Wednesday, April 25, 2012

අදට හරියටම අවුරුදු 6 යී....



දිනයඃ 2006 වසරේ අපේ්‍රල් මාසයේ 25 වෙනිදායි. 
ස්ථානයඃ කොලඹ හමුදා මුලස්ථානය.
වෙිලාව ඃ දහවල් 1.35ට හෝ ඊට ආසන්න වෙලාවක්.

පරිවාරක හමුදා ආරක්ෂක රථ තුනකින් හා යතුරුපැදි ආරක්ෂකයින් සිවිදෙනක්ට මැදිව ධාවනය වන වොල්වෝ රථයකී.
හමුදා රෝහල පසුකර මිටර් 25 ක පමන දුරක් පසුවනවාත් සමග පදික වෙිදිකාවෙි ගමන් කරමින් සිටි ගැබිණි කාන්තාවක් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගමන් කරමින් තිබු වොල්වෝ කාර් රථය අසලට ඒමට දරණ උත්සහය දුටු පැති ආරක්ෂාව සපයමින් සිටි යතුරුපැදියේ සිටි කෝප්‍රල් වයි.එල්.ඒ.සී.ආර්. යකන්දාවල (සෙ.අං/675382) වහා සිය යතුරුපැදිය හරස් කරමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ගමන් කරමින් තිබු රථය අසලට ඒමට සැකකටයුතු ගැබිණි කාන්තාවගේ පැමිණිම වලක්වනවාත් අවට පරිසරය දෙවනත් කරමින් තවත් එක් කොටි මිනිස් බෝමිබයක් පුපුරා ගියේය.
බෝමිබය පුපුරා යෑමත් ගොස් විනාඩි කිහිපයක් ගතවන තුරුත් අවට සිටි කිසිවෙකුටත් සිදුවුයේ කුමක්ද යන්න ගැන හරිහැටි අවබෝධයක් නොවුනේ ඇතිවු කමිපනය නිසාවෙනී. හමුදාපතිවරයාට ආරක්ෂාව සපයමින් ගමන් කල ඩිෆෙන්ඩර් රථ දෙකක සිටි හමුදා නිලධාරින් හා සෙබළුන් වහාම හමුදාපතිවරයා ගමන් කරමින් සිටි කාර් රථය වටකර ගෙන සරත් ෆොන්සේකා මහතාට කුමක් සිදුවී ඇත්දැයි සොයා බැලීය.

කාර් රථයේ පිටුපස ආසනයේ සිටියි හමුදාපති සරත් ෆොන්සේකා පුපුරා ගිය බෝමිබයෙන් විසිවු යකඩ බෝල වලින් පෙනේරයක් සේ හිල්වී තිබු කාර් රථයේ දොර ඉතා අමාරුවෙන් විවෘත කරමින් එක් පාදයක් එලියට තබන අයුරු දුටු හමුදා සෙබළුන් සුලු මොහොතකට ගල්ගැසි ගියේ එවැනි බිහිසුනු බෝමිබ ප්‍රහාරයකට ගොදුරුවුවත් හමුදාපතිවරයා කිසිදු කලබලයකින් තොරව සිටින අයුරු දුටු බැවිනි.




ඉක්මනට සර්ව අල්ල ගන්න. හමුදාපතිවරයාට විරුද්ධ පසින් සිටි හමුදා නිලධාරියෙක් අසල සිටි හමුදා කෝප්‍රල්වරයෙක්ට කියනවාත් සමග මීමැසි පොදියක් ලෙසින් එක්වු හමුදා සෙබළුන් ඉතා ආරක්ෂිතව හමුදාපතිවරයා කාර් රථයෙන් එලියට ගන්නවාත් සමග ඔහු ඇද සිටි හමුදා නිල ඇදුමින් පවා තෙත් කරමින් වතුර මෙන් රුධිරය වැහෙන අයුරු දුටු අසල සිටි හමුදා නිලධාරින්ගේ දෑස් පවා කදුලින් තෙත්වුයේ ඔවුන්ට නොදැනීමය.

" කලබල වෙන්නෙපා... මම හොදින්" ඒ හමුදාපති සරත් ෆොන්සේකාව ගිලන් රථයට ඇතුල් කරද්දි ඔහු අසල සිටි හමුදා නිලධාරින්ට පැහැදිලි හඩින් කියු වචන පෙලයි.

කොටි ත්‍රස්තවාදින්ගේ මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයෙන් සිදුවු තුවාල නිසා හමුදාපති සරත් ෆොන්සේකාගේ උදරයට හා පෙනහළු වලට හානි සිදුවු අතර එයින් වඩාත් බැරැරුමි ලෙසින් තුවාල වී තිබුනේ ඔහුගේ පෙනහළු දෙකය. එදා පුපුරා ගිය මිනිස් බෝමිබයෙන් හමුදාවෙි හා හමුදා රෝහලින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සදහා පැමින සිටි 11 දෙනෙකු ජිවිතකෂයට පත්වුවාය.

කොළඹ ජාතික රෝහලේදි මුලික ශල්‍යකර්ම කිහිපයක්ම සිදු කිරිමෙන් අනතුරුව සිංගප්පුරුවෙි රෝහලක වැඩිදුර ප්‍රතිකාර සදහා හමුදාපතිවරයාව පිටත් කර යැවීමට රජය කටයුතු කලාය. සිංගප්පුරුවෙිදි වැඩිදුර ප්‍රතිකාර ලැබු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නැවත ලංකාවට පැමිණෙන විට නැගෙනහිර පලාතේ මාවිල් ආරු සොරොවිව මුදා ගැනීමෙි සටන ආරමිභකර තිබුනේය.

