Wednesday, April 25, 2012

අදට හරියටම අවුරුදු 6 යී....



දිනයඃ 2006 වසරේ අපේ්‍රල් මාසයේ 25 වෙනිදායි. 
ස්ථානයඃ කොලඹ හමුදා මුලස්ථානය.
වෙිලාව ඃ දහවල් 1.35ට හෝ ඊට ආසන්න වෙලාවක්.

පරිවාරක හමුදා ආරක්ෂක රථ තුනකින් හා යතුරුපැදි ආරක්ෂකයින් සිවිදෙනක්ට මැදිව ධාවනය වන වොල්වෝ රථයකී.
හමුදා රෝහල පසුකර මිටර් 25 ක පමන දුරක් පසුවනවාත් සමග පදික වෙිදිකාවෙි ගමන් කරමින් සිටි ගැබිණි කාන්තාවක් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගමන් කරමින් තිබු වොල්වෝ කාර් රථය අසලට ඒමට දරණ උත්සහය දුටු පැති ආරක්ෂාව සපයමින් සිටි යතුරුපැදියේ සිටි කෝප්‍රල් වයි.එල්.ඒ.සී.ආර්. යකන්දාවල (සෙ.අං/675382) වහා සිය යතුරුපැදිය හරස් කරමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ගමන් කරමින් තිබු රථය අසලට ඒමට සැකකටයුතු ගැබිණි කාන්තාවගේ පැමිණිම වලක්වනවාත් අවට පරිසරය දෙවනත් කරමින් තවත් එක් කොටි මිනිස් බෝමිබයක් පුපුරා ගියේය.
බෝමිබය පුපුරා යෑමත් ගොස් විනාඩි කිහිපයක් ගතවන තුරුත් අවට සිටි කිසිවෙකුටත් සිදුවුයේ කුමක්ද යන්න ගැන හරිහැටි අවබෝධයක් නොවුනේ ඇතිවු කමිපනය නිසාවෙනී. හමුදාපතිවරයාට ආරක්ෂාව සපයමින් ගමන් කල ඩිෆෙන්ඩර් රථ දෙකක සිටි හමුදා නිලධාරින් හා සෙබළුන් වහාම හමුදාපතිවරයා ගමන් කරමින් සිටි කාර් රථය වටකර ගෙන සරත් ෆොන්සේකා මහතාට කුමක් සිදුවී ඇත්දැයි සොයා බැලීය.

කාර් රථයේ පිටුපස ආසනයේ සිටියි හමුදාපති සරත් ෆොන්සේකා පුපුරා ගිය බෝමිබයෙන් විසිවු යකඩ බෝල වලින් පෙනේරයක් සේ හිල්වී තිබු කාර් රථයේ දොර ඉතා අමාරුවෙන් විවෘත කරමින් එක් පාදයක් එලියට තබන අයුරු දුටු හමුදා සෙබළුන් සුලු මොහොතකට ගල්ගැසි ගියේ එවැනි බිහිසුනු බෝමිබ ප්‍රහාරයකට ගොදුරුවුවත් හමුදාපතිවරයා කිසිදු කලබලයකින් තොරව සිටින අයුරු දුටු බැවිනි.




ඉක්මනට සර්ව අල්ල ගන්න. හමුදාපතිවරයාට විරුද්ධ පසින් සිටි හමුදා නිලධාරියෙක් අසල සිටි හමුදා කෝප්‍රල්වරයෙක්ට කියනවාත් සමග මීමැසි පොදියක් ලෙසින් එක්වු හමුදා සෙබළුන් ඉතා ආරක්ෂිතව හමුදාපතිවරයා කාර් රථයෙන් එලියට ගන්නවාත් සමග ඔහු ඇද සිටි හමුදා නිල ඇදුමින් පවා තෙත් කරමින් වතුර මෙන් රුධිරය වැහෙන අයුරු දුටු අසල සිටි හමුදා නිලධාරින්ගේ දෑස් පවා කදුලින් තෙත්වුයේ ඔවුන්ට නොදැනීමය.

" කලබල වෙන්නෙපා... මම හොදින්" ඒ හමුදාපති සරත් ෆොන්සේකාව ගිලන් රථයට ඇතුල් කරද්දි ඔහු අසල සිටි හමුදා නිලධාරින්ට පැහැදිලි හඩින් කියු වචන පෙලයි.

