Thursday, March 22, 2012

කොටින්ට යන එන මං නැති කල හමුදා සුනාමිය..



වසර දෙකහාමාරකට පෙර ආරමිභවු හතරවන ඊලාමි යුද්ධයේ අවසානය කෙමෙන් කෙමෙන් උදා වෙමිනා තිබුනී. " කොටි ත්‍රස්තවාදය ඉදිරි වසරේදි ශ්‍රි ලංකාවෙන් අතුගා දමනවා" ඒ.. රණබිමෙි සැමදා නම රැන්දු අභීත රණවිරුවන්ගේ එඩිතර හඩයි.

ඒ 2008 වසරේ දෙසැමිබර් මාසයයි. උදුවප් මහේ සීතල පරදවා දිගින් දිගටම ඇදහැලෙන ඊසාන දිග මෝසමි වර්ෂාවට පිං සිද්ධ වෙන්න උතුරේ වැඩි භුමි ප්‍රදේශයක දගින්නට ලැබුනේ ජල ගැලීමි තත්වයන්ය. කුමන ආකාරයේ බාධක ආවත් ඒ සියල්ල දරාගනිමින් ශ්‍රි ලංකා යුධ හමුදාවෙි රණවිරුවන් සුපුරුදු ආකාරයෙන්ම සිය මෙහෙයුමි කටයුතු ඉදිරියට කරගෙන ගියේ ඉක්මනින්ම තම උපන් බිම කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගැනිමෙි ඒකායන බලාපොරොත්තු වෙන් බව එක එල්ලේ දිස්වෙන හැම මුහුනකම ඇදුනු ඉරියවි කියා පෑවා.




යුධ හමුදාවෙි 58 වන සේනාංකය ඒ වන විටත් පරන්තන් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් සිය මෙහෙයුමි කටයුතු දියත් කර තිබුනු අතර 57 වන සේනාංකයේ රණවිරුවන් හතරවන ඊලාමි යුධ ඉතිහාසයේ තවත් එක් රන් පිටුවක් පෙරලීමෙි අරමුණින් පිඹුරුපත් සකස් කරමින් සිටියේ එය ඉතාමත් සුක්ෂම හා රහසිගත කටයුත්තක් ලෙස සලකාය.

එවකට බ්‍රිගේඩියර් නිලයේ සිටි 57 වන සේනාංකාධිපති ජගත් ඩයස් ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකචිජාවක් සුදානමි පැවත්වුයේ 2008 වසරේ අවසාන වන්නට දින කිහිපයක් තිබියදීය. එම රැස්වීම සදහා 571, 572 හා 574 බලසේනාධිපතිවරුන්, බුද්ධි අංශ නිලධාරින් හා කාලතුවක්කු රෙජිමෙින්තුවෙි නිලධාරින් පමනක් සහභාගිවී සිටියාය.

එම රැස්වීම ඉතා තිරණාත්මක එකක් විය. 57 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජගත් ඩයස් මහතා තමාට ඉහලින් ලැබුනු නියෝගයන් හා සැලසුමි ප්‍රකාරව භුමියේ භට පිරිස් වලට අණදෙනු ලබන සේනාංකාධිපතිවරුන්ට ඉදිරි සැලසුමි සියල්ලම පැහැදිලි කර දුන්නේ අතරින් පතර ඇතිවු යමි ගැටළු පිලිබදව සාකචිජා කර ඒචාට එවලේම විසදුමිද ලබා දෙන ගමන්ය.

මෙි අතර යාපනය අර්ධද්ධිවීපයේ නාගර්කෝවීල් හා මුහමලේ 53 වන හා 55 වන සේනාංකයන් ඒ වන විට කොටි ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් ආරමිභ කලේ දෙසැමිබර් 29 වෙනිදා රාත්‍රි කාලයේදීය. එම ප්‍රහාරයේ මුලික අරමුණ වුනේ කොටි ත්‍රස්තවාදින්ගේ අවධානය වෙනතකට යොමු කරන ගමන්ම ඔවුන්ට අයත් කොටි පාලන ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමටයී. එම බලාපොරොත්තුව මුදුන්පමුනවමින් යුධ හමුදාවෙි 53 වන හා 55 වන බලසේනාංකයන් විසින් කොටි ඉදිරි ආරක්ෂක වලල්ල අත්පත් කර ගත් අතර කොටි ත්‍රස්තවාදින් අලිමංකඩ දක්වා පසු බැසීම ආරමිභ කලේ හමුදාවෙන් තමන්ට එල්ල වන දැඩි ප්‍රහාර වලට මුහුන දීමට තිබෙන අපහසුතාවය නිසාම බව හමුදා සෙබළුන් දැනගත්තේ ඔවුන්ගේ රේඩියෝ හුවමාරු පණිවිඩ වලට සවන් දිමෙනී.