හැකි තරමි විවෙික ගන්නැයි වෛද්‍යවරුන් දුන් උපදෙස්වත්, හමුදා සේවයෙන් විශ්‍රාම යෑමට දැන් සුදුසු කාලය බව යැයි කියමින් පෙරැත්ත කරන ඥාතින්ගේ ඉල්ලීමි එකක්වත් කනකට මායිමි නොකල ඔහු නැවත වරක් හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්්‍යාලයට පැමිණියේ තමන්ට එලොව ගොස් මෙලොව ඒමට තුඩුදුන් මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයට ගොදුරුවු ස්ථානයද පසුකරමිනි.

සරත් ෆොන්සේකා හමුදාපතිවරයාව ඝාාතනය කිරිමට කොටි නායක ප්‍රභාකරන්ට හා බුද්ධි අංශ නායක පොටිටු අමිමාන්ට දැඩිසේ අවශ්‍ය කර තිබුනී. එයට බලපෑ ප්‍රධානම සාධකය වන්නේ1993 වසරේදි යාපනය කොටුව මුදවා ගැනීමෙි මිඩිනයිටි එක්ස්ප්‍රස් මෙහෙයුමට සක්‍රිය අණදෙන නිලධාරියා ලෙස එක්වු එවකට කර්නල් සරත් ෆොන්සේකා සමග අනෙක් අන්තයේ සිටි අණදෙන නිලධාරියා වුයේ වර්තමාන ආරක්ෂක ලේකමි ගෝඨාබය රාජපක්ෂ මහතායි. එදා යාපනය කොටුව තුල සිරවී සිටි 200 කට අධික ත්‍රිවිධ හමුදා භට පිරිසක් බෙිරා ගැනීමට ඔවුන්ට එදා හැකිවිය.

සරත් ෆොන්සේකා යනු කුමන ආකාරයේ හමුදා නිලධාරියෙක්ද යන්න වග හොදින් දැන සිටි කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ ඊලමි සිහිනයට අවසන් තිත වැටිමට ආසන්න වග ඉවෙන් මෙන් දැන සිටියාය. ඒ නිසා තමන්ගේ විශ්වාසනවන්තම සගයාවු බුද්ධි අංශ නායක පොටිටු අමිමාන් ලවා කෙසේ හෝ හමුදාපතිවරයාව ඝාතනය කිරිම සදහා අවශ්‍ය පිඹුරුපත් සැකසුවත් අවසන් මොහොතේදි තමන්ගේ දිවි නොතකා මරාගෙන මැරෙන බෝමිබකාරිය එන මග හරස් කල කෝප්‍රල් යකන්දාවල ගේ අභීත ක්‍රියාව නිසා හමුදාපතිවරයා එදා එම අවාසනාවන්ත ඉරණමෙන් ගැලවිනි.

හමුදාපතිවරයාව ඝාතනය කිරිම සදහා යොදා ගත් කොටි කාන්තාව හමුදා සෙබලෙක්ගේ බිරිදක් ලෙස අවස්ථා කිහිපයකදි හමුදා මුලස්ථානයේ පිහිටි හමුදා රෝහලට පැමිනි බව පසුව සිදුකල පරික්ෂණ වලින් අනාවරණය විය. හමුදා මුලස්ථානය තුල පිහිටි හමුදා රෝහලෙන් හමුදා නිලධාරින්ට පමනක් නොව සෙසු නිලයන්ටත් ඔවුන්ගේ පවුල් වල ලගම ඥාතින්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සදහා මගපෑදුනේ සරත් ෆොන්සේකා මහතාගේ අදහසක් නිසාය. ඊට පෙර හමුදා සෙසු නිලයන්ට හා ඔවුන්ගේ ලගම ඥාතින් සදහා ප්‍රතිකාර ලබාදුන්නේ නාරහේන්පිට පිහිටි හමුදා රෝහලෙන් පමනක් විය. කෙසේ හෝ මෙම ආරක්ෂක හිඩසින් උපරිම ප්‍රයෝජනය ගැනීමට පොටිටු අමිමාන් ඇටවු උගුල සාර්ථක නොවීය.

මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයට ගොදුරු විමෙන් අනතුරුව යලිත් හමුදාපතිධුරයේ වැඩ භාරගත් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය අමතා කියා සිිටියේ වසර තුනක් ගතවන්නට පෙර ලංකාවට පිලිලයක්වී තිබෙන එල්.ටි.ටි.ඊ. කොටි ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කරදමන බවත් නිදහස් රටක සිංහල, දමිල. මුස්ලිමි භේදයකින් තොරව ජිවත්වීමට ඉඩකඩ විවර කර දිමට දිවිහිමියෙන් කැපවෙන බවයි.

" ඉදිරියට පත්වෙන හමුදාපතිට මෙි යුද්ධය කරන්න මම ඉතුරු කරන්නේ නැහැ" ඒ සරත් ෆොන්සේකා මහතා 2009 වසරේ ජනවාරි මාසයේදි හමුදාපති නිල නිවසේදි පැවති සාදයකදි අප අමතා කියු කතාවයි.

හමුදාපති සරත් ෆොන්සේකා මහතා එදා කියු ලෙසටම 2009 වසරේ මැයි මාසයේ 18 වෙනිදා මුලතිවි නන්දිකඩාල් කලපුවෙිදි කොටි නායක ප්‍රභාකරන්ගේ මරණයත් සමග 30 වසරක් ඔහුගේ සිහිනයවු ඊලාමි රාජ්‍යයට අප හමුදාවෝ තීත තැබුවාය....!!!


                                                             ( කෝප්‍රල් යකන්දාවල )