Friday, January 13, 2012

එක් උණ්ඩයයී... එක බිල්ලයී....!!!!



දිනය    - 2006 වසරේ මැයි මාසයේ 21 වෙනිදා
වෙිලාව  - සවස 4.30
ස්ථානය - මඩකලපුව, වවිනතිවි ප්‍රදේශය

නැගනහිර අහස දෙබැ කරන අවි රශ්මියත් විද දරාගෙන ඉන්නා සෙබළුන් දෙදෙනෙකි. තමන් ඉදිරියෙන් දිස්වෙන සතුරු භුමියේ සිදුවන හැම සිදුවිමක් පිලිබදව ඇස නොහෙලා බලන් සිටිනා මොවුන් දෙස කවුරුන්හෝ ඔිනැකමින් බැලුවත් හදුනාගත නොහැකිවන ලෙස වෙස් වලාගෙන සිටින්නේ ගොදුරක් එනකමි මග රැක සිටිනා බඩගිනි සිංහයින් දෙදෙනෙක් මෙන්ය. බලාපොරොත්තුවු ගොදුර තමන් සමිපයට පැමිණි බව සහයක සෙබලාගෙන් ප්‍රධාන සෙබලාට සංඥාවක් ලැබිණි.

ටාර්ගටි එකට දුර මිටර් 1006, සුලගේ වෙිගය පැයට කිලෝමිටර් 28 යි. නැගනහිරට බරවයි හුලග හමන්නේ. සහයක සෙබලාගෙන් ලැබුනු විස්තරයත් සමග ප්‍රධාන වෙඩික්කරූ සතුව තිබු එමි 107 වර්ගයේ .50 කැලිබර් වර්ගයේ දිගුදුර ගිනි අවියේ සවිකර තිබෙන දුර දක්නයෙන් ඉදිරි ඉලක්කය නියමා ආකරයෙන් ගත් ඔහු ඊලග නිමෙිෂයෙන් තම දබරඇගිල්ලෙන් ගිනි අවියේ ටිගරය මුදාහැරියේ එතෙක් නිශ්ශබිදව තිබුනු අවට පරිසරය දෙවනත් කරමිනි.

නැගනහිර කොටි ත්‍රස්තවාදින්ගේ සන්නද්ධ අංශ නායක රමණන්ගේ ජිවිත කතාවෙි අවසාන තිත තැබුවෙි යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන් එලෙසින්ය. එතෙක් මෙතක් ශ්‍රි ලංකා යුධ ඉතිහාසයේ කොටි ත්‍රස්තවාදින්ට මහත් හිසරදයක්වු යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන්ගේ කතාවයි මෙි...


" එක් උණ්ඩයයි.. එක් බිල්ලයි".. සැගවුනු වෙඩික්කරුවන් ලෙසින් පුහුණුවට එක්වන සියළු හමුදා සෙබළුන්ට ලබා දෙන උද්දෘත පාඨයයී. තම ජිවිතයට වඩා පෙමි බදින කැලිබර් වර්ගයේ ගිනි අවියත් සමග ගිනි කාස්ඨක අවිවෙි වුනත්, හෙන ගහන වැස්සේ වුවත් ස්නයිපර් වෙඩික්කරුවන් තම ගොදුර එන තෙක් මග බලමින් ඉන්නේ ජිවිතේ මිනිසෙක්ට විදින්න පුලුවං උපරිම ඉවසිම තම පුහුණුවෙිදි ප්‍රගුණ කර තිබෙන නිසාය.

මඩකලපුව, වවිනතිවි කොටි ත්‍රස්තවාදින්ගේ ඉදිරි ආරක්ෂක වලල්ලේදි ප්‍රධාන පෙලේ කොටි නායකයෙක්වන රමණන්ට සිදුවුුනු අකරතැබිබය ආරංචි වීමත් සමග වන්නි කොටි නායකයින් සිය ගමන් බිමන් සීමා කලේ රජයේ හමුදාවන්ගේ නවතම උපක්‍රමය පිලිබදව යමි හෝ වැටහීමක් ඔවුන් සතුව නොතිබු නිසාය.

