Wednesday, February 1, 2012

නාවික හමුදාවෙන් ප්‍රභාට අකුණු පහරක්

රටක යුද්ධයක් පවතිනවානමි යුධ වදින දෙපාර්ශවයටම අවශ්‍ය වන ප්‍රධාන සාධක දෙකක් ඇත. ඒ නමි,

1). මනා පුහුණුවකින් හෙඹි පිරිස් බලය
2). නියමිත පරිදි අවශ්‍ය කරන අවි-ආයුධ.

ඉහත සදහන් සාධක දෙකෙන් එකක් හෝ නැතිනමි හෝ හිගවන්නේ නමි අදාල පාර්ශවයට යුධ භුමියේදි ඉතා දරුණු පසුබෑමකට ලක්විමට හෝ පරාජය විමට සිදුවෙයි. වසර 30 කට අධිකව පැවති බෙදුමිවාදි යුද්ධයේදි කොටි සංවිධානයට පරාජය උදාකර දීමට මුලිකවු එක් සිද්ධියක්වුයේ කොටි සංවිධානයට නියමිත වෙලාවට අවි ආයුධ නොලැබීමයී.

හතරවන ඊලාමි යුද්ධය ඇරඹුනේ 2006 වසරේ මැයි මාසයේදි කොටි ත්‍රස්තවාදින් විසින් මාවිල් ආරු සොරොවිව බලෙන්ම වසා දැමීමත් සමගය. එදා මාවිල් ආරු සොරොවිව මුදා ගැනිමට රජයේ හමුදා ආරමිභ කරන ලද මානුෂිය මෙහෙයුම අවසන් කෙරුනේ ඉන් වසර තුනක් ගතවුනු තැනය. මෙම කාල සීමාව තුලදි කොටි ත්‍රස්තවාදින් හා රජයේ හමුදාවන් අතර දරුණු ගණයේ සටන් ඇවිළුණු අවස්ථා එමටය.
පෙර අවස්ථාවන් වලදි මෙන් නොව මෙවර සටන ඉතා තීරණාත්මක විය. කොටි ත්‍රස්තවාදින් කිසිවිටකත් නොසිතු ආකාරයට ඔවුන්ගේ පාලන ප්‍රදේශයන් එක පිට එක හමුදා පාලනයට නතු වන්නට විය. පැවති සටන් වලින් කොටි ත්‍රස්තවාදින්ට අහිමිවු පිරිස් බලයට වඩා වැදගත් වුයේ කාලතුවක්කු, කුඩා මල්ටි බැරල් අවි ආදියයි.

තොප්පිගල පිහිටි නැගනහිර අවසන් කොටි බලකොටුව රජයේ හමුදාවන්ට නතුවන විට කොටි ත්‍රස්තවාදින්ට විවිධ ප්‍රමාණයේ කාලතුවක්කු අවි 6ක්, එකවර මිසයිල් 6 බැගින් එල්ල කිරිමට හැකියාවක් තිබු කුඩා ප්‍රමාණයේ මල්ටි බැරල් අවි දෙකක්, ගුවන් යානා නාශක මිසයිල, මෝටාර් විදින අවි , ගිනි අවි, පතොරමි ඇතුළු යුධෝපකරණ රැසක් ඒ වන විටත් අහිමිව තිබුණී.

තමන් නොසිතු ආකාරයට රජයේ හමුදාවන් තම මෙහෙයුමි කටයුතු නොනවත්වා සිදුකරමින් තිබෙන නිසා එල්.ටි.ටි.ඊ. නායකත්වය ඒ වන විට දැඩි ආයුධ හිගයකට මුහුණදි තිබුණේය. පවතින ආයුධ හිගයට පිලියමක් ලෙස කොටි නායකත්වය ඉතා ඉක්මනින් තමන්ගේ විදෙස් රටවල සිටින ආයුධ සැපයුමිකරුවන් වෙත තමන්ට අවශ්‍ය අවි ආයුධ පිලිබදව දැනුමි දුන් අතර මාසයක් ඇතුලත එම ආයුධ කෙසේ හෝ තමන්ට ලැබීය යුතු බවටද නියෝගයක් නිකුත් කෙරුනී.