කොටි ත්‍රස්තවාදින්ගේ මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයෙන් සිදුවු තුවාල නිසා හමුදාපති සරත් ෆොන්සේකාගේ උදරයට හා පෙනහළු වලට හානි සිදුවු අතර එයින් වඩාත් බැරැරුමි ලෙසින් තුවාල වී තිබුනේ ඔහුගේ පෙනහළු දෙකය. එදා පුපුරා ගිය මිනිස් බෝමිබයෙන් හමුදාවෙි හා හමුදා රෝහලින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සදහා පැමින සිටි 11 දෙනෙකු ජිවිතකෂයට පත්වුවාය.

කොළඹ ජාතික රෝහලේදි මුලික ශල්‍යකර්ම කිහිපයක්ම සිදු කිරිමෙන් අනතුරුව සිංගප්පුරුවෙි රෝහලක වැඩිදුර ප්‍රතිකාර සදහා හමුදාපතිවරයාව පිටත් කර යැවීමට රජය කටයුතු කලාය. සිංගප්පුරුවෙිදි වැඩිදුර ප්‍රතිකාර ලැබු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නැවත ලංකාවට පැමිණෙන විට නැගෙනහිර පලාතේ මාවිල් ආරු සොරොවිව මුදා ගැනීමෙි සටන ආරමිභකර තිබුනේය.

හැකි තරමි විවෙික ගන්නැයි වෛද්‍යවරුන් දුන් උපදෙස්වත්, හමුදා සේවයෙන් විශ්‍රාම යෑමට දැන් සුදුසු කාලය බව යැයි කියමින් පෙරැත්ත කරන ඥාතින්ගේ ඉල්ලීමි එකක්වත් කනකට මායිමි නොකල ඔහු නැවත වරක් හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්්‍යාලයට පැමිණියේ තමන්ට එලොව ගොස් මෙලොව ඒමට තුඩුදුන් මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයට ගොදුරුවු ස්ථානයද පසුකරමිනි.

සරත් ෆොන්සේකා හමුදාපතිවරයාව ඝාාතනය කිරිමට කොටි නායක ප්‍රභාකරන්ට හා බුද්ධි අංශ නායක පොටිටු අමිමාන්ට දැඩිසේ අවශ්‍ය කර තිබුනී. එයට බලපෑ ප්‍රධානම සාධකය වන්නේ1993 වසරේදි යාපනය කොටුව මුදවා ගැනීමෙි මිඩිනයිටි එක්ස්ප්‍රස් මෙහෙයුමට සක්‍රිය අණදෙන නිලධාරියා ලෙස එක්වු එවකට කර්නල් සරත් ෆොන්සේකා සමග අනෙක් අන්තයේ සිටි අණදෙන නිලධාරියා වුයේ වර්තමාන ආරක්ෂක ලේකමි ගෝඨාබය රාජපක්ෂ මහතායි. එදා යාපනය කොටුව තුල සිරවී සිටි 200 කට අධික ත්‍රිවිධ හමුදා භට පිරිසක් බෙිරා ගැනීමට ඔවුන්ට එදා හැකිවිය.

සරත් ෆොන්සේකා යනු කුමන ආකාරයේ හමුදා නිලධාරියෙක්ද යන්න වග හොදින් දැන සිටි කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ ඊලමි සිහිනයට අවසන් තිත වැටිමට ආසන්න වග ඉවෙන් මෙන් දැන සිටියාය. ඒ නිසා තමන්ගේ විශ්වාසනවන්තම සගයාවු බුද්ධි අංශ නායක පොටිටු අමිමාන් ලවා කෙසේ හෝ හමුදාපතිවරයාව ඝාතනය කිරිම සදහා අවශ්‍ය පිඹුරුපත් සැකසුවත් අවසන් මොහොතේදි තමන්ගේ දිවි නොතකා මරාගෙන මැරෙන බෝමිබකාරිය එන මග හරස් කල කෝප්‍රල් යකන්දාවල ගේ අභීත ක්‍රියාව නිසා හමුදාපතිවරයා එදා එම අවාසනාවන්ත ඉරණමෙන් ගැලවිනි.

