Monday, December 5, 2011

මුතුර් මුදාගත් කමාන්ඩෝ මෙහෙයුම... (දෙවන කොටස)



මගේ මතකය හරිනමි වෙලාව පාන්දර හතරට විතර ඇති. පොලොව දෙදෙරුමි කාලා යනවත් එක්කම ඇහිචිච ශබිදයත් එක්ක ඇදෙන් පැනලා දුවගෙන ආවෙි ගෙදර ඉස්සරහට. මං යනකොටත් තාත්තා නැගිටලා ගෙදර දොර ලගට වෙලා ඉන්නවා.

තාත්තා මගේ මුන දිහා බැලුවෙි වෙන්නේ මොනවා කියලා හිතා ගන්න බැරි ගතියකින්.
ඒත් එක්කම තවත් කාලතුවක්කු ප්‍රහාරයක සද්දයක් ඇහුනා.
කොටි ත්‍රස්තවාදින් දෙවන අවස්ථාවටත් කාලතුවක්කු ප්‍රහාර මාලාවක් එල්ල කරනවා ත්‍රිකුණාමලය නගරයට. අපි ඉන්න හරියටම කාලතුවක්කු ප්‍රහාර එල්ල නොවුනත්, ඒ ප්‍රහාර එල්ල වෙන්නේ ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට කියලා මට හිතා ගන්න පුලුවං උනා.

එදා උදේ 6 වෙන කොට කොටින් එල්ල කරපු ප්‍රහාරය නතර උනා. මෙි සිද්ධියෙන් මොනවා උනාද කියලා දැනගන්න විදිහක් නැතුව මිනිස්සු නිකං ආවෙිශයෙන් වගේ එහේ මෙිහේ දුවනවා. කොහොම හරි ඊටත් පැය භාගයකට පස්සේ ආරංවි උනා අද අලුයම ඉදලා කොටි ත්‍රස්තවාදින්  ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට, චීන වරාය ගුවන් හමුදා කදවුරට ප්‍රහාර එල්ල කරලා තියනවා කියලා.
මෙි සිද්ධියෙන් එක් සිවිල් වැසියෙක් මිය ගිහින් තිබුනා. ආරක්ෂක අංශ සාමාජිකයින් එක්ක තවත් පුද්ගලයින් 14 දෙනෙක් තුවාල වෙලා තිබුනා.


ඔය සිද්ධිය ආරංචි වෙලා පැය භාගයක් ගතවෙන්න කලිං අහසින් ඇහුනේ අමුතු ශබිදයක්. අපේ ඔලුවට උඩිං ශබිදය එනකොටත් ඒ ආපු ගුවන් හමුදා ප්‍රහාරක යානා 3ක් කොනේෂ්වරමි කෝවිලත් පහුකරලා අමුතු රටාවකට නැවත සාමිපුර් ප්‍රදේශය දෙසට ඇදෙන හඩ ඇහුනා.

ඉර මුදුන් දිලා තියෙද්දි ත්‍රිකුණාමලයේ ඉන්නවා කියන්නේ නිකං උනු තෙල් තාචිචීයක බැහැලා ඉන්නවා වගේ. වෙනදාට නමි රස්නයක් දැනුනු ගමන් මුහුදට බැහැලා නානවා. ඒත් දැන් මුහුදට බහින එකත් නාවික හමුදාව තහනමි කරලා. ධිවරයින්ට තමන්ගේ රැකියාවට යෑමත් තහනමි කරලා. මොනවා කරන්නද, මෙි ත්‍රස්තවාදින්ගෙන් රට බෙිරා ගන්න කරන මෙි කර්තව්‍යට බඩගින්නේ ඉදන් හරි සහය දක්වන්න අපේ ගමෙි මිනිස්සු තිරණය කලා. ඒ දවසකට, දෙකකට නෙමෙියි. පුරා අවුරුදු දෙකකට ආසන්න කාලයක්.( අඩුම තරමින් මෙි නිසා තමනගේ රැකියාව නොකරපු නිසා බැංකු වලින් ගත්ත ණය ගෙවා ගන්න බැරිව අද උසාවි ගානේ පොලිමෙි ගිහිං ඉන්න ධිවරයෝ, ව්‍යාපාරිකයෝ ඉන්නවා සිය ගාණක්)

දින දෙකක කාලයක් පුරාවටම මුතුර් නගරයේ අණසක පතුරුවගෙන ඉන්න කොටි ත්‍රස්තවාදින්ට අවසාන වශයෙන්ද නගරයෙන් ඉවත් විම සදහා රජයෙන් ලබාදුන් නියෝගය අවනත නොවිම නිසා එය මුදාගැනිමෙි හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිම සදහා ආරක්ෂක ප්‍රධානින් තිරණය කලා.

