Thursday, February 9, 2012

කොළඹදි මටිටු වුනු කොටි සිහිනය

ඒ 2007 වසරේ මාර්තු මාසයේ 26 වෙනිදායි. වෙළුපිල්ලේ ප්‍රභාකරන් කියන ලේ පිපාසිතයා ඊලම සොයා යන ගමනේදි තමන් ලොව අන් කවර ගරිල්ලා සංවිධානයකට වඩා ප්‍රබලත්වයෙන් සිටින බව පෙන්වා දිමෙි අරමුණින් මුල්වරට තම සැහැල්ලු ගුවන් යානා දෙකක් යොදා ගනිමින් කටුනායක ගුවන් හමුදා කදවුරු සංකිර්ණයට ගුවන් ප්‍රහාරයක් එල්ල කලේ එදිනයි.


එදා කොටි ත්‍රස්තවාදින් සිය ගුවන් යානා දෙක යොදා ගනිමින් ප්‍රහාර එල්ල කලේ කටුනායක ගුවන් හමුදා කදවුරේ අංගනයන්හි රදවා තබා තිබු කෆීර් සහ මිග්-27 ප්‍රහාරක ගුවන් යානා ඉලක්ක කර ගනිමින් බව මහත් උජාරුවෙන් පුරසාරමි දොඩන්න කොටි නායකත්වය සිය අණසක යටතේ පවතින වෙබි අඩවි හා යමි විදෙස් මාධ්‍ය ජාලයන් උපයෝගි කර ගත්තාය. කොටින්ගේ එම ප්‍රහාරයෙන් ගුවන් හමුදාවෙි සෙබළුන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 15 ක් තුවාල ලැබුවාය.
 

කොටි ත්‍රස්තවාදින් එල්ල කල ගුවන් ප්‍රහාරයත් සමග මුහුන දිමට සිදුව තිබෙන අළුත්ම ආකාරයේ තර්ජනය පිලිබදව ජාතික ආරක්ෂක කවුන්සිලයේදි දිගින් දිගටම සාකචිජා කෙරුනු අතර පසුව වහාම ක්‍රියාත්මක වන ලෙසින් කොලඹ, කටුනායක, ත්‍රිකුණාමලය ඇතුළු ආරක්ෂක හමුදා සංකිර්ණ වැඩියෙන් පිහිටා තිබෙන ස්ථාන වලට ගුවන් ආරක්ෂණ පද්ධතියන් ස්ථාපිත කිරිම සදහා අවශ්‍ය කටයුතු සුදානමි කෙරිනි.

එයට අමතරව ගුවන් හමුදාවෙි අනුරාධපුරය, වවිනියාව, පළාලි, ත්‍රිකුණාමලය කදවුරු ආශ්‍රිතව පිහිටි රේඩාර් මධ්‍යස්ථාන වලට අධි තාක්ෂණික උපකරණ ලබා දුන්නේ කොටි ගුවන් යානා ගුවන් ගත වනවාද යන්න පිලිබදව දැඩිව නිරික්ෂණය කිරිමෙි බලාපොරොත්තුවෙනි. ඒ අතර එෆ්-7 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් සදහා ගුවනේ සිට තවත් ගුවන් යානාවකට පහර දිමෙි ක්‍රමවෙිදයක් සහිත මිසයිල පද්ධතියන්ද සවීකරන ලදියි. ( මෙලෙස ගුවනේ සිට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මුල් වරට මුලතිවි ප්‍රදේශයේදි කොටි ගුවන් යානාවක් විනාශ කිරිමට 2008 වසරේ සැප්තැමිබර් 11 වෙනිදා ගුවන් හමුදාව සමත් විය).