හමුදාපතිවරයාව ඝාතනය කිරිම සදහා යොදා ගත් කොටි කාන්තාව හමුදා සෙබලෙක්ගේ බිරිදක් ලෙස අවස්ථා කිහිපයකදි හමුදා මුලස්ථානයේ පිහිටි හමුදා රෝහලට පැමිනි බව පසුව සිදුකල පරික්ෂණ වලින් අනාවරණය විය. හමුදා මුලස්ථානය තුල පිහිටි හමුදා රෝහලෙන් හමුදා නිලධාරින්ට පමනක් නොව සෙසු නිලයන්ටත් ඔවුන්ගේ පවුල් වල ලගම ඥාතින්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සදහා මගපෑදුනේ සරත් ෆොන්සේකා මහතාගේ අදහසක් නිසාය. ඊට පෙර හමුදා සෙසු නිලයන්ට හා ඔවුන්ගේ ලගම ඥාතින් සදහා ප්‍රතිකාර ලබාදුන්නේ නාරහේන්පිට පිහිටි හමුදා රෝහලෙන් පමනක් විය. කෙසේ හෝ මෙම ආරක්ෂක හිඩසින් උපරිම ප්‍රයෝජනය ගැනීමට පොටිටු අමිමාන් ඇටවු උගුල සාර්ථක නොවීය.

මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයට ගොදුරු විමෙන් අනතුරුව යලිත් හමුදාපතිධුරයේ වැඩ භාරගත් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය අමතා කියා සිිටියේ වසර තුනක් ගතවන්නට පෙර ලංකාවට පිලිලයක්වී තිබෙන එල්.ටි.ටි.ඊ. කොටි ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කරදමන බවත් නිදහස් රටක සිංහල, දමිල. මුස්ලිමි භේදයකින් තොරව ජිවත්වීමට ඉඩකඩ විවර කර දිමට දිවිහිමියෙන් කැපවෙන බවයි.

" ඉදිරියට පත්වෙන හමුදාපතිට මෙි යුද්ධය කරන්න මම ඉතුරු කරන්නේ නැහැ" ඒ සරත් ෆොන්සේකා මහතා 2009 වසරේ ජනවාරි මාසයේදි හමුදාපති නිල නිවසේදි පැවති සාදයකදි අප අමතා කියු කතාවයි.

හමුදාපති සරත් ෆොන්සේකා මහතා එදා කියු ලෙසටම 2009 වසරේ මැයි මාසයේ 18 වෙනිදා මුලතිවි නන්දිකඩාල් කලපුවෙිදි කොටි නායක ප්‍රභාකරන්ගේ මරණයත් සමග 30 වසරක් ඔහුගේ සිහිනයවු ඊලාමි රාජ්‍යයට අප හමුදාවෝ තීත තැබුවාය....!!!


                                                             ( කෝප්‍රල් යකන්දාවල )

Wednesday, April 18, 2012

අවසන් අදියර....

                 
වන්නි මුදාගැනිමෙි මානුෂීය මෙහෙයුමි ඇරඹියේ 2007 වසරේ පෙබරවාරි මාසයේදිය. එසේ ආරමිභ වුනු වන්නි මුදා ගැනිමෙි මෙහෙයුමට දායක වෙමින් බ්‍රිගේඩියර් නන්දන උඩවත්තගේ අණදිම යටතේ 59 වන සේනාංකය සටනට පිවිසියේ වැලිඔය ප්‍රදේශයෙනි. ඒ 2008 වසරේ ජනවාරි මාසයේදීය.

ඒ කාලයේදි කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් රැදි සිටින කදවුරු සංකිර්ණය ලෙසට රජයේ හමුදාවන් හා අප වැනි සාමාන්‍ය සිවිල් වැසියන් තරයේ විශ්වාස කල වන්-ෆෝ බෙිස් ( කදවුරු 14) ඉලක්ක කර ගනිමින් 59 වෙනි සේනාංකය එදා සටන් බිමට පිවිසියේ තමන්ට මුලතිවි කොටි බලකොටුවත් යටත් කර ගැනීමට හැකියැයි යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුවයි.

