Wednesday, May 23, 2012

විජයග්‍රාහි සැමරුම කදුලින් තෙත් කල නුඹ...( 3 වන කොටස)

සාමාන්‍ය සෙබල ඊ.ජී.ඩී.ආර්. දයානන්ද ( සෙබල අංකඃ 319509/ 8වන ශ්‍රි.පා.රෙජිමෙන්තුව)

                     


කොටි ත්‍රස්තවාදින්ගේ ප්‍රධාන සැපයුමි මාර්ගයවු කිලිනොචිචී-අක්කරායන්කුලමි මාර්ගය අත්පත් කර ගැනීම සදහා සාමාන්‍ය සෙබල දයානන්ද ඇතුළු හමුදා රණවිරුවන් මෙහෙයුමක් දියත් කලේ තමන්ගේ අරමුණ ඒකායනයෙන් සාක්ෂාත් කර ගැනීමෙි බලාපොරොත්තු වෙනී.

කොටි පාලන ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඉදිරියට ඇදුනු හමුදා රණවිරුවන්ට කොටි ත්‍රස්තවාදින් විසින් කාලතුවක්කු, මෝටාර් වැනි බර අවි යොදා ගනිමින් දිිගින් දිගටම ප්‍රහාර එල්ල කලේ තම පාලන ප්‍රදේශය රැක නොගතහොත් ඉදිරියේදි තම සැපයුමි මාර්ගය අහිමිවන බව හොදාකරයෙන්ම වටහා ගෙන තිබු නිසාය.

හමුදා භට පිරිස් ඉදිරියට ඒම වලක්වාලීමට කොටි ත්‍රස්තයින් එල්ල කල බර අවි ප්‍රහාරය සාර්ථක නොවු නිසා මුහුනට මුහුනලා සටන් කිරිමෙි අරමුණින් කොටි සාමාජිකයින් හමුදා භට පිරිස් රැදි සිටින ඉදිරි ආරක්ෂක වලල්ලට රැලි රැලි වශයෙන් පැමින ප්‍රහාර එල්ල කලේ මෙි අතර තුරේදීය.

කොටි ත්‍රස්තවාදින් විසින් එල්ල කල මෙම ප්‍රහාරයෙන් හමුදා රණවිරුවන් රැසක් තුවාල ලැබු අතර සැලකිය යුතු තවත් පිරිසක් මිය ගොස් සිටියේය. මෙහිදි තවත් කොටි සාමාජිකයින් කණ්ඩායමක් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට කඩා ගෙන ඉදිරියට යෑමෙි අරමුණෙන් පැමිනෙන අයුරු නිරික්ෂණය කල සාමාන්‍ය සෙබල දයානන්ද වහාම තමා සතු එමි.පි.එමි.ජී. ගිනි අවිය අතට ගෙන ඉදිරියට එමින් සිටි කොටි කණ්ඩායම ඉදිරියට පැන ක්ෂණික ප්‍රහාරයක් එල්ල කලාය.

එවැනි ආකාරයේ ප්‍රහාරයක් එල්ල වෙියැයී කියා සිහිනෙකින්වත් නොසිතු කොටි කණ්ඩායමෙි විශාල පිරිසක් මරු තුරුලට යවන්න සාමාන්‍ය සෙබල දයානන්දට හැකි වුවත් කොටින්ගෙන් එල්ලවු ප්‍රති ප්‍රහාර නිසා සිදුවු තුවාල හේතුවෙන් සිය ලක්මව වෙනුවෙන් දිවි පිදුවාය.

තම සහෝදර භට පිරිසකගේ ජිවිතය ආරක්ෂා කරමින් කොටි ත්‍රස්තයින්ගෙන් හමුදා ඉදිරි ආරක්ෂල වලල්ලේ බලය ඇල්ලීමට යෙදු උපක්‍රමය ව්‍යර්ථ කරමින් රට ජාතිය වෙනුවෙන් දිවිපිදු සාමාන්‍ය සෙබල ඊ.ජී.ඩී.ආර්. දයානන්ද හට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.




