Monday, December 12, 2011

සිංහ පෝතකයින්ගේ ලෝ ෆලයින් ටාගටි....!!!

ඒ... 2006 වසරේ අවසන් භාගයයි. කොටි ත්‍රස්තවාදින් සිය උවමනාව මතම ආරමිභකර ගත් හතරවන ඊලාමි යුද්ධය ඒවන විටත් නැගනහිර පලාතේ ක්‍රියාත්මක වෙමින් තිබිණී. කොටි ත්‍රස්තවාදින්ගේ සැලසුමි කිසිදු විටක සාර්ථක නොවුනුබව ඒ වන විටත් වන්නී මහ කොටියා වන වෙළුපිල්ලේ ප්‍රභාකරන්ටද අවබෝධවී තිබිණි.
කලක් ත්‍රිකුණාමලය නගරයට හා වරායට අතපොවන මානයේ සිටියි කොටි ත්‍රස්තවාදින් මාස 5ක් ගතවිමට පෙර සාමිපුර් ප්‍රදේශය දක්වා පලවාහරින් ආරක්ෂක හමුදාවන් සමත්විය. සිංහ, ගැමුණු, ජාතික ආරක්ෂක බලමුළුව ඇතුළු භුමිසටන් සදහා රණකාමිත්වයෙන් පිරි හමුදා රණවිරුවන් දිවා රෑ නොබලා මෙහෙයුමි කටයුතුවල නිරතව සිටියේ කොටි ත්‍රස්තවාදින් නැගනහිරින් අතුගා දැමිමෙි ඒකායන අභිප්‍රායෙනී.
කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව පුරා මාස 6කට ආසන්න කාලයක් කරගෙන ගිය යුද්ධයේදි කිසිවෙකුටත් නොදැනෙන ආකාරයට ත්‍රස්තවාදින්ගේ පාලන ප්‍රදේශයට රිංගා ඔත්තු බැලිමෙි යෙදි සිටියි හමුදා විශේෂ බලකායේ හා කමාන්ඩෝ බලකායේ සෙබළුන් සිදුකල අමිල මෙහෙය ගැනද සදහන් කිරිම ඉතා වැදගත්ය.
කොටි ත්‍රස්තවාදින්ගේ ඉදිරි මෙහෙයුමි පිලිබදව ඔත්තු බැලිම නිසා විශේෂ බලකායේ සෙබළුන්ගේ අප්‍රමිත ධෛර්ය නිසා කොටි ත්‍රස්තවාදින්ට ඉතා දරුණු ප්‍රහාරයක් එල්ල කිරිමට ආරක්ෂ
අංශ සමත්විය.

2007 වසර උදාවෙත්ම  නැගෙනහිර කොටි නායකයාවු ස්වර්ණමි පිලිබදව කිසිදු තොරතුරක් හමුදා අංශ වෙත වාර්ථා නොවුනු අතර නිල නොලත් ආකාර
යෙන් බුද්ධි අංශ සාමාජිකයින්ට ලැබුනු තොරතුරු වලින් කියැවුනේ නැගනහිර පලාතේ මෙතෙක් පැවැති සටන් වලින් එල්.ටි.ටි.ඊ. සංවිධානය අත්කරගත් දරුණු පසුබෑම පිලිබදව උරණවු කොටි නායක ප්‍රභාකරන් වහාම ක්‍රියාත්මකවන පරිදි නැගනහිර නායක ස්වර්ණමිව වන්නීයට කැදවු බවයී.
තවත් ආරංචි මාර්ග වලින් කියැවුනේ සාමිපුර් ප්‍රදේශය ආරක්ෂා කරගැනිම සදහාවු සටන් වලදි ස්වර්ණමි තුවාල ලැබු බවයී.
මෙි සියළු තොරතුරු වලින් කියැවුනු කිසිදු තොරතුරක් විශ්වාස කිරිමට හැකි ආකාරයේ එවා නොවුණු අතර ඒ වන විටත් රජයේ ආරක්ෂක අංශ වාකරේයි ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් සිය ඉදිරි මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමට සියළු සැලසුමි සකස්කර අවසන්විය.