සෙමෙන් වුවත් ඉතා මනා සංයමයකින් හා තීර අධිෂ්ඨානයෙන් යුතුව 59 වන සේනාංකයේ රණවිරුවන් තම ඉලක්කය මුදුන්පමුණුවා ගැනීමෙි අටියනෙන් කොටි කදවුරු අත්පත් කර ගත්තේ ඉන්දියානු සාම සාධක හමුදාවට පවා අත්පත් කර ගැනිමට නොහැකිවු කොටි ත්‍රස්තවාදින්ට අයත් වන්-ෆෝ බෙිස් කදවුරු සංකිර්ණයද හමුදා ග්‍රහණයට නතු කර ගනිමින්ය. එම කදවුරු සංකිර්නයේ භුගත මාර්ග පවා තනා තිබු අතර කොටි නායක ප්‍රභාකරන් ඇතුළු ජේෂ්ඨ නායකයින් නිතර නිතර ආගිය තැනක් බවට එම කදවුරු සංකිර්ණය ඉතා ප්‍රචලිතව තිබුනී.

වන්-ෆෝ බෙිස් කදවුර කොටි සංවිධානය විසින් ඉදිකර තිබුනේ එම සංවිධානයේ පුහුණුවීමි කටයුතු සදහා පමනක්ම නොවෙියි. එම කදවුරු සංකිර්ණයේ කොටසක වධකාගාරයක් තිබු අතර, එහි රදවා සිටිය බවට සැක කෙරෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයින් හා කොටි සංවිධානයට එරෙහිවන හා කප්පමි නොගෙවන සාමාන්‍ය වැසියන්ය. එමෙන්ම කදවුරු සංකිර්ණයේ තවත් කොටසක කොටි සංවිධානයේ ප්‍රයෝජනය සදහා අවශ්‍ය මෝටාර් බෝමිබ, ක්ලේමෝ බෝමිබ, මරාගෙන මැරෙන ඇදුමි කටිටල නිර්මාණය කිරිම සදහාද යොදා ගෙන තිබු නිසා සංග්‍රාමික වැදගත්කමින් වඩාත් වටින කදවුරු සංකිර්නයක් හමුදාව අතට පත්වීම කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ට දරාගත නොහැකි පාඩුවක් විය.

ක්‍රමක් ක්‍රමයෙන් ඉදිරියට ඇදුනු 59 වන සේනාංකය කුමලමුනෙයි, නයාරූ කලපුව, මුල්ලියාවෙලි කොටි බලකොටු එකින්එක හමුදා ග්‍රහණයට නතු කර ගනිමින් ඉදිරියට ගියේ ඊට වසර 13 කට පෙර හමුදා ඉතිහාසයේදි ශ්‍රි ලංකා යුධ හමුදාව ලද ප්‍රබලතම හා අවාසනාවන්තම පරාජය සටහන් කල මුලතිවි නගරය යලි දිනා ගැනීමෙි මුලික අටියනින් යුක්තවය.

             මුලතිවි මුදා ගැනිමෙි මෙහයුම ඇරඹෙයි....



කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ට 2009 වසරේ උදාව ඒතරමි සුභදායක නොවුනේ ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් ඊලමෙි අගනුවරවු කිලිනොචිචීය නගරයත් අලිමංකඩත් අහිමිවු නිසාවෙනි. යුධ හමුදාවෙි 59 වන සේනාංකයේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් නන්දන උඩවත්තට හමුදාපතිවරයාගෙන් හා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලැබුනු උපදෙස් වලට අනුව මුලතිවි කොටි බලකොටුව මුදා ගැනිම සදහා අවසන් පිඹුරුපත් සැකසුවෙි 2009 වසරේ ජනවාරි මාසයේ පලමු සතියේදීය.

යුධ හමුදාව මුලතිවි නගරයට ඇතුල්විම වලක්වාලමින් කොටි සංවිධානය විසින් ඉදිකර තිබු පස් බැමිම අත්පත් කර ගැනීම ආරක්ෂක අංශ සාමාජිකයින්ට තිබු මුලිකම ඉලක්කය විය. අලමිපිල් ප්‍රදේශයේ ඉදිකර තිබු මෙම පස්බැමිබ කිලෝමිටර් ගණනාවක් දුරට විහිදි තිබුනු අතර පැය 24 පුරාවට කොටි සාමාජිකයින්ගේ නිරන්තර සෝදිසියට යටත්ව තිබු නිසා රාත්‍රි කාලයේදිවුවත් එය සමිපයට ගොස් ප්‍රහාර එල්ල කිරිමෙි ගැටළුවක් පැන නැගි තිබුනී.

