Sunday, February 26, 2012

මවිබිම රැක ගැනීම සදහා නැවතත් අප එකමුතු වෙමු....



ස්විටිසර්ලන්තයේ ජිනීවා නුවරදි හෙට ඇරඹෙින එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කවුන්සිලයේදි අපගේ මවිබිමට එරෙහිව බටහිර රටවල් විසින් ගෙන ඒමට සුදානමි වන මානව හිමිකමි කඩ කිරිමෙි යෝජනාව පරාජය කිරිමට  ශ්‍රි ලාංකිකයින් වන අප සියළු දෙනා එකා මෙන් එකතු විමෙි දැඩි අවශ්‍යතාවයක් ඉස්මතුව තිබෙි.

දේශපාලන කෝණයකින් තොරව අප සියළු දෙනා එකා මෙන් පෙරට යායුතු කාලය නැවත වරක් එලැඹ තිබෙි. මන්දයත්, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඊලාමි යුද්ධය අවසන් කාල සීමාවෙිදි සිදුවු බව කියන මිනිස් සංහාරයට රුදිරි කොටියාගෙන් අපගේ මවිබිම බෙිරා දුන් වීරෝධාර රණවිරුවන්ට සිය ඇගිල්ල දික් කරමින් සිටියේ අද ඊයක සිට නොවෙි.

බටහිර ගැත්තන් විසින් මැදපෙරදිග අවුළුවා තිබෙන ගින්න අප අද වන විට සියැසින් දැක ඇත්තෙමු. විශේෂයෙන්ම යන තන නාගන්නා න්‍යායෙන් කටයුතු කරන ඇමරිකාවෙි රාජ්‍ය ලේකමිවරිය පසුගිය වසරේදි ඉන්දියාවෙි සංචාරයක නියැලිමෙි මුලික අරමුණු වුයේ ශ්‍රි ලංකාවට එරෙහිව ගෙන ඒමට ඔවුන් සුදානමි කරමින් සිටින මෙම මානව හිමිකමි කඩ කිරිමෙි චෝදනාව සමිබන්ධයෙන් ශ්‍රි ලංකාවට ඉන්දියාවෙි සහය ලබා නොදිමෙි මුලික යටි අරමුණෙන් බව නමි දැන් නොරහසකි. දකුණු ආසියාවෙි බලවතා මෙන්ම අප රටෙි අසල්වැසියා වන ඉන්දියාව මෙි වනතුරුත් එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කවුන්සිලයේදි අප රටට එරෙහිව ගෙන ඒමට වටහිර රටවල් සුදානමි කර තිබෙන මෙම යෝජනාව සමිබන්ධයෙන් ඔවුන් දරන මතය ප්‍රකාශ කර නැතිවීම ප්‍රබලම සාධකයක් වෙයී.

අපගේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කල ඒ වීරෝධාර සෙබළුන් වෙනුවෙන් අප එකමුතු වෙමු. සුද්දන්ට ඔිනකරන හැටියට අපගේ රට නැවත වතාවක් සමිබාධක කියන වචනෙට යටත් කර ගන්නට ඉඩ නොදෙමු.

අපගේ ලක්මවට ඉව අල්ලන වෘකයෝ රැල පරදමු....

අපේ මවිබිම සැමදා දිනෙවා...!!!