සියළු කටයුතු සුදානමි කරන අතර වාරයේදිත් කොටි ගුවන් යානා අවස්ථාවන් කිහිපයකදි කොලඹ, ත්‍රිකුණාමලය, යාපනය, අනුරාධපුර යන ප්‍රදේශයන්ට සිය සැහැල්ලු ගුවන් යානා යොදා ගනිමින් ප්‍රහාර මාලාවන් කිහිපයක්ම එල්ල කරන ලදි. සියළුම දෙනාට අමතක නොවන ආකාරයේ කොටින් ගුවන් ප්‍රහාරයක් එල්ල කලේ 2007 වසරේ අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙමින් තිබුනු අතර වාරයේදිය. එදා කොටි ත්‍රස්තවාදින් තමන් පෙර ලබාදි තිබුනු සියළු පොරොන්දු කඩා බිද දමමින් නැවත වරක් සිය මිලේචිජත්වය ප්‍රකාශ කලාය.

කොටි ගුවන් හමුදාව තමන් ප්‍රබල බව ලොවට කියා පෑමට සිය උපරිම උත්සහය යොදද්දී ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නිහඩව බලන් සිටියේ තම වාරය පැමිණෙන තුරුය. ඒ කොටි නායක ප්‍රභාකරන්ගේ සිහින මාලිගාව සුන්ද්ධුලි කිරිමෙි අරමුණින්ය.

දින සති ගෙවි ගීයේ කිසිදු ආකාරයක කොටි ගුවන් යානාවල ක්‍රියාකාරකමක්වත් වර්ථා නොකරමින්ය. එහෙත් සියළු සිද්ධින් උඩු යටිකරු කරමින් වාර්ථා වුයේ 2009 වසරේ පෙබරවාරි පලමු සතියේදි මුලතිවි වල සිටි ආරක්ෂක හමුදා සාමාජිකයින් කොටි ත්‍රස්තවාදින්ගේ බවට සැක කෙරෙන ගුවන් යානාවක් පියාසර කරන ආකාරයේ ශබිදයක් තමන්ට ඇසුනු බවයි. එහෙත් ඒ පිලිබදව කිසිදු ආකාරයකින් රේඩාර් යන්ත්‍රවල සටහන් නොවිම නිසා යමි ආකාරයේ ගැටළු සහගත තත්වයක්ද ඉස්මතුව තිබුනී.

ඒ 2009 වසරේ පෙබරවාරි මස 20 වෙනිදා රාත්‍රි 8 පසුවුවා පමනයි. වවිනියාවෙි පිහිටි ගුවන් හමුදා කදවුරේ පිහිටුවා තිබෙන ඉන්දිරා-2 රේඩාර් යන්ත්‍රයේ තිරයේ සැක කටයුතු ලකුණු දෙකක් නිරික්ෂණය වුයේ එම මොහොතේ රාජකාරියේ යෙදි සිටි නිලධාරියාටය. වහාම ක්‍රියාත්මකවු අදාල නිලධාරියා වහාම ඒ පිලිබදව තම උසස් නිලධාරින්ට හා කොලඹ පිහිටි ගුවන් හමුදා මුලස්ථානයටද දැනුමි දුන්නේ වැඩිදුර උපදෙස් බලාපොරොත්තු වෙනි. පෙර අවස්ථාවලදි මෙන් මෙවර කොටියාට ගුවන් හමුදාවෙි උකුසු ඇස් වහන්න ඉඩ නොලැබුනී.

කොටි ගුවන් යානා තම හිසට උඩින් පියාසර කරමින් යන බවට මුලින්ම දැක්කේ මුලතිවි ඉදිරි ආරක්ෂක තිරුවෙි සිටි යුධ හමුදාවෙි සෙබළුන් පිරිසකි. මුලතිවි වලට ඉහලින් පැමිණි එම කොටි ගුවන් යානා සෙමින් සෙමින් මන්නාරමට ඉහලින් මුහුදු කලාපයට පිවිසෙන ආකාරය වවිනියාව හා කටුනායක පිහිටි රේඩාර් යන්ත්‍රවල පැහැදිලිව දිස්වුනී.

