Monday, December 19, 2011

කොටින්ගේ වැරදුනු ගුවන් කරණම- ( දෙවන කොටස)



අප බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව තිබුනේ පුනරින් නගරය කොටි ග්‍රහණයෙන් මුදවා ගන්නා දිනයට අපගේ විරෝධාර රණවිරුවන් ලගාවන තුරුය. දිනය මතක හැටියට නමි 2008 වසරේ සැප්තැමිබර් මස 6 වෙනිදාය.
වන්නි සටන් බිමෙි රහසිගත ස්ථානයක පැවති පුහුණු සැසි කිහිපයකින් පසුව කොටි ගුවන් බලකාය, කාලතුවක්කු බලකාය හා කළු කොටි කණ්ඩායම සිය අවසන් ඉලක්කය ලබා ගැනිම සදහා විසිරි ගියේ තම සතුරා වන රජයේ හමුදාවන්ගේ හදවත බදු කේන්ද්‍රස්ථානයකට උපරිම ප්‍රහාරයක් එල්ල කිරිමට තම නායකයින් හමුවෙි ශපථ කිරිමෙන්ද අනතුරුවය.

කිසිම විශේෂත්වයකින් තොරව කාලය ඉදිරියට ඇදෙමින් තිබුනී. පුනරින් නගරය ඉලක්ක කර ගනිමින් හමුදාවන් ගේ මෙහෙයුමි වලට බාධාවක්වන සේ කිසිදු සාර්ථක ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරිමට කොටි ත්‍රස්තවාදින් කිසිදු උත්සහයක් නොගන්නා ලදි. එහෙත් සැප්තැමිබර් 10 වන දින කොටි ත්‍රස්තවාදින් යුධ හමුදාවෙි 58වන සේනාංකයට දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කිරිමට උත්සහදැරු අතර 8 වන හා 10 වන ගැමුණු බලකායේ සෙබළුන් හා සිංහ රෙජිමෙින්තුවෙි සෙබළුන් කොටින්ගේ එම උත්සහය පුස්සක් බවට පත්කලේ නැවත වතාවතක් කොටින්ට හොද හැටි හෙමිබත්වන්නටම පහරදිමෙන් අනතුරුවයි.

භුමියේ සිටි කොටි ත්‍රස්තවාදින්ගේ මෙම අරුම පුදුම නැගිටිමට යමි හේතුවක් ලෙස කොටි සංවිධානය විසින් රහසිගතව සිදුකිරිමට සැලසුමි කරන ලද මෙහෙයුම හේතුවු බවට පසුව අපට වාර්ථා විය.

ඒ සැප්තැමිබර් 11 වෙනිදායි.. අලුයම 1 පසුව විනාඩි කිහිපයක් ගත වන්නට මත්තෙන් වවිනියා නගරයේ පිහිටි යුධ හමුදා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයට කොටි ත්‍රස්තවාදින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කිරිම ආරමිභ කරන ලදි. ක්‍රමක් ක්‍රමයෙන් වරකට එක-දෙක බැගින් එල්ලවු මෙම කාලතුවක්කු ප්‍රහාරය විනාඩි පහක් තුලදි කාලතුවක්කු උණ්ඩ තුන, හතර දක්වා එය වර්ධනය විය. කොටින්ගේ මෙම කාලතුවක්කු ප්‍රහාරය ඇරඹිමත් සමග වන්නි ආරක්ෂක මුලස්ථානයේ සිටි සෙබළුන් හා නිලධාරින් කදවූරු භුමිය තුල තිබෙනා කොන්ක්‍රිටි බංකර් වෙත දිව යන ලදියි.

