමක් ආවා. ඔහු මට කියා සිටියේ කොටි ත්‍රස්තවාදින් මුතුර් නගරය අල්ලා ගෙන ඇති නිසා එය මුදාගැනිම සදහා තමන්ද භට කණ්ඩායමක් සමග එහි යන බවයි.
මුතුර් ප්‍රදේශයේ වැඩි වශයෙන්ම ජිවත්වුනේ මුස්ලිමි හා දමිල ජනතාව. කොටි ත්‍රස්තවාදින් 1988-2003 කාල සිමාවෙිදි මුතුර් නගරයේ ජිවත්ව හිටපු සිංහල හා මුස්ලිමි ගමිමාන ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කලා. 
ඔය නිසා මුතුර් නගරයේ හිටපු ගොඩාක් සිංහල මිනිස්සු සේරුවිල, දෙහිවත්ත, මහින්දපුර ඇතුලු වෙනත් ප්‍රදේශ කරා ඇවිල්ලා ගමිමාන ඉදිකර ගෙන ජිවත් උනා. මෙි සිංහල මිනිසුන් ගොඩාක් දෙනා තමන්ගේ එදා වෙල හමිබ කර ගත්තේ ගොවිතැන් කරලයි. ආරක්ෂක අංශ නිලධාරින් මෙි අය කුඹුරු වැඩ කරනකමි ඒ අයට ආරක්ෂාව දුන්නා ඔය දවස් වල. මොකද කොටි ත්‍රස්තයින් තමන්ගේ ලේ පිපාසය නිවාගන්න කුඹුරු වලටම ඇවිත් ගොවින්ව ඝාතනය කරන්න පටන් ගත්තා.
 

එත් අද උදේන්ම ලැබුනු ආරංචිය නිසා අහල පහල ගෙවල් වල අයත් ටික ටික කලබල වෙලා. මොකද මුතුර් නගරයේ ඉදලා ත්‍රිකුණාමලයට බර අවි යොදා ගෙන කොටි ත්‍රස්තවාදින්ට ප්‍රහාරයක් එල්ල කරන්න ඔිනතරමි හැකියාව තිබෙනවා කියලා අපි කාට කාටත් ඒ වෙන කොට තේරුමි ගිහිල්ලා තිබුනේ.

එදත් හවස 3-4 වෙන කොට ටවුම පාලුවට ගිහිල්ලා. ඈතින් ඇහෙන කාලතුවක්කු හඩත්, ගුවන් හමුදා හෙලිකොප්ටර් හා ප්‍රහාරක ගුවන් යානාවල ශබිදය හැරෙන්න ලොකු සිදුවිමක් උනේ නමි නැහැ.


( ඉතිරි කොටස ලගදිම බලාපොරොත්තු වන්න)

Thursday, November 24, 2011

උපන් ගෙයි මියැදුනු ස්වර්ණමි-සුසෙයි සැලැස්ම.

( මිට වසර දෙකකට ඉහතදි අවසන් වෙචිච ඊලාමි යුද්ධය ගැන ලිපි ටිකක් පලකරන්න හිතුනා. දැන් යුද්ධය ඉවර නිසා කවුරු හරි මෙි ගැන වැරදියට හිතන්න එපා. මං ජිවත් වෙචිච පලාත අනුව මට අත්විදින්න උනු දේවල් ගැන මම අද ඉදලා මෙි බිලොග් එකේ අකුරු කරනවා. අඩු පාඩු තියනවානමි හදාගන්න පොඩි උදවිවක් කරන්න කියලා මුලින්ම ඉල්ලා සිටිනවා ඔයාලගෙන්..!!!!! )


දිනය හරියටම මතක නැතත් ඒ 2006 වසරේ අගෝස්තු මාසයේ පලමු සතියේ දවසක් කියලා නමි මට මතකයී. මොකද අමතක නොවන සිදුවිමි රාශියකට එදා මට මුහුන දෙන්න වෙයි කියලා මම නමි හිනෙකින්වත් හිතුවෙි නැහැ.

මගේ ගම ත්‍රිකුණාමලය. ඔයාලා කොයි කවුරුත් මෙි වෙන කොට ත්‍රිකුණාමලය බලන්න ඇවිත් ඇති. ඒ නිසා මම අපේ ගම ගැන වැඩියෙන් විස්තර කරන්න යන්නේ නැහැ. මෙි සිද්ධිය වෙනකොට නැගනහිර පලාතේ යුධ උණුසුම ටිකක් වැඩි වෙලයි තිබිබෙි.