කොටි නායක ප්‍රභාකරන්, බුද්ධි අංශ නායක පොටිටු අමිමාන්, මුහුදු කොටි නායක සුසෙයි, සන්නද්ධ අංශ නායක බාල්රාජ් ඇතුළු ප්‍රධාන පෙලේ කොටි නායකයින් කිහිපදෙනෙක් මෙසේ විදෙස් තැරවිකරුවන් විසින් මිලදි ගන්නා අවි ආයුධ තම පාලන ප්‍රදේශයට ගෙන එන ආකාරය පිලිබදව පිඹුරුපත් සකස් කලේ මින් අවස්ථා කිහිපයකදිම තමන්ට මුහුණ දිමට සිදුවු අමිහිරි අත්දැකිමි නිසාවෙනී.

තමන්ට ඉතා බැරැරුමි කර්තව්‍යකට මුහුණ දිමට සිදුව ඇති බවට සැකහැර දැනගත් මුහුදු කොටින් විසින් යාපනය, මුලතිවි මුහුදු කලාපයේ ධිවර කටයුතුවල යෙදිමට පැමිණෙන ඉන්දීය ධිවරයින්ට අයත් බහුදින ධිවර යාත්‍රා කිහිපයක් පැහැර ගැනිමට කටයුතු කලේය. මෙසේ පැහැරගෙන පැමිණි එම බහුදින ධිවර යාත්‍රා කොටි ත්‍රූස්තවාදින් විසින් මුලතිවි කිළාලි කලපුව අසල නැංගුරුමිලා තිබුනේ ඉදිරියේදි අවි ආයුධ ප්‍රවාහනය කිරිමෙි පරමාර්ථයෙනි.

කොටි ත්‍රස්තවාදින්ගේ විදෙස් නියෝජිතයින් දිගින් දිගටම විශාල ප්‍රමාණයේ අවි ආයුධ තොග පිටින් රැස්කරන බවට නාවික හමුදා බුද්ධි අංශය වෙතට දැන ගැනීමට ලැබුනේ විදෙස් ඔත්තු සේවා හරහාය. මෙම කාල සීමාව වන විට මෙරට නාවික හමුදා බුද්ධි අංශ හා විදෙස් රටවල නාවික බුද්ධි අංශ අතර සහයෝගීතාවයක් තිබුණු අතර රටවල් අතර බුද්ධි තොරතුරුද හුවමාරු කර ගැනිමෙි ක්‍රමවෙිදයක්ද පැවතිනි.

කෙසේ හෝ කොටි නායකත්වයේ අණපරිදි සිදුකරනු ලබන මෙම ආයුධ එකතු කිරිම ගැන ඉතා විමසිලිමත්ව තොරතුරු එක් රැස්කර නාවික හමුදා බුද්ධි අංශය ඒ සියළු තොරතුරු තම මෙහෙයුමි අධ්‍යකෂට හා එවකට නාවික හමුදාපතිව සිටි වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩට දැනුමි දෙන ලදියි.

මාස කිහිපයක් පුරාවට සිදු කරනු ලැබු මෙම බුද්ධි තොරතුරු එක් රැස් කිරිමෙි අවසානය සිදුවුයේ කොටි සංවිධානය විසින් මෙම අවි ආයුධ කුමන ආකාරයකින්ද යන්න පිලිබදව සැකහැර දැන ගැනීමටය. ඒ අනුව විදෙස් ගතව සිටින කොටි ආයුධ සැපයුමිකරුවන් විසින් එම අවි ආයුධ නැවි තුනකට පටවා එවන බවට බුද්ධි තොරතුරු ලැබීණී.

අදාල නැවි වල නමි හා එවායේ භාහිර ස්වරූපයන් පිලිබදව නිසි තොරතුරු ලබා ගත් නාවික හමුදා බුද්ධි අංශය ඉදිරි මෙහෙයුමි කටයුතු නාවික හමුදා මෙහෙයුමි අංශයට පැවරිනි.

තම රටට, ජාතියට වින කටින්න දරණ මිලේචිජ කොටි ත්‍රස්තවාදයට එරෙහිව සයුරේ රණගොස නැංවු නාවික හමුදාව මුල්වරට තම නාවික හමුදා ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන සටහනක් තැබීමට සුදානමි වුයේ නාවික හමුදා මෙහෙයුමි මණ්ඩලය විසින් සකස් කරන ලද නවතම නාවික මෙහෙයුමත් සමගය.