කදවුරේ ගොඩනැගිලි වල සිටින හමුදා සාමාජිකයින් එසේ බංකර් තුලට දිව ගියත් ආරක්ෂක රාජකාරි කටයුතු භාරව සිටින හමුදා සෙබළුන් හා එයට පසකින් පිහිටා තිබෙන වවිනියා ගුවන් හමුදා කදවුරේ ආරක්ෂක මුරකපොලුවල සිටින ගුවන් හමුදා භටයින් සිය රාජකාරිය දිගින් දිගටම සිදුකරමින් සිටියේ කවදාවත් නැති ආකාරයෙන් කොටින්ගේ මෙම කාලතුවක්කු ප්‍රහාරයේ යමි අමුත්තක් ගැබිව තිබෙන බවට ඔවුන්ට ඉවෙන් මෙන් දැනුනු නිසාය.



මෙි අතරේ වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සංකිර්ණයේ පිටුපසම ප්‍රදේශයේ අවසන් මායිමට වන්නට පිහිටා තිබෙන යුධ හමුදා විශේෂ බලකායේ දිගු දුර මෙහෙයුමි බලකායේ සෙබළුන් රැදි සිටිනා ගොඩනැගිල්ල අසල රාජකාරියේ යෙදි සිටි සෙබලෙක් රාත්‍රි අන්ධකාරයේම දුටුවෙි තම කදවුරෙ මායිමිව තිබෙන කමිබි වැට කපා දමමින් අනවසරයෙන් කදවුර තුලට ඇතුල්විමට උත්සහ දරණා භට පිරිසකි. පලමුව මෙම පිරිස තම විශේෂ බලකායේ සෙබළුන් යැයි සිතා සිටි රාජකාරියේ යෙදි සිටි හමුදා සෙබලාට සිය විශේෂ බලකා පුහුණුවෙිදි ලබාදි තිබුනු අනගි පුහුණුව නිසා ඒ පැමින සිටින්නේ හමුදා නිල ඇදුමි ඇදගත් කොටි ත්‍රස්තවාදින් පිරිසක් බවට ඒත්තු ගන්නට වැඩි වෙලාවක් ගත නොවීය.
තමන්ට මෙි ගැන අනෙක් සහෝදර සෙබළුන්ට පවා දැන්වීමට කාලයක් නොමැතිබව වටහාගත් ඔහු සිය ගිනි අවියෙන් කොටි ත්‍රස්තවාදින් සිටි පැත්තට අනතුරු ඇගවිමෙි වෙඩි කිහිපයක් තැබුවෙි සැකයට මෙන්ය. එහෙත් ඒ සමගම ඔහු සිටි මුරකපොල්ල දෙසට කොටි ත්‍රස්තවාදින්ද වෙඩි තැබිමත් සමග තමාගේ සැකය නිවරදි බවට විශේෂ බලකායේ සෙබලාට හැගි ගියේය.
මෙම වෙඩි හුවමාරුවත් සමග විශේෂ බලකායේ සෙබළුන් තම කණ්ඩායමි අනුව ෆෝ මෑන් ( හතර දෙනාගේ කණ්ඩායම) හා එයිටි මෑන් ( අට දෙනාගේ කණ්ඩායමි) ලෙස සටනට අවතීර්ණ විය. ඒ වන විටත් කොටි ත්‍රස්තවාදින් 14 දෙනෙක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය තුලට රිංගා ඇති බවට සාක්ෂි විශේෂ බලකාය සතුව තිබිම නිසා ඔවුන් වහා වහාම සිය සතුරන් හඹා යෑම ආරමිභ කරන ලදි.


මුලින්ම කදවුරු සංකිර්ණයේ පිහිටි ආයුධ ගබඩාවන් හා ඉන්ධන ගබඩාවන්හි ආරක්ෂාව තර කරමින් විශේෂ බලකාය ක්‍රමක් ක්‍රමයෙන් කොටි ලුහුබදිමින් ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙමින් තිබුනු අතර කදවුරේ ඉදිරි දෙසින් කමාන්ඩෝ සෙබළුන්ද විශේෂ බලකායට සහය දක්වමින් කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව මෙහෙයුමට දායකත්වය සපයමින් සටනට අවතීර්ණ විය.



