Friday, January 13, 2012

එක් උණ්ඩයයී... එක බිල්ලයී....!!!!



දිනය    - 2006 වසරේ මැයි මාසයේ 21 වෙනිදා
වෙිලාව  - සවස 4.30
ස්ථානය - මඩකලපුව, වවිනතිවි ප්‍රදේශය

නැගනහිර අහස දෙබැ කරන අවි රශ්මියත් විද දරාගෙන ඉන්නා සෙබළුන් දෙදෙනෙකි. තමන් ඉදිරියෙන් දිස්වෙන සතුරු භුමියේ සිදුවන හැම සිදුවිමක් පිලිබදව ඇස නොහෙලා බලන් සිටිනා මොවුන් දෙස කවුරුන්හෝ ඔිනැකමින් බැලුවත් හදුනාගත නොහැකිවන ලෙස වෙස් වලාගෙන සිටින්නේ ගොදුරක් එනකමි මග රැක සිටිනා බඩගිනි සිංහයින් දෙදෙනෙක් මෙන්ය. බලාපොරොත්තුවු ගොදුර තමන් සමිපයට පැමිණි බව සහයක සෙබලාගෙන් ප්‍රධාන සෙබලාට සංඥාවක් ලැබිණි.

ටාර්ගටි එකට දුර මිටර් 1006, සුලගේ වෙිගය පැයට කිලෝමිටර් 28 යි. නැගනහිරට බරවයි හුලග හමන්නේ. සහයක සෙබලාගෙන් ලැබුනු විස්තරයත් සමග ප්‍රධාන වෙඩික්කරූ සතුව තිබු එමි 107 වර්ගයේ .50 කැලිබර් වර්ගයේ දිගුදුර ගිනි අවියේ සවිකර තිබෙන දුර දක්නයෙන් ඉදිරි ඉලක්කය නියමා ආකරයෙන් ගත් ඔහු ඊලග නිමෙිෂයෙන් තම දබරඇගිල්ලෙන් ගිනි අවියේ ටිගරය මුදාහැරියේ එතෙක් නිශ්ශබිදව තිබුනු අවට පරිසරය දෙවනත් කරමිනි.

නැගනහිර කොටි ත්‍රස්තවාදින්ගේ සන්නද්ධ අංශ නායක රමණන්ගේ ජිවිත කතාවෙි අවසාන තිත තැබුවෙි යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන් එලෙසින්ය. එතෙක් මෙතක් ශ්‍රි ලංකා යුධ ඉතිහාසයේ කොටි ත්‍රස්තවාදින්ට මහත් හිසරදයක්වු යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන්ගේ කතාවයි මෙි...


" එක් උණ්ඩයයි.. එක් බිල්ලයි".. සැගවුනු වෙඩික්කරුවන් ලෙසින් පුහුණුවට එක්වන සියළු හමුදා සෙබළුන්ට ලබා දෙන උද්දෘත පාඨයයී. තම ජිවිතයට වඩා පෙමි බදින කැලිබර් වර්ගයේ ගිනි අවියත් සමග ගිනි කාස්ඨක අවිවෙි වුනත්, හෙන ගහන වැස්සේ වුවත් ස්නයිපර් වෙඩික්කරුවන් තම ගොදුර එන තෙක් මග බලමින් ඉන්නේ ජිවිතේ මිනිසෙක්ට විදින්න පුලුවං උපරිම ඉවසිම තම පුහුණුවෙිදි ප්‍රගුණ කර තිබෙන නිසාය.

මඩකලපුව, වවිනතිවි කොටි ත්‍රස්තවාදින්ගේ ඉදිරි ආරක්ෂක වලල්ලේදි ප්‍රධාන පෙලේ කොටි නායකයෙක්වන රමණන්ට සිදුවුුනු අකරතැබිබය ආරංචි වීමත් සමග වන්නි කොටි නායකයින් සිය ගමන් බිමන් සීමා කලේ රජයේ හමුදාවන්ගේ නවතම උපක්‍රමය පිලිබදව යමි හෝ වැටහීමක් ඔවුන් සතුව නොතිබු නිසාය.