මෙි අතර 58 වන සේනාංකයද පරන්තන් හංදියට කිලෝමිටර් 3ක් පමන ඈතින් ස්ථානගතව සිටියේ තමන්ට අණ ලැබුනු සැනින් පරන්තන් හංදිය අත්පත් කර ගැනිමෙි අභිලාෂයෙනි. මෙසේ සියලු කටයුතු සිදුවෙමින් පවතිද්දී 57 වන සේනාංකයට අයත් රණවිරුවන් සිය තීරණාත්මක මෙහෙයුම ආරමිභ කිරිමට සුදානමිව සිටියේ නොඉවසිලිවන්තවය.

හරියටම දෙසැමිබර් 30 වනදා රාත්‍රි 10ට පමන මෙතෙක් වෙලා තමන් බලාපොරොත්තුව සිටි මෙහෙයුම ආරමිභ කිරිමෙි සංඥාව ලැබුනු 57 වන සේනාංකයේ රණවිරුවන් රාත්‍රි අන්ධකාරයේ වුවත් සෙමින් සෙමින් ඉදිරියට ඇදුනේ තමන් ඉදිරියට පැමිනෙන ඔිනෑම අභියෝගයක් ජය ගෙන මිස නැවත එන්නේ නැහැ කියන උදාර වු සිතුවිල්ල සිතින් තුරුළු කරගෙනමය.

571 වන බලසේනාංකයේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කල ලුතිනන් කර්නල් හරේන්ද්‍ර රණසිංහගේ නායකත්වයේන් යුත් භට පිරිස් කිලිනොචිචී නගරයේ දකුණු දෙසින් පිහිටි දුමිරිය ස්ථානය දෙසින්ද, 574 වන සේනාංකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සේනක විජේසුරිය ඇතුළු භට පිරිස් ඉරණමඩු හංදිය දෙසින් කිලිනොචිචී නගරය ඉලක්ක කර ගනිමින් සිය ප්‍රහාර ආරමිභ කරන ලදියි.

ලුතිනන් කර්නල් ධමිමික ජයසුන්දරගේ අණදිම යටතේ සටන් වදිමින් සිටියි 572 වන බල සේනාංකය සිය ප්‍රහාරයන් 571 හා 574 බලසේනාංකයන් වලට මැදිව හිදිමින් එල්ල කරමින් ඉදිරියටම ඇදුනේ කොටි ත්‍රස්තවාදින්ට සිදුවන්නේ කුමක්ද යන්න පිලිබදව හෝ යමි තරමකින්වතා සිතා ගන්නට ඉඩක් ලබා නොදමින්ය.

මෙි අතර කිලිනොචිචී නගරය මුදා ගැනීමෙි සටන් පවතින අතර තුරදි කොටි ත්‍රස්තවාදින්ට කිලිනොචිචීය, අලිමංකඩ ප්‍රදේශය යා කරමින් පැවති එකම සැපයුමි මාර්ගයේ ප්‍රධාන ස්ථානයක්වු " පරන්තන්" මංසන්ධිය අත්පත් කර ගන්නැයි ඉහලින් ලැබුනු නියෝගයන්ට අනුව කටයුතු කල බ්‍රිගේඩියර් ශවෙින්ද්‍ර සිල්වා ගේ අණදිම යටතේ ඉදිරියට ඇදුනු 58 වන සේනාංකය සිය ඉලක්කය සාක්ෂාත් කර ගනු ලැබුවෙි පැය 4 ක පමන කෙටි මෙහෙයුමකින් අනතුරුවය.

