Sunday, February 26, 2012

මවිබිම රැක ගැනීම සදහා නැවතත් අප එකමුතු වෙමු....



ස්විටිසර්ලන්තයේ ජිනීවා නුවරදි හෙට ඇරඹෙින එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කවුන්සිලයේදි අපගේ මවිබිමට එරෙහිව බටහිර රටවල් විසින් ගෙන ඒමට සුදානමි වන මානව හිමිකමි කඩ කිරිමෙි යෝජනාව පරාජය කිරිමට  ශ්‍රි ලාංකිකයින් වන අප සියළු දෙනා එකා මෙන් එකතු විමෙි දැඩි අවශ්‍යතාවයක් ඉස්මතුව තිබෙි.

දේශපාලන කෝණයකින් තොරව අප සියළු දෙනා එකා මෙන් පෙරට යායුතු කාලය නැවත වරක් එලැඹ තිබෙි. මන්දයත්, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඊලාමි යුද්ධය අවසන් කාල සීමාවෙිදි සිදුවු බව කියන මිනිස් සංහාරයට රුදිරි කොටියාගෙන් අපගේ මවිබිම බෙිරා දුන් වීරෝධාර රණවිරුවන්ට සිය ඇගිල්ල දික් කරමින් සිටියේ අද ඊයක සිට නොවෙි.

බටහිර ගැත්තන් විසින් මැදපෙරදිග අවුළුවා තිබෙන ගින්න අප අද වන විට සියැසින් දැක ඇත්තෙමු. විශේෂයෙන්ම යන තන නාගන්නා න්‍යායෙන් කටයුතු කරන ඇමරිකාවෙි රාජ්‍ය ලේකමිවරිය පසුගිය වසරේදි ඉන්දියාවෙි සංචාරයක නියැලිමෙි මුලික අරමුණු වුයේ ශ්‍රි ලංකාවට එරෙහිව ගෙන ඒමට ඔවුන් සුදානමි කරමින් සිටින මෙම මානව හිමිකමි කඩ කිරිමෙි චෝදනාව සමිබන්ධයෙන් ශ්‍රි ලංකාවට ඉන්දියාවෙි සහය ලබා නොදිමෙි මුලික යටි අරමුණෙන් බව නමි දැන් නොරහසකි. දකුණු ආසියාවෙි බලවතා මෙන්ම අප රටෙි අසල්වැසියා වන ඉන්දියාව මෙි වනතුරුත් එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කවුන්සිලයේදි අප රටට එරෙහිව ගෙන ඒමට වටහිර රටවල් සුදානමි කර තිබෙන මෙම යෝජනාව සමිබන්ධයෙන් ඔවුන් දරන මතය ප්‍රකාශ කර නැතිවීම ප්‍රබලම සාධකයක් වෙයී.

අපගේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කල ඒ වීරෝධාර සෙබළුන් වෙනුවෙන් අප එකමුතු වෙමු. සුද්දන්ට ඔිනකරන හැටියට අපගේ රට නැවත වතාවක් සමිබාධක කියන වචනෙට යටත් කර ගන්නට ඉඩ නොදෙමු.

අපගේ ලක්මවට ඉව අල්ලන වෘකයෝ රැල පරදමු....

අපේ මවිබිම සැමදා දිනෙවා...!!!

12 comments:

  1. මානව හිමිකමි කඩ කිරිමෙි යෝජනාව පරාජය කරන්න ඕනි . මම ඒකට එකගයි.
    නමුත් මී හරක් වගේ කරපු ගොන් වැඩ වලට මහ රජා සහ සෙට් එක වග නොකියා පුළුවන්ද.
    1)එ.ජා.නි.නි පලිහක්කාර කියන අති දක්ෂයා ගෙදර යැව්ව. මහින්ද ඇමරිකාවේ ගිහින් ජොලි කරපුවට රජයේ සල්ලි ගන්න බෑ කීවට.
    2)ලසන්ත මරණයට හරියට පරීක්ෂණ තිබ්බේ නෑ. එස්.බී ප්‍රසිදියේ කීවා එයා දන්නව පරීක්ෂණ නවත්තන්න කිවේ ෆොන්සේකා කියල.
    3)රජයේ සහ මහින්දගේ වැරදි කියන මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම සහ තාඩන පීඩන වලට ලක් කිරීම.
    4)භාරත මරපු කුඩු දුමින්ද ආතල් එකේ එලියට වෙලා. හරි හමන් දෙයක් කලේ නෑ.
    5)දේශපාලන සබදකම් තියන පුද්ගලයන් විසින් සාමාන්‍ය ජනතාවට සිදුවන පීඩන වලට නිතිය ක්‍රියා නොකිරීම.
    6)පුද්ගලික විශ්‍රාම වැටුප ආදී දේ වලට විරෝදතා කරුවන් මරණයට පත් කිරීම පිලිබඳ නිසි පරීක්ෂණ නොපැවැත්වීම.
    7)උගත් සංහිදියා කොමිසම ගැන මුලින් මහා හොද කියල සුද්දන්ටත් මෙහේ ඇවිත් සාක්ෂි දීපල්ලා අපේ කොමිසමේ විදියට අපි වැඩකරනව කියල පොර ටෝක් දීල, දැන් ඒක කරන්නත් අපිට ඕනි විදියට කියනව.
    8)පැහැරගෙන යාම් සහ ඝාතන වැඩිවීමත් ඒවාට ආරක්ෂක අංශ සම්බන්ධ බව පැහැදිළිව පෙනෙන්නට තිබීම
    තවත් ඕනි තරම් කරුණු ඇත. සුද්දෝ කියන්නෙ යුද්ධය දින්නට පස්සෙත් රටේ හැටි ඔහොම නම් ඒ දවස වල කොහොම තියෙන්න ඇද්ද කියල. යුද්දේ කචල් විතරයි කියල ITN එකෙන් ටෝක් දුන්නට ඇත්ත කතාව යුද්දෙන් පස්සේ කරපු චාටර් වැඩ.
    චීනේ රුසියාව සපෝට් හින්ද කචල් එකක් වෙන්නැති වෙයි.