වන්නි සටන් බිම ගිනියමි වෙමින් තිබුනේ ඒ වන විට යුධ හමුදාවෙි 57 වන සේනාංකය මන්නාරම,  සහල් නැලිය නමින් හැදින්වෙන කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහනයේ තිබු උපක්‍රමශිලි අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් බලා සිය මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමත් සමගයි. 
හමුදාවෙි ඉදිරි ගමන අඩාල කිරිමෙි බලාපොරොත්තුවෙන් කොටි ත්‍රස්තවාදින් විසින් විවිධ ආකාරයේ සැලසුමි දියත් කිරිම නිසා හමුදා නායකත්වය අපේක්ෂා කල ආකාරයට සහල් නැලිය ප්‍රදේශය මුදාගැනිමෙි සටන ලෙහෙසි පහසු කාර්්‍යයක් නොවන බව ඒ වන විට භුමියේ සිටින භට පිරිස් වලටද හැගි ගොස් තිබිණි. කුමන ආකාරයෙන් බාධක නැග ආවත් ඉදිරියට යෑමෙි නොනිමි ආසාවෙන් පසුවුනු හමුදා රණවිරුවන්ට කොටින්ගේ බාධක බිදහෙලිමට අවශ්‍ය වුයේ සැගවුනු වෙඩික්කරුවන්ගේ උපකාරයයි.
මන්ද යත්, සහල් නැලිය නමින් හැදින්වෙන ප්‍රදේශය මෙරට සහල් කර්මාන්තයේ තොතැන්නක් බවට පත්ව තිබු කුඹුරු යායක් වන අතර එම භුමි ප්‍රදේශය අක්කර 800 කට වඩා විශාලත්වයෙන් යුතුවෙි. කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයට නතුවුවත් යමි යමි අවස්ථාවන් වලදි එම ප්‍රදේශයේ වී ගොවිතැන් කටයුතු සිදුවුවත් එයද ඉක්මනින් අභාවයට යෑම නිසා අවසානයේදි ඉතිරි වුයේ පුරන්වු කුඹුරු යායක් පමණි. මෙම පුරන්වු කුඹුරු යාය සිමා වන්නේ ඝන කැලැවකටය. හමුදාවෙි ප්‍රහාර හමුවෙි මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ සිට පසුබෑ කොටි ත්‍රස්තවාදින් සහල් නැලිය පසුකරමින් ඝන කැලැවට වැදුනේ පුරන්ව ගිය ගොවිබිමි පුරා මර උගුල්ද අටවමිනි.

සහල් නැලිය ප්‍රදේශයට පැමිණිමත් සමග ඉදිරි මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමට හමුදා නායකත්වයට අසිරු කරුණක් වුයේ පුරන්ව ගිය කුඹුරු යාය නිසා දිවා කාලයේදි හමුදා සෙබළුන්ට ඉදිරියට යෑමට හැකියාවක් නොමැතිවිමයි. භුමියේ අවාසිය තමන් සතුව තිබෙන නිසා එයට එකට එක කිරිම මගින් කොටි නායකත්වයට පාඩමක් ඉගැන්විමෙි මුලික පරමාර්ථයෙනි.

ඒ වන විටත් වන්නි සටන් පෙරමුණේ හමුදා සේනාංක 5 ක් සිය මෙහෙයුමි කටයුතුවල නිරතවිම නිසා ස්නයිපර් බලගණයට අනුයුක්ත වෙඩික්කරුවන්ට කිසිදු විවෙිකයක් නොතිබුනි. වැලිඔය ප්‍රදේශයේදි 59 වන සේනාංකයට අනුයුක්තව සිටි මාක්, ටැංගෝ සහ රයිනෝ යන අනවර්ථ නාම වලින් හැදින්වුනු ස්නයිපර් බලකායේ ප්‍රධාන පෙලේ වෙඩික්කරුවන් තිදෙනාට අමතරව විශේෂ බලකායේ පුහුණුව ලැබු සිවිදෙනෙක් මන්නාරම, සහල් නැලිය ප්‍රදේශයට අනුයුක්ත කරනු ලැබුවෙි කොටි විසින් ලබාදි තිබුනු බාධකය හැකි ඉක්මනින් ජයගත යුතුයි යන අභියෝගයද ලබා දෙමිනි.

තමන්ට ලබාදුන් අභියෝගය කිසිදු පැකිලිමකින් තොරව භාරගත් මාක් ප්‍රමුඛ ස්නයිපර් සෙබළුන් හා විශේෂ බලකායේ කුඩා කණ්ඩායම එදින සවස 6 පසුවනවාත් සමග හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල අතරින් රිංගා ගියේ ඉක්මනට සුභ ආරංචියක් ලබාදෙන බවට 57 වන සේනාංකයේ අණදෙන නිලධාරි එවකට බ්‍රිගේඩියර් ජගත් ඩයස් මහතාට පොරොන්දුවක්ද ලබාදෙමින්ය.

ගොමිමන් අදුරත්.. එලිවෙන හිමිදිරියත් සතුරාට පහරදිම සදහා යොදා ගත හැකි හොදම වෙිලාවයැයී චීන යුධ සෙන්පතියෙක් වරක් සිය හමුදා භට කණ්ඩායමට ප්‍රකාශ කර තිබුනී. තම අරමුණ සාක්ෂාත් කර ගැනිමට නමි මෙි මොහොතේදි කල යුතු හොදම දේනමි චීන සෙන්පතියා කිවි ආකාරයටම සතුරාට නොදැනෙන්න සතුරා අතරට රිංගා ගොස් සිය සැලැස්ම ක්‍රියාත්මක කල යුතු බවට සිතා ගත් හමුදා විශේෂ බලකායේ සෙබළුන් පුරා දින එකහාමාරකට ආසන්න කාලයකින් පසු කොටි ත්‍රස්තවාදින් විසින් ඉදිකර තිබුනු අඩි 15 ක් පමන උසින් යුත් පස් බැමිම අසලට සමිප විය.

තමන් ආසන්නයට හමුදා භට පිරිස් පැමින ඇති බවට කිසිදු මොහොතක නොසිතු කොටි ත්‍රස්තවාදින් තමන් ආරක්ෂිතයැයි සිතමින් අලසව දවස ගෙවමින් සිටියහ. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් හමුදා විශේෂ බලකායේ සෙබළුන් තමන් සතුව තිබු පුපුරණ ද්‍රව්‍ය කොටින්ගේ පස් බැමිමට සවිකර එතැනින් ඉවත්ව ගියේ ස්නයිපර් තුවක්කු කරුවන් දුර සිට ඔවුන්ට ආවරණය සපයමින් සිටිම නිසාවෙනී.

