Tuesday, May 15, 2012

ඇදිවතට සිමාවු ප්‍රභාකරන්ගේ පලායෑම



59 වෙන හමුදා සේනාංකය මුලතිවි කොටි බලකොටුව මුදා ගන්නා විට නාගර්කෝවිල්, මුහමලේ, අලිමංකඩ හා පරන්තන් යන කොටි පාලන ප්‍රදේශවල බලය සුනු විසුනු කල යුධ හමුදාවෙි 58, 53 හා 55 වන හමුදා සේනාංකයන් ඉදිරියට ඇදෙමින් සිටියේ කොටි ත්‍රස්තවාදින්ට ඉදිරියේදි කුමක් සිදුවන්නේද යන්න ගැන අබමල් රේණුවක තරමිවත් හෝඩුවාවක් ලබා නොදමිනි.

දිනෙන් දින කොටි සංවිධානයේ පාලන බලප්‍රදේශ හමුදා සේනාංක අතට පත්වන බව දැන සිටි එල්.ටි.ටි.ඊ. නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් කුමන මොහොතකදි හෝ අන්තර්ජාතික බලපෑමක් නිසා රජයේ හමුදාවන් මෙම සටන නතර කරාවි යන බලාපොරොත්තුව පමනක් සිතේ තබාගෙන භුගත බංකරයකටවි කල්ගත කරමින් සිටියාය.

මෙි අතර මුලතිවි මුදා ගත් 59 වන සේනාංකය ක්‍රමක් ක්‍රමයෙන් මුලතිවි වෙරල තීරය ආවරණය කරමින් ඉදිරියට ඇදමින් සිටි අතර 58 හා 53 වන බලසේනාංකද පුදුකුඩිඉරිප්පු කොටි පාලන ප්‍රදේශය බලා සිය ගමන් ආරමිභ කර තිබුනි.

58 හා 53 වන හමුදා සේනාංකයන් පිලිවලින් පුදුකුඩිඉරිප්පු නැගෙනහිර හා බටහිර ප්‍රදේශයට ඇතුල්වුයේ මෙි අතරදීය. ඒ වන විටත් කොටි ත්‍රස්තවාදින් පැනයා හැකි බවට බුද්ධි අංශ මගින් ලබාදි තිබු වාර්ථාවන් සැලකිල්ලට ගත් හමුදාපති සරත් ෆොන්සේකා විසින් 8 වන කාර්්‍ය සාධක බලකාය ලෙසින් නව ප්‍රහාරක බලඇණියක් වන්නි සටනට එක් කලේ 58 හා 53 වන සේනාංකයන්ට අමතර ප්‍රහාර බලයක් ලබාදෙමිනි.

යුධ බිමෙි නවතම තත්වය ගැන විමසීමට වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයට ගිය හමුදාපති සරත් ෆොන්සේකා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයෙන් මුදා ගැනිම ඉක්මන් කල යුතු බව 58 හා 53 වන සේනාංකාධිපතිවරුන්ට දන්වා සිටියාය. ඒ අනුව ඉදිරි මෙහෙයුමි සදහා අවශ්‍ය පිඹුරුපත් සකස් කෙරුනේ තවත් එය පමා කිරිම නුවණට හුරු දෙයක් නොවන නිසා බව ඉවෙන් මෙන් හමුදා ප්‍රධානින්ට දැණුනු නිසාවෙනි.

ඒ අනුව කලින් සැලසුමි කල ආකාරයට පුදුකුඩිඉරිප්පු නැගෙනහිර හා බටහිර ප්‍රදේශය ආවරණය වන පරිදි බ්‍රිගේඩියර් ශවෙින්ද්‍ර සිල්වාගේ අණදිම යටතේ 58 වන සේනාංකයත්, බ්‍රිගේඩියර් කමල් ගුණරත්නගේ අණදිම යටතේවු 53 වන හමුදා සේනාංකය කිලෝමිටරයක පමන පරතරය තබාගෙන ඉදිරියට ඇදුනේ කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව දැඩි ප්‍රහාරය එල්ල කරමිනි. 






