Tuesday, March 13, 2012

චැනල්-4 නැවතත් කරලියට.



ශ්‍රි ලංකා රජයේ හමුදාව මානව හිමිකමි කඩ කරපු හමුදාවක්. ඔවුන් අහිංසක දමිල සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කර දැමිමා. මෙවැනි කතා රාශියක් විදෙස් පුවත් පත්, වෙබි අඩවී පුරා පසුගිය මාස කිහිපය පුරාවටම රැවිපිලිරැවි දුන්නේ පසුගියදා ස්විටිසර්ලන්තයේ ජීනිවා නුවරදි ආරමිභ වුනු එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කොමිසමෙි සැසිවාරය ඉලක්ක කර ගනිමින් බව අප කවුරුත් දන්නා කරුණකි.

එහෙත් ජිනිවා මානව හිමිකමි කවුන්සිලයේදි ශ්‍රි ලංකාවෙි මානව හිමිකමි කඩවීමෙි සිද්ධින් වලට එරෙහිව ඇමරිකාව පසුගිය සතියේදි යෝජනාවක් සභාගත කලේ පෙර අප බලාපොරොත්තුවු පරිදිමය. ඇමරිකාව ගෙනා එම යෝජනාවට අදාලව ජන්දය විමසීම මෙම මස 23 වෙනිදා ජිනීවා මානව හිමිකමි කවුන්සිල් සැසිවාරයේදි පැවැත්වීමට කටයුතු සුදානමි කරමින් සිටින බවට මෙි වන විට වාර්ථා ලැබි තිබෙි.

රැසියාව, චීනය, ඉන්දියාව ( තවමත් දෙබිඩි ප්‍රතිපත්තියක සිට වුවත්) ඇතුළු රටවල් රැසක විදේශ අමාත්‍යවරුන් හා නියෝජීතයින් මෙවර මානව හිමිකමි කවුන්සිලයේදි අප රටට එරෙහිව ගෙනා "යෑංකි යෝජනාව" පරාජය කිරිම සදහා අපට සහය දක්වන බව දැනටමත් ප්‍රකාශ කර හමාරය.

ශ්‍රි ලංකාවට අන්තර්ජාතික වශයෙන් මිත්‍රත්වයේ දෑත් දිගුව පවතින අවස්ථාවකදි බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව නැවතත් කිලින් ෆීල්ඩි තුන්වන කොටස බව කියමින් ශ්‍රි ලංකාවෙි යුධ අපරාධ සමිබන්ධයෙන් අළුත්ම වාර්ථා වැඩසටහනක් මාර්තු 14 වනදා විකාශනය කිරිම සදහා සුදානමින් සිටින බවට පසුගියදා වාර්ථා විය.

එම වාර්ථාමය වැඩසටහන සදහා හිටපු කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයා යැයී කියනා 12 හැවිරිදි ලමයෙකු වෙඩි වැදි මිය ගොස් සිටිනා ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක්ද මෙම වාර්ථා වැඩසටහනට ඇතුලත් වන බව යුරෝපයෙන් ලැබෙන වාර්ථා වලින් කියැවෙි.

යුධ අපරාධ සමිබන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රි ලංකාව සමග එලැඹෙින ටෙස්ටි සංචාරය සදහා එංගලන්ත ක්‍රිකටි පිල සහභාගි වීය යුතුද යන්න චැනල් 4 නාලිකාවෙි ජොනතන් මිලර් පසුගියදා එංගලන්ත පිලේ පුහුණුකරු ඇන්ඩි ෆලවර් ගෙන් විමසා සිටියාය. පසුව එම ප්‍රශ්නයට අදාලව එංගලන්ත පුහුණුකරු පිලිතුරු දෙමින් කියා සිටියේ ක්‍රිකටි ක්‍රිඩාව හා දේශපාලනය එකින්එක සමිබන්ධ කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, තම කණ්ඩායම ශ්‍රි ලංකා සංචාරය සදහා සහභාගිවන බවයි.

ශ්‍රි ලංකාවට එරෙහිව දිිගින් දිගටම චැනල්-4 නාලිකාව මෙවැනි ආකාරයේ පහර ගැසීමට කටයුතු කලේ අද ඊයේ සිටක නොව. ඊලාමි යුද්ධය පැවති අවසන් කාල සීමාවෙිදි ශ්‍රි ලංකාවෙි රජයේ හමුදාවන්ට එරෙහිව විවිධාකාරයේ කෙනහෙලිකමි කිරිම සදහා අදෘෂ්‍යමාන හස්තයක් ලෙස මොවුන් කටයුතු කලේය. මෙම කරුණු හේතුවෙන් රජයේ හමුදාවන්ට එරෙහිව අසත්‍ය විඩීයෝ රූප රාමු හා දමිල පුද්ගලයින් යොදා ගෙන සමිමුඛ සාකචිජා කරමින් සිටියදි වවිනියාව ප්‍රදේශයේදි ආරක්ෂක අංශ විසින් 2009 වසරේදි කොටු කර ගැනීමෙන් අනතුරුව රටින් පිටුවහල් කිරිමට ශ්‍රි ලංකා රජය කටයුතු කරන ලදියි.