ත්‍රිකුණාමලය නගරයේ ඉදලා කිලෝමිටර් 80 ක් විතර ඈතින් පිහිටලා තිබිබ මාවිල් ආරු සොරොවිව කොටි ත්‍රස්තවාදින් බලෙන් වහලා දාපු නිසා මුතුර් ඇතුලු ගොවිබිමි රැසකට වගා කරන්නවත්, අහිංසක සිංහල, දමිල හා මුස්ලිමි මිනිස්සුන්ට බොන්න පවා වතුර ටිකක් නැතුව හිටපු නිසා රජයේ හමුදාවන් මානුෂිය මෙහෙයුමක් ආරමිභ කලා කොටි බලෙන් වහලා දාලා තිබිබ මාවිල් ආරු සොරොවිව නැවත අත්පත් කර ගන්න.

මෙි සිදුවිමි ටික වෙන කොට කාලයක් පුරා සාමකාමිව තිබිබ ත්‍රිකුණාමලයේ ආපහු එක පාරම කොටි ක්‍රියාකාරකමි වැඩි වෙන්න පටන් ගත්තා. අවුරුදු 20ක් ත්‍රිකුණාමලේ ජිවත් වුනු අපිට කොටි සෙවනැලි ගැන අමුතුවෙන් කියන්න ඔින වුනේ නැහැ. මොකද ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ බුදු පිලිමයක් හදන්න පටන් ගත්ත නිසා කලබල වෙචිච කොටි හිතවාදින් දිගින් දිගටම සිංහල ජනතාවට හිරිහැර කරන්න පටන් ගත්තා. ඔය සිද්ධින් එක්ක ලග..ලගම ලොකු දෙයක් වෙයි කියලා ටවුමෙි හිටපු අපිට ඉවෙන් වගේ දැනිලා තිබිබෙි.

මෙි සිද්ධිය උනු කාල සිමාවෙි මම එක්සත් ජාතින්ගේ සංවිධානයට සමිබන්ධ ආයතනයක සේවය කරමින් හිටියේ. වැඩෙි කියන්නේ ආයතනය ඇතුලේ හිටපු එකම සිංහල ජාතිකයා මමයි. අනෙක් ඔක්කෝම දෙනා දෙමල. එක යාලුවෙක් විතරක් හිටියා ෆුර්කාන් කියලා මුස්ලිමි කොල්ලෙක්. කාර්්‍යාලය ඇතුලෙත් කොටින්ට පක්ෂව කතා කරන්න ඔින තරමි අය හිටියා. සමහර වෙලාවට මගේ රතු කටිට පනින්න මුන් කියන කතා නිසා මං සිංහල ජාතිය වෙනුවෙන් එලිපිටම එකට එක කියන්න පටන් ගත්තා උන් එක්ක.

කොහොමින් කොහොම හරි මගේ රස්සාවටත් ආයුබෝවන් කියන්න දවස් ලං උනා. එකට හේතුව වුනේ දිගින් දිගටම මම ඔෆිස් එකේ ඉන්න අනිත් අය කොලඹ ප්‍රධාන කාර්්‍යාලයට කියලා තිබිබ කේලමි  නිසා අගෝස්තු මාසේ 30 වෙනිදා වෙනකොට රැකියාවෙන් ඉවත් වෙන්න කියලා මට ප්‍රධාන කාර්්‍යාලයෙන් ලියුමි දිලා තිබිබෙි. කොහොම උනත් ඒ වෙනකොට මම රැකියාවෙන් අයින් වෙන්න තිරණය කරලා ඉවරයි. බඩගින්නේ හිටියත් දෙමල ජාතිවාදයට ඔලුව නවන්න මගේ හිතේ කිසිම කැමැත්තක් තිබුනේ නැහැ මගේ.

මෙහෙම රැකියාවෙන් අයින් වෙන්න කියලා ලියුම ලැබුනු දවසේ දවල් 12.30 ට විතර  ඔෆිස් එකේ හිටපු මගේ එකම යාලුවා ෆුර්කාන්වත් බයික් එකේ දාගෙන දවල් කෑම කන්න කියලා ගෙදරට ආවා. මගේ ගෙදර ත්‍රිකුණාමලය ටවුමෙි නිසා එන ගමන් ෆුර්කාන්ව මිනිහාගේ ගෙදරින් බස්සලා ආවෙි.