මෙහිදි 58 හා 53 වන සේනාංක දෙක අතර පවතින හිඩැස උපයෝගි කරගනිමින් කොටි ත්‍රස්තවාදින් පැන යෑමට උත්සහ කලහොත් එය ව්‍යර්ථ කිරිමෙි අරමුණෙන් කර්නල් ජී.වි.රවිප්‍රියගේ අණදිම යටතේවු 8 වන කාර්්‍ය සාධක බලකාය සටන් බිමෙි ස්ථානගත කර තිබුනී. ක්‍රමක් ක්‍රමයෙන් හමුදා භට පිරිස් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය සිවි අතින් වටකිරිමට සමත් වුනේ කොටි ත්‍රස්තවාදින්ටද සිතාගත නොහැකි සටන් උපක්‍රම භාවිතයට ගනිමින්ය.

කොටි ත්‍රස්තවාදින් සමග 53 වන බලසේනාංකයේ 5 වන විජයබා රෙජිමෙින්තුවෙි භට පිරිස් කොටි ත්‍රස්තවාදින් සමග බටහිර පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදි ඇතිකර ගත් ගැටුමකින් පසුව එහි තිබි විනාඩියට උණ්ඩ 600 ක් පමන වෙඩි තැබිය හැකිවු බැරල් හතරේ මිලිමීටර් 30 වර්ගයේ ගුවන් යානා නාශක අවියක් මුල්වරට සොයා ගැනිමට සමත්විය. එම ගිනි අවිය යොදා ගනිමින් කොටි ත්‍රස්තවාදින් විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම ගුවන් හමුදා ප්‍රහාරක යානා වලට වෙඩි තැබු බවට ගුවන් නියමුවන් ඊට පෙර කරුණු සැලකර තිබුනි.

මෙි අතර ක්‍රමක් ක්‍රමයෙන් ඉදිරියට ඇදුනු 8 වන කාර්්‍ය සාධක බලකායට අයත් ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ යටතේවු 681 වන බලසේනාවෙි භට පිරිස් පුදුකුඩිඉරිප්පුහි පිහිටි කොටි නායක ප්‍රභාකරන් සැගව සිටි භුගත නිවාසයද අත්පත් කර ගැනිමට සමත්විය. අඩි 40 ක් පමන පොලොව යටට හාරා තටිටු තුනකින් සමන්විතවු එම බන්කරයට එපිටින් කමිබි වැටවල් 15 ක් පමන ගසා තිබු වැටක්ද, බන්කර් කිහිපයකින් ආරක්ෂාව සැපයු බවට සාක්ෂි පෙනෙන්ට තිබුනී. කදවුරු භුමිය අහසේ සිට නිරික්ෂණය කිරිමෙිදි සාමාන්‍ය නිවසක් ලෙසට දිස්වන ආකාරයට නිර්මාණය කර තිබු අතර එය ගුවන් ප්‍රහාර වලින් බෙිරිම සදහා කාලාන්තරයක් පුරාවට කොටි ත්‍රස්තවාදින් විසින් භාවිතා කල එක් උපක්‍රමයක් විය.

මෙි වන විට පුදුකුඩිඉරිප්පු, ඉරණපාලෙයි හන්දියේ දරුණු ගැටුමි ඇවිළි තිබුනි. කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානි පොටිටු අමිමාන්ගේ භුගත නිවාසය ඒ අසල පිහිටි අතර කොටි සංවිධානයේ සාමාජිකයින් එය රැක ගැනීමෙි අභිප්‍රායෙන් දිගින් දිගටම 58 වන බලසේනාංකයේ සෙබළුන් සමග සටන් වැදුනත් හමුදා ප්‍රහාර දරුණු වීමත් සමග ඔවුන් තම උත්සහය අතහැර පලා ගියේ දරුණු පරාජයක් අත්කර ගනිමින්ය. මෙි අතර සටනේදි තුවාල ලබන කොටි ත්‍රස්තවාදින්ට ප්‍රතිකාර සැපයු පුදුකුඩිඉරිප්පුහි පිහිටි රෝහලද 58 වන සේනාංකයේ සෙබළුන් අත්පත් කරගන්නා ලදියි.

