Sunday, January 1, 2012

කිලිනොචිචි නගරය කොටින්ගෙන් මුදවා ගත්ත ඒ විරෝධාර හමුදා ජයග්‍රහණයට අවුරුදු දෙකක්



නුඹෙි ලෙයින් සේදි ගිය මවිබිමෙි..
නිදහසින් ඇවිද යන සෑම මොහොතක් පාසා...
නුඹ එදා සටන් බිමෙිදි පෑ විරුකමි සිහියට නැගෙනවා..
කාගේ කවිද කියා නොදන්නවා උනත් පෑ ඒ ලෙංගතු සිනහව නිසා....
එක් මොහොතකට වුවත් නුඹලා හා කතා කරන්න වරමි ලැබුනා....
ලද කෙටි විවෙිකයේදි අතේ තිබුනු දෙයක් බඩට දාගත්තේ ආයේත් දකින්න වරමි ලැබෙිද කියා දෙගිඩියාව හිතේ පුරෝගනයි...
කවිද හිතුවෙි යුද්දේ මෙිතරමි ඉක්මනට ඉවරවෙයි කියා....
මොනවා උනත් එදා ඇරඹුනු ඒ ලෙංගතුකම ... හිතවත්කම අදත් තිබෙනවා...
රණවිරුවෙක් විලස නුඹ එදා දිවිපිදුවා කිලිනොචිචී සටන් බිමෙිදි...
හෙටට නුඹ දිවිපුදලා වසර දෙකක් පිරෙනවා...
නුඹ මගේ සොහොයුරෙක් නොවුනත්.. ලේ නෑයෙක් නොවුනත්...
අපි ඔක්කෝම එකම මවකගේ දරුවන් වුනා.... ඒ නිමෙිෂයෙදි..
නුබෙි අතේ ගිනි අවීය.. මගේ අතේ පැන...
ලෝකයේ වඩාත් භයානක අවි දෙක අත දරන් එදා ඇවිද ගිය මරණයේ සෙවනැලි පිරුනු මාවත
අද මල් පිපුනු සුන්දර මාවතක්...
එන්න සොයුර ඇවිද යන්න... නුඹ දිනා දුන් ඒ දේශයේ අරුමය දකින්න.....
කවුරු නැතත් නුඹලා මතකයි මට අද වාගේ....


( කිලිනොචිචි නගරය කොටින්ගෙන් මුදවා ගත්ත ඒ විරෝධාර හමුදා ජයග්‍රහණයට හෙටට ඒ කියන්නේ 2011 ජනවාරි 02 වෙනිදාට අවුරුදු දෙකක් පිරෙනවා. ඒ සටනේදි දිවිපිදුව අපේ රණවිරුවන්ව සිහිකරන්න කියලා කෘතගුණ සැලකිමෙි අගය දන්නා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා)....

ලෙයින් සේදි ගිය යාපා පටුන.... (පලමු කොටස)



ඒ 2008 වසරේ අගෝස්තු මාසයයී. වන්නි සටන් පෙරමුණ වෙනදාට වඩා කාර්්‍යබහුලත්වයකින් පිරිතිබුනේ කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව ඒ වන විටත් සටන් පෙරමුණු 4කින් යුධ හමුදා භට කණ්ඩායමි සිය මෙහෙයුමි දියත් කරමින් සිටිම නිසයි.
මුලතිවි සහල් නැලිය ප්‍රදේශයෙන් බ්‍රිගේඩියර් ජගත් ඩයස් ගේ අණදිම මත 57වන සේනාංකයත්, බ්‍රිගේඩියර් ශවෙින්ද්‍ර සිල්වාගේ අණදිම මත 58වන සේනාංකය පුනරින් ප්‍රදේශය ඉලක්ක කරගනිමිනි. 53
හා 55 වන සේනාංක පිලිවලින් මුහමාලෙයි හා නාගර් කෝවිල් ප්‍රදේශයේ සිය මෙහෙයුමි ක්‍රියාත්මක කරමින් සිටින ලදියි.