ආධුනික සෙබල ආර්.එමි.ඩී.එමි. රත්නායක ( සෙබල අංකඃ 197405/ 6 වන ශ්‍රි.පා.හමුදා රෙජිමෙන්තුව)


                            


එතෙක් මෙතෙක් යුධ ඉතිහාසයේ සිදු කල සාර්ථකම හා දැවැන්තම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමෙි මෙහෙයුමට ඉදිරි ප්‍රහාරකයෙක් ලෙස 6 වන පාබල හමුදා රෙජිමෙන්තුවෙි ආධුනික සෙබල රත්නායක නන්දිකඩාල් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරි කරමින් සිටියේය.

කොටි ත්‍රස්තවාදින් විසින් අහිංසක දමිල වැසියන් මිනිස් පලිහක් ලෙසින් යොදා ගනිමින් හමුදා භට පිරිස් වෙත ඉවක් බවක් නොමැතිව ප්‍රහාර එල්ල කරමින් සිටියාය. කොටින්ගෙන් එල්ල වන දැඩි ප්‍රහාර හමුවෙි වුවත් සිවිල් වැසියන්ගේ ජිවිත ආරක්ෂා කර දිමෙි අරමුණින් හමුදා රණවිරුවන් සිය ප්‍රහාර සිමා කරමින් කොටි ඉදිරි ආරක්ෂක තිරුව හරහා එමින් සිටි දමිල වැසියන් හැකි සෑම උත්සහයක්ම යොදමින් රජයේ පාලන ප්‍රදේශ වෙතට ගෙන ඒමට පියවර ගත්තේ සිය ජිවිත අවධානම පවා නොතකමිනි.

2011 වසරේ මැයි මස 11 වෙනිදා හමුදා භට පිරිස් නන්දිකඩාල් කොටි ඉදිරි ආරක්ෂක තිරුවෙි මිටර් 300 ක ප්‍රදේශයක් සිය ග්‍රහනයට ගැනීමට සමත්වීය. මෙි අතර තුරේදි හමුදා භට පිරිස් අල්ලා ගෙන සිටින ඉදිරි ආරක්ෂක තිරුව අසල පිහිටි කලපුව දෙසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමෙි අරමුණීන් මුහුදු කොටි බෝටිටු කිහිපයක් පැමිනෙමින් තිබුනී.

තමා ඇතුළු භට පිරිස් සිටින ප්‍රදේශයට කොටි බෝටිටු කිහිපයක් එන ආකාරය දුටු ආධුනික සෙබල දයානන්ද වහා ඒ දෙසට තම ගිනි අවියෙන් ප්‍රහාර එල්ල කරමින් කලපු දියට පැන්නේ කිසිවෙකුත් නොසිතු මොහොතකදි. තනි සොල්දාදුවෙක් වුවත් දයානන්ද එල්ල කල ප්‍රහාරය නිසා ඔහු අසලටම වාගේ පැමිනෙමින් තිබුනු මරාගෙන මැරෙන මුහුදු කොටි බෝටිටුව පුපුරා ගියේ නන්දිකඩාල් කලපුව ඇතුළු අවට ප්‍රදේශයම දෙවනත් කරමිනී.

තමාගේ දිවි රැක ගැනීමට අවස්ථාව තිබියදි ඒ පිලිබදව කිසිදු ආකාරයක තැකීමක් නොකර සිය සහෝදර සෙබළුන්ගේ දිවිය ආරක්ෂා කර ගැනීමට තම දිවිය පුජා කල ආධුනික සෙබල රත්නායකට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනි.

යුධ අපරාධ සිදුකලායැයී රජයේ හමුදාවන්ට ඇගිලි දිගු කරන යුරෝපයේ කිසිදු හමුදා සෙබලෙක්ව බෙිරා ගැනීමට මෙවැනි කැප කිරිමක් කර ඇත්දැයි සැක සහිතය.



ආධුනික සෙබල එමි.එමි.බී.එචි.ජී. අබෙිරත්න බණ්ඩා ( සෙබල අංකඃ 198852. 21 වන සිංහ රෙජිමෙින්තු බලකාය)


                       


දිගින් දිගටම හමුදා ඉදිරි ආරක්ෂක කලාපයට ප්‍රහාර එල්ල කරන කොටි ත්‍රස්තවාදින්ගේ බන්කර් පේලියක් අත්පත් කර ගැනීමෙි අරමුණෙන් ආධුනික සෙබල අබෙිරත්න බණ්ඩා ඇතුළු අට දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් කොටි ඉදිරි ආරක්ෂක වලල්ල වෙත රහසින් ඇතුල්විය.