(කොටි සංවිධානයට අයත්ව තිබු ජංගම මෙහෙයුමි මැදිරියක්)

ක්‍රමක් ක්‍රමයෙන් හමුදා සේනාංක පුදුකුඩිඉරිප්පුහි පාලනය සියතට ගනිමින් සිටින අතර කොටි නායක ප්‍රභාකරන් සිටි ආනන්දපුරමි අධි ආරක්ෂිත කලාපය ඒ වන විට වර්ගකිලෝමිටර් එකහාමාරකට සිමාවී තිබුනි. ආනන්දපුරමි ප්‍රදේශයට එක් පසකින් යුධමුක්ත කලාපය පිහිටා තිබු අතර එය අවහිර කිරිම සදහා හමුදා ප්‍රධානින් ඉදිරි මෙහෙයුමි ආරමිභ කලේ මාර්තු 29 වෙනිදා රාත්‍රියේදිය.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය රැක ගැනීමට නොහැකිවුවහොත් තමන්ටත් යුධ මුක්ත කලාපයට පැන යෑමට සිදුවන බව දැන සිටි කොටි නායක ප්‍රභාකරන් පොටිටු අමිමාන්, සන්නද්ධ අංශ නායක තීපන්, භානු ඇතුළු නායකයින් සමග ඉදිරියට ඇදෙන හමුදා භට පිරිස් ආපස්සට හැරවිය හැකි ආකාරයේ ප්‍රහාරයක් එල්ල කිරිමට සිතා ගෙන ඒ සදහා සාකචිජා කිරිමට ප්‍රභා මත සන්නද්ධ අංශ නායකයින් කැදවීය.

දිගින් දිගටම මෙහෙම සටන් කරලා හරි යන්නේ නැහැ. ඔයාලා ඉස්සරහට යන්න, ගිහිං හමුදාවට රිදෙන්න ගහන්න. එතකොට අපේ කොල්ලෝ හමුදාවෙි අයව මරාගෙන මැරෙන්න උනත් කියලා හිතාගෙන සටන් කරාවි. ඒ තමා හමුවීමට පැමිණි කොටි සන්නද්ධ අංශ නායකයින්ට ප්‍රභාකරන් හා බුද්ධි අංශ නායක පොටිටු අමිමාන් ලබාදුන්නේ එවැනි ආකාරයේ උපදෙස් මාලාවකී.






තම නායකයා බෙිරා ගැනීම සදහා දිගින් දිගටම සටන් කිරිමට පවා සුදානමිවු තීපන්, විදුෂා ( මාලතී රෙජිමෙින්තුවෙි අණදෙන්නා), දුර්ගා හා කමලීනී (සෝදීයා බලකායේ අණදෙන්නන්), භානු, පන්ජන්, මහීන්දන් (ජේෂ්ඨ මුහුදු කොටි නායකයෙක්), රූබන් ඇතුළු දෙවන පෙලේ සන්නද්ධ නායකයින් සිය ප්‍රහාරය සදහා සුදානමිවිය.

කොටි නායකයින් හමුදාවට එරෙහිව මීයෙමිවා රැකෙමිවා සටනට සුදානමි වන මොහොතේදි තම නායක ප්‍රභාකරන්ව ඇමතු තීපන්ව කියා සිටියේ හමුදාවට එරෙහිව සටන් කරන්නත් ඔයාට ආරක්ෂාව සපයන්න අසීරුබවත් කියා සිටියි ඔහු, තමා ඇතුළු කණ්ඩායම හමුදාවට පහර එල්ලකර විශ්වමඩු තෙක් පසුබස්සවන තුරු හැකිනමි යුධ මුක්ත කලාපයට ගොස් සිටින්නැයි ඉල්ලා සිටියේ ප්‍රභාකරන්ට ඒ මොහොතේදි යුධ පිටියේ පවතින බිහිසුනු බව කල්තියාම ඉවෙන් මෙන් දැන සිටි නිසා වෙන්නට විය.

තීපන්ගේ ඉල්ලීම පිලිගත් කොටි නායක ප්‍රභාකරන් හා බුද්ධි අංශ නායක පොටිටු අමිමාන් කලු කොටි සාමාජිකයින් 35 දෙනෙකුගේ ආරක්ෂාව ඇතිව යුධ මුක්ත කලාපයට පැන ගියේ අපේ්‍රල් මස 1 වෙනදා අලුයමි කාලයේදීය. එසේ පැන යෑමට මොහොතකට පෙර රේඩියෝ පණිවිඩ මගින් සිය සටන් බිමෙි සිටි සන්නද්ධ අංශ නායකයින් ඇමතු ප්‍රභාකරන් උපදෙස් දෙමින් කියා සිටියේ ආනන්දපුරමිහි ස්ථානගත කර තිබු මිලිමිටර් 122 හා 152 වර්ගයේ කාලතුවක්කු අවි තුනක් බිමට සමාන්තරවන ආකාරයට තබා ප්‍රහාර එල්ල කරන ලෙසයි.