නායක මටිටමෙි යැයී සිතිය හැකි පුද්ගලයින් කිහිප දෙනෙක් ඊට සුළු මොහොතකට පසුව සහල් නැලිය කුඹුරු යාය ආසන්නයේ ඉදි කර තිබෙන තම නවතම ආරක්ෂක උපක්‍රමය පිලිබදව සොයා බැලිමට පැමිණියේ මෙි මොහොතේදිය. තවත් මොන කතාද....???


ලගටම පැමිණි ගොදුර අත්නාරින පුරුද්ද ඉතා හොදින් ප්‍රගුණ කර තිබුනු මාක්, ටැංගෝ හා රයිනෝ ගේ කැලිබර් වර්ගයේ ස්නයිපර් අවි වලින් නිකුත් වුනු උණ්ඩ කොටි නායකයින් තිදෙනාගේ හිස පසාරු කරන් ගියේ එකින් එකාට සිදුවුයේ කුමක්ද කියාවත් ඔවුන්ට සිතා ගැනිමට මදක් හෝ ඉඩකඩ ලබා නොදිමිනි.
තම නායකයින් තිදෙනාට සිදුවුනේ කුමක්ද කියා එතැනට දිව ආ තවත් කොටි සාමාජිකයින් 9 දෙනෙක්ටද  ස්නයිපර් ප්‍රහාරයන්ට ලක්ව ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුනේ ඇසපිය ගහන කාලයටත් වඩා අඩු කාලයකිනී.
ඒත් සමගම එකවර හෙන හඩක් නංවමින් කොටි ත්‍රස්තවාදින්ගේ පස් බැමිම පුපුරා ගියේ හමුදා විශේෂ බලකාය විසින් තමන් සවි කල පුපුරණ දුව්‍ය පුපුරුවා හැරිමත් සමගය. හමුදාවට ඉතා වෙහෙසකර මෙහෙයුමක් බවට පත්ව තිබු මන්නාරම, සහල් නැලිය ප්‍රදේශය බෙිරා ගැනිම සදහා එදා සැගවුනු වෙඩික්කරුවන් කල මෙහෙය අතිමහත්ය.




තමන් කල මෙහෙය නිසා ලක් මතාව ලැබු නිදහස ගැන ඔවුන් කිසි දිනක, කිසි මොහොතකදි උදමි ඇනුවෙි නැත. කිසිම විටකදි ඒවාට අයිතිවාසිකමි කිවෙිද නැත... මන්ද ඔවුන් සැගවුනු වෙඩික්කරුවන් නිසාවෙනි... ඔවුන් සැමවිටම පෙමි කලේ තම අතරැදි ගිනි අවියටයි...


" සතුරා මා ඉදිරියේ හිදි... ඔවුන් මා වට කරගෙන සිටියි... මගේ මෙහෙයුම මරණයයී.. එය ඔවුන්ට උදාකර දෙන තුරු මා නොනවතිමි"....

(මතු සමිබන්ධයි)

Monday, January 2, 2012

ලෙයින් සේදි ගිය යාපා පටුන- ( දෙවන කොටස)



තද හිරු රශ්මියෙන් යාපා පටුනේ හතර කොන ගිනියමිව තිබුනා. ගිනි අවිය තුරුලු කරන් හිටපු හමුදා සොල්දාදුවන්ට ගිනියමි පරිසරයෙන් ලද පිඩාවට මදක් හෝ සිසිලක් ගෙන දුන්නේ පේදුරුතුඩුව දෙසින් හමා ආපු කරදිය සුලග පමණයී. කටු කමිබි වලින් වට වෙචිච මුහමාලෙයි ඉදිරි ආරක්ෂක තිරුවෙන් ඔබිබට උකුසු නෙත් යොමු කරගෙන හිටපු හමුදා සොල්දාදුවන්ට මහන්සියක් නොදැනුනේ කොයි මොහොතක හෝ කොටි ත්‍රස්තවාදින් ගෙන් ප්‍රහාරයක් එල්ල වෙියිදෝ යන දෙගඩියාව හිතේ කොනක තිබුනු නිසායි.

දින දෙක-තුනක් ගෙවි ගියත් උතුරු යුධ බිමෙි කිසිදු හැල හොල්මනක සේයාවක්වත් දකින්නට නොලැබුනු නිසා තමන්ට ලැබුනු බුද්ධි අංශ වාර්ථාවෙි කුමන හෝ අඩුපාඩුවක් තිබුනාදෝ යන්න ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ හිත්වල සැකයේ සේයා මතුව තිබුනා. එහෙත් කුමන හෝ හේතුවක් නිසාවත් තමන් මෙතක් අනුගමනය කල ආරක්ෂක සැලැසුමිවල වෙනසක් සිදු නොකිරිමට ඔවුන් තීරණය කරන ලදියි. කුමන මොහොතකදි හෝ එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදින්ගෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සදහා අමතර ප්‍රහාරක සේනාංක ලෙස 55 වන සේනාංකයට අනුයුක්තව ගුවන් සංග්‍රාමික බලකායත් ( එයාර් මෝබයිල් ටිමි) , 53 වන සේනාංකයට අමතර ප්‍රහාරක කණ්ඩායමි ලෙසට කමාන්ඩෝ බලඇණි දෙකකුත් අනුයුක්ත කිරිමට පියවර ගත්තේ ප්‍රහාරක ශක්තිය ත්‍රිව කිරිමෙි බලාපොරොත්තුවෙනි.



