Friday, January 13, 2012

එක් උණ්ඩයයී... එක බිල්ලයී....!!!!



දිනය    - 2006 වසරේ මැයි මාසයේ 21 වෙනිදා
වෙිලාව  - සවස 4.30
ස්ථානය - මඩකලපුව, වවිනතිවි ප්‍රදේශය

නැගනහිර අහස දෙබැ කරන අවි රශ්මියත් විද දරාගෙන ඉන්නා සෙබළුන් දෙදෙනෙකි. තමන් ඉදිරියෙන් දිස්වෙන සතුරු භුමියේ සිදුවන හැම සිදුවිමක් පිලිබදව ඇස නොහෙලා බලන් සිටිනා මොවුන් දෙස කවුරුන්හෝ ඔිනැකමින් බැලුවත් හදුනාගත නොහැකිවන ලෙස වෙස් වලාගෙන සිටින්නේ ගොදුරක් එනකමි මග රැක සිටිනා බඩගිනි සිංහයින් දෙදෙනෙක් මෙන්ය. බලාපොරොත්තුවු ගොදුර තමන් සමිපයට පැමිණි බව සහයක සෙබලාගෙන් ප්‍රධාන සෙබලාට සංඥාවක් ලැබිණි.

ටාර්ගටි එකට දුර මිටර් 1006, සුලගේ වෙිගය පැයට කිලෝමිටර් 28 යි. නැගනහිරට බරවයි හුලග හමන්නේ. සහයක සෙබලාගෙන් ලැබුනු විස්තරයත් සමග ප්‍රධාන වෙඩික්කරූ සතුව තිබු එමි 107 වර්ගයේ .50 කැලිබර් වර්ගයේ දිගුදුර ගිනි අවියේ සවිකර තිබෙන දුර දක්නයෙන් ඉදිරි ඉලක්කය නියමා ආකරයෙන් ගත් ඔහු ඊලග නිමෙිෂයෙන් තම දබරඇගිල්ලෙන් ගිනි අවියේ ටිගරය මුදාහැරියේ එතෙක් නිශ්ශබිදව තිබුනු අවට පරිසරය දෙවනත් කරමිනි.

නැගනහිර කොටි ත්‍රස්තවාදින්ගේ සන්නද්ධ අංශ නායක රමණන්ගේ ජිවිත කතාවෙි අවසාන තිත තැබුවෙි යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන් එලෙසින්ය. එතෙක් මෙතක් ශ්‍රි ලංකා යුධ ඉතිහාසයේ කොටි ත්‍රස්තවාදින්ට මහත් හිසරදයක්වු යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන්ගේ කතාවයි මෙි...


" එක් උණ්ඩයයි.. එක් බිල්ලයි".. සැගවුනු වෙඩික්කරුවන් ලෙසින් පුහුණුවට එක්වන සියළු හමුදා සෙබළුන්ට ලබා දෙන උද්දෘත පාඨයයී. තම ජිවිතයට වඩා පෙමි බදින කැලිබර් වර්ගයේ ගිනි අවියත් සමග ගිනි කාස්ඨක අවිවෙි වුනත්, හෙන ගහන වැස්සේ වුවත් ස්නයිපර් වෙඩික්කරුවන් තම ගොදුර එන තෙක් මග බලමින් ඉන්නේ ජිවිතේ මිනිසෙක්ට විදින්න පුලුවං උපරිම ඉවසිම තම පුහුණුවෙිදි ප්‍රගුණ කර තිබෙන නිසාය.

මඩකලපුව, වවිනතිවි කොටි ත්‍රස්තවාදින්ගේ ඉදිරි ආරක්ෂක වලල්ලේදි ප්‍රධාන පෙලේ කොටි නායකයෙක්වන රමණන්ට සිදුවුුනු අකරතැබිබය ආරංචි වීමත් සමග වන්නි කොටි නායකයින් සිය ගමන් බිමන් සීමා කලේ රජයේ හමුදාවන්ගේ නවතම උපක්‍රමය පිලිබදව යමි හෝ වැටහීමක් ඔවුන් සතුව නොතිබු නිසාය.