පරන්තන් මුදාගැනිමෙි පුවත කොළඹ සිටි හමුදා ප්‍රධානින්ට සැලවීමත් සමග 58 වන සේනාංකයට තවත් මෙහෙයුමක් සදහා කැදවීමක් ලැබුනී. ඒ කිලිනොචිචීයට දකුණු දෙසින් සටන් කරමින් සිටින 571 වන බලසේනාංකය සමග සමිබන්ධවන ( ෆ්ලැන්ක්) ලෙසයි. පරන්තන් හංදියේ සිට ඉතා කෙටි කාල සිමාවක් තුලදි ඉදිරියට ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට පැමිනි 58 වන සේනාංකයේ සෙබළුන් 571 වන සේනාංකයත් සමග සමිබන්ධ වීමත් සමග කොටි ත්‍රස්තවාදින්ට ඉතා දරුණු ගණයේ ප්‍රහාර මාලාවකට මුහුන දීමට සිදුවිය.


දිගින් දිගටම කෙලවරක් නොමැති ප්‍රහාර වලින් හෙමිබත්ව සිටි කොටි නායකයින් දෙදෙනෙක් අතර සිදුවු කතා බහක් ශ්‍රවනය කිරිමට 572 වන බලසේනාංකයේ පණිවිඩ හුවමාරු ජාලයේ සිටි හමුදා බුද්ධි අංශ සමාජිකයින්ට මෙහිදි අවස්ථාව උදාවිය. මෙහිදි කොටි නායකයින් වන දීපන් හා වෙල්ලවන් සිය ඉහල අණදෙන නිලධාරින්ට කියා සිටියේ, " කොයි පැත්තෙන් ගහනවද කියලා අපිට තාමත් හිතා ගන්න බැහැ. අපේ බන්කර් ලයින් එකට කෙලිනුත් ඇටෑක් කරනවා වගේම සයිඩිස් ( පැති ප්‍රහාර) වලිනුත් ඇටෑක් කරනවා. හරියට සුනාමියක් ගහනවා වගෙයි. අපි බොහොම අමාරුවෙන් ලයින් එක අල්ලන් ඉන්නේ. දැනටමත් සමහරු පැනලා යනවා. පුලුවන්නමි උන්ව අල්ලලා ආපහු එවන්න නැත්නමි උන්ට වෙඩි තියාල මරලා දාන්න".

ඒ 2009 වසරට හිරු උදාවෙමින් තිබුනේ දහසකුත් එකක් බලාපොරොත්තු මෙි ලක්දෙරණට ජනිත කරවමින් බව කවුරුත් නිකමටවත් නොසිතන්නට ඇති. උතුරු යුධ පෙරමුණේ සිදුවන කිසිම දෙයක් ඒ වන විට දකුණු ලකේ ජනතාවට දැනගන්නට ඉඩ නොලැබීම එයට ප්‍රධානතම හේතුව විය.



2009 වසරේ ජනවාරි පලමුවෙනිදා උදෑසන 8 පමන වන විට 57 වන හා 58 වන යුධ හමුදා සේනාංකයන් කොටි නායක ප්‍රභාකරන්ගේ සිහින නගරය හෙවත් කිලිනොචිචී නගරයට ඇතුල් වුයේ කොටි නායකයාගේ අවසානය ලග බව ඔහුට රතු එලියක් දල්වමින්ය.

නගරයට ඇතුල්වුනු හමුදා සෙබළුන් කොටින්ගේ මර උගුල් ඉවත් කරමින් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමි දියත් කලේ සැගවි සිටින කොටි ත්‍රස්තවාදින් සිටීනමි එය තමන්ගේ ආරක්ෂාවට විශාල තර්ජණයක් වන බව ඔවුන් සක්සුදක්සේ දැන ගෙන සිටිය නිසාවෙනි.

ජාතියේ පිනට පහලවුනු අපේ රණවිරුවන් කිලිනොචිචී නගරය අත්පත් කර ගත්තේ විජයග්‍රහණයේ සුවද ටිකෙන් ටික තමන්ගේ පපුව ඇතුලට පුරවා ගන්නා ගමන් ඉතිරිව තිබෙන තම වැඩ කොටසද ඉක්මනින් අවසන් කර දයේ දරුවන්ට කොටි ත්‍රස්තවාදයට යලිත් අපගේ ලක්දැයේ හිස එසවීමෙි ඉඩකඩ නොතබන බවට දිවුරමින්ය.