මෙි සියළු ප්‍රහාරක කණ්ඩායමි වලට අමතරව කරනල් රැල්ෆ් නුගේරා විසින් අණදුන් පාබල යාන්ත්‍රික බලකායද යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථානගත කර තිබුනේ එම බලකාය සතුව තිබුනු වෙඩි නොවදින රථ යොදා ගෙන සතුරු ආක්‍රමණයකදි සතුරා අතරටම භට පිරිස් රැගෙන ගොස් ප්‍රහාර එල්ල කිරිමෙි හැකියාව තිබුනු එකම බලකාය මෙය නිසාවෙනි.

ඒ, 2008 වසරේ සැප්තැමිබර් මාසයේ පලමු සතියේ දිනයකදි කොටින් ගේ ඉදිරි ආරක්ෂක තිරුවෙි ඔත්තු බලමින් සිටි යුධ හමුදා කමාන්ඩෝ සෙබළුන් පිරිසකට අමුතුම ආකාරයේ සිදුවිමි මාලාවක් නිරික්ෂණය කරන්නට හැකියාව ලැබිණි. හමුදා නිල ඇදුමට සමාන ඇදුමි වලින් සැරසුනු කොටි සාමාජිකයින් 75-100ක් අතර පිරිසක් නායකයෙක් යැයි සිතිය හැකි පුද්ගලයෙක්ගේ උපදෙස් මාලාවකට සවන් දෙමින් සිටිනා ආකාරයත්, දිගින් දිගටම වැන්, බස් යොදා ගනිමින් නාගර් කෝවිල් ඉදිරි ආරක්ෂක තිරුවට කොටි සාමාජිකයින් රැගෙන එන ආකාරයයි.

තමන්ගේ නිරික්ෂණයන් පිලිබදව ඉහල හමුදා නිලධාරින්ට දැනුමි දුන් කමාන්ඩෝ සෙබළුන් පිරිස කොටි සාමාජිකයින් පැමිණිය හැකි බවට සැක කරන මාර්ගයක මිටර් 200 ක කලාපයක්  ආවරණය වන පරිදි ක්ලේමෝ බෝමිබ කිහිපයක් සවිකර සැගවි සිටියේ කුමන මොහොතකදි පැමිණෙන කොටි සාමාජිකයින්ට ආයුබෝවන් කියා පිලිගැනිමෙි දැඩි ආසාවෙන් යුතුවයි.
පැය කිහිපයක ඇවැමෙන් පසුව හමුදා ඇදුමට සමාන ඇදුමි ඇදගත් කොටි සාමාජිකයින් 10 දෙනා බැගින්වු කණ්ඩායමි දෙකක් වෙන් වෙන්ව මිටර් 10 ක පරතරය තබාගෙන හොර බළලුන් මෙන් හමුදා පාලන ප්‍රදේශයට ඇතුල්විමෙි අරමුණින් පැමිණෙන අයුරු කමාන්ඩෝ සෙබළුන් නිරික්ෂණය කලහ. 


මෙි එන එකදු කොටි ත්‍රස්තවාදියෙක් හෝ පණ පිටින් තමන් බෝමිබ ඇටවු සිමාව පසුකර නොයා යුතු බවට කණ්ඩායමි භාරව සිටි කමාන්ඩෝ බලකායේ කපිතාන්වරය අනෙක් සෙබළුන්ට නියෝගය දෙන ලදියි. තමන් ගමන් කරන්නේ මලපුඩුවකට බව නොදැනම එම කොටි සාමාජිකයින් 20 දෙනා සෙමින් සෙමින් ක්ලේමෝ බෝමිබ සවිකර තිබුනු ප්‍රදේශයට ඇතුල් වෙමින් තිබුනු අතර අවසාන කොටි සාමාජිකයාත් තමන්ට අවශ්‍ය ස්ථානයට ඇතුල්වෙනවාත් සමගම හාත්පස පරිසරයම ගිගුමි හඩ නංවමින් ක්ලේමෝ බෝමිබ පුපුරා ගියේ එකදු කොටි ත්‍රස්තවාදියෙක්ට හෝ නැවත වරක් මෙි ලක් භුමියට අයිතිවාසිකමි කිමට අවස්ථාවක් උදා නොකර දෙමිනි.

තමන්ට නැවත වරක් රජයේ හමුදාවන්ගෙන් එල්ලවු මෙම ප්‍රහාරයත් සමග කොටි ත්‍රස්තවාදින් එදින සවස් යාමය පසුවි ගොමිමන් කළුවර වැටෙනවාත් සමග හමුදා පාලන ප්‍රදේශයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරිම ඇරඹන ලදි. කොටි ත්‍රස්තවාදින්ගේ කාලතුවක්කු ප්‍රහාර වලට පිලිතුරු වශයෙන් රජයේ හමුදාවන් විසින් මිලිමිටර් 122, 130, 152 කාලතුවක්කු අවි සහ මල්ටි බැරල් රොකටි ප්‍රහාරයන් එල්ල කලෝය. කොටි ත්‍රස්තවාදින්ගේ කාලතුවක්කු ප්‍රහාරයන්ට අමතරව මිලිමිටර් 60, 82 වර්ගයේ මෝටාර් ප්‍රහාරයන්ද දිගින් දිගටම මුහමලේයි හා නාගර් කෝවිල් හමුදා ඉදිරි ආරක්ෂක තිරුවට එල්ලවුනී.