" ගිය පාරවල් වල වගේ අපි ලගට එනකමි ඉන්නේ නැතුව... හොයාගෙනම ගිහිල්ලා තැගී දිලා එමු..". ඒ නාවික හමුදාවෙි මෙහෙයුමි අධ්‍යකෂකවරයාගේ වචනයයී.

අකුණු පහර

කොටින්ගේ අවි ආයුධ රැගත් නෞකා තුන සෙමින් සෙමින් අන්තර්ජාතික වෙලද නෞකා ගමන් ගන්නා මුහුදු මාර්ගය හරහා ශ්‍රි ලංකාවට නැගෙනහිරින්වු මුහුදු සීමාවෙන් මෙරටට ඇතුල්වීමට සැලසුමි කර ඇති බවට නාවික හමුදාවට ඉතා විශ්චාසවන්ත බුද්ධි තොරතුද ලැබිමින් පැවතුනි.

හරියටම 2007 වසරේ අගෝස්තු මාසයේ තෙවන සතියේදි නාවික හමුදාවට අයත් සයුර, සුරනිමල, සමුදුර, ශක්ති යන ප්‍රහාරක නෞකාවන් හතර සහා සැපයුමි රැගත් A-520 හා A-521 යන යාත්‍රාද ඈත දියඹ මුහුදට ගියේ ලක්මව විනාශ කිරිමෙි අදිටනින් අවි ආයුධ රැගෙන පැමිණෙන නෞකා පිලිගැනීමටය.

දින.. දින ගෙවෙමින් තිබුණි.. කොලඹින් හා ගාල්ලේ නාවික හමුදා වරායල් වලින් පිටත්වු නාවික හමුදා යාත්‍රා දෙවුන්දර තුඩුවෙ සිට නාවික සැතපුමි 600 ක් ඊසාන දිග මුහුදු කලාපයට යාත්‍රා කරමින් තිබුනී. නාවික හමුදා ඉතිහාසයේ වැඩිම දුරක් ගෙවමින් සිිදුකරන පලමු නාවික මෙහෙයුම ගැන කොලඹ පිහිටි නාවික හමුදා මුලස්ථානයේ සිට නාවික හමුදාපති, මෙහෙයුමි අධ්‍යකෂක ඇතුළු ඉහල පෙලේ නිලධාරින් ඉදිරියට සිදුකල යුතු උපදෙස් ලබාදෙමින් සිටියහ.

මුහුද රළුය... විටින් විට නෞකාවන් තුලටද විශාල රල පහරවල් එල්ලවන්නට විය. ලක්මව වට බැදි රන්වැටක් බදු නාවික නෞකාවෝ එකාමෙන් සියළු බාධක පරයමින් ඉදිරියට ගියේ ව්‍යාඝ්‍රයින් රැලක් සේය.

2007 වසරේ සැප්තැමිබර් මාසයේ 8 වෙනිදාය. ඒවන විටත් සියළුම නාවික හමුදා යාත්‍රාවන් ශ්‍රි ලංකාවට කිලෝමිටර් 1200ක් පමන ඈත දියඹ මුහුද මැදය. හරියටම කියනවානමි අන්තර්ජාතික නෞකාවන් ගමන් ගන්නා මුහුදු කලාපයට මෙරට නාවික හමුදා යාත්‍රා ඇතුල්වී තිබුණි.

නාවික හමුදා යාත්‍රා මෙසේ තම මෙහෙයුමි කටයුතු කරගෙන යද්දි වන්නීයේ සිටි කොටි නායක ප්‍රභාකරන් ඇතුළු කොටි නායකත්වයට හෝ ඔවුන්ගේ බුද්ධි අංශයට පවා මෙම මෙහෙයුම ගැන අංශු මාත්‍රයක හෝ දැනගැනීමක් නොතිබුණී.