කොටි ගුවන් යානා දෙක පුත්තලම ප්‍රදේශයට පැමිණෙන විට වෙලාව රාත්‍රි 8.30 පසුවුවා පමනි. ඒ වන විටත් ගුවන් හමුදාවෙි කටුනායක පිහිටි කදවුරේ තිබු එෆ්-7 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දෙක ගුවන් ගත කෙරුනේ අවැසි මොහොතේදි සටනට අවතීර්ණ කරවිමෙි බලාපොරොත්තු වෙනි. මෙි අතර පෙර සුදානමක් ලෙස කටුනායක ගුවන් තොටුපලේ සියළු මෙහෙයුමි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ගුවන් තොටුපල බලධාරින් විසින් පියවර ගත් අතර කටුනායක බලා එමින් තිබු මගී ගුවන් යානා 8ක් ඉන්දියාවෙි ගුවන් තොටුපලවල් කරා හරවා යැවීමටද ගුවන් ගමන් පාලක මැදිරිය පියවර ගත්තාය.
කොළඹදි මටිටුවුනු කුරුමිබැටිටී මැෂිමෙි කතාව

මෙම සියළු සිදුවීමි ලහි ලහියේ සිදුවෙද්දි කොලඹ හෝ තදාසන්න ප්‍රදේශ වල ජිවත්වුනු කිසිම අයෙකු කොටි ගුවන් යානා ගුවන් ගතවී තිබුණු බවට දැන ගෙන තිබුනේ නැත. හරියටම රාත්‍රි 8.45 වෙද්දි කොලඹ නගරයේ හා අනෙකුත් තදාසන්න ප්‍රදේශවල විදුලි බලය අත්හීටුවන විට කොටි ගුවන් යානා කොලඹ නගරයට කිලෝමිටර් 8ක් පමන ඇතින් ස්ථානගතව තිබුනු බව ගුවන් හමුදා රේඩාර් යන්ත්‍රවල සටහන්ව තිබුණි.

කොලඹ වරායට ඉහල අහසේ වට දෙකක් පමන කැරකැවුනු කොටි ගුවන් යානා දෙක එකවර දෙපසට බෙදුනු අතර ඒ සමගම කොලඹ ස්ථානගත කර තිබුනු ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක විය. එක දිගට අදුරු අහස්කුස රතු පැහැගන්වමින් විනාඩියට උණ්ඩ 700ක් පමන පිට කරන 5.0 ( ෆයිවි සීරෝ) වර්ගයේ ගුවන් යානා නාශක අවි වලින් පිටවන උණ්ඩ නිසා කොලඹ නගරය ගිනිකෙලි සංදර්ශණයක් බවට පත්විය.

පෙර අවස්ථාවන් වලදි මුහුන නොදුන් ආකාරයේ දැඩි ප්‍රති ප්‍රහාරයකට තමන් ලක් වෙමින් සිටින බවට කොටි ගුවන් යානා දෙකේ නියමුවන්ට හැගී යන්නට වැඩි කාල වෙලාවක් ගත නොවුනී. තමන්ට ලබාදුන් ඉලක්කයන් විනාශ කොට නැවත නිරුපද්‍රිිතව වන්නි අඩවියට පියාසර කිරිමෙි අරමුණ කොටි ගුවන් නියමුවන් තුල විය.


එක් කොටි ගුවන් යානාවක් කොළඹ ගුවන් හමුදා මුලස්ථානය ඉලක්ක කර ගනිමින් ඒ දෙසට එනවාත් සමග ක්‍රියාත්මකවු ගුවන් නාශක අවි ක්‍රියාකරවන්නෙක් කොටි ගුවන් යානාව ඉලක්ක කර ගෙන නොනවත්වාම කොටි ගුවන් යානාවට වෙඩි වරුසාවක් එල්ල කරන්නට විය.