මෙම ප්‍රහාරයන් සමග එදින අලුයම 1ට පමන කොටි ත්‍රස්තවාදින් 1000ක් පමන නාගර් කෝවිල් හා මුහමලේයි ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කරගනිමින් සිය ප්‍රහාර එල්ල කිරිම ආරමිභ කෙරිනි. කොටි ත්‍රස්තවාදින් විසින් එල්ල කල ප්‍රහාරය ඉතා දැඩිවු අතර ඔවුන් ක්‍රමක් ක්‍රමයෙන් හමුදා ඉදිරි ආරක්ෂක තිරුව ආක්‍රමණය කිරිමට සමත් විය.

කොටි ත්‍රස්තවාදින් සමග කරට කර සටන් වදිමින් සිය ඉදිරි ආරක්ෂක කලාපයේ බලය රැක ගැනිමට හමුදා සෙබළුන් සිය ජිවිත පරිත්‍යාගයෙන් සටන් වදිමින් පසුදා උදැසන 5 පමන වන විට කොටි ත්‍රස්තවාදින් 70 කට අධික පිරිසක් මරා දැමිමට සමත්විය. කොටින්ගේ ප්‍රහාරයන්ට ගොදුරුව හමුදා සාමාජිකයින් 12 දෙනෙක්ද සිය ජිවිතයෙන් සමුගෙන තිබුනු අතර තවත් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබිණි.

                                  ( මුහමලේ කොටි බංකරයක්)
නැගෙනහිරින් හිරු කිරණ යාපා පටුනට එබි බලමින් සිටිද්දි එක්වරම ඈත ක්ෂිතජයෙන් මතුවු ගුවන් හමුදා මිග්-27 ප්‍රහාරක ජෙටි යානා 3ක් කොටි ත්‍රස්තවාදින්ගේ බර අවි ස්ථානගත කර තිබු ප්‍රදේශයට එදින සිය පලමු ගුවන් ප්‍රහාරය එල්ල කරන ලදි. මිග් යානා සිය ප්‍රහාරය අවසන් කර නැවතත් පලාලි ප්‍රදේශයට ඉහල අහසින් කටුනායක ගුවන් පථය බලා ගමන් කරද්දි කෆීර් ප්‍රහාරක යානා 3ක් හා එෆ්-7 වර්ගයේ ප්‍රහාරක යානා 2ක් පැමින කොටින් විසින් ඒ වන විට භුමියේ භට පිරිස් සමග මුහුනට මුහුණලා සටන් කරමින් සිටි ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදි.

භුමියේ සිටි හමුදා භට පිරිස් උපක්‍රමශිලි පිලිවෙතක් අනුගමනය කරමින් මුහමලේයි හා නාගර් කෝවිල් සිය ඉදිරි ආරක්ෂක තිරුවෙන් පසු බැස ගොස් සිටි අතර කොටි ත්‍රස්තවාදින් එය තමන් ලැබු ජයග්‍රහණයක් ලෙස සලකා තවත් ඉදිරියට යැමෙි අභිලාෂයෙන් දෙවන හමුදා ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කරගෙන සිය ප්‍රහාරයන් දියත් කරන ලදියි.
      
ඊලාමි යුධ ඉතිහාසයේදි කොටි ත්‍රස්තවාදින්ට අමතක නොවන පාඩමක් ඉගැන්විම සදහා ඒ වන විටත් යුධ හමුදා කමාන්ඩෝ, ගුවන් සංග්‍රාමික හා පාබල යාන්ත්‍රික බලසේනාංකවල සෙබළුන සැදි පැහැදි සිටින ලදි. ලද ජයග්‍රහණයෙන් ඔදවැඩි ගිය කොටි ත්‍රස්තවාදින් විශ්මයට පත් කරමින් පලමු හා දෙවන හමුදා ඉදිරි ආරක්ෂක තිරුව අතරදි ඔවුන් මැද්දට කඩා වදිමින් හමුදා භට පිරිස් දිගට හරහට සිය ප්‍රහාරන් දියත් කිරිම නිසා හිස්ලු ලු අත දිවයනවා හැරෙන්න කොටින්ට වෙන කරන්නට ඉතිරි උනු දෙයක් නැති විය.