ඔන්න ඉතිං මම දවල්ට කාලා ගෙදරින් පිටවුනා 1.20 ට විතර. කෙලින්ම ෆූර්කාන් ගේ ගෙදරට ගිහිං මිනිහාවත් දාගෙන ත්‍රිකුණාමලය වරාය පොලිසිය ලගිං දකුනට හරවලා අපේ ඔෆිස් එක තිබිබ පැත්තට හිමිං හිමිං යනවා. ඔය පාරේ වමි අත පැත්තට වෙන්න තියෙන්නේ ත්‍රිකුණාමලය ස්වභාවික වරාය. ඈතින් ප්‍රිමා, මිටිසුයි, පෙටිට්‍රොලියමි සමාගමි පේනවා. දවල් ඔෆිස් එකේ ලොකු වැඩක් තිබිබෙි නැති නිසා මං හිමිට බයික් එක එලවගෙන ෆූර්කාන් එක්ක කතාවක් දාගෙන එනවා.

ඒ පාරේ ටිකක් දුර යනකොට තියනවා නාවික හමුදාවෙි මාර්ග බාධකයක්. අපිට විරුද්ධ දෙසින් ආපු යුධ හමුදා ට්‍රක් රථ 4ක් නිසා මම බයික් එක ටිකක් පාරෙන් අයින් කරගත්තා මාර්ග බාධකය ලගට වෙන්නම. ඔහොම ආපු හමුදා ට්‍රක් වලින් දෙකක් මාර්ග බාධකය පහුකරනවාත් එක්කම අහසින් අමුතු සද්දයක් ඇහෙනවාත් එක්කම පොලොවෙි ලොකු කමිපනයක් වෙනවා වගේ දැනුනා. එක පාරකුත් සුනාමි නිසා ජිවිතේ බෙිරගත්ත නිසා මං හිතුවෙි ආපහු සුනාමියක් තමයි කියලා.

කොහේන්ද යකෝ ඒ සද්දේ ආවෙි…..? මාර්ග බාධකයේ ආරක්ෂාවට යොදවලා හිටපු නාවික හමුදා සෙබලු කලබල වෙචිච පාරට කෑගහලා වෙචිච දේ ගැන හොයන්න පටන් ගත්තා. ඔය අතරේ මගේ බයික් එකේ පිටි පස්සේ වාඩි වෙලා ඉදපු මුස්ලිමි යාලුවා කලබලෙන් වගේ කෑගහනවා. නේවි එකට ආටි .. ආටි ගහනවා කියලා. එතකොට තමයි එතන හිටපු අපි සේරම ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර පැත්ත බැලුවෙි. කදවුරේ තැන් 2-3 කින් ලොකු දුමිවලාවක් නගිනවා. දැන් ඉතිං කාගෙන්වත් අහන්න ඔිනකමක් නැහැ. වෙචිච දේ මොකක්ද කියලා හිතා ගන්න පුලුවං උනා. ඒ අස්සේ තව තවත් කොටි සාමිපුර් පැත්තේ ඉදලා ආටි ගහනවා නාවික හමුදා කදවුර පැත්තට.

ඔය ජරමර අස්සේ නාවික හමුදා කදවුරේ ඩොක්යාඩි එකේ තිබිබ වෙිග ප්‍රහාරක යාත්‍රා 20 ක් විතර එක දිගට සාමිපුර් පැත්තට යනවා දකින්න ලැබුනා. යුද්දේ උණුසුම දැන්නමි හිතට වැදිලා ඉවරයි. තවත් කල්පනා කරන්න දෙයක් තිබිබෙි නැහැ. තවත් නාවික හමුදා මාර්ග බාධකය ලගට වෙලා ඉන්න එක ඇගට සුදුසු නැති නිසා කෙලින්ම ගියා ෆූර්කාන්ගේ ගෙදරට මිනිහව ඇරලවන්න. (මිනිහා බය වෙලා හිටපු හැටියට මගදි පන යයිද කියලා බයෙන් හිටපු හැටි මම විතරයි දන්නේ). ආපහු ඔෆිස් ගියොත් මටත් වැඩ වරදින නිසා කෙලින්ම ඔෆිස් එකට අතේ තිබිබ ෆොන් එකෙන් කෝල් එකක් දිලා විස්තරේ කියලා මම කෙලින්ම ගියා අමිමා වැඩ කරන කාර්්‍යාලයට. මං යනකොටත් අමිමාලගේ ඔෆිස් එක වහලා කටිටිය ගෙවල් වලට ගිහිං ඉවරයි. එදා තමයි මට තේරුනේ රාජ්‍ය සේවය මොනතරමි කාර්්‍යක්ෂමයිද කියලා.