තත්වය මෙසේ තිබියදි ඝන කැලැවෙි හිදිමින් කොටි ත්‍රස්
යින්ගේ ඉදිරි ආරක්ෂක තිරුව පසුකරමින් ඉදිරියට ගොස් තිබුනු යුධ හමුදාවෙි විශේෂ බලකායේ කණ්ඩායමකට දිනක් අමුතුම ආකාරයේ ගල් ගුහාවක් නිරික්ෂණය විය. වාකරේ ප්‍රදේශයේ ඝන කැලෑවෙි මැදට වෙන්න පිහිටා තිබුනු මෙම ගල් ගුහාව වටකර ඉතා දැඩිව රැකවල් යොදා තිබුනු නිසා අනිවාර්්‍යයෙන්ම කොටි සංවිධානයේ ප්‍රධානින් කිහිපදෙනෙක් මෙහි සිටිනු ඇතී බවට උපකල්පනය කල එම හමුදා කණ්ඩායම ඉදිරි මෙහෙයුමි කටයුතු සදහා අවශ්‍ය උපදෙස් තම ඉහල නිලධාරින්ගෙන් ඉල්ලා සිටින ලදියි.
අදාල ගල් ගුහාව පිලිබදව පැය 24 පුරාම අවධානය යොමු කරගෙන සිටින ලෙසත් එම ගල් ගුහාවෙි පිහිටිම හා සිතියමිගත කරන ලද තොරතුරු එම මොහොතේදිම තමන් වෙත ලබාගත් අදාල නිලධාරින් ඉදිරි මෙහෙයුමි කටයුතු කරගෙන යන ලෙස උපදෙස් ලබාදෙන ලදියි.
විශේෂ බලකායේ සෙබළුන් දිවා රාත්‍රි නොතකා සිය ඔත්තු බැලිමෙි කටයුතු සිදුකරගෙන යන ලදියි.
ගල් ගුහාවට ආසන්නයේ පිහිටි කොහිල ගාලක සැගව සිටිමින් පුරා සතියකට ආසන්න කාලයක් සිය මෙහෙයුම කලත් විශේෂ බලකායේ සෙබළුන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනිමට නොහැකිවිය. කොහිල ගාලේ සිටින මදුරුවන්ගේ නිමක් නැති දෂ්ඨ කිරිමි හා විවිධ කෘමි සතුන්ගෙන් එල්ලවුනු පීඩාවන් දරාගෙන ඉතා දුෂ්කර කර්තව්‍යක නිරතව සිටි එම සෙබළුන් කිසිදු විටක තමන්ට ලබාදුන් අභියෝගය අතහැර යෑමට සුදානමි නොවීය. ඒ අන් කවර හේතුවක් නිසා නොව තමන්ට විශේෂ බලකාය විසින් ලබාදුන් පුහුණුව හා ඉවසා සිටිම හා දරාගැනිමෙි ශක්තිය උපරිම තලක තබාගෙන හිදිමින් මෙම සෙබළුන් සිය මෙහෙයුම තවදුරටත් ඉදිරියට කරගෙන ගියේ විශේෂ බලකායේ උදෘත පාඨයවන " නොහැක්කක් නොමැත" යන වචනය සත්‍ය කරමිනී.

මෙලෙස හමුදා කණ්ඩායමින් ලද තොරතුරු පැය දෙකක් ගතවීමට පෙර කොලඹ ගුවන් හමුදා මුලස්ථානය වෙත යොමු කර තිබුනේ ඉදිරියේදි ගුවන් ප්‍රහාරයක් එල්ල කිරිමට අවශ්‍යවුවහොත් ඒ සමිබන්ධයෙන් අවශ්‍ය සැලසුමි සකස්කර ගැනිම සදහායි. එවකට ගුවන් හමුදා මෙහෙයුමි අධ්‍යකෂකව සිටියි වර්ථමාන ගුවන් හමුදාපති හර්ෂ අබෙිවික්‍රම මහතා ඒ මොහොතේම නියමුවන් රහිත යානා යොදා ගනිමින් හමුදා සෙබළුන් ලබාදුන් ප්‍රදේශය නිරික්ෂණය කර අදාල ජයාරූප හා භුමිය පිලිබදව අදාල නිගමනයන්වලට එැලඹිණි.