             
පැය 3ක් යෑමට මත්තෙන් නැවත වරක් සිය ඉදිරි ආරක්ෂක තිරුවෙි බලය අත්පත් කරගත් හමුදා භටපිරිස් එතැන් සිට කොටි ත්‍රස්තවාදින්ගේ පාලන ප්‍රදේශයන් ඉලක්ක කරගනිමින් සිය මෙහෙයුමි ආරමිභ කරන ලදියි.
කොටින්ට අමතක නොවන පාඩමි රැසක් උගන්වමින් යාන්ත්‍රික පාබල බලසේනාංකය පෙරටු කර ගනිමින් 55 හා 53 වන සේනාංක වල සෙබළුන් කොටි ත්‍රස්තවාදින් පසුපස හඹායමින් ප්‍රහාර එල්ල කරද්දි, ඉදිරියට ඇදෙන හමුදා භට පිරිස් සදහා සහය දැක්විමට ගුවන් හමුදා ප්‍රහාරක ජෙටි යානා එදින සිය 7වන ගුවන් ප්‍රහාර මාලාවද කොටින්ගේ හිස මතට පතිත කලේ ඔවුන්ට කොහේ ගියත් බෙිරුමක් නැති බව පසක් කර දෙමිනි.
මෙි අතර කොටි සාමාජිකයින් තනි කර ප්‍රාදේශිය නායකයින් පැන යන බවත්, ඔවුන්ට අණ දෙමින් සිටි එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සන්නද්ද අංශ නායකයින් වන භානු, බාල්රාජ් යන ජේෂ්ඨ නායකයින් සිය පණිවිඩ හුවමාරු යන්ත්‍ර හරහා භුමියේ සටන් කරන සිය සගයින්ට කරනා තර්ජණයන් ගැනද යුධ හමුදා සංඥා බලකාය හා බුද්ධි අංශ නිලධාරින් ඒ වන විටත් ඇහුමිකන් දෙමින් සිටින ලදියි.

කොටි නායකත්වය හා පහල මටිටමෙි යුධ වදින සාමාජිකයින් අතර ඇතිව තිබෙන මෙි විරසකභාවය මනා ආයුධයක් කරගත් හමුදා භට පිරිස් කොටි ත්‍රස්තවාදින් අලිමංකඩ දක්වා පන්නා දැමිම සදහා මෙි හොදම අවස්ථාව බව ඉවෙන් මෙන් වටහා ගන්නා ලදියි.
         
කෙසේ හෝ කොටි ත්‍රස්තවාදින් 150කට අධික සංඛ්‍යාවකට මරු කැදවමින් 53 හා 55 වන හමුදා සේනාංක සිය ආධාරක බල ඇණිවල සහය ලබාගනිමින් කොටි ත්‍රස්තවාදින් වසර ගණනාවක් තිස්සේ සිය බලය තහවුරු කරගෙන සිටියි මුහමලේයි හා නාගර් කෝවිල් ප්‍රදේශයේ බලය සියතට ගැනිමට සමත්විය.
ජයසිකුරු මෙහෙයුමෙන් පසු යාපනය අර්ධද්ධිවිපයේදි කොටි ත්‍රස්තවාදින්ට අත්වු දරුණුතම හා ලැජ්ජාසහගත පරාජය ලෙසට මෙම ප්‍රහාරය ඉතිහාසගත වන අතර මෙම පරාජයත් සමග කොටි ත්‍රස්තචාදින්ට අලිමංකඩ හා පරන්තන් සිය පාලන ප්‍රදේශවලද බලය තහවුරු කර ගැනිමෙි ගැටළුවකට මුහුන දිමට සිදුවෙමින් තිබිණි.

( ඔපරේෂන් අලිමංකඩ ඉදිරියේදි බලාපොරොත්තු වන්න)

Sunday, January 1, 2012

කිලිනොචිචි නගරය කොටින්ගෙන් මුදවා ගත්ත ඒ විරෝධාර හමුදා ජයග්‍රහණයට අවුරුදු දෙකක්



නුඹෙි ලෙයින් සේදි ගිය මවිබිමෙි..
නිදහසින් ඇවිද යන සෑම මොහොතක් පාසා...
නුඹ එදා සටන් බිමෙිදි පෑ විරුකමි සිහියට නැගෙනවා..
කාගේ කවිද කියා නොදන්නවා උනත් පෑ ඒ ලෙංගතු සිනහව නිසා....
එක් මොහොතකට වුවත් නුඹලා හා කතා කරන්න වරමි ලැබුනා....
ලද කෙටි විවෙිකයේදි අතේ තිබුනු දෙයක් බඩට දාගත්තේ ආයේත් දකින්න වරමි ලැබෙිද කියා දෙගිඩියාව හිතේ පුරෝගනයි...
කවිද හිතුවෙි යුද්දේ මෙිතරමි ඉක්මනට ඉවරවෙයි කියා....
මොනවා උනත් එදා ඇරඹුනු ඒ ලෙංගතුකම ... හිතවත්කම අදත් තිබෙනවා...
රණවිරුවෙක් විලස නුඹ එදා දිවිපිදුවා කිලිනොචිචී සටන් බිමෙිදි...
හෙටට නුඹ දිවිපුදලා වසර දෙකක් පිරෙනවා...
නුඹ මගේ සොහොයුරෙක් නොවුනත්.. ලේ නෑයෙක් නොවුනත්...
අපි ඔක්කෝම එකම මවකගේ දරුවන් වුනා.... ඒ නිමෙිෂයෙදි..
නුබෙි අතේ ගිනි අවීය.. මගේ අතේ පැන...
ලෝකයේ වඩාත් භයානක අවි දෙක අත දරන් එදා ඇවිද ගිය මරණයේ සෙවනැලි පිරුනු මාවත
අද මල් පිපුනු සුන්දර මාවතක්...
එන්න සොයුර ඇවිද යන්න... නුඹ දිනා දුන් ඒ දේශයේ අරුමය දකින්න.....
කවුරු නැතත් නුඹලා මතකයි මට අද වාගේ....