වන්නි සටන් බිම ගිනියමි වෙමින් තිබුනේ ඒ වන විට යුධ හමුදාවෙි 57 වන සේනාංකය මන්නාරම,  සහල් නැලිය නමින් හැදින්වෙන කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහනයේ තිබු උපක්‍රමශිලි අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් බලා සිය මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමත් සමගයි. 
හමුදාවෙි ඉදිරි ගමන අඩාල කිරිමෙි බලාපොරොත්තුවෙන් කොටි ත්‍රස්තවාදින් විසින් විවිධ ආකාරයේ සැලසුමි දියත් කිරිම නිසා හමුදා නායකත්වය අපේක්ෂා කල ආකාරයට සහල් නැලිය ප්‍රදේශය මුදාගැනිමෙි සටන ලෙහෙසි පහසු කාර්්‍යයක් නොවන බව ඒ වන විට භුමියේ සිටින භට පිරිස් වලටද හැගි ගොස් තිබිණි. කුමන ආකාරයෙන් බාධක නැග ආවත් ඉදිරියට යෑමෙි නොනිමි ආසාවෙන් පසුවුනු හමුදා රණවිරුවන්ට කොටින්ගේ බාධක බිදහෙලිමට අවශ්‍ය වුයේ සැගවුනු වෙඩික්කරුවන්ගේ උපකාරයයි.
මන්ද යත්, සහල් නැලිය නමින් හැදින්වෙන ප්‍රදේශය මෙරට සහල් කර්මාන්තයේ තොතැන්නක් බවට පත්ව තිබු කුඹුරු යායක් වන අතර එම භුමි ප්‍රදේශය අක්කර 800 කට වඩා විශාලත්වයෙන් යුතුවෙි. කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයට නතුවුවත් යමි යමි අවස්ථාවන් වලදි එම ප්‍රදේශයේ වී ගොවිතැන් කටයුතු සිදුවුවත් එයද ඉක්මනින් අභාවයට යෑම නිසා අවසානයේදි ඉතිරි වුයේ පුරන්වු කුඹුරු යායක් පමණි. මෙම පුරන්වු කුඹුරු යාය සිමා වන්නේ ඝන කැලැවකටය. හමුදාවෙි ප්‍රහාර හමුවෙි මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ සිට පසුබෑ කොටි ත්‍රස්තවාදින් සහල් නැලිය පසුකරමින් ඝන කැලැවට වැදුනේ පුරන්ව ගිය ගොවිබිමි පුරා මර උගුල්ද අටවමිනි.

සහල් නැලිය ප්‍රදේශයට පැමිණිමත් සමග ඉදිරි මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමට හමුදා නායකත්වයට අසිරු කරුණක් වුයේ පුරන්ව ගිය කුඹුරු යාය නිසා දිවා කාලයේදි හමුදා සෙබළුන්ට ඉදිරියට යෑමට හැකියාවක් නොමැතිවිමයි. භුමියේ අවාසිය තමන් සතුව තිබෙන නිසා එයට එකට එක කිරිම මගින් කොටි නායකත්වයට පාඩමක් ඉගැන්විමෙි මුලික පරමාර්ථයෙනි.

ඒ වන විටත් වන්නි සටන් පෙරමුණේ හමුදා සේනාංක 5 ක් සිය මෙහෙයුමි කටයුතුවල නිරතවිම නිසා ස්නයිපර් බලගණයට අනුයුක්ත වෙඩික්කරුවන්ට කිසිදු විවෙිකයක් නොතිබුනි. වැලිඔය ප්‍රදේශයේදි 59 වන සේනාංකයට අනුයුක්තව සිටි මාක්, ටැංගෝ සහ රයිනෝ යන අනවර්ථ නාම වලින් හැදින්වුනු ස්නයිපර් බලකායේ ප්‍රධාන පෙලේ වෙඩික්කරුවන් තිදෙනාට අමතරව විශේෂ බලකායේ පුහුණුව ලැබු සිවිදෙනෙක් මන්නාරම, සහල් නැලිය ප්‍රදේශයට අනුයුක්ත කරනු ලැබුවෙි කොටි විසින් ලබාදි තිබුනු බාධකය හැකි ඉක්මනින් ජයගත යුතුයි යන අභියෝගයද ලබා දෙමිනි.