තත්වය මෙසේ තිබියදි 59 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් නන්දන උඩවත්ත විසින් සිය 591 බලසේනාධිපති කර්නල් අරුණ ආරියසිංහ, 593 සේනාංකාධිපති ලුතිනන් කර්නල් ජයන්ත ලියනගේ හා සේනාංකයේ නියෝජ්‍ය අණදෙන නිලධාරි කර්නල් ලක්සිරි වඩුගේ ඇතුළු ජේෂ්ඨ හමුදා සාමාජිකයින් පිරිසක් 2009 වසරේ ජනවාරි මස 20 වෙනිදා උතුරු අලමිපිල් ප්‍රදේශයේදි ඉදිරි මෙහෙයුමි ගැන ප්‍රගති සමාලෝචනයක් සිදුකල අතර තමන්ගේ ඉදිරි ගමනට බාධාවක්ව පවතින් කොටි ත්‍රස්තයින්ගේ පස්බැමිම අත්පත් කර ගැනිමෙි මෙහෙයුම සදහා කාලතුවක්කු බලකායේ හා ගුවන් හමුදා ප්‍රහාර එක් කර ගැනීමට මෙහිදි තිරණය කෙරුනී.

59 වන සේනාංකය විසින් ඉදිරිපත්කල සැලැස්මට අනුව ඉදිරි මෙහෙයුමි කටයුතු කරගෙන යෑමට හමුදාපතිවරයාගේ අනුමැතිය හිමිවීමත් සමග කාලතුවක්කු බලකායේ හා එමි.අයි. 24, කෆීර් හා මිග් ප්‍රහාරක යානා වල එකමුතුවෙන් යුතුව අලමිපිල් පස්බැමිම සිය ග්‍රහණයට නතුකර ගැනීමෙි හමුදා මෙහෙයුමි දියත් කෙරුනේ ජනවාරි මස 22 වෙනිදාය.

කාලතුවක්කු හා ගුවන් ප්‍රහාර දිගින් දිගටම අලමිපිල් පස්බැමිම සිපගනිද්දි 593 වන බලසේනාංකාධිපති ලුතිනන් කර්නල් ජයන්ත ලියනගේ ප්‍රමුඛ භට පිරිස් අලමිපිල් ප්‍රදේශයේ පස්බැමිමෙි දකුනු ප්‍රදේශයේ සිට නැගනහිර දක්වා වු කොටස අත්පත් කරගැනීමට සමත්විය. මෙි අතර 591 වන බලසේනාංකාධිපති කර්නල් අරුණ ආරියසිංහ ප්‍රමුඛ භටපිරිස්ද අලමිපිල් පස්බැමිමෙි දකුනු ප්‍රදේශයේ සිට උතුර දක්වා දිවෙන භුමි භාගය සිය ග්‍රහණයට නතුකර ගත්තාය.




මෙි අතර මුලතිවි නගරය පෙනෙන නොපෙනන මානයේ රැදි සිටි හමුදා භට පිරිස්වලට තම ඉලක්කය සපුරා ගැනීමට තවත් එක් බාධකයක් තරණය කිරිමට තිබිනි. ඒ අලමිපිල් සිට මුලතිවි නගරය බලා දිවෙන කුඩා බිමි තිරුවක් වන් මාර්ගය අත්පත් කර ගැනිමයි. ඒ සදහා හමුදා සාමාජිකයින්ට නන්දිකඩාල් කලපුව තරණය කිරිම අනිවාර්්‍යවිය. එම බාධකය හොද හැටි වටහාගත් කොටි සාමාජිකයින් සිය මුලු පිරිස් බලයම යොදවා නන්දිකඩාල් කලපුව හරහා වැටි තිබුනු ප්‍රදේශයේ ආරක්ෂාව තරකරේ අලමිපිල් ප්‍රදේශයෙන් අඩියක් හෝ මුලතිවි දෙසට රජයේ හමුදාවන්ට ඇතුල්විමට තබා අල්ලාගැනීමටවත් ඉඩ නොදෙන බවට හිතේ සනිටුහන් කරගනිමින් බව පසුව හමුදාවට භාරවු එක් කොටි සමාජිකයෙක් ප්‍රකාශ කර තිබුනී.