    ReplyDelete
  2. දුපාත් වැසිය කියපු දේත් එක්ක එකඟයි.රට ගැන කලකිරවන්නේ මේ ආණ්ඩුව.ඉතිං කට්ටිය බෙදෙන්නේ තියෙන ඉඩකඩ වැඩියි.

    ReplyDelete
  3. වැටත් නියරත් ගොයම කා නම්....???????

    ReplyDelete
  4. මානව හිමිකම කියලා කවුරු හරි කරන තේරුමක් නැති / මෝඩ යෝජනා අපි පරද්දන්න ඕන ,ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ..හැබැයි මේවා මේ විදියට ඇදුන එකට රට කරවන ඇත්තෝ වගකියන්නත් ඕන..
    දුපත් වැසියා කිව්වා ගොඩක් දේවල් එක්ක මම එකගයි...

    ReplyDelete
  5. දුපත් වැසියා, අසරණයා, චින්චීටිකිරිල්ලී, චාමාඃ- ඔයාලා කියන දේ මට තෙරෙනවා. නමුත් මම මෙතන කිසිදු විදිහකින් දේශපාලනය ගැන කතා කරන්නනේ නැහැ. මොකද මම පෙනි ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලුවෙි මෙි රට බෙිර ගන්න කැපවුනු රණවිරුවන් වෙනුවෙන්. එහෙම නැතුව දේශපාලකයින් ගැන එකම සටහනක් මම මෙතන කරලා නැහැ.

    අනිත් කාරණාව තමයි අපිව මෙි තත්වයට ඇදලා දැමීම ගැන වගකිව යුත්තේ රට කරවන පාලකයින්. ඒ වගේම රටෙි නීතිය, අධිකරණය ගැණ රටෙි මිනිසුන්ගේ හිත්වල දැන් ටික ටික දැන් අවිශ්වාසය ගොඩ නැගිලා.

    දේශපාලකයින්ව නෙමෙයි රණවිරුවා වෙනුවෙන් අපි පෙනි ඉදිමු.

    ReplyDelete
  6. මහ රජාට ජය වේවා !!!!!

    ReplyDelete
  7. මට නම් මේක කොටියා ආපු කතාව වගේ. හැමදාම බොරුවට කොටියා ආවෝ කියල මිනිස්සුන්ව බය කරලා ඇත්තටම කොටියා ආවම කවුරුත් උදව්වට අවේ නැනේ. අනික පාරට බැහැල ඔය ප්‍රශ්න විසදන්න පුලුවන්නම් ඉරානේ මිනිස්සු පාරට බහින්නේ නැට්ටේ ඇයි ? දැන් බලන්න සිරියාවට විරුද්දව යෝජනාවක් ගෙනල්ල ඇමෙරිකාව ඒක දිනපු වෙලාවේ ඒක පරද්දන්නේ නැතුව අපි සද්ද නැතුව බලන් හිටිය. දැන් අපි කියනවා අපිට උදව් කරන්න කියල. මට නම් පෙන්නේ පාලකයෝ තමන්ගේ වැරදි වහගන්න මේකත් දඩ මීමා කරගෙන ඉන්නේ.

    ReplyDelete
  8. අපෙ රටේ අන්ඩුවෙ මොන වැරද්ද තිබුනත් ඩන්න් අපිට තියන පොදු හටුර තමයඉ මෙන්න මෙ මානව හිමිකම් මුවාවෙන් අපේ ලන්කාවත් ලිබියාවක් බවට පත්කරන්න හදන මෙ වැඩේ නවත්තන්න ඔන
    ජය වේවා............................!

    ReplyDelete
  9. සත්‍ය කවදා හෝ ජය ගන්නව. LTTE එකට කෙල වුනා වගේ ඕකුන්ටත් කෙලවිලාම යන්න ඕන.

    ReplyDelete
  10. මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් ගැන දන්නවනම් දැනුවත් කරන්න..

    ReplyDelete
  11. සයුරි, කරන්න තියෙන්නේ ඔය යෝජනාව ගේන ඇමරිකාවට විරුද්ධත්වය පලකරලා විද්්‍යුත් තැපැල මගින් හැකි තරමි අපගේ අප්‍රසාධය පල කරන්නයි. මෙන්න ලින්ක් එක තියෙනවා.
    http://www.whitehouse.gov/contact/submit-questions-and-comments

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...මේ ගැන ලිපියෙත් කිව්වනම් හොඳයි නේද..නොදන්නා අයට දැනගන්න

      Delete