ඇමරිකාව ඇතුළු එක්සත් ජාතින්ගේ හමුදාවන් විසින් පකිස්ථානය, ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේදි සිදුකරනා මානව සංහාරය සමිබන්ධයෙන් කිසිදු හඩක් නොනැගීමට චැනල් 4 ඇතුළු බටහිර නාලිකාවන් කටයුතු කරනා ආකාරය ඉතාමත් විහිළු සහගතය. මන්දයත්, කිසිදු ඉවක් බවක් නොමැතිව ඩ්‍රෝන් යානා යොදා ගනිමින් අහිංසක සිවිල් වැසියන් සිටිනා ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල කරමින් පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා ඉරාකයේදි මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව මෙි වන විට 10,000කට ආසන්න බව බටහිර රටවල ආක්‍රමණයට එරෙහිව හඩ නගනා සංවිධාන සිය වාර්ථා මගින් කියා සිටියි.
ඇස් ඉදිරිපිට බුරුතු පිටින් සිවිල් වැසියන් මරා දමන බටහිර රටවලට එක් මානව හිමිකමි නීතියකුත්, ලෝකයේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානය පරාජය කල අපගේ වීරෝධාර රණවිරුවන්ට තවත් නිතීයකුත් ක්‍රියාත්මක වෙමින් පවතියි. ඇත්ත ඇති සැටියෙන් නොදකින බටහිර රටවල් හරිනමි කල යුත්තේ ශ්‍රි ලංකාවට එරෙහිව මානව හිමිකමි චෝදනා නැගීම නොව තම රටවල හමුදාවන් වල විනය රැකීම සදහා කටයුතු කිරිමයි.  





අනේකවිද දුක්, කමිකටොළු විදිමින් යුද්ධයේ අවසන් මාස කිහිපයේදිකොටි ත්‍රස්තවාදින් විසින් මිනිස් පලිහක් ලෙසින් තමන් තබාගෙන සිටි ඒ අහිංසක දමිල වැසියන් අද නිස්කලංකව තම ජිවිකාව ගත කරයි.
මීට වසර කිහිපයකට පෙර උතුරු හා නැගනහිර පලාත් වල අප ඇවිද ගියේ මරණයේ සෙවනැලි මැදින්ය. රාජකාරිමය වශයෙන් මා එහි සිටිනා කාල සීමාවෙිදි දුටුවෙි විනාශ වී ගිය ගොඩනැගිලි හා බලාපොරොත්තු විරහිත භාවයෙන් පිරුනු මිනිසුන්ගේ මුහුණුය. කොටි ත්‍රස්තවාදින් විසින් අප රටට අහිමි කල වටිනා ජිවිත ගණන අතිමහත්ය. සාමයේ වටිනාකම අපට වඩා තේරුමිගත් රටක් මෙි ලෝක සිතියමෙි තවත් සොයා ගන්නට අසිරුය. හෙට එලිවෙද්දි ජිවතුන් අතර ඉදීද නැද්ද කියා සිතා ගැනීමට තරමි අසිරු කාලවකවානුවක අප ජිවත් වුනෙමු. ඒ තරමි යුද්ධයෙන් අප බැට කැවෙමු.



අනෙක් රටවල ප්‍රශ්න විසදීමට ගොස් ඉල්ලන් කන ඇමරිකාව ඇතුළු බටහිර රටවලට ඔවුන් කරනා විනාශය තවමත් තේරුමි නොගොස් ඇත්තේ මන්ද යන්න ගැටළුසහගතය. වරක් අල්-කයිඩා සංවිධානයෙන් සල්ලමිවුනු ඇමරිකාව ඉදිරියේදි ඉරානයෙන් හෝ සිරියාවෙන් හෝ පාඩමක් ඉගෙන ගනිවා යැයි ප්‍රාර්ථනා කරමු.

දේශපානමය කෝණයකින් නොබලා රට ජාතිය වෙනුවෙන් තමන්ගේ හෙට දවස අපගේ නිදහස වෙනුවෙන් කැප කල වීරෝධාර රණවිරුවන් පෝරකයට රැගෙන යෑමට වෙර දරනා බටහිර බලවෙිගයන් පරාජය කිරිම සදහා අප සියළු දෙනාගේ වගකීමයි. මාතෘභුමියේ නිදහස වෙනුවෙන් දිවිපිදු ඒ රණවිරුවන් වෙනුවෙන් ඒ යුතුකම අප පක්ෂ පාට, භේද නොසලකා එකාවන්ව ඉටු කරමු..!!!