කොටි ත්‍රස්තවාදින් විසින් සිය ඊලාමි යුධ ඉතිහාසයේදි රජයේ හමුදාවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ලද වඩාත් සාර්ථකම ගරිල්ලා මෙහෙයුම යැයි කියා ගන්නා " නොනවතින රැල්ල" මෙහෙයුමෙන් පසුව රජයේ හමුදාවන් යාපනයේ අර්ධද්ධිවීපයේ සිය පාලනය යටතේ පවත්වාගෙන යෑමට සමත්වන ලදියි. ඒ අලිමංකඩ හමුදා සංකිර්ණය සිය පාලනයෙන් මිදිම නිසායි. කොටි ත්‍රස්තවාදින් හා රජයේ හමුදා අතර යාපනය ඉදිරි ආරක්ෂක වලල්ල පිහිටා තිබුනේ නාගර්කෝවිල් හා මුහමලේයි කියන ප්‍රදේශයන් ආශ්‍රිතවයී. අවුරුද්දේ නොවැමිබර් සිට ජනවාරි මාසය දක්වා ඇද හැලෙන ඊසාන දිග මෝසමි වර්ෂා කාලයට හැරෙන්න අනෙක් කාලවලදි දැඩි අවිරශ්මියකින් පිඩාදෙන යාපනය අර්ධද්ධිවීපය යුද්ධයේ සෙවැනැලි හොල්මන් කරමින් සිිටියේ පසුගිය වසර 25 කට අධික කාලයක සිටයි.

හිටි ගමන් රජයේ හමුදාවන්ට ප්‍රහාර එල්ල කල යුතු යැයි සිතනා කොටි ත්‍රස්තවාදින් සිය කාලතුවක්කු හා මෝටාර් අවි යොදාගෙන විටෙන් විට මුහමාලෙයි හා නාගර් කෝවිල් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට ප්‍රහාර එල්ල කරමින් සිටියේ කුමන ආකාරයකින් හෝ හමුදා සෙබලුන් තම ප්‍රහාර වලට දක්වන ප්‍රතිප්‍රහාර පිලිබදව යමි තක්සේරුවක් ලබා ගැනිමෙි අරමුණින් යුතුවය. කොටි ත්‍රස්තවාදින්ගේ කාලතුවක්කු ප්‍රහාරවලට පිලිතුරු ලෙසින් බොහෝවිට රජයේ හමුදාවන් ගෙන් ලැබුැන් යුක්රේනයේ හා චීනයේ නිෂ්පාදිත මල්ටි බැරල් රොකටි ප්‍රහාරයක් නිසා එතින්න් එහා ප්‍රහාරයකට කොටි ත්‍රස්තවාදින් සිතන්නට පෙලඹුනේ නැත්තේ තවත් ඉල්ලන් කෑමට තරමි ශක්තියක් ඔවුන්ට නොතිබු නිසාය.

දිිගින් දිගටම තමන්ගේ බල ප්‍රදේශයන් අහිමිවීමෙි සමිභාවිතාව වැඩිවිම නිසා කොටි නායක ප්‍රභාකරන්ට නැවත වතාවක් සිය උපන් ප්‍රදේශය වන වැල්වැටිතුරෙයි ගමිමානය පිහිටි යාපනය අර්ධද්ධිවීපයෙන් තමන්ට වාසනාව ඇත්දැයි උරගා බැලිමෙි ආශාවක් ඇතිවුනේ මෙි කාලසීමාවෙිදිය. තමන්ගේ සටන් ප්‍රධානින් සමග දිර්ඝ වශයෙන් සාකචිජා කිරිමෙන් අනතුරුව මුහමලෙයි හා නාගර් කෝවිල් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට පහරදි එම ප්‍රදේශයන් සිය පාලනයට නතුකර ගත යුතු බවට කොටි නායකයා අවසානයේදි තිරණය කරන ලදියි.