පුද්ගල නාශක බෝමිබ, කොටින් විසින් අටවා තිබුනු මර උගුල් එකින් එක ගලවා ඉවත් කරමින් හමුදා භට පිරිස් සිය ඉලක්කය වෙත ලංවුනේ බන්කර් තුල සිටි කොටි ත්‍රස්තවාදින්ට සිහින් හෝ ඉගියක් ලබා නොදෙමින්ය.

සිය ඉලක්කය වෙත ලගාවු හමුදා භටයින් බන්කර් තුල සිටි කොටි ත්‍රස්තවාදින් මවිතයට පත් කරවමින් ප්‍රහාරයක් එල්ල කලේ 2009 වසරේ ජනවාරි මස 29 වෙනිදා අළුයමි කාලේදීය. තමන්ට එල්ල වන ප්‍රහාරයත් සමග කොටි ත්‍රස්තවාදින්ද හමුදා භට කණ්ඩායමි වෙත ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් අතර මෙහිදි දෙපාර්ශවය අතර දරුණු ගැටුමක් ඇතිවිය.

කොටි ත්‍රස්තවාදින් සමග ඇතිවු ගැටුමින් හමුදා සාමාජිකයින් අට දෙනාට තුවාල සිදුවී තිබු අතර ආධුනික සෙබල අබෙිරත්න බණ්ඩා සිය ඉලක්කය සපුරා ගන්නා තුරු පසු නොබසින බව පවසමින් තමා සතු ගේ්‍රනේඩි වර්ගයේ අත් බෝමිබ දෙකක්ද රැගෙන කොටි බන්කර් පේලිය වෙත කඩා වැදුනේ ඒ තුලින් විශාල පිපිරිමක්ද ඇති කරවමින්ය.

හුදෙක් තම සහෝදර සෙබලළුන්ගේ ජිවිතය හා රට දැය ආරක්ෂා කර ගැනීම උදෙසා සිදුකල ඒ උත්තම ජිවිත පරිත්‍යාගය නිසා 21 වන සිංහ රෙජිමෙින්තුවෙි ආධුනික සෙබල අබෙිරත්න බණ්ඩාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමීය.



සුලු නිලධාරි කේ.ජී.ශාන්ත  ( අංකය 31243./ විශේෂ යාත්‍රා බලඝණය)


                          


ඒ 2008 වසරේ නොවැමිබර් මස පලමුවැනිදායි. උතුරු නාවික අඥා බලඇණියේ වෙිග ප්‍රහාරක යාත්‍රා හා විශේෂ යාත්‍රා බලඝණයන් සිය රාජකාරියේ යෙදි සිටියේ කුමන මොහොතක හෝ සතුරු ප්‍රහාරක යාත්‍රා මුහුදට එවිදැයි විමසිලිමත් වෙමිනී.

නාවික හමුදා සෙබළුන් සිතු ආකාරයට එය එසේම සිදුවිය. මුහුදු කොටි බෝටිටු 15 ක් පමන පේදුරුතුඩුව මුහුදු තීරයේදි නාවික හමුදා යාත්‍රා සමග මුහුනට මුහුනලා සටන් වැදුනේ අවට මුහුදු ප්‍රදේශයම වෙඩි හඩින් ගිගුමි නංවමින්ය. ක්‍රමක් ක්‍රමයෙන් සටන උණුසුමිවු අතර නාවික හමුදා යාත්‍රා මුහුදුබත් කිරිමෙි අරමුණීන් කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රාද සටනට අවතීර්ණ වීය.

නාවික හමුදාවෙි වෙිග ප්‍රහාරක බලඝණයට අයත් 142 යාත්‍රවෙි අණභාරව කටයුතු කරන්නාව සිටි සුළු නැවි කේ.ඩි.ශාන්තද මුහුදු කොටි යාත්‍රා වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් සටනට පිවිස සිටියාය.