තත්වය මෙසේ තිබියදි වවිනියා ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කර තිබුනු " ඉන්දිරා-2" නමි රේඩාර් යන්ත්‍රයේ අමුතුම සලකුණු දෙකක් පෙන්නුමි කල අතර, ඒ පිලිබදව වවිනියා ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරිවරයා වහාම කොලඹ පිහිටි ගුවන් හමුදා මෙහෙයුමි අංශයට ඒ පිලිබදව සැලකරන ලදියි.

වන්නි ආරක්ෂක සේනා කදවුරු සංකිර්ණයට ඒ වන විටත් කොටි ත්‍රස්තවාදින් විසින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් තිබුනු අතර වවිනියාවෙි ඉදිරි ආරක්ෂක වලල්ල ආසන්නයේ ස්ථානගතකර තිබු යුධ හමුදා 56වන සේනාංකය විසින් මිලිමිටර් 120 හා 152 වර්ගයේ කාලතුවක්කු අවි හා මල්ටි බැරල් අවි ප්‍රති ප්‍රහාර එල්ල කිරිමත් සමග කොටි සංවිධානය කාලතුවක්කු ප්‍රහාරද ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන බවක් පෙනුනී. තත්වය මෙසේ තිබියදි විශේෂ බලකායේ හා කමාන්ඩෝ සෙබළුන් එක්ව කොටි සංවිධනයේ කළු කොටි සාමාජිකයින් 8 දෙනෙක්ට ඒවන විටත් වගකියා අවසන්කර තිබුනී.

අලූයම 3ට පමන එකවරම අහස දෙසින් අමුතු ශබිදයක් නැගුනු අතර අදුරේම පැමිණි කොටි ත්‍රස්තවාදින් සතුව තිබෙනා චෙක් රාජ්‍යයේ නිෂ්පාදිත සීලින් 143 වර්ගයේ කුඩා ගුවන් යානා දෙක වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයට ගුවනින් බෝමිබ දෙකක් හෙලා පලායන්නට විය. 



කොටි ගුවන් යානා පැමීණෙන බවට කල්තියා හදුනා ගෙන තිබිම නිසා ගුවන් හමුදාවෙි එෆ්-7 වර්ගයේ ප්‍රහාරක යානා දෙකක් කටුනායක ගුවන් තොටුපලින් ගුවන් ගත කෙරුනේ කෙසේ හෝ කොටි ගුවන් යානා දෙකට පහරදි බිම හෙලිමෙි පරමාර්ථයෙනි. ගුවන් ගතවී විනාඩි 8ක් වැනි සුලු කාලයක් තුලදි ගුවන් හමුදාවෙි එෆ්-7 ගුවන් යානා වවිනියාව ප්‍රදේශයට ඉහලින් ගමන් කරමින් කොටි සංවිධානයේ ගුවන් යානා දෙකෙන් එකක් මුලතිවි ප්‍රදේශයට ඉහල අහසේදි සිය දර්ශණයට හසුකර ගැනිමට එක් ගුවන් හමුදා යානාවකට හැකිවිය. තමන්ට වඩා කිලෝමිටර් දෙකක් පමන ඉදිරියෙන් ගමන් ගන්නා කොටි ගුවන්යානය පිලිබදව සිය මෙහෙයුමි මැදිරියට විස්තර ලබාදුන් ඒ අභීත ගුවන් නියමුවා තවත් කල් යැවිමෙි තේරුමක් නොමැති බව වටහා ගෙන තමන්ට ලද උපදෙස් අනුව ගුවනේ සිට තවත් ගුවන් යානාවකට පහරදිමෙි හැකියාව ඇති මිසයිල පද්ධතියෙන් එක් මිසයිලයක් කොටි සැහැල්ලු ගුවන් යානය ඉලක්ක කරමින් මුදාහරින ලදියි. විනාඩියක් ගතවිමට පෙර තමා ඉදිරියෙන් විශාල ගිනිබෝලයක් සමග පිපිරිමක් නිරික්ෂණය කල ගුවන් නියමුවා තමාගේ මෙහෙයුම ඉතා සාර්ථකවු බව සිය මෙහෙයුමි මැදිරියට දන්වා සිටියා.