යුධ හමුදා විශේෂ බලකාය හා දිගුදුර මෙහෙයුමි බලකාය සටන් බිමට


කොටි සංවිධානයේ පණිවිඩ හුවමාරු වලට සවන් දෙමින් ඒ ගැන අධ්‍යනය කරමින් සිටි හමුදා බුද්ධි අංශ සිය ඔත්තුකරුවන්ගෙන් ලැබුනු තොරතුරු වලට අනුව ආනන්දපුරමි ප්‍රදේශයේ කොටි නායක ප්‍රභාකරන්ගේ පුද්ගලික ආරක්ෂකයින් ලෙස කටයුතු කරන කලු කොටි සාමාජිකයින් 100කට ආසන්න පිරිසක් හමුදාවලට එරෙහිව ඉදිරි සටන් සදහා කැදවා ඇති බවත් ප්‍රධාන පෙලේ කොටි නායකයින් රැසක්ද ඒ වන විට මුහුනට මුහුනලා සටනක් සදහා සුදානමි වන බව දන්වා බුද්ධි වාර්ථා දෙකක් හමුදාපතිවරයාගේ අතට පත්කර තිබුනී.

ඉදිරි පැය 72 තුලදි කෙසේ හෝ හමුදාවට දැඩි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කල්තියා ලැබුනු බුද්ධි අංශ වාර්ථා සැලකිල්ලට ගත් හමුදාපතිවරයා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ ස්ථානගත කර සිටියි යුධ හමුදා විශේෂ බලකායේ හා දිගුදුර මෙහෙයුමි භට කණ්ඩායමි 6ක් පැය කිහිපයක් ගතවීමට පෙර 58, 53 බලසේනාංකයන් දෙකට හා 8 වන කාර්්‍ය සාධක බලකාය සමග එක් කිරිමට උපදෙස් දෙන ලදියි.

භුමියේ සිටි භට පිරිස් සිතා සිටියි ආකාරයට කොටි ත්‍රස්තවාදින් 58 හා 53 වන සේනාංකයන්ගේ ඉදිරි ආරක්ෂක වලල්ලට අපේ්‍රල් 1 දා සවස් කාලය වන විට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් හමුදා පාලන ප්‍රදේශයට කඩා වැදීමට උත්සහා කලේ කලු කොටි සාමාජිකයින්ව පෙරට යවමින් කල ප්‍රහාර මාලාවක් සමගින්ය. කල්තියාම අනතුරක සේයාව හදුනාගෙන සිටියි හමුදා අණදෙන නිලධාරින් කලු කොටින්ට හමුදා විශේෂ බලකාය හා දිගුදුර මෙහෙයුමි බලකායේ සහය ඇතිව එල්ල කල ප්‍රතිප්‍රහාර නිසා කොටි සැලසුම ලත් තැනම ලොප් කරන්නට සමත්වුයේ 70 කට අධික කොටි සාමාජිකයින් පිරිසකගේ මලසිරුරුද තම භාරයට ගනිමින්ය.

නැවතත් පසුදින අලුයමි කාලයේදි කොටි සාමාජිකයින් රැලි ප්‍රහාර ( වෙිවි ඇටෑක්) කිහිපයක්ම හමුදා ඉදිරි ආරක්ෂක තිරුවට එල්ල කරන්නට විය. මෙි අතර සෙමින් සෙමින් හමුදා භට පිරිස් කොටි පාලන ප්‍රදේශයේ භුමියේ බලය තහවුරු කරගනිමින් ඉදිරියට ඇදෙන්නට පටන් ගත්තේ කොටි සාමාජිකයින්ට පහර පිට පහර එල්ල කරමිනි.