කෙසේ හෝ සියළු කටයුතු මෙසේ සිදුවෙමින් තිබියදි වාකරේ කැලැවෙි පිහිටි ගල් ගුහාව අසල ඔත්තු බලමින් සිටියි ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙතෙක් කල්යල් බලා සිටි හෝඩුවාව සාක්ෂාත් කර ගැනිමට හැකිවිය. දිනක් අළුයමි කාලයේදි කොටි ත්‍රස්තවාදින් 6 දෙනෙක්ගේ රැකවල්මත ගල් ගුහාවෙන් එලියට පැමිණි නායකයෙක් බවට සැකකල හැකි පුද්ගලයෙක් නිරික්ෂණය කල විශේෂ බලකා සෙබළුන් තමන් මෙතෙක් කල් දැරු සියළු උත්සහයන් සාර්ථකවු බවට හැගි ගීයේ අදාල කොටි නායකයා හදුනාගැනීමත් සමගය. ඒ අන් කිසිවෙක් නොව මෙතෙක් කල් අතුරුදහන්ව සිටියි නැගනහිර කොටි නායක ස්වර්ණමිය. තමාගේ මවිකදවුර වන ' ස්වර්ණමි බෙිස්" හි සැගව හිදිමින් ආරක්ෂක හමුදාවන්ට එරෙහිව සටන් මෙහෙයව ස්වර්ණමි හමුදා ප්‍රහාරවලට බියේ මෙසේ සැගව සිටින බවට අනාවරණය කරගත් හමුදා සෙබළුන් තමන් සතු තොරතුරු ඉහල නිලධාරින්ට දැනුමි දෙන ලදියි.

ස්වර්ණමි සැගව සිටින ස්ථානය පිලිබදව නිශ්චිත තොරතුරු අනාවරණය වීමත් සමග කටුනායක ගුවන් හමුදා කදවුරේ ස්ථානගතකර තිබු අංක 10 ප්‍රහාරක බලඝණයවු කෆීර් ප්‍රහාරක යානා 3ක් හා අංක 12 ප්‍රහාරක බලඝණයවු මිග්-27 ගුවන් යානා 2ක් උදෑසන 6.30 පමන වන විට හීයක වෙිගයෙන් ගුවනට පිවිසුනේ තමන්ට ලබාදුන් ගොදුර ඩැහැගැනිමෙි ඒකායන පරමාර්ථයෙනි.

කටුනායකින් ගුවන්ගතවු ප්‍රහාරක යානා 5 ඒ වන විනාඩි 30ක් ගතවිමට පෙර මඩකලපුව ප්‍රදේශයේ ගුවනේ සිට සිය මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට සුදානමිවු ගුවන් හමුදා රණවිරුවන්ට මුහුන පෑමට සිදුවු බලවත්ම ගැටළුව වුයේ ස්වර්ණමි සැගව සිටින ගල් ගුහාවට නියමිත පරිදි ඉලක්ක ගැනිමට වනයේ පිහිටි ගස් නිසා අපහසුවිමයි. අවසානයේදි එම අභියෝගය ජයගැනිමට නමි සියළු ප්‍රහාරක යානා " ලෝ ෆටයින් ටාගටි" ( භුමියට ආසන්නව පැමින ප්‍රහාර එල්ල කිරිම) ක්‍රමවෙිදය අනුගමනය කිරිමට තිරණය කරන ලදියි.

ස්වර්ණමි බෙස් වෙත එල්ල වෙන ගුවන් ප්‍රහාරය පිලිබදව තොරතුරු ලැබිමත් සමග එහි ඔත්තු බලමින් සිටියි විශේෂ බලකායේ සෙබළුන් ඉතා සුපරික්ෂාකාරිව පසුබා ගොස් තිබුනී. මෙි අතර උදැසන 7.15 ට පමන ස්වර්ණමි බෙිස් යනුවෙන් හැදින්වු ගල් ගුහාවට ගුවන් හමුදාවෙි පලමු කෆීර් යානාව භුමියේ සිට අඩි 800ක් ආසන්නයට පැමින කිලෝ 500ක් පමන බර බෝමිබය පලමු වරට හෙලිමත් සමග සෙසු ප්‍රහාරක ගුවන් යානාද සිය වැඩ ඇල්ලීම ආරමිභ කලේ ස්වර්ණමි බෙිස් විනාඩි කිහිපයක් ගතවිමට පෙර සුනු විසුනු කර දමමින්ය.

මෙම ගුවන් හමුදා ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු නැගනහිර පලාතේ කොටි නායක ස්වර්ණමි පසුව වන්නීය බලා රැගෙන ගොස් තිබු අතරම පසුව 2009 වසරේ මැයි 15 වෙනිදින ඔහු ආරක්ෂක අංශ සමග පැවැති සටනකදි මියයන ලදියි.

පුරා දින 10කට ආසන්න කාලයක් මරුවා පෙනි...පෙනි...සිය ඉලක්කය අභියෝගයක් ලෙසින් සිතා උපන් මවිබිම වෙනුවෙන් විශේෂ කාර්්‍ය බලකායේ සෙබළුන් කල ඒ අභීත මෙහෙයුම අදත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී තිබෙනවා නොඅනුමානයි.....!!!!