Monday, February 13, 2012

ගුවන් හමුදා මිග්-27 ප්‍රහාරක යානාවක් අනතුරට පත්වෙයි.


 පුහුණු විමි කටයුතු වල නිරත වෙමින් තිබු රුසියාවෙි නිෂ්පාදිත මිග්-27 ප්‍රහාරක ගුවන් යානාවක් අද දහවල් 1.30 ට පමන මාරවීල, දුමිමලසුරීය ප්‍රදේශයේදි අනතුරට පත්වු බව ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබෙිවික්‍රම මහතා කියා සිටියි.

අද පැවැති පුහුණු වීමක් අතර තුරේදි මිග්-27 ගුවන් යානයේ එංජිමෙි හටගත් කාර්මික දෝෂයක් නිසා ගුවන් නියමුවා නැවත යානය පන ගන්වන්න උත්සහා කලත්, එය සාර්ථක නොවු නීසා ඔහු නිරුපද්‍රිතව ගුවන් යානයෙන් පිටතට පැන පැරෂුටයක ආධාරයෙන් අසල ප්‍රදේශයට ගොඩබ
බවත්, කාර්මික දෝෂයට ලක්වු මිග් යානාව දුමිමලසුරීය ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටුනු බව ගුවන් හමුදා ආරංචි මාර්ග කියා සිටියි.

කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව පැවති අවසන් යුධ සමයේදි මිග්-27 ප්‍රහාරක යානා සතුරු කදවුරු විනාශ කිරිමෙහිලා දැක්වු දක්ෂතාවයන් ගැන සියළු දෙනාට තවමත් මතකයේ ඇතුවා නොඅනුමානයි....

9 comments:

  1. අපාරදේ... කමක් නැහැ යකඩ වලට වඩා ඒ රණවිරුවා වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සහෝ... යකඩ ගොඩට අපොයි කියන සමාජයේ මිනිස් ජිවිතය අද බලු වටින්නේ නැති ගාණට ගිහිං....!!!

      Delete
  2. මමත් දැක්කා නිවුස් වලට කියුවා.. අපරාදේ]

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද වර්ණා.. පහුගිය මාස 12ට කෆීර් 2, මිග්-27 යානාවක් අපිට අහිමිඋනා....!!!

      Delete
  3. ගුවන් නියමුවා බේරුන එකයි වැදගත්..........

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...මොකද යානයක් නමි සල්ලි වලට ගේන්න පුලුවන්. ඒත් නියමුවෙක් හදන්න ( විශේෂයෙන්ම ප්‍රහාරක යානාවන් සදහා) නමි ගොඩාක් වියදමි වෙනවා. අනිත් ඒක ලෝකේ හැම නියමුවෙක්ටම පාලනය කරන්න අමාරුයි.

      Delete
  4. මොනා කරන්ඩද යන්ත්‍ර සුත්‍රනොවැ..මොනා උනත් අපේ එකාගේ ජීවිතේ බෙරුනානේව..අහස් යාත්‍ර නම් එකට දෙකක් ගෙන්ඩ බැරුවෑ..ඔය කරන බොරු වියදම් වල හැටියට

    ReplyDelete
  5. ඒක කතාච ඇත්ත රාජ්... අපේ ඇමති මණ්ඩලයට පාටි දාන්න දෙන සල්ලි ටික ඉතුරු කලා නමි අඩුම තරමින් එෆ්-18 සුපර් හොනර්ටි ජාතියේ ප්‍රහාරක යානා දෙකක්වත් ගේන්න පුළුවන් අපේ රටට.....!!!!

    ReplyDelete
  6. ෂික්: අපරාදේ ජීවිතේ තව පොඩ්ඩෙන්...

    ReplyDelete