හරියටම සැප්තැමිබර් 9 වෙනිදා රාත්‍රි 10ට පමන නයිටි විෂන් බයිනෝ ( අදුරේදි නිරික්ෂණය කල හැකි දුරදක්නයන්) මගින් තමන්ට අවශ්‍ය ගොදුර සොයා ගැනීමට සුරනිමල නෞකාවෙි සිටි නාවික හමුදා රණවිරුවන්ට හැකිවිය. ඒ කොටි ත්‍රස්තවාදින් විසින් ආයුධ පටවා ගෙන ආ " මනෝයොෂී" නමි නෞකාවයි. කිසිදු රටක ජාතික ධජයක් හෝ ප්‍රදර්ශණය නොකර තිබු එම නෞකාව ගැන බුද්ධි අංශ විසින් ලබාදි තිබුනු තොරතුරු හා තමන් නිරික්ෂණය කරමින් සිටින නෞකාව අතර මනා සමිබන්ධතාවයක් පවතින බව සැකහැර දැනගත් සුරනිමල ප්‍රහාරක නෞකාවෙි අණදෙන නිලධාරියා ඒ පිලිබදව කොලඹ නාවික හමුදා මෙහෙයුමි මැදිරිය වෙත තොරතුරු සියල්ල වාර්ථා කර ඉදිරි උපදෙස් ඉල්ලා සිටියේය.

චැනල් 16 වලින් නැවට කතා කරන්න. බලන්න මොනවද එයාලා කියන්නේ කියලා.. ඒ කොලඹින් ලැබුනු පලමු උපදෙසයි.

තමන්ට ලැබුනු උපදෙස් අනුව කටයුතු කරමින් සුරනිමල නෞකාවෙි අණදෙන නිලධාරිතුමා ජාත්‍යන්තර නෞකා නීති සමිප්‍රදායට අනුව කටයුතු කරමින් චැනල් 16 ඔස්සේ අදාල සැකකටයුතු එල්.ටි.ටි.ඊ. නෞකාවට ඇමතුවත් එම නෞකාවෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුනේ නැත.

පලමුව ඉංග්‍රිරිසි භාෂාවෙන්ද, දෙවනුව දමිල භාෂාවෙන්ද චැනල් 16 ඔස්සේ ඇමතීමි සිදුකලත් නිසි පිලිතුරු නොලැබුනු තැන සුරනිමල නැවෙි අණදෙන නිලධාරිතැන විසින් දිගින් දිගටම කියා සිටියේ තම ජිවිතය බෙිරා ගැනිමට කැමති අය සිටීනමි " මනෝයෝෂි" නැවෙි සිට මුහුදට පණින ලෙසත්. එසේ පනින අයව නිරුපද්‍රිතව බෙිරා ගන්න තමා ඇතුළු කණ්ඩායම සුදානමි බවත්ය.

එහෙත්, මනෝයෝෂි නැවෙන් සුරනිමල නැවට පිලිතුරු ලෙස ලැබුනේ සැහැල්ලු අවී ප්‍රහාරයකී. තවත් ඉතිං කවර කතාද? මනෝයෝෂි නැවෙන් එල්ලවුනු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට සුරනිමල, ශක්ති, සමුදුර නාවික හමුදා ප්‍රහාරක නෞකාවන් විසින් ආරමිභ කරන ලදි. විනාඩි 45ක් ගතවෙද්දි නාවික හමුදාවෙන් එල්ලවුනු දරුණු ප්‍රහාර හේතුවෙන් කොටි ත්‍රස්තවාදින්ට ආයුධ රැගෙන ආ " මනෝයෝෂී" නෞකාව මුහුදේ ගිලෙන්නට විය. ඒ වන විට වෙිලාව අළුයම 4.00 ට පමන විය.

                               ( ගිනි ගන්නා මනෝයෝෂි නැව)

" සර්.. ටෙරාලගේ පලවෙනි නැව ගිලෙවිවා"  ඒ සුරනිමල නැවෙි අණදෙන නිලධාරිතුමා කොලඹ නාවික හමුදා මුලස්ථානයට ලබාදුන් පලමු සුභ ආරංචියයි..

සුභ පැතුමි... තවත් ඉස්සරහට යන්න. කොලඹින් ලැබුනු පණිවිඩයයී.

පලමුවෙනි කොටි නෞකාව මුහුදුබත් කරන අවස්ථාවෙිදි කොටින්ට ආයුධ රැගෙන පැමිණි " සෙෂීන්" නමි වු දෙවන නෞකාවද හොර රහසේම පලායන්නට පටන් ගත්තේ මනෝයෝෂී නෞකාවට අත්වු ඉරණම එලිපිටම දුටු නිසාය.