කොටියාගේ සියළු බලාපොරොත්තු බිද වැටීමට වැඩි කාලවෙිලාවක් ගත නොවුනි. ගුවන් නාශක අවි ප්‍රහාර වලින් සිදුරුවු ගිය ගුවන් යානාව දේශීය ආදායමි බදු දෙපාර්තමෙින්තුවෙි ඉහල මාලයේ කොටසක වැදි පුපුරා ගියේ හෙන හඩක් නංවමිනි.

තමන් සමග පැමිනි එක් ගුවන් යානාවක් පුපුරා විනාශ වන ආකාරය ගුවනේ සිට නිරික්ෂණයවු අනෙක් කොටි ගුවන් යානයේ සිටි නියමුවා තම ජිවිතය බෙිරා ගැනිමෙි අටියෙන් පැන යෑමට තැත් කලේ ජිවිත්විමෙි අශාවෙනි. එහෙත් එම ගුවන් යානයටද වැඩි වෙලාවක් නොගොස්ම පලමු ගුවන් යානාවට අත්කර දුන් ඉරණම ලගා කර දිමට කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ස්ථානගත කර තිබු ගුවන් නාශක අවි ක්‍රියාකරවන්නන් සමත් විය. 


 

ගුවන් නාශක අවි ප්‍රහාර වලින් සිදුරුවී ගිය කොටි සංවිධානයට අයත් දෙවන ගුවන් යානාව උඩු ගුවනේදිම පුපුරා යමින් කැලි වලට කැඩි මිගමුව ඉහල අහසේදි විනාශවී ගියාය. එසේ විනාශවු ගුවන් යානාවෙි කැලි කටුනායක ගුවන් හමුදා කදවුරට ආසන්නයේ පිහිටි වගුරු බිමකට කඩා වැටුනු අතරම එහි සිටි ගුවන් නියමුවාගේ මල සිරුරද සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත් විය.

ආරක්ෂක හමුදාවන් කොටි ගුවන් යානා දෙක බිම හෙලීමට සමත් විමෙි සුභ ආරංචිය පැතිරිමත් සමග මෙරට සිටි අහිංසක සිවිල් වැසියන් එදින රාත්‍රියේ සැනසුමි සුසුමි හෙළුවෙි තම ජිවිතය තවත් වරක් ආරක්ෂා කර දුන් රණවිරුවන්ට කෘතගුණ දක්වමින්ය. එදා රාත්‍රියේදි කොටි ගුවන් යානා දෙක විනාශ කිරිමෙි මෙහෙයුමෙිදි පුද්ගලයින් දෙදෙනෙක් දිවිපිදු අතර තවත් 45 දෙනෙක්ට තුවාල සිදුවුනී.


කුරුමිබැටිටී මැෂිමක් ලෙසින් අර්ථකථනය දැක්වු කොටි ගුවන් යානාවන් තුනක් විනාශ කිරිමට අපගේ රණවිරුවන් සමත් විය. මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබියදිත්, ඉන් පසුවත් කොටි සංවිධානයට අයත් සැහැල්ලු ගුවන් යානාවල බවට සැක කෙරෙන කොටස් රාශියක් සොයා ගැනිමට අපගේ වීරෝධාර හමුදාවෝ සමත් විය.

තමන්ගේ ආරක්ෂාව සලකා ගැනිමෙි තුවිජ ආශාවෙන් යුතු කොටි නායකයා ඊලමි සටන අවසානය මදකට හෝ නතර කරගැනිමෙි උවමනාවෙන් 2009 වසරේ පෙබරවාරි 20 දා ක්‍රියාත්මක කල ගුවන් මෙහෙයුම අවසානයේදි අවසන් වුයේ ප්‍රභාකරන් තවත් අමාරුවෙි දමමින්ය.....