අමිපාර, කුඩාඔය පිහිටි කමාන්ඩෝ පුහුණු පාසලේ ස්ථානගතව කර සිටි පලමු හා දෙවන කමාන්ඩෝ බලඇණි දෙක ගුවන් හමුදා එමි.අයි.17 හෙලිකොප්ටර් මගින් ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට ගෙන එන ලද්දේ අගෝස්තු 4 වෙනිදා රාත්‍රියේදිය.
මෙි විිදිහට ගුවන් මගින් රැගෙන ආ 80 කට ආසන්න කමාන්ඩෝ සෙබලුන් නාවික හමුදා යාත්‍රා 4 කට 20 දෙනා බැගින් බෙදා ගොඩ කල අතර අමතරව සිංහ බලඇණියක්ද වෙනත් නාවික හමුදා යාත්‍රාවකට ගොඩ කරන ලද්දේ කමාන්ඩෝ බටයින්ගේ සහයට හා ආධාරක වෙඩි බලය සැපයිමෙි මුලික පරමාර්ථයෙනි.

නාවික හමුදා හා යුධ හමුදා ජේෂ්ඨ නිලධාරින් ක්‍රියාන්විතයට යෑමට පෙර සියළුම බලමුළු වෙත මෙහෙයුම සිදුකල යුතු ආකාරය පිලිබදව අදාල උපදෙස් ලබාදුන් අතර සිවිල් වැසියන්ට කිසිදු අණතුරක් සිදුනොවන ආකාරයට මෙහෙයුම සිදුකිරිම මෙිහිදි ලබාදි තිබුනු වැදගත්ම උපදේශය විය.

ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ මෙලෙස සියලු කටයුතු සිදුවද්දි මුතුර් නගරයේ පැවතියේ දැඩි වෙඩි හුවමාරුවකි. මුතුර් නගරයේ කොටසක හා එහි ජැටියේ ආරක්ෂාව තමන් සතුකර ගැනිමට නාවික හමුදාව, පොලිස් හා හමුදා රණවිරුවන් දැඩි පරිශ්‍රමයකින් සටන් කල බව මාගේ මිතුරු නාවික හමුදා නිලධාරියා පසුව කියා සිටින ලදියි. කොටි ත්‍රස්තවාදින්ට මුතුර් ජැටිය සිය ග්‍රහණයට නතුකර ගන්න උත්සහ කලේ ඒ සමගම මුතුර් නගරයේ සටන් කරමින් සිටින රජයේ ආරක්ෂක අංශ හුදකලා කර ඔවුන් සතුව තිබෙන එකම හා අවසන් සැපයුමි මාර්ගයද බිදහෙලිමෙි අරමුණින්ය.

මුතුර් නගරය මුදා ගැනිමෙි අරමුණින් යුත් කමාන්ඩෝ ඇතුලු ආධාරක භට කණ්ඩායමි රැගත් නාවික හමුදා යාත්‍රා 6ක්ද, ඒවාට ආරක්ෂාව සැපයිමට ඩෝරා ප්‍රහාරක යාත්‍රා 8ක්ද, මුහුදේ සිට මුතුර් නොගැඹුරු මූහුදු වෙරල දක්වා හමුදා භටයින් රැගෙන යෑමට අවශ්‍ය නාවික හමුදා කුඩා යාත්‍රාවන් හා ඒවාට ආරක්ෂාව සැපයිම සදහා විශේෂ ප්‍රහාරක බලඇණියේ යාත්‍රා 12ක්ද අවස්ථාවන් කිහිපයකදි මුතුර් දෙසට යාත්‍රා කිරිම ඇරඹුවෙි රාත්‍රි 10 පසුවනවාත් සමගය. 