අමිමාගේ ඔෆිස් එක තියෙන්නේ ත්‍රිකුණාමලය බිචි එක ලගට වෙන්න. මෙතනට ලස්සනට සාමිපුර් ලයිටි හවුස් එක එහෙම පේනවා. ඒ වෙනකොට මුහුදේ රැලි දෙබා කරගෙන ආපු නාවික හමුදාවෙි වෙිග ප්‍රහාරක යාත්‍රා ටික කොටි බෝටිටු 25-30 ක් එක්ක නොනවතින සටනක්. මුහුදේ යුද්දේ යන අතරේ ජෙටි ලයිනර් කියන නෞකාව තවත් ඩෝරා යාත්‍රා 6 ක් විතර වටකරගෙන පුල්මුඩෙි පැත්තට ආරක්ෂිතව පසු බසිනවා දැක්කා. ඔන්න දැන් ඉතිං ජිවිතේ පලවෙනි වතාවට සජිවීව මුහුදු කොටින්ට අපේ නාවික රණවිරුවෝ බැටෙි දෙන හැටි ගොඩ ඉදලා පියවි ඇස් දෙකෙන් මමයි, තවත් 40ක විතර පිරිසක් ( පොලිස්, හමුදා නිලධාරින් පිරිසක්ද ඇතුලුව) බලං ඉන්නවා. කවදා දකින්න ලැබෙන බයිස්කෝප්ද මෙිවා..

විනාඩි 20 ක් විතර යනකොට නාවික හමුදාවෙි දැඩි ප්‍රහාර වලට ගොදුරු උනු කොටි බෝටිටු 3ක් හෙන හඩක් නගලා පිපිරිලා යන හැටි දැක්කා. පස්සේ එතන හිටපු නාවික හමුදාවෙි නිලධාරියෙක් කිවිවා ඔය ජෙටි ලයිනර් එකට ගහන්න ආපු කොටින්ගේ මරාගෙන මැරෙන බෝටිටු පිපුරුනේ කියලා. ඔහොම කියලා විනාඩි 10ක් ගතවෙන්න උනේ නැහැ අපේ ඔලුවලට උඩිං ආවෙි ගුවන් හමුදාවෙි එමි.අයි.24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් දෙකක්. අනේ ඉතිං කොටි මල්ලියේ උඹලට අදනමි සාමිබාර් නැතුවම තෝසේ කන්න ලැබෙනවා කියලා මගේ හිත මටම කිවිවා.

එහෙම ආපු ගුවන් හමුදා හෙලිකොප්ටර් දෙක වටයක් කැරකිලා ඇවිත් ඉතිරි වෙලා තිබිබ කොටි බෝටිටු වලට පන්න පන්න ගහන්න පටං ගත්තා. පැයක් යනකොට මුහුද කිසිම දෙයක් නොවිචිච ගානට නොර්මල්. ඊටත් විනාඩි 15 කට පස්සේ උතුරේ ඉදලා නිවාඩූවට ගමිබිමි බලා යන්න ආපු හමුදා, පොලිස්, නාවික හා ගුවන් හමුදාවල සෙබලුන් 1200ක් රැගත් ජෙටි ලයිනර් නෞකාව දැඩි නාවික හා ගුවන් හමුදා රැකවල් මැද්දේ ත්‍රිකුණාමලය නාවික හමුදා ඇතුලු වරායට පිවිසෙනවා දැක්කමයි හිතට ලොකු ගතියක් දැනෙන්න ගත්තේ.

මාවිල් ආරුව හමුදාව අතට පත්වෙන එක නතර කරගන්න මුහුදු කොටි නායක සුසෙයි හා නැගෙනහිර කොටි සන්නද්ධ අංශ නායක ස්වර්ණමි එකතු වෙලා ගහපු ප්ලෑන් එක වුනේ ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට සාමිපුර් ඉදලා කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ගමන් ඒ අතරේ උතුරේ ඉදං නිවාඩු එන සෙබලුන් රැගත් ජෙටි ලයිනර් නෞකාවට මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන බෝටිටු යොදවලා ප්‍රහාරයක් එල්ල කරලා ලොකු විනාශයක් කරන්නයි. නමුත් ඒ වෙන කොට කොටින් අර අදින්නේ මොනවගේ ප්‍රහාරයකටද කියලා ඉවෙන් වගේ තේරැමි ගත්ත නාවික , ගුවන් රණවිරුවෝ සුසෙයි හා ස්වර්ණමිගේ සැලැස්ම උපන් ගෙදරම වලදැමිමෙි ඔන්න ඔය විදිහට…..!!!