තවත් බලා සිටිමට තරමි කාලයක් නොමැතිබව වටහා ගත් තීපන්, භානු, විදුෂා, දුර්ගා ඇතුළු කොටි නායකයින් තමන් සන්තකයේ තිබුනු කාලතුවක්කු අවි දෙක බිමට සමාන්තරවන ලෙස තබා ඉදිරියට ඇදෙන හමුදා භට පිරිස් ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු ප්‍රහාර 50 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කලත් හමුදාවෙි ඉදිරි ගමන අඩාල කිරිමට ඔවුන්ට නොහැකිවිය.

අපේ්‍රල් 3 වනදාට ඉර පායා එද්දි කොටි නායකයින් ඇතුළු ආනන්දපුරමි රැක ගැනීම සදහා ඉතිරිවු කොටි සාමාජිකයින් පිරිස සමිපුර්ණයෙන් කොටු කර ගැනීමට 58, 53 හා 8 වන කාර්්‍ය සාධක බලකායේ සෙබළු සමත් වුයේ යුධ මුක්ත කලාපය දෙසින්වු සැපයුමි මාර්ගයද අහුරා දමමින්ය. තමන්ට කිසිදු ගැලවීමක් නොමැතිබව වටහා ගත් කොටි සාමාජිකයින් කෙසේ හෝ ජිවිතය බෙිරා ගැනිමෙි අරමුණින් පිස්සු බලු රැලක් ලෙස හමුදා භට පිරිස් වලට හතර අතේ පහර දෙන්නට විය.

කිසිදු සැලැස්මක් නොමැතිකම හා වික්ෂිප්තභාවය නිසා කෝපයට පත් කොටි නායක තීපන්, විදුෂා, ගඩාෆී ( ප්‍රභාකරන්ගේ පුද්ගලික ආරක්ෂක), දුර්ගා, කීර්ති, නාගේෂ්, ගෝපාල්, ආදිත්‍යයන් ඇතුළු කොටි නායකයින් 14කට ආසන්න පිරිසක්ද, ප්‍රභාකරන්ගේ සමිප ආරක්ෂකයින්වු කලු කොටි ඇතුළු 600 කට අධික සාමාජිකයින් සංබ්‍යාවක් මරා දැමීමට හමුදා සේනාංක මෙම සටනේදි සමත්විය. හමුදා ප්‍රහාර වලට ගොදුරුව දරුණු තුවාල ලැබු භානුව ඊට දිනයකට පෙර යුධ මුක්ත කලාපයට රැගෙන යන්න කොටි සාමාජිකයින්ට හැකිව තිබු පසුව ආරංචි විය.


(හමුදා ප්‍රහාරවලින් මිය ගොස් සිටි කොටි සාමාජිකයින් පිරිසකගේ මල සිරුරු)

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදි පසුව සිදුකල සෝදිසි මෙහෙයුමි වලදි කොටි නායක ප්‍රභාකරන්ගේ උප්පැන්න සහතිකය ඇතුළු පවුලේ ලියකියවිලි සොයා ගැනීමට හමුදා භට පිරිස් සමත් විය. මෙි අතරම කාලතුවක්කු ගිනි අවි 3ක්, ගුවන් යානා නාශක අවි 4ක්, ටී-56 ගිනි අවි, මෝටාර් විදිනයන් ඇතුළු අවි ආයුධ රැසක්ද හමුදා භාරයට පත්විය.




හමුදාවෙි ඉදිරි මෙහෙයුමි ගැන හා කොටි නායකයින් රැසක් වටකර පහරදි මරා දැමීම ආදි කරුණු කිහිපයක් නිසා ආනන්දපුරමි සටනින් පසු කොටි බුද්ධි අංශ නායක පොටිටු අමිමාන් හා කොටි නායක ප්‍රභාකරන්ගේ වැඩිමහලු පුතා චාල්ස් ඇන්තනී අතර මතගැටුමක් පවා නිර්මාණයවු බව හමුදා බුද්ධි අංශ පසුව වාර්ථා කලේය.

ඇදිවතට පමනක් සිමාවී අවසන් නිමෙිෂයේදි තම ජිවිතය බෙිරා ගැනීමට කොටි නායක ප්‍රභාකරන්ට හැකිවුවත් ඔහුට ඉන් පසුව ඉතිරිව තිබුනේ යුධ මුක්ත කලාපය ඇතුළු ඉතා සිමිත බිමි කඩකට සීමා කරමිනී.

( මතු සමිබන්ධයි)