තමන්ට ලබාදුන් අභියෝගය කිසිදු පැකිලිමකින් තොරව භාරගත් මාක් ප්‍රමුඛ ස්නයිපර් සෙබළුන් හා විශේෂ බලකායේ කුඩා කණ්ඩායම එදින සවස 6 පසුවනවාත් සමග හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල අතරින් රිංගා ගියේ ඉක්මනට සුභ ආරංචියක් ලබාදෙන බවට 57 වන සේනාංකයේ අණදෙන නිලධාරි එවකට බ්‍රිගේඩියර් ජගත් ඩයස් මහතාට පොරොන්දුවක්ද ලබාදෙමින්ය.

ගොමිමන් අදුරත්.. එලිවෙන හිමිදිරියත් සතුරාට පහරදිම සදහා යොදා ගත හැකි හොදම වෙිලාවයැයී චීන යුධ සෙන්පතියෙක් වරක් සිය හමුදා භට කණ්ඩායමට ප්‍රකාශ කර තිබුනී. තම අරමුණ සාක්ෂාත් කර ගැනිමට නමි මෙි මොහොතේදි කල යුතු හොදම දේනමි චීන සෙන්පතියා කිවි ආකාරයටම සතුරාට නොදැනෙන්න සතුරා අතරට රිංගා ගොස් සිය සැලැස්ම ක්‍රියාත්මක කල යුතු බවට සිතා ගත් හමුදා විශේෂ බලකායේ සෙබළුන් පුරා දින එකහාමාරකට ආසන්න කාලයකින් පසු කොටි ත්‍රස්තවාදින් විසින් ඉදිකර තිබුනු අඩි 15 ක් පමන උසින් යුත් පස් බැමිම අසලට සමිප විය.

තමන් ආසන්නයට හමුදා භට පිරිස් පැමින ඇති බවට කිසිදු මොහොතක නොසිතු කොටි ත්‍රස්තවාදින් තමන් ආරක්ෂිතයැයි සිතමින් අලසව දවස ගෙවමින් සිටියහ. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් හමුදා විශේෂ බලකායේ සෙබළුන් තමන් සතුව තිබු පුපුරණ ද්‍රව්‍ය කොටින්ගේ පස් බැමිමට සවිකර එතැනින් ඉවත්ව ගියේ ස්නයිපර් තුවක්කු කරුවන් දුර සිට ඔවුන්ට ආවරණය සපයමින් සිටිම නිසාවෙනී.

නායක මටිටමෙි යැයී සිතිය හැකි පුද්ගලයින් කිහිප දෙනෙක් ඊට සුළු මොහොතකට පසුව සහල් නැලිය කුඹුරු යාය ආසන්නයේ ඉදි කර තිබෙන තම නවතම ආරක්ෂක උපක්‍රමය පිලිබදව සොයා බැලිමට පැමිණියේ මෙි මොහොතේදිය. තවත් මොන කතාද....???


ලගටම පැමිණි ගොදුර අත්නාරින පුරුද්ද ඉතා හොදින් ප්‍රගුණ කර තිබුනු මාක්, ටැංගෝ හා රයිනෝ ගේ කැලිබර් වර්ගයේ ස්නයිපර් අවි වලින් නිකුත් වුනු උණ්ඩ කොටි නායකයින් තිදෙනාගේ හිස පසාරු කරන් ගියේ එකින් එකාට සිදුවුයේ කුමක්ද කියාවත් ඔවුන්ට සිතා ගැනිමට මදක් හෝ ඉඩකඩ ලබා නොදිමිනි.
තම නායකයින් තිදෙනාට සිදුවුනේ කුමක්ද කියා එතැනට දිව ආ තවත් කොටි සාමාජිකයින් 9 දෙනෙක්ටද  ස්නයිපර් ප්‍රහාරයන්ට ලක්ව ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුනේ ඇසපිය ගහන කාලයටත් වඩා අඩු කාලයකිනී.
ඒත් සමගම එකවර හෙන හඩක් නංවමින් කොටි ත්‍රස්තවාදින්ගේ පස් බැමිම පුපුරා ගියේ හමුදා විශේෂ බලකාය විසින් තමන් සවි කල පුපුරණ දුව්‍ය පුපුරුවා හැරිමත් සමගය. හමුදාවට ඉතා වෙහෙසකර මෙහෙයුමක් බවට පත්ව තිබු මන්නාරම, සහල් නැලිය ප්‍රදේශය බෙිරා ගැනිම සදහා එදා සැගවුනු වෙඩික්කරුවන් කල මෙහෙය අතිමහත්ය.