( ඉදිරියට එනවාඃ- හමුදා කමාන්ඩෝ විරුවෝ රහසිගත මෙහෙයුමක)

Friday, November 18, 2011

වීරයෝ නැවතත් මෙි ලක් දෙරණේ උපදින්නේ නමි නැතුවා

ශ්‍රි ලංකාවාසි ජනතාවගේ සිතේ යමිහෝ බලාපොරෝත්තුවක සේයාවක් තිබුනේ නමි එයද ඊයේ සුනු විසිනුව ගියේ කාට කාටත් නැවත නැවතත් අමිහිරි මතක රැසක් හිතට අලුත් කර දෙමිනි.
සුදු කොඩි නඩුවෙන් හිටපු යුධ හමුදාපතිවරයාවු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව වසර තුනක කාලයකට සිරදඩුවමි නියම කලේ ගොනු කර තිබු චෝදනා තුනෙන් පලමු චෝදනාව වන අසත්‍ය ප්‍රකාශයක් සිදු කල බවට කියමිනි. තත්වය මෙසේ වුවද ඊයේ දින යෙදි තිබුනු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 66 වන ජන්ම දිනය නිමිත්තෙන් හෝ හිටපු යුධ හමුදාපතිවරයාට පොදු සමාවක් ලැබෙනු ඇතැයි කියා අපේක්ෂාවෙනි. එහෙත් ඒ සියලුම බලාපොරොත්තු දැන් හිස්වී හමාරය. සිදුවන්නනට නොවිය යුතු සිදුවීමක් සිදුවී හමාරය..


එහෙත් පුරා වසර 30 ක් පුරා අප රට වෙලාගත් රුදිරු ත්‍රස්තවාදයේ සෙවනැලි පරාජය කිරිමට කැපවුනු හිටපු හමුදාපතිවරයා තෙවරක්ම මරණය පෙනි පෙනී නැවත වතාවක් ජිවත් වන්නට වරමි ලැබු අයෙක් බව අද කාට කාටත් අමතකවීමද විශේෂත්වයකී. යුද්ධය ජය ගත්තේ හමුදාපතිවරයාට ජනාධිපති, ආරක්ෂක ලේකමි ඇතුලු තවත් විශාල පිරිසකගේ උදවි උපකාර නොලැබුනා නොවෙි. ඒ සියල්ලම ලැබුනත් යුද්ධයට අවශ්‍ය කරන සැලසුමි සකස් කිරිම හා පිරිස් මෙහයවීම ආදිය මනාව සිදුකිරිම තුලින් අපේක්ෂා කල ආකාරයේ ප්‍රථිඵල නෙලා ගන්න හමුදාපතිවරයා සමත්කමි දැක්වුයේ යුධ බිමෙිදි ඔහු ලබා තිබෙන හසල දැනුම නිසාය.


අවසන් වරට හමුදා මුලස්ථානය තුලදිම මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයකට ගොදුරුවුනු එතුමා පසුව සුවය ලබා පැමිනි අවස්ථාවෙිදි ඔහුට ලබාදි තිබු වෛද්‍ය උපදෙස්මත හමුදා සේවයෙන් විශ්‍රාම යෑමට පවා හැකියාව තිබුනත් ඔහු එසේ නොකලේ සැබැවින්ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරිමෙි අරමුණින් බව ඔිනෑම ශ්‍රි ලාංකිකයෙකුට වැටහෙන කාරණාවක් වන්නේය.


තමාට එරෙහිව නැවත වරක් වසර තුනක සිරදඩුවමි නියම කරද්දි ඒ රණවිරුවා කියු එක් දෙයක් ගැන අප සියලු දෙනාම තවත් වරක් කල්පනාකර බැලුවහොත් එහි ඇතුලාන්තය කුමක්ද යන්න පැහැදිලි කර ගත හැකියි. ඒනමි, " මෙි නඩු තීන්දුව නිසා තවත් කාලයක් මට මගේ බිරිදගෙන් හා දරු දෙදෙනාගෙන් ඈත් කර තබන්න ලබා දුන් දඩුවමක් බවත් කිසිදු දිනක තමා අණ දුන් හමුදා සේනාංක යුධ අපරාධ නොකර බවත්ය."


මෙි කුඩා සටහන අවසන් කිරිමට පලමුවෙන් යමි දෙයක් කිමට ඇත්තෙමි. එනමි, නැවතත් මෙි ලක් දෙරණට වීරයෝ ඉපදෙන්න සිතන්නේවත් නැත කියා පමනී. මන්දයත්, වීරයින්ට අද හිමි සිරකුඩුවත්, දේශ දෙූා්හීන්ට අද හිමි සුපිරි නිවාස හා රජ සැප හිමි විම නිසා ඉදිරියේ ඉපදෙන්නේ දෙූා්හීන් පමණක්ය.....!!!




( දේශපාල කෝණයෙන් තොරව මධ්‍යස්ථ සිතින් කියවන්නැයි ඉල්ලා සිටිමි )