        

කොටි ත්‍රස්තවාදින් කුමන වෙලාවකදි හෝ මුහමලේයි, නාගර් කෝවිල් ඉදිරි ආරක්ෂක කලාපයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරිමෙි හැකියාවක් තිබෙන බවට යුධ හමුදා බුද්ධි අංශය විසින් යුධ හමුදා මුලස්ථානයට හා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ අඥාපතිව සිටි මෙිජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරිටද රහසිගත වාර්ථාවක් ලබාදි තිබුනී.
කොටි ත්‍රස්තවාදින් විසින්ගේ පෙර සුදානම පිලිබදව සොයා බැලිම සදහා දිනපතාම කොටි අඩවියට රිංගා යෑමට යුධ හමුදාවෙි විශේෂ බලකායේ භටයින්ට සිදුවිය. වන්නි සටන් බිමෙදි තමන්ට මුහුන දිමට සිදුවු කටුකත්වයට වඩා ඉතා දරුණු ගණයේ කැපකිරිමි රාශියක් සිදුකිරිමට මෙහිදි යුධ හමුදා විශේෂ බලකායේ සෙබළුන්ට සිදුවිය. ඒ අතර ප්‍රධාන වුයේ උදෑසන 10-11 වන විට යාපනය අර්ධද්ධිවිපයේ බිමෙන් නැගෙන උෂ්නත්වය දරාගෙන සිටිමින් භුමියේ තිබෙන පරිසරයට අනුව අනුගත වෙමින් ඔත්තු බැලිම සිදුකිරිම අනිවාර්්‍ය බව තමන්ට ලබාදුන් විශේෂ බලකා පුහුණුවෙි සියළු ධර්මතාවයන් සිහියට ගනිමින් මෙම විරෝධාර සෙබළුන් අඩිය තියන්න බැරි අවි රස්මියෙන් ගිනියමිවු යාපා පටුනේ භුමියේ පදුරු හා වැලි තලාවන් යටටවී සිය සතුරා දිහා සිය උකුසු දැස් දල්වා බලා සිටියේ ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ගයන් කුමක්ද යන්න පිලිබදව මනා වැටහීමක් ලබාගැනිමෙි අටියෙනී. 


       
විශේෂ බලකායේ සෙබළුන් සිය රාජකාරිය දේවකාරිය ලෙස සිතා මෙවැනි කැපකිරිමි කරද්දි යුධ හමුදා ස්නයිපර් ( සැගවුනු වෙඩික්කරුවන්) බලකායේ සෙබළුන් කොටි ත්‍රස්තවාදින්ගේ නායකයින් ඉලක්ක කර ගනිමින් මුහමලේ ඉදිරි ආරක්ෂක තිරුවෙි හොල්මන් කරමින් සිටියේ එකදු නමගිය කොටි නායකයෙක්ට හෝ යාපනය ඉදිරි ආරක්ෂක තිරුවට පය තැබිමෙි ආදිනව දෙවරක් සිතා ගැනිමටද ඉඩ නොතබාය.

                

මුහමලේ තම ඉදිරි ආරක්ෂක වලල්ලේ යුධ සුදානම බැලිමට පැමිණි එල්.ටි.ටි.ඊ. සංවිධානයේ දෙවන පෙලේ නායකයෙක්වු බාස්කරන් හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනා තල්ගස් කදන් වලින් සැදු බංකරයකටවී ඉදිරි මෙහෙයුමි හා සුදානම ගැන කතා කරමින් සිටියදි අගලකට වඩා අඩු තල්ගස් කදන් දෙකක හිඩැසකින් පියාඹා ආ ස්නයිපර් ප්‍රහාරයකට ගොදුරුවි මරුවැලද ගත්තේ කොටි සාමාජිකයින් පවා පුදුම කරමිනී. එම ස්නයිපර් ප්‍රහාරයෙන් පසු මිය ගිය කොටි නායක බාස්කරන් හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනාගේ මලසිරුරු රැගෙන යැමට දින දෙකක අවැමෙන් පසු පැමිණි කොටි කණ්ඩායමෙි සාමාජිකයින් 6 දෙනෙකුටද බාස්කරන් ගිය මග යන්න යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන් ඉඩ සලසා දෙන ලදියි.

තම නායකයින්ට තියා තමන්ටවත් නිදහසේ එලියට බහින්න බැරි කම තියාගෙන හමුදා පාලන ප්‍රදේශ ආක්‍රමණය කිරිමෙි හැකියාව ඇත්දැයි යන්න සිතා ගැනිමට ඉඩක් නොතබමින් ඉහලින් ලද නියෝගයකට අනුව තම මෙහෙයුම ඉතා ඉක්මනින්ම ඇරඹිමය යුතු යැයි කොටි සාමාජිකයින්ට අණ ලැබිනි.

( මතු සමිබන්ධයි)