වන්නි සටන් බිම ගිනියමි වෙමින් තිබුනේ ඒ වන විට යුධ හමුදාවෙි 57 වන සේනාංකය මන්නාරම,  සහල් නැලිය නමින් හැදින්වෙන කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහනයේ තිබු උපක්‍රමශිලි අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් බලා සිය මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමත් සමගයි. 
හමුදාවෙි ඉදිරි ගමන අඩාල කිරිමෙි බලාපොරොත්තුවෙන් කොටි ත්‍රස්තවාදින් විසින් විවිධ ආකාරයේ සැලසුමි දියත් කිරිම නිසා හමුදා නායකත්වය අපේක්ෂා කල ආකාරයට සහල් නැලිය ප්‍රදේශය මුදාගැනිමෙි සටන ලෙහෙසි පහසු කාර්්‍යයක් නොවන බව ඒ වන විට භුමියේ සිටින භට පිරිස් වලටද හැගි ගොස් තිබිණි. කුමන ආකාරයෙන් බාධක නැග ආවත් ඉදිරියට යෑමෙි නොනිමි ආසාවෙන් පසුවුනු හමුදා රණවිරුවන්ට කොටින්ගේ බාධක බිදහෙලිමට අවශ්‍ය වුයේ සැගවුනු වෙඩික්කරුවන්ගේ උපකාරයයි.
මන්ද යත්, සහල් නැලිය නමින් හැදින්වෙන ප්‍රදේශය මෙරට සහල් කර්මාන්තයේ තොතැන්නක් බවට පත්ව තිබු කුඹුරු යායක් වන අතර එම භුමි ප්‍රදේශය අක්කර 800 කට වඩා විශාලත්වයෙන් යුතුවෙි. කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයට නතුවුවත් යමි යමි අවස්ථාවන් වලදි එම ප්‍රදේශයේ වී ගොවිතැන් කටයුතු සිදුවුවත් එයද ඉක්මනින් අභාවයට යෑම නිසා අවසානයේදි ඉතිරි වුයේ පුරන්වු කුඹුරු යායක් පමණි. මෙම පුරන්වු කුඹුරු යාය සිමා වන්නේ ඝන කැලැවකටය. හමුදාවෙි ප්‍රහාර හමුවෙි මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ සිට පසුබෑ කොටි ත්‍රස්තවාදින් සහල් නැලිය පසුකරමින් ඝන කැලැවට වැදුනේ පුරන්ව ගිය ගොවිබිමි පුරා මර උගුල්ද අටවමිනි.

සහල් නැලිය ප්‍රදේශයට පැමිණිමත් සමග ඉදිරි මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමට හමුදා නායකත්වයට අසිරු කරුණක් වුයේ පුරන්ව ගිය කුඹුරු යාය නිසා දිවා කාලයේදි හමුදා සෙබළුන්ට ඉදිරියට යෑමට හැකියාවක් නොමැතිවිමයි. භුමියේ අවාසිය තමන් සතුව තිබෙන නිසා එයට එකට එක කිරිම මගින් කොටි නායකත්වයට පාඩමක් ඉගැන්විමෙි මුලික පරමාර්ථයෙනි.

ඒ වන විටත් වන්නි සටන් පෙරමුණේ හමුදා සේනාංක 5 ක් සිය මෙහෙයුමි කටයුතුවල නිරතවිම නිසා ස්නයිපර් බලගණයට අනුයුක්ත වෙඩික්කරුවන්ට කිසිදු විවෙිකයක් නොතිබුනි. වැලිඔය ප්‍රදේශයේදි 59 වන සේනාංකයට අනුයුක්තව සිටි මාක්, ටැංගෝ සහ රයිනෝ යන අනවර්ථ නාම වලින් හැදින්වුනු ස්නයිපර් බලකායේ ප්‍රධාන පෙලේ වෙඩික්කරුවන් තිදෙනාට අමතරව විශේෂ බලකායේ පුහුණුව ලැබු සිවිදෙනෙක් මන්නාරම, සහල් නැලිය ප්‍රදේශයට අනුයුක්ත කරනු ලැබුවෙි කොටි විසින් ලබාදි තිබුනු බාධකය හැකි ඉක්මනින් ජයගත යුතුයි යන අභියෝගයද ලබා දෙමිනි.

තමන්ට ලබාදුන් අභියෝගය කිසිදු පැකිලිමකින් තොරව භාරගත් මාක් ප්‍රමුඛ ස්නයිපර් සෙබළුන් හා විශේෂ බලකායේ කුඩා කණ්ඩායම එදින සවස 6 පසුවනවාත් සමග හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල අතරින් රිංගා ගියේ ඉක්මනට සුභ ආරංචියක් ලබාදෙන බවට 57 වන සේනාංකයේ අණදෙන නිලධාරි එවකට බ්‍රිගේඩියර් ජගත් ඩයස් මහතාට පොරොන්දුවක්ද ලබාදෙමින්ය.

