Sunday, January 1, 2012

කිලිනොචිචි නගරය කොටින්ගෙන් මුදවා ගත්ත ඒ විරෝධාර හමුදා ජයග්‍රහණයට අවුරුදු දෙකක්



නුඹෙි ලෙයින් සේදි ගිය මවිබිමෙි..
නිදහසින් ඇවිද යන සෑම මොහොතක් පාසා...
නුඹ එදා සටන් බිමෙිදි පෑ විරුකමි සිහියට නැගෙනවා..
කාගේ කවිද කියා නොදන්නවා උනත් පෑ ඒ ලෙංගතු සිනහව නිසා....
එක් මොහොතකට වුවත් නුඹලා හා කතා කරන්න වරමි ලැබුනා....
ලද කෙටි විවෙිකයේදි අතේ තිබුනු දෙයක් බඩට දාගත්තේ ආයේත් දකින්න වරමි ලැබෙිද කියා දෙගිඩියාව හිතේ පුරෝගනයි...
කවිද හිතුවෙි යුද්දේ මෙිතරමි ඉක්මනට ඉවරවෙයි කියා....
මොනවා උනත් එදා ඇරඹුනු ඒ ලෙංගතුකම ... හිතවත්කම අදත් තිබෙනවා...
රණවිරුවෙක් විලස නුඹ එදා දිවිපිදුවා කිලිනොචිචී සටන් බිමෙිදි...
හෙටට නුඹ දිවිපුදලා වසර දෙකක් පිරෙනවා...
නුඹ මගේ සොහොයුරෙක් නොවුනත්.. ලේ නෑයෙක් නොවුනත්...
අපි ඔක්කෝම එකම මවකගේ දරුවන් වුනා.... ඒ නිමෙිෂයෙදි..
නුබෙි අතේ ගිනි අවීය.. මගේ අතේ පැන...
ලෝකයේ වඩාත් භයානක අවි දෙක අත දරන් එදා ඇවිද ගිය මරණයේ සෙවනැලි පිරුනු මාවත
අද මල් පිපුනු සුන්දර මාවතක්...
එන්න සොයුර ඇවිද යන්න... නුඹ දිනා දුන් ඒ දේශයේ අරුමය දකින්න.....
කවුරු නැතත් නුඹලා මතකයි මට අද වාගේ....


( කිලිනොචිචි නගරය කොටින්ගෙන් මුදවා ගත්ත ඒ විරෝධාර හමුදා ජයග්‍රහණයට හෙටට ඒ කියන්නේ 2011 ජනවාරි 02 වෙනිදාට අවුරුදු දෙකක් පිරෙනවා. ඒ සටනේදි දිවිපිදුව අපේ රණවිරුවන්ව සිහිකරන්න කියලා කෘතගුණ සැලකිමෙි අගය දන්නා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා)....

No comments:

Post a Comment