කොටි ත්‍රස්තවාදින්ට කිසිදු අවස්ථාවකදි රජයේ හමුදා මෙවැනි මෙහෙයුමක් සදහා සුදානමිවනවා කියා දැනගැනිමට හෝ සිතාගැනිමටවත් අවස්ථාවක් නොවිනී. එසේ ඔවුන්ට සැකයක් ඇති නොවිමට මුලික හේතුව වුයේ ඒ වන විටත් රජයේ හමුදාවන් මාවිල්ආරු සිට මුතුර් දක්වා සිය පාබල සේනාංක යොදා ගෙන ක්‍රියාන්විතයක් ආරමිභ කර තිබුනු නිසාවෙන් බව පසුව අපට අනාවරණය විය.



මධ්‍යම රාත්‍රිය පසුවි පැය භාගයක් ගත වන විට කමාන්ඩෝ සෙබළුන් 10 දෙනා බැගින් රැගත් කුඩා නාවික හමුදා යාත්‍රා දෙකක් මුතුර් ජැටියට මදක් නැගනහිරින් පිහිටි වෙරල තිරයට ගොඩ බසින ලදි. මුතුර් නගරය මුදා ගැනිමෙි මෙහෙයුමක් ක්‍රියාත්මක බව මුතුර් ජැටියේ සිටි නාවික හමුදා අණදෙන නිලධාරියාට පවා දැනුමි දි තිබුනේ අවසන් මොහොතේදිය. කෙසේ හෝ රාත්‍රි දෙක පමන වන විට සියලුම කමාන්ඩෝ හා ආධාරක හමුදා සේනාංකයන් වෙරලේ සිට වෙන වෙනම ස්ථාන පහකින් මුතුර් නගරයට ඇතුල්වුනේ තමන් පැමින සිටින බවට කොටි ත්‍රස්තවාදින්ට දැනගැනිමට පවා හෝ අංශු මාත්‍රයක ඉඩ ප්‍රස්ථාවක් ලබානොදිමය.

එසේ මුතුර් නගරයේ තමන්ට අවශ්‍ය ආවරණයන් හා භුමියේ හා සතුරාගේ ක්‍රියාකාරකමි පිලිබද කෙටි රෙකි කිරිමකින් ( ඔත්තු බැලිමකින්) පසු අළුයම 3.30ට පමන කමාන්ඩෝ සෙබළුන් සිය මෙහෙයුම ආරමිභ කරන ලදියි.
තමන්ට සිදුවන්නේ කුමක්ද යන්න සිතා ගැනිමට නොහැකිවු කොටි නායකයින්ට හා සාමාජිකයින්ට සිහිය එලවා ගැනිමටවත් ඉඩක් නොදුන් කමාන්ඩෝ සෙබළුන් පැයක් ගතවිමට පෙර කොටි සාමාජිකයින් 25 දෙනෙක්ට වගකියා තිබුනී. ඉන්පසුව ක්‍රමක් ක්‍රමයෙන් වැසියන් විසින් අතහැරදමා ගොස් තිබුනු නිවාස වලට ආවරණය වෙමින් තමන්ට ප්‍රහාර එල්ල කරන කොටි සාමාජිකයින් සොයා ගෙන ගොස් ප්‍රහාර එල්ල කරමින් කොටි ග්‍රහණයේ දින තුනකට ආසන්න කාලයක් පැවති මුතුර් නගරය මුදා ගැනිමෙි මෙහෙයුම පසුදින උදෑසන 10 වන විට අවසන් කිරිමට කමාන්ඩෝ සෙබළුන් ඇතුළු ආරක්ෂක හමුදාවන්ට හැකියාව ලැබිණි.

මෙි අතර මුතුර් නගරයට කමාන්ඩෝ සෙබළුන් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන බව ආරංචිවු විගස මුහුදු කොටි නායක සුසෙයි සිය නාවික යාත්‍රා 20ක් පමන යොදා ගනිමින් මුතුර් ජැටියට ප්‍රහාර එල්ල කිරිමට පැමිණි අතර ඔවුන් එන තුරු සැදිපැහැදි සිටි  නාවික හමුදා රණවිරුවන් 40කට අධික මුහුදු කොටි සාමාජිකයින්ට ජිවිතය අහිමි කලේ මුතුර් මුදාගැනිමෙි ජයග්‍රහණය තවත් අර්ථවත් කරමිනී.

( ස්වර්ණමි බෙිස් වෙත එල්ල කල ගුවන් ප්‍රහාරය ගැන ඉදිරි සතියේදි බලාපොරොත්තු වන්න)