තමන් කල මෙහෙය නිසා ලක් මතාව ලැබු නිදහස ගැන ඔවුන් කිසි දිනක, කිසි මොහොතකදි උදමි ඇනුවෙි නැත. කිසිම විටකදි ඒවාට අයිතිවාසිකමි කිවෙිද නැත... මන්ද ඔවුන් සැගවුනු වෙඩික්කරුවන් නිසාවෙනි... ඔවුන් සැමවිටම පෙමි කලේ තම අතරැදි ගිනි අවියටයි...


" සතුරා මා ඉදිරියේ හිදි... ඔවුන් මා වට කරගෙන සිටියි... මගේ මෙහෙයුම මරණයයී.. එය ඔවුන්ට උදාකර දෙන තුරු මා නොනවතිමි"....

(මතු සමිබන්ධයි)

24 comments:

  1. කාලෙකට පස්සේ යුද්දේ ගැන කතාවක් කියෙව්වේ හරිම අපූරුයි මේක කියවන් යද්දි හරියට ෆිල්ම් එකක් බලනවා වගේ මට shooter ෆිල්ම් එකත් මතක් වුනා...දිගටම ලියන්න ජයවේවා

    ReplyDelete
  2. word notification එක නැතිකරන්න Go to Design------->Setting------->comments--------> එකේ පල්ලෙහට යද්දී තියෙනවා "Show word verification for comments?" එක NO කරන්න

    ReplyDelete
  3. ගැමියාගේ පත්ඉරුවඃ- ඔන්න වර්ඩි වෙරිෆීකේෂන් කෝඩි එක අයින් කලා. මමත් ගොඩක් ආසාවෙන් බලපු කතාවක් තමයි " ස්නයිපර්" ෆිල්මි එක. ස්තුතියි මෙි පැත්තේ ආවට.

    ReplyDelete
  4. අමනාප වෙන්න එපා, නුමුත් බාගෙට කියවල අතහැරිය, කොටු නිසා කියවගන්න බැරුව. සොරි.

    ReplyDelete
    Replies
    1. ඔබා මාමෙි, අමනාප නමි නැතෝ... මං මොනවද කරන්න ඔින කියලා උපදේශයක් දෙනවද?

      Delete
    2. අයියේ මේ SETT DECO එකේ අවුලක් වගේ පොඩ්ඩක් ඒක අයින් කරලා බලන්න ඔයා මේකේ ලියන්නේ UNICODE භාවිතා කරලද??නැත්තම් කන්වර්ට් කරලද??

      කෝකටත් SETT DECO එක අයින් කරලා බලන්නකෝ මම ආයෙත් එන්නම් විසදුමක් හොයාගෙන...ස්නයිපර් කතා නම් මාර ලස්සනයි මට මතතයි කියවපු කතාවක් හැබැයි පොතේ නම මතක නෑ ඒකේ තියෙන්නේ ඇමෙරිකානු ජනාධීපති ඝාතනයට ආපු ස්නයිපර් කරුවෙක් ගැන...අබාධිතයෙකු වගේ කිහිලිකරුවක එක උණ්ඩයක් පමණක් දාගෙන ඇවිත් කිහිලිකරුව විදියට හදපු ස්නයිපරයෙන් වෙඩිල්ල තියන්නේ..මට කතාවේ නම මතක නෑනේ අපරාදේ

      Delete
    3. ගැමි මල්ලිඃ- ඔන්න මම ඔයා කිවිවා විදිහට වැඩෙි නමි කලා. මම ටයිප් කරන්නේ නමි යුනිකෝඩි කන්වර්ටර් එකෙන් තමයි. බලන්නකෝ මොනව හරි දෙයක් තියෙනවා නමි කියන්න.