මෙි අතර නාවික හමුදාවෙි පී. 164 ඩෝරා යාත්‍රාව ඉලක්ක කර ගනිමින් මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන බෝටිටුවක් ගමන් කරනවා දුටු සුළු නැවි ශාන්ත වහාම සිය වෙිග ප්‍රහාරක යාත්‍රාව ඒ දෙසට යොමු කලේ සිය ජිවිතය ගැනද නොසිතාය. වෙිගයෙන් ඇදි ආ කොටි බෝටිටුව සුළු නැවි ශාන්ත පැදවු වෙිග ප්‍රහාරක යාත්‍රාවෙි වැදි පුපුරා ගියේ ඩෝරා යාත්‍රාවෙි සිටි නාවික හමුදා සෙබළුන් 17 දෙනෙක්ගේ ජිවිත බෙිරා දෙමිනී.

එම වීර ක්‍රියාව නිසා සිදුවන්නට ගිය විශාල ජිවිත විනාශයක් වලක්වා ගැනීමට හැකිවුනු අතර ඒ උදාර ක්‍රියාව අගයනු වස් නාවික හමුදා සුළු නැවි කේ.ඩි.ශාන්ත රණවිරුවාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමුනී.



වින්ග් කමාන්ඩර් ටී.ඩී.එස්. සිල්වපුල්ලේ ( නිලධාරි අංකඃ 01502/ ශ්‍රි ලංකා ගුවන් හමුදාව)

                         




අලිමංකඩට ඊසාන දෙසින් පිහිටි තමිලමඩමි ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කර ගනිමින් කොටි ත්‍රස්වාදින් සිය මුහුදු කොටි බලකාය සමග එක්ව ප්‍රහාරයක් දියත් කලේ 1999 වසරේ දෙසැමිබර් 17 වෙනිදාය.

දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාවෙි වුවත් යුධ හමුදා සෙබළුන්ට සහය දිම සදහා ගුවන් හමුදාවෙි එමි.අයි.24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් ගුවන් තලයට පිවිසුනේ සිය ජිවිතයට වඩා රාජකාරිය උතුමිවන බැවිනී.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා අලිමංකඩ ප්‍රදේශයේ සටන් පවතින ප්‍රදේශයට ලංවන විටත් දෙපාර්ශවය අතර දරුණු ගැටුමි ඇතිව තිබුනී. ඉදිරියෙන් පැමිණෙමින් තිබෙන මුහුදු කොටි බෝටිටු රැසක් ගැන නිරික්ෂණය කල එමි.අයි.24 ගුවන් යානාවෙි නියමු ලෙස කටයුතු කල සිල්වපුල්ලේ තම අනෙක් හෙලිකොප්ටරයේ සහය ඇතීව කොටි බෝටිටු වලට මදි නොකියන්න වගකියන්න වුයේ එම බෝටිටු එන පෙරමගටම ගොසිනි.

මෙහිදි කොටි ත්‍රස්තවාදින් විසින් ගුවන් හමුදා හෙලිකොප්ටර් දෙකද ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කලත් එය සාර්ථක නොවීය. ක්‍රමක් ක්‍රමයෙන් ගුවන් හමුදා ප්‍රහාර දැඩී විම නිසා මුහුදු කොටි බෝටිටු පලා බසින්නට පටන් ගත්තාය. මෙහිදි පලා යමින් තිබු එක් කොටි බෝටිටුවක සිටි ත්‍රස්තයෙක් ගුවන් යානා නාශක මිසයිලයක් ගෙන ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කලාය.

වින්ග් කමාන්ඩර් සිල්වපුල්ලේ රැගත් හෙලිකෝප්ටරයට වැදුනු කොටි මිසයිලය නිසා එය විනාශයට පත්විය. සිය සහෝදර හමුදා සෙබළුන්ගේ ජිවිත ආරක්ෂාව ගැන සිතා පැවති අයහපත් කාලගුණය ගැනද තැකීමක නොකර සිදුකලාවු ඒ උදාර ක්‍රියාව නිසා වින්ග් කමාන්ඩර් ටී.ඩී.එස්.සිල්වපුල්ලේ මහතාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.