ගොමිමන් අදුරත්.. එලිවෙන හිමිදිරියත් සතුරාට පහරදිම සදහා යොදා ගත හැකි හොදම වෙිලාවයැයී චීන යුධ සෙන්පතියෙක් වරක් සිය හමුදා භට කණ්ඩායමට ප්‍රකාශ කර තිබුනී. තම අරමුණ සාක්ෂාත් කර ගැනිමට නමි මෙි මොහොතේදි කල යුතු හොදම දේනමි චීන සෙන්පතියා කිවි ආකාරයටම සතුරාට නොදැනෙන්න සතුරා අතරට රිංගා ගොස් සිය සැලැස්ම ක්‍රියාත්මක කල යුතු බවට සිතා ගත් හමුදා විශේෂ බලකායේ සෙබළුන් පුරා දින එකහාමාරකට ආසන්න කාලයකින් පසු කොටි ත්‍රස්තවාදින් විසින් ඉදිකර තිබුනු අඩි 15 ක් පමන උසින් යුත් පස් බැමිම අසලට සමිප විය.

තමන් ආසන්නයට හමුදා භට පිරිස් පැමින ඇති බවට කිසිදු මොහොතක නොසිතු කොටි ත්‍රස්තවාදින් තමන් ආරක්ෂිතයැයි සිතමින් අලසව දවස ගෙවමින් සිටියහ. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් හමුදා විශේෂ බලකායේ සෙබළුන් තමන් සතුව තිබු පුපුරණ ද්‍රව්‍ය කොටින්ගේ පස් බැමිමට සවිකර එතැනින් ඉවත්ව ගියේ ස්නයිපර් තුවක්කු කරුවන් දුර සිට ඔවුන්ට ආවරණය සපයමින් සිටිම නිසාවෙනී.

නායක මටිටමෙි යැයී සිතිය හැකි පුද්ගලයින් කිහිප දෙනෙක් ඊට සුළු මොහොතකට පසුව සහල් නැලිය කුඹුරු යාය ආසන්නයේ ඉදි කර තිබෙන තම නවතම ආරක්ෂක උපක්‍රමය පිලිබදව සොයා බැලිමට පැමිණියේ මෙි මොහොතේදිය. තවත් මොන කතාද....???


ලගටම පැමිණි ගොදුර අත්නාරින පුරුද්ද ඉතා හොදින් ප්‍රගුණ කර තිබුනු මාක්, ටැංගෝ හා රයිනෝ ගේ කැලිබර් වර්ගයේ ස්නයිපර් අවි වලින් නිකුත් වුනු උණ්ඩ කොටි නායකයින් තිදෙනාගේ හිස පසාරු කරන් ගියේ එකින් එකාට සිදුවුයේ කුමක්ද කියාවත් ඔවුන්ට සිතා ගැනිමට මදක් හෝ ඉඩකඩ ලබා නොදිමිනි.
තම නායකයින් තිදෙනාට සිදුවුනේ කුමක්ද කියා එතැනට දිව ආ තවත් කොටි සාමාජිකයින් 9 දෙනෙක්ටද  ස්නයිපර් ප්‍රහාරයන්ට ලක්ව ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුනේ ඇසපිය ගහන කාලයටත් වඩා අඩු කාලයකිනී.
ඒත් සමගම එකවර හෙන හඩක් නංවමින් කොටි ත්‍රස්තවාදින්ගේ පස් බැමිම පුපුරා ගියේ හමුදා විශේෂ බලකාය විසින් තමන් සවි කල පුපුරණ දුව්‍ය පුපුරුවා හැරිමත් සමගය. හමුදාවට ඉතා වෙහෙසකර මෙහෙයුමක් බවට පත්ව තිබු මන්නාරම, සහල් නැලිය ප්‍රදේශය බෙිරා ගැනිම සදහා එදා සැගවුනු වෙඩික්කරුවන් කල මෙහෙය අතිමහත්ය.




තමන් කල මෙහෙය නිසා ලක් මතාව ලැබු නිදහස ගැන ඔවුන් කිසි දිනක, කිසි මොහොතකදි උදමි ඇනුවෙි නැත. කිසිම විටකදි ඒවාට අයිතිවාසිකමි කිවෙිද නැත... මන්ද ඔවුන් සැගවුනු වෙඩික්කරුවන් නිසාවෙනි... ඔවුන් සැමවිටම පෙමි කලේ තම අතරැදි ගිනි අවියටයි...


" සතුරා මා ඉදිරියේ හිදි... ඔවුන් මා වට කරගෙන සිටියි... මගේ මෙහෙයුම මරණයයී.. එය ඔවුන්ට උදාකර දෙන තුරු මා නොනවතිමි"....

(මතු සමිබන්ධයි)