      Delete
    4. දැන් නම් සයිට් එක පට ගාලා ලෝඩ් වෙනවා ඉස්සෙල්ලා දෙපාරක් ලෝඩ් වුනා දැන්නම් අවුලක් නෑ වගෙයි....UNICODE එක පුරුදු වෙනවනම් කම්මැලි නැතිව ඉක්මන්ට ටයිප් කරන්න පුළුවන් වෙයි ඔයාට...මම කියනවට ඒක ඩවුන්ලෝඩ් කරන් බලන්නකෝ කලින්ට වඩා දහ ගුනයක් වේගෙන් ටයිප් කරන්න පුළුවන් වෙයි....මෙන්න ලින්ක් එක

      http://www.siyabas.lk/sinhala_how_to_install.html

      මේ ලින්ක් එකේ ඔයාගේ OS එකට අදාල ෆයිල් එක බාගෙන ඉන්ස්ටෝල් කරලා බලන්න.මම කියනවට පුරුදු වෙන්න කාලයක් යද්දි කී බෝඩ් එක නොබලා සිංහල ටයිප් කරන්න පුළුවන් වෙයි.මතක් කරලා යුනිකෝඩ් එක දානකොට සිංහල විතරක් ඉන්ස්ටෝල් කරන්න ඔයා දෙමළ භාෂාව භාවිතා නොකරනවනම්....

      ජයෙන් ජය දැන් නියමයි

      Delete
  5. කියලා වැඩක් නැහැ... මරුම බ්ලොග් එකක්.. දිගටම එනවා.. ලියන්න අපේ වීරයන්ගේ සුපිරි වැඩ ගැන දිගටම...

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි සේන මෙි පැත්තේ ආවට... ඉස්සරහදිත් තව පෝස්ටි ලියන්නමි. දිගටම මෙි පැත්තට එන්න කියලා ආරාධනා කරනවා....

      Delete
  6. "එක උණ්ඩයයි...එක බිල්ලයි"

    නියමයි..හරියට ෆිල්ම් එකක් වගේ..

    ReplyDelete
    Replies
    1. ඔවි සයුරි... උනු දේවල් වලින් ෆිල්මි එකක් හදන්නත් තිබිබා.... ගොඩාක් ස්තුතියි මෙි පැත්තේ ආවාට, දිගටම එන්න කියලා ආරාධනා කරනවා...

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ආයෙමත් ඇවිල්ල බැලුව කියවගන්න පුලුවන්ද කියල. දැන් නියමයි, කොටු අනං මනං නෑ.

    කථාවත් මරේ මරු, ඉංග්‍රීසියෙන් ස්නයිපර්ල සම්භන්ද කතා කියවල තිබුනට සිංහලෙන් එකක් කියවපු පලවෙනි වතාව. ලංකා හමුදාවේ ස්නයිපර්ල සෑහෙන රාජකාරියක් ඉටු කළා කියල අහල තිබුනට, මේ තරං විස්තර ඇතුව කියෙව්වෙ පළවෙනි වතාවට. තෑන්ක් යූ.

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා .... ගොඩාක් ස්තුතියි ආපහු මෙි පැත්තේ ආවට. හැමදාම මෙි පැත්තේ එන්න....

      Delete
  9. හ්ම්ම් ඔයාටත් වෙලා තියෙන දේවල්..

    ReplyDelete
    Replies
    1. ඇයි වර්ණා එහෙම කිවිවෙි??? ඃ)

      Delete
  10. නියමයි..දිගටම ලියපන්..ජය

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි රාජ් අයියා... දිගටම මෙි පැත්තේ එන්න කියලා ආරධනා කරනවා....!!!

      Delete
  11. මං ආසම විදියේ පොස්ට් එකක්.දිගටම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ කතා.නීරෝ කියන කෙනත් ලොකු වැඩක් කරපු කෙනෙක් නේද.

    ReplyDelete
  12. නීරෝ කියන්නේ කාගෙන්වත් උදවි නැතුව කොටි 50 කට විතර එක දවසේ වගකිවිව කෙනෙක්. ගොඩාක් අයට හිතාගන්න බැහැ ආසියාවෙි ආමි එකක එහෙම ස්නයිපර් කෙනෙක් හිටියා කියලා... මම පුළුවං තරමි ලියන්නමි... ස්තුතියි අසරණයා ඔයාගේ ධෛ්‍යර්මත් කිරිමට...!!!

    ReplyDelete
  13. Mage mallith 2000 di elephant pass waladi nathi una. (cpt. Ranasinghe A R M C M A)
    Man puluwan hama welema katha kiyawanna ennam. Digatama liyanna
    Kumari

    ReplyDelete
  14. මම මේ කතාව වීඩියෝ එකක් නිර්මාණයට පාදක කරගත්තට කමක් නෑ නේද ?

    ReplyDelete