සෙෂීන් නැව හොර රහසේ පලායන ආකාරය නාවික හමුදාවෙි සයුර ප්‍රහාරක නෞකාවද නිසොල්මනේ සිට නීරික්ෂණය කලාය. තම අනෙක් ප්‍රහාරක නෞකාවන්ටද සැක කටයුතු නැව ගැන දැනුමි දෙන ගමන්ම අදාල කොටි නැව පසුපස ලුහුබදින්නට පටන් ගත්තේය. පැයකට ආසන්න කාලයක ඇවැමෙන් සයුර හා ශක්ති නෞකා දෙක " සෙෂීන්" නමි කොටි ආයුධ නෞකාව වටකර ගැනීමට සමත් විය.

කොටින්ට ආයුධ රැගෙන ඒමෙි චෝදනාවට සෙෂින් නැව අත් අඩංගුවට ගන්නා බවත්, නැවෙි සිටින සියළුම පුද්ගලයින් නැවි තටිටුවට පැමිණෙන ලෙසත් සයුර නෞකාවෙි අණදෙන නිලධාරියා චැනල් 16 රේඩියෝ සංඥා පද්ධතිය හරහා සෙෂින් නැවට දැනුමි දුන්නත් එයට යහපත් පිලිතුරක් නොලැබිණි.

මදවෙිලාවක් ගතවිය.. සෙෂින් නැවෙන් සයුර නැවට පිලිතුරක් ලැබිණි. ඒ තම නැව කිසිවිටකත් නාවික හමුදාවට යටත් නොවන බවයී. එසේ කියා සිටි සෙෂින් නැවෙන් සයුර නැවට ආර්.පි.ජී. අවි හා සැහැල්ලු අවි යොදාගනිමින් ප්‍රහාරයක් එල්ල කලාය. සෙෂින් නෞකාවටද පෙර ආයුධ පටවා තිබු කොටි නෞකාවට අත්කර දිමට සයුර හා ශක්ති නාවික හමුදා නෞකාවන්ට වැඩි කාල වෙිලාවක් ගතනොවීය. සෙෂින් නැව මුහුදු පතුල සිපගද්දි සැප්තැමිබර් මස 10 වෙනිදා සවස 5 ලෙසින් ඔරලෝසුවෙි වෙිලාව සටහන්වී තිබුනේය. 

                            ( මුහුදුබත් වන සෙෂින් නැව)

සර්... ටෙරාලගේ දෙවෙනී නැවත් ඉවර කලා.. සයුර නැව තම මෙහෙයුමි මුලසථානයේ සිටින ජේෂ්ඨ නිලධාරින් අමතා කියා සිටියාය.

බොහෝම හොදයි... අනීත් එක ගැනත් ඇහ ගහගෙනම ඉන්න... මෙහෙයුමි මුලස්ථානයෙන් ප්‍රහාරක නෞකාවන්ට ලැබුනු නියෝගය එය විය.

නාවික හමුදාව අන්තර්ජාතික මුහුදු සිමාවෙි සිට සිදුකරන මෙම ප්‍රහාර මාලාවන් ගැන ඒ මොහොත වන විටත් කිසිදු භාහිර පුද්ගලයෙකුට දැන ගන්නට නොලැබුනේ එම මෙහෙයුමි සැලැස්ම තුල පැවති මනා සමිබන්ධිකරණය නිසාය. තම තමන්ට පැවරුනු වගකීමි නිසියාකාරව පිලිපැදිමට නාවික හමුදාවෙි ඉහලම සිට පහලම නිලයන්වල සිටි අය ක්‍රියා කලෝය. එම කැපකිරිමි වල ප්‍රථිඵලය දැනටමත් අඩක් සපුරා තිබුනු අතර ඉතිරි කොටසද සමිපුර්න කිරිමෙි අටියෙන් නිල් සයුර මැද සිටි නාවික හමුදාවෙි ප්‍රහාරක හා සැපයුමි නෞකාවෝ ඉදිරියටම ඇදුනේය.

හරියටම සැප්තැමිබර් 11 වෙනිදා රාත්‍රි 11 ට පමන විය. මනෝෂින් හා සෙෂින් කොටි ආයුධ රැගත් නෞකා මුහුදුබත් වුනු ප්‍රදේශයේ සිට නාවික සැතපුමි 70ක් පමන ඇතින් ගමන් කරමින් තිබු කොටි සංවිධානයට ආයුධ රැගෙන පැමිණි " කෝෂියා" නමි නෞකාව නිරික්ෂණය කිරිමට නාවික හමුදා යාත්‍රා සමත්විය.