තමන් ඉදිරියේ පවතින එම භාරදුර වගකීම සාක්ෂාත් කර ගැනිමෙි අටියෙන් විශේෂ පුහුණුව ලැබු යුධ හමුදා කමාන්ඩෝ හා විශේෂ බලකායේ භට පිරිස් ඉතා රහසිගතව අලමිපිල් ප්‍රදේශයට පැමිණියේ එලැඹෙිණ අදුරත් සමග ගොදුරු සොයා යෑමෙි තිරසාර පරමාර්ථය පෙරදැරි කරගෙනය.

ඒ ජනවාරි 24 වෙනිදායි.. රාත්‍රි 11 පසුවි ගතවුයේ සුළු මොහොතක් පමනි. නන්දිකඩාල් ඉවුර සමිපයට පැමිනි හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ඝන අන්ධකාරයේ සැගවෙමින් ඉතා සෙමින් සෙමින් සිය සතුරා රැදි සිටින අනෙක් ඉවුර බලා පිහිනා ගියේ කේබලයක්ද රැගෙනය.

මෙසේ පිහිනා යන විශේෂ බලකා සාමාජිකයින් දෙදෙනාගේ මුලික පරමාර්ථය වුයේ එහි එක් කොනක් කොටි ත්‍රස්තවාදින් සිටින නන්දිකඩාල් කලපුවෙි ඉවුරේ ස්ථානගත කර ඉතිරි හමුදා සමාජිකයින් නිරුපද්‍රිතව ගෙන්වා ගනිමින් මුලතිවි නගරයට අත්පත් කර ගැනීමටයී.

විනාඩි 15 ක පමන කාලයකින් පසුව කොටි පාලන ප්‍රදේශයට පිහිනා ආ හමුදා සාමාජිකයින් දෙදෙනා එම ප්‍රදේශය ආවරණය කර ගනිමින් ස්ථාපිත කොට තිබු කොටි බංකරයේ සිටි සාමාජිකයින් තිදෙනා මරුතුරුලට යැවිවෙි අවට සිටින කිසිම කොටි සාමාජිකයෙක්ට සැකයේ සේයාවක් හෝ නොදැනෙන ආකාරයටය.

තමන් පැමිනි කාර්්‍ය සාර්ථකව නිම කල බව අනෙක් පස සිටින තම හමුදා භට පිරිස්වලට සංඥා ක්‍රමයක් මගින් දැනුමි දුන් මෙම විශේෂ බලකායේ හමුදා සාමාජිකයින් දෙදෙනා කර්නල් අරුණ ආරියසිංහගේ අණදිම යටතේ සටන්බිමෙි සිටි 591 වන හමුදා සාමාජිකයින්ව නිරුපද්‍රිතව කොටි පාලන ප්‍රදේශය දක්වා එන තෙක් අවශ්‍ය සහය සපයමින් සිටියාය.

මෙම රහසිගත මෙහෙයුම සිදුවෙමින් තිබෙන අතර තුර කොටි ත්‍රස්තවාදින්ගේ අවධානය වෙනතක යොමු කිරිම සදහා යුධ හමුදාවෙි කාලතුවක්කු බලකාය හා ගුවන් හමුදා යානා විසින් අවස්ථාවන් කිහිපයකදිම ප්‍රහාර එල්ල කල අතර මෙි නිසා නන්දිකඩාල් කලපුව තරණය කරමින් තමන්ට මරණ වරෙන්තුව රැගෙන එන හමුදා සමාජිකයින්ගේ ආගමනය ගැන හාංකවිසියක්වත් දැන ගැනීමට කොටි සාමාජිකයින්ට නොහැකි විය.


               
 

සියල්ල සුදානමිය. ඒ වන විට ජනවාරි 25 වෙනිදාට හිරු උදාවීම සදහා ඉතිරිව තිබුනේ තවත් පැය හතරකටත් අඩු කාලයක් පමනි. තමන්ට අවශ්‍ය ආකාරයට හමුදා සෙබළුන් ස්ථානගත කල 591 වෙනි බලසේනාංකාධිපති අරුණ ආරියසිංහ තවත් සුලු මොහොතක් කාලය ගෙන සියල්ල සැලැස්මට අනුව නිවරදිව තිබෙිදැයි සැකහැර තහවුරු කර ගත්තේ මොන ජගතා ආවත් තම ඉලක්කයට නොයා ආපස්සට පසු බසින්නේ නැහැයි යන නියමය සිතේ අධිඨන් කරගනිමිනී.