" මගේ රටෙි සුන්දරත්වය දකින හැම මොහොතක් පාසාම මගේ හිතේ ආත්ම ශක්තිය වැඩි වෙන්නේ මටත් නොදැනීමයි. මගේ මිහිමව රැකීම මගේ අරමුණයි.. මගේ අන්තිම හුස්ම පොද මෙි ගුවන් තලයට එක්වෙන තුරු මා මාගේ සටන අත් නොහරිමි- සුරකිමු ලකඹර"



20 comments:

  1. හොදට ලියල තියෙනවා ... දිගටම ලියන්න .... අපි කියවනවා !!
    please reduce the font size

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යාළුවා... ඔන්න ෆොන්ටි සයිස් එක අඩු කලා ඔයාගේ ඉල්ලීම පරිදි.

      Delete
  2. හොදට ලියල තියෙනවා ... දිගටම ලියන්න .... අපි කියවනවා !!
    please reduce the font size

    ReplyDelete
  3. අර LTTE පය්-ලට් ලා දිව එලියට ගෙන ඉන්න (හදපු) පින්තුරයක් තිබ්බ නේද .... සැහෙන්න ට්‍රය් කරා අයෙ හොයාගන්න ... හම්බවුනේ නෑ

    ReplyDelete
  4. හැමදාම වගේ ලෙසටම ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා...

      Delete
  5. මොන මොන සෙල්ලම් දැම්මද කට්ටිය... ඒත් අන්තිමට බලු වෙලා ගියා..

    අපේ කොල්ලන්ට මුලු රටම හැමදාම ණයයි..

    ReplyDelete
    Replies
    1. ඒකනමි ඇත්ත සේන..අල්ලන්න පුළුනං හැම අඩවිවක්ම ඇල්ලුවා.. ඒත් අන්තිමෙිදි බලු උනා

      Delete
  6. වෙනද වගේම වැදගත් ලිපියක්..බොහොම ස්තුතියි මතක අලුත් කරලා දෙනවට..

    ReplyDelete
  7. අපිට අමතක නොවෙන ඒ සිදුවීම් පෙල අපූරුවට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්....!!!

      Delete
  8. හිතට වදින විදිහට සුපිරියටම ලියල තියනවා. ඔබට ජය පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුමි!!!

      Delete
  9. අදයිද කොහෙදෝ ආවෙ මේ පැත්තෙ...
    කලකට පෙර සිදුවුනු අමතක නොවෙන සිද්දියක් ලස්සනට ලියල තියෙනවා.....

    ReplyDelete
  10. තව පොඩී දෙයක් තියෙනව කියන්න.... අමනාප නොවෙයි කියල හිතනවා.... ව්‍යාකරණානුකූලව ලියනවා නම් පොඩ්ඩක් උක්ත ආඛ්‍යාත සම්බන්ධය ගැන තව චුට්ටක් හිතන්නකෝ....
    මෙන්න මේ වගේ තැන්,
    //ඒ සදහා සුදානමින් එක් කොටි ගුවන් යානාවක් කොළඹ ගුවන් හමුදා මුලස්ථානය ඉලක්ක කර ගනිමින් ඒ දෙසට එනවාත් සමග ක්‍රියාත්මකවු ගුවන් නාශක අවි ක්‍රියාකරවන්නෙක් කොටි ගුවන් යානාව ඉලක්ක කර ගනිමින් ඒ දෙසට නොනවත්වාම වෙඩි වරුසාවක් එල්ල කලාය.//

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මියුරු... වැරුද්ද නවරදි කලා ඔන්න..

      Delete
  11. බොහොම වැදගත් ලිපියක්...

    ReplyDelete
  12. ෆොන්ට් සයිස් ඔයිට වඩා නං පුංචි කරන්න එපා, මං වගේ නාකිත් ආසාවෙන් කියෝන නිසා.

    කලාය, ගියාය, කිව්වම මං දන්න සිංහල ව්‍යාකරණ හැටියට නං පොඩි වැරද්දක් තියෙනව වගේ පේනව, දන්න කෙනෙක් ගෙන් පොඩ්ඩක් අහල බලන්න, ස්ත්‍රී ලිංගිකව ලියන පද වෙනව එහෙම ලිව්වම කියලයි මට මතක විධියට.

    ReplyDelete