පෙර පරිදිම නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා විසින් තමන්ට යටත්වන ලෙසට කෝෂියා නැවෙන් ඉල්ලිමි කලත් එයට යහපත් පිලිතුරු නොලැබුනු තැන එම නැව පලායාමට සුදානමි වද්දි නාවික හමුදා ප්‍රහාරක නෞකාවන් විසින් එල්ල කල ප්‍රහාර වලින් කෝෂියා නැව විනාශ විය. ඒ වන විට සැප්තැමිබර් 11 වෙනිදා අළුයම 4.00 පමන විය.

                                            
                  ( නාවික හමුදා ප්‍රහාරයෙන් විනාශ වෙන කොෂින් නැව)

සර්.. තුන්වෙනි නැවත් විනාශ කලා.. ඒ කප්පරක් දහදුක් විදගෙන මුහුදේ සටන් කල නාවික හමුදා රණවිරුවන් එඩිතර හඩින් තම මෙහෙයුමි මුලස්ථානය අමතා ලබාදුන්නේ මෙරට නාවික හමුදා ඉතිහාසය රන් අකුරෙන් ලියැවුනු මෙහෙයුමක අවසන් ප්‍රථිඵලයයී.

නාවික හමුදාපතිවරයා, නාවික හමුදා මෙහෙයුමි අධ්‍යකෂක, බුද්ධි අංශ අධ්‍යකෂකවරයා විසින් මෙම උදාර මෙහෙයුමට සමිබන්ධවු සයුර, සුරනිමල, ශක්ති, සමුදුර යන ප්‍රහාරක නෞකාවන්ට හා A-520 හා A-521 යන සැපයුමි යාත්‍රාවන් වල සිටි සියළුම අණදෙන නිලධාරින්ට හා සෙසු නිලයන්ට සුභ පැතුවෙි හදපතුලෙන්ම නැගි ආ සතුටෙන් යුතුවය.

පැය 24 ක් ගතවීමට පෙර කිලෝමිටර් 1400 ( නාවික සැතපුමි 700) ඇතට ගමන් කරමින් ටොන් 4000කට අධික බරින් යුකත්වු අවි ආයුධ හා සැපයුමි රැගත් කොටි නෞකාවන් තුනක් මුහුදුබත් කල එම නාවික හමුදා යාත්‍රාවෝ නැවත ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර වෙත පැමිණියේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සමිභාවනීය අමුත්තන් රැසකගේ පිලිගැනිම යටතේය.

එදා නාවික හමුදාවෙි ප්‍රහාර වලට ගොදුරුව ගිලී ගිය කොටි නෞකා තුල කොටි නායක ප්‍රභාකරන්ට ගමන් කිරිම සදහා වෙඩි නොවදින ජීප් රථ දෙකක්, මිලිමිටර් 122, 130, 152 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ, මෝටාර් අවි හා මෝටාර් උණ්ඩ, තර්මෝබැරික් අවි ඇතුළු අවි ආයුධ විශාල ප්‍රමාණයක් විය. ප්‍රභාකරන්ගේ සියළු සිහින මාලිගාවෝ නිල්වන් සයුර මැද දියකර හරින්නට නාවික රණවිරුවෝ එදා එසේ සමත් විය.

තමන්ට වුනු අවමානය හා පාඩුව විද දරා ගැනීමට නොහැකිවු ප්‍රභාකරන් නමි මානසික රෝගියා ආබාධිත එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදියෙක් යොදවා එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 2008 වසරේ මැයි මස 9 වෙනිදා ත්‍රිකුණාමලය වරායේ ජැටියේ නවතා තිබු නාවික හමුදාවෙි A-520 නමි සැපයුමි යාත්‍රාව විනාශයට පත්විය. ( 2007 වසරේ නාවික හමුදා මෙහෙයුමට සමිබන්ධවු එක් නාවික සැපයුමි යාත්‍රාවක් වුයේ මෙම A-520 යාත්‍රාවයී).

" හිරු නැගඑන මොහොතේදිත්.....
  හිරු බැසයත්දිත්...........
  අපි ඔබ සැමදා සිහිකරන්නෙමු..."