ෆයර්.... කර්නල් අරුණ ආරියසිංහගේ අණදිමත් සමග හමුදා සාමාජිකයෙක් සිය උරහිස මත රදවාගෙන සිටි ආර්.පි.ජී. අවියේ ටිගරය මුදාහැරියේ නිදාගෙන සිටි කොටි ත්‍රස්තවාදින්ට මෙි තමන්ට කුමක්ද වුයේ කියා සිතා ගැනීමටවත් ඉඩක් නොතබමින්ය.

ක්‍රමක් ක්‍රමයෙන් දරුණු ප්‍රහාර එල්ල කරමින් 591 වෙනි බලසේනාංකයේ රණවිරුවන් කොටි බංකර් සුනුවිසුනු කරමින් මුලතිවි හා අලමිපිල් යා කරමින් වැටි තිබු නන්දිකඩාල් කලපුවට අසලින් වැටි තිබුනු භුමි භාගයේ බලය තහවුරු කර ගත්තාය.

මෙි අතර 593 වෙනි බලසේනාංකයත් කොටියාට හොද හැටි බැට දෙමින් 591 වෙනි බලකායත් සමග සමිබන්ධ වුයේ මුලතිවි නගරයට හමුදා භට පිරිස් ආසන්න වෙමින් සිටියදිය.



ලුතිනන් කර්නල් චමින්ද ලමාහේවාගේ අණදිම යටතේ ඉදිරියට ඇදුනු 591 බලසේනාංකයේ ඇල්ෆා කණ්ඩායම පලමුව මුලතිවි නගරයට ඇතුල්විමට වාසනාව උදාකර ගත්තාය. එය 1996 වසරේදි කොටි සංවිධානය විසින් නොනවතින රැල්ල නමින් එල්ල කල යුධ ප්‍රහාරයේදි මුලතිවි කදවුර බිදවැටිමෙන් පසුව ගතවු වසර 13 ක කාලයක් අවෑමෙනී. කොටි සංවිධානය විසින් මුලතිවි නගර අතහැර වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශය බලා පසුබැස්ස වීමට 59 වෙනි බලසේනාංකයේ රණවිරුවන් සමත්වීමත් සමග කොටි සංවිධානයේ අවසානය පිලිබදව සිහින දකිමින් සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවට එය අමතක නොවන දිනයක් විය.

2000 කට ආසන්න හමුදා භට පිරිසක් ජිවිත පරිත්‍යාගය කල ඒ මුලතිවි කදවුරු සංකිර්ණය නැවතත් තමන්ට අහිමිව යාවියැයි කොටි නායක ප්‍රභාකරන් තුන්හිතකින්වත් නොසිතන්නට ඇති... තම පියා, ස්වාමිපුරුෂයා, පුතා, සහෝදරයා රට දැය වෙනුවෙන් දිවිපිදු ඒ මුලතිවි කදවුර අසලට යන්නට වරමි ලැබෙිවී යැයි එදා ජිවිත පරිත්‍යාගයෙන් සටන් වැදි රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ දෙමාපියන්, බිරින්දැවරුන්, දරුවන්, සොහොයුරු සොහොයුරියන් සිහිනෙන්වත් නොසිතන්නට ඇතියි... " නොහැක්කක් නොමැත" යන උදාර පරමාර්ථය සනිටුහන් කරමින් 59 වෙනි සේනාංකයේ වීරෝධාර හමුදා සාමාජිකයින් කවුරුත් නොසිතුදේ සාක්ෂාත් කර පෙන්වුයේ වසරකුත් දින 6 ක් ගතවු තැනදීය.

එදා පරාජිතයින් ලෙසින් තමන්ගේ අවසන් හුස්ම පොද මෙි වාතලයට මුසුකල අපගේ වීරෝධාර රණවිරුවන්ගේ ආත්මයන් අද සතුටින් සිටිනවා නොඅනුමානයි.. ඒ තමන්ගේ ලෙයින් පෙගි ගිය ලක්මව මත ඊලාමි කොඩිය නොව සිංහ කොඩිය අභිමානවත් ලෙසින් ලෙලදෙන නිසාවෙන්....!!!!