( කිලිනොචිචි නගරය කොටින්ගෙන් මුදවා ගත්ත ඒ විරෝධාර හමුදා ජයග්‍රහණයට හෙටට ඒ කියන්නේ 2011 ජනවාරි 02 වෙනිදාට අවුරුදු දෙකක් පිරෙනවා. ඒ සටනේදි දිවිපිදුව අපේ රණවිරුවන්ව සිහිකරන්න කියලා කෘතගුණ සැලකිමෙි අගය දන්නා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා)....

ලෙයින් සේදි ගිය යාපා පටුන.... (පලමු කොටස)



ඒ 2008 වසරේ අගෝස්තු මාසයයී. වන්නි සටන් පෙරමුණ වෙනදාට වඩා කාර්්‍යබහුලත්වයකින් පිරිතිබුනේ කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව ඒ වන විටත් සටන් පෙරමුණු 4කින් යුධ හමුදා භට කණ්ඩායමි සිය මෙහෙයුමි දියත් කරමින් සිටිම නිසයි.
මුලතිවි සහල් නැලිය ප්‍රදේශයෙන් බ්‍රිගේඩියර් ජගත් ඩයස් ගේ අණදිම මත 57වන සේනාංකයත්, බ්‍රිගේඩියර් ශවෙින්ද්‍ර සිල්වාගේ අණදිම මත 58වන සේනාංකය පුනරින් ප්‍රදේශය ඉලක්ක කරගනිමිනි. 53
හා 55 වන සේනාංක පිලිවලින් මුහමාලෙයි හා නාගර් කෝවිල් ප්‍රදේශයේ සිය මෙහෙයුමි ක්‍රියාත්මක කරමින් සිටින ලදියි.

කොටි ත්‍රස්තවාදින් විසින් සිය ඊලාමි යුධ ඉතිහාසයේදි රජයේ හමුදාවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ලද වඩාත් සාර්ථකම ගරිල්ලා මෙහෙයුම යැයි කියා ගන්නා " නොනවතින රැල්ල" මෙහෙයුමෙන් පසුව රජයේ හමුදාවන් යාපනයේ අර්ධද්ධිවීපයේ සිය පාලනය යටතේ පවත්වාගෙන යෑමට සමත්වන ලදියි. ඒ අලිමංකඩ හමුදා සංකිර්ණය සිය පාලනයෙන් මිදිම නිසායි. කොටි ත්‍රස්තවාදින් හා රජයේ හමුදා අතර යාපනය ඉදිරි ආරක්ෂක වලල්ල පිහිටා තිබුනේ නාගර්කෝවිල් හා මුහමලේයි කියන ප්‍රදේශයන් ආශ්‍රිතවයී. අවුරුද්දේ නොවැමිබර් සිට ජනවාරි මාසය දක්වා ඇද හැලෙන ඊසාන දිග මෝසමි වර්ෂා කාලයට හැරෙන්න අනෙක් කාලවලදි දැඩි අවිරශ්මියකින් පිඩාදෙන යාපනය අර්ධද්ධිවීපය යුද්ධයේ සෙවැනැලි හොල්මන් කරමින් සිිටියේ පසුගිය වසර 25 කට අධික කාලයක සිටයි.

හිටි ගමන් රජයේ හමුදාවන්ට ප්‍රහාර එල්ල කල යුතු යැයි සිතනා කොටි ත්‍රස්තවාදින් සිය කාලතුවක්කු හා මෝටාර් අවි යොදාගෙන විටෙන් විට මුහමාලෙයි හා නාගර් කෝවිල් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට ප්‍රහාර එල්ල කරමින් සිටියේ කුමන ආකාරයකින් හෝ හමුදා සෙබලුන් තම ප්‍රහාර වලට දක්වන ප්‍රතිප්‍රහාර පිලිබදව යමි තක්සේරුවක් ලබා ගැනිමෙි අරමුණින් යුතුවය. කොටි ත්‍රස්තවාදින්ගේ කාලතුවක්කු ප්‍රහාරවලට පිලිතුරු ලෙසින් බොහෝවිට රජයේ හමුදාවන් ගෙන් ලැබුැන් යුක්රේනයේ හා චීනයේ නිෂ්පාදිත මල්ටි බැරල් රොකටි ප්‍රහාරයක් නිසා එතින්න් එහා ප්‍රහාරයකට කොටි ත්‍රස්තවාදින් සිතන්නට පෙලඹුනේ නැත්තේ තවත් ඉල්ලන් කෑමට තරමි ශක්තියක් ඔවුන්ට නොතිබු නිසාය.

දිිගින් දිගටම තමන්ගේ බල ප්‍රදේශයන් අහිමිවීමෙි සමිභාවිතාව වැඩිවිම නිසා කොටි නායක ප්‍රභාකරන්ට නැවත වතාවක් සිය උපන් ප්‍රදේශය වන වැල්වැටිතුරෙයි ගමිමානය පිහිටි යාපනය අර්ධද්ධිවීපයෙන් තමන්ට වාසනාව ඇත්දැයි උරගා බැලිමෙි ආශාවක් ඇතිවුනේ මෙි කාලසීමාවෙිදිය. තමන්ගේ සටන් ප්‍රධානින් සමග දිර්ඝ වශයෙන් සාකචිජා කිරිමෙන් අනතුරුව මුහමලෙයි හා නාගර් කෝවිල් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට පහරදි එම ප්‍රදේශයන් සිය පාලනයට නතුකර ගත යුතු බවට කොටි නායකයා අවසානයේදි තිරණය කරන ලදියි.