මෙි අතර මුලතිවි ඉහල අහසේදි ගුවන් හමුදාව සිය රණකාමිත්වය විදහාපාද්දි භුමියේ සටන් ඇවිලෙමින් තිබුනි. මරාගෙන මැරෙන කළු කොටි සමාජිකයින් තිදෙනෙක් වවිනියා ගුවන් හමුදා කදවුරු භුමියට ඇතුල්විමට දරණ උත්සහය නිරික්ෂණය කල ගුවන් හමුදා සෙබළුන් සිය ගිනි අවි ඒ දෙසට හරවමින් දැඩි ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන්නට පටන් ගන්නා ලදියි. ගුවන් හමුදාවෙි සෙබළුන්ගේ සහයට එක්වු කමාන්ඩෝ සෙබළුන් විනාඩි 20ක් ගතවිමට පෙර මරාගෙම මැරෙන කොටි ත්‍රස්තවාදින් තිදෙනාව අවසන් ගමන් යැවුහ.

මෙි අතර වන්නි ආරක්ෂක සේනා මුලස්ථානාධිපතිගේ නිල නිවාසය ආසන්නයට පැමින රැකවල්ලාගෙන සිටි කොටි ත්‍රස්තවාදියෙක්වද මරා දැමිමට යුධ හමුදා විශේෂ බලකායේ සෙබළුන් සමත්විමත් සමග කදවුරට ඇතුල්ව සිටි අවසන් කොටි ත්‍රස්තවාදියා ඝාතනය කරමිනි.

පුරා පැය හතරකට ආසන්න කාලයක් මුළු වවිනියා නගරයම නැවත වරක් යුධ බියෙන් ඇලලී ගිය මෙහෙයුමක් අවසන් කරමින් යුධ හමුදා විශේෂ බලකාය, කමාන්ඩෝ බලකාය ඇතුළු සෙසු බලමුළු හා ගුවන් හමුදාව එක්ව නැවත වරක් කොටි ත්‍රස්තවාදින්ගේ සිතේ පැලපදියමිව තිබු සිහිනය සුනුවිසුනු කරන්නට සමත් විය.

මෙවර කොටි ත්‍රස්තවාදින්ගේ මුලික ඉලක්කයන්වී තීබුනේ

1). වවිනියා ගුවන් හමුදා කදවුරේ පිහිටා තිබෙන රේඩාර්් යන්ත්‍රය විනාශ කිරිමයි. ( මෙම රේඩාර් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය කොටින්ගේ ගුවන් යානා හැසිරවිමට විශාල බාධාවක්ව තිබිම නිසායි).

2). වන්නි ආරක්ෂක කදවුරු සංකිර්ණය තුල පිහිටා තිබෙන ආයුධ ගබඩාවන් විනාශ කිරිම. ( පුනරින් ඇතුළු කොටි මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක හමුදා මෙහෙයුමි අඩාල කිරිම මෙහි මුලික වෑයමයි.)

මෙම ඉහත කාරණා සාක්ෂාත් කර ගැනිම සදහා කොටි සංවිධානය ඉතා විශාල සැලැස්මක් දියත් කලත් රාජකාරියේ යෙදි සිටි එක් විශේෂ බලකා සෙබලෙක්ගේ විමසිලිමත්භාවය නිසා සිදුවන්නට ගිය මහා විනාශයක් වලක්වා ගන්නට යුධ හමුදාවට හැකිවිය. කොටි සංවිධානය බරඅවි, භුමි භටකණ්ඩායමි හා ගුවන් බලය යොදා ගනිමින් ආරක්ෂක හමුදාවන්ට එල්ල කරන ලද පලමු මෙහෙයුම ලෙස මෙය ඉතිහාසයට එක්විය. එහෙත් එය කොටින්ට වැරදුනු ගුවන් කරණමක් පමනක් විය.....!!!!