        

කොටි ත්‍රස්තවාදින් කුමන වෙලාවකදි හෝ මුහමලේයි, නාගර් කෝවිල් ඉදිරි ආරක්ෂක කලාපයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරිමෙි හැකියාවක් තිබෙන බවට යුධ හමුදා බුද්ධි අංශය විසින් යුධ හමුදා මුලස්ථානයට හා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ අඥාපතිව සිටි මෙිජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරිටද රහසිගත වාර්ථාවක් ලබාදි තිබුනී.
කොටි ත්‍රස්තවාදින් විසින්ගේ පෙර සුදානම පිලිබදව සොයා බැලිම සදහා දිනපතාම කොටි අඩවියට රිංගා යෑමට යුධ හමුදාවෙි විශේෂ බලකායේ භටයින්ට සිදුවිය. වන්නි සටන් බිමෙදි තමන්ට මුහුන දිමට සිදුවු කටුකත්වයට වඩා ඉතා දරුණු ගණයේ කැපකිරිමි රාශියක් සිදුකිරිමට මෙහිදි යුධ හමුදා විශේෂ බලකායේ සෙබළුන්ට සිදුවිය. ඒ අතර ප්‍රධාන වුයේ උදෑසන 10-11 වන විට යාපනය අර්ධද්ධිවිපයේ බිමෙන් නැගෙන උෂ්නත්වය දරාගෙන සිටිමින් භුමියේ තිබෙන පරිසරයට අනුව අනුගත වෙමින් ඔත්තු බැලිම සිදුකිරිම අනිවාර්්‍ය බව තමන්ට ලබාදුන් විශේෂ බලකා පුහුණුවෙි සියළු ධර්මතාවයන් සිහියට ගනිමින් මෙම විරෝධාර සෙබළුන් අඩිය තියන්න බැරි අවි රස්මියෙන් ගිනියමිවු යාපා පටුනේ භුමියේ පදුරු හා වැලි තලාවන් යටටවී සිය සතුරා දිහා සිය උකුසු දැස් දල්වා බලා සිටියේ ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ගයන් කුමක්ද යන්න පිලිබදව මනා වැටහීමක් ලබාගැනිමෙි අටියෙනී. 


       
විශේෂ බලකායේ සෙබළුන් සිය රාජකාරිය දේවකාරිය ලෙස සිතා මෙවැනි කැපකිරිමි කරද්දි යුධ හමුදා ස්නයිපර් ( සැගවුනු වෙඩික්කරුවන්) බලකායේ සෙබළුන් කොටි ත්‍රස්තවාදින්ගේ නායකයින් ඉලක්ක කර ගනිමින් මුහමලේ ඉදිරි ආරක්ෂක තිරුවෙි හොල්මන් කරමින් සිටියේ එකදු නමගිය කොටි නායකයෙක්ට හෝ යාපනය ඉදිරි ආරක්ෂක තිරුවට පය තැබිමෙි ආදිනව දෙවරක් සිතා ගැනිමටද ඉඩ නොතබාය.

                

මුහමලේ තම ඉදිරි ආරක්ෂක වලල්ලේ යුධ සුදානම බැලිමට පැමිණි එල්.ටි.ටි.ඊ. සංවිධානයේ දෙවන පෙලේ නායකයෙක්වු බාස්කරන් හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනා තල්ගස් කදන් වලින් සැදු බංකරයකටවී ඉදිරි මෙහෙයුමි හා සුදානම ගැන කතා කරමින් සිටියදි අගලකට වඩා අඩු තල්ගස් කදන් දෙකක හිඩැසකින් පියාඹා ආ ස්නයිපර් ප්‍රහාරයකට ගොදුරුවි මරුවැලද ගත්තේ කොටි සාමාජිකයින් පවා පුදුම කරමිනී. එම ස්නයිපර් ප්‍රහාරයෙන් පසු මිය ගිය කොටි නායක බාස්කරන් හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනාගේ මලසිරුරු රැගෙන යැමට දින දෙකක අවැමෙන් පසු පැමිණි කොටි කණ්ඩායමෙි සාමාජිකයින් 6 දෙනෙකුටද බාස්කරන් ගිය මග යන්න යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන් ඉඩ සලසා දෙන ලදියි.

තම නායකයින්ට තියා තමන්ටවත් නිදහසේ එලියට බහින්න බැරි කම තියාගෙන හමුදා පාලන ප්‍රදේශ ආක්‍රමණය කිරිමෙි හැකියාව ඇත්දැයි යන්න සිතා ගැනිමට ඉඩක් නොතබමින් ඉහලින් ලද නියෝගයකට අනුව තම මෙහෙයුම ඉතා ඉක්මනින්ම ඇරඹිමය යුතු යැයි කොටි සාමාජිකයින්ට අණ ලැබිනි.

( මතු සමිබන්ධයි)