Thursday, February 28, 2013

ඇමරිකාවෙි කිඹුල් කදුළු











ශ්‍රි ලංකා යුධ හමුදාව යුධ අපරාධකරුවන් කියා කොටින්ගේ න්‍යාය පත්‍රයට හැඩ ගැහෙමින් කිඹුල් කදුලු හෙලන ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල අළුත්ම බිල්ල සිරියාව බව අප කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්. ඉරාකයේ සදාමි හුසේන්ගෙන් ඇරඹුනු මෙම බිලි ගැනිමෙි ක්‍රියාවලිය ඉන් පසුව ඉතා සැලසුමි සහගතව ක්‍රියාත්මක වුයේ ලෝකයේ බලවතා කියන අකුරු කිහිපයට යටත් වෙමින්ය.

ලෝකයේ පොලිස්කාරායට අත් උදවි දෙන්න (කඩෙි යන්න) තවත් මිත්‍ර රටවල් එකතු වුයේ තමන්ගේ රාජ්‍යන්ට ඔවුන්ගේ ඇස් යොමු වුනොත් එයින් බෙිරිමෙි අදහසින් බව නොරහසකි. මෑත ඉතිහාසයේදි ඊජිප්තුවටද, ඉන් පසුව ලිබියාවටද නිදහස ලබාදිමට යැයි කියමින් පවතින රාජ්‍ය නායකයාට හා එහි පාලන තන්ත්‍රයට එරෙහිව කැරලිකරුවන් නිර්මාණය කොට උසි ගන්වා එවන ඇමරිකාවෙි සී.අයි.ඒ. සංවිධානය ප්‍රමුඛ මිනිමරු කුලි හේවායින්ය.

රට තුල ඇතිවන කැරලිකාර තත්වය පාලනය කිරිමට අදාල රටවල රාජ්‍ය නායකයින් කටයුතු කරනා විට එහිදි මානව හිමිකමි උල්ලංඝනය වු බව පවසමින් එම රටවලට විරුද්ධව මාධ්‍ය වාර්ථා හා අනිසි බලපෑමි එල්ල කිරිමට ඇමරිකාව ප්‍රමුඛ රටවලින් පෝෂනය වන හියුමන් රයිටිස් වොචි ඇතුළු මානව හිමිකමි සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන ඉදිරියට එන්නේ කලින් සැලසුමි කර ගත් න්‍යාය පත්‍රයට අනුවය.

ත්‍රස්තවාදයට එරෙහිව සිටින බව පුන පුනා කියන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල සැබැ ස්වරූපය නමි ලොව ත්‍රස්තවාදය සදහා ආයුධ, මුදල්, ඖෂධ ආදි පහසුකමි එලිපිට සැපයිමය. ඔවුන් එසේ කරනු ලබන්නේ මානව හිමිකමි කියන අකුරු කිහිපයට මුවාවී ගෙනය. පසුගිය දශක 2-3 ක කාලය තුලදි සිදුවුයේ එයය.

එහෙත් මානව ඉතිහාසයේ දරුණුතම කලු පැල්ලම සටහන් කලේ ඇමරිකාවම බව අද ඔවුන්ට අමතකය. යුධ අපරාධ සිදුකල බවට සදාමි හුසේන්ට චෝදනා කරන ඇමරිකාව කිසිදු දිනක ජපානයේ හිරෝෂීමා සහ නාගසාකී වෙත පරමාණු බෝමිබ හෙලිම ගැන තමන්ට එරෙහිව කිසිදා පරික්ෂණ පැවැත්තුවෙි නමි නැත. සිදුකලේ ඒවා සාධාරණීයකරණය කිරිම පමණි. කාමිබෝජය හා වියටිනාම යුද්ධයන්ද මෙයට සමාන මුහුණුවරක් ගත් බව ඉතිහාසය අපට මතක් කර දෙනවා නොඅනුමානය. මන්දයත්, ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල් යනු තම ශරිරයෙන් බැහැරව යන දේ අල්ලා නැවත ආහාරයට ගැනීමට සුදානමි ආකාරයේ සුනඛ රැලක් මිස කිසිදු ආකාරයෙන් ජාතික වීරයින් නොවන බව මදක් කල්පනා කර බැලුවහොත් ගෙදර ඉන්නා පුංචි අතදරුවාට පවා ඒත්තු යනවා ඇත.

ඇමරිකාවට කාලයෙන් කාලයට විවිධ ආකාරයේ වෙස් පෙරලීමි සිදුවන බව ඉතිහාසය ඔිනෑවටත් වඩා සාක්ෂි දරනවා ඇත. එහි අළුත්ම සෙල්ලම ඊයේ රාත්‍රියේදි කරලියට පැමින තිබෙි.
ඒ අළුත්ම වෙස් පෙරලීම නමි සිරියානු රජයට එරෙහිව සටන් වදින කැරලිකාර කණ්ඩායමි සදහා ආධාර ලබාදිමට ඇමරිකාව පලමු වරට ප්‍රසිද්ධියේම සහය පලකිරිමය. ඉතිං අතීතයේදි ඉරාකයට, ඊජිප්තුවට හා ලිබියාවට අත්වු ඉරණම තවත් නොබෝ දිනකින් සිරියාවටද සිදුවන ආකාරය අපට මාධ්‍ය හරහා දැක ගැනීමට පුලුවන් වනවා නොඅනුමානය.

ලිබියානු කැරලිකාර හමුදාව සමග එක්වු සී.අයි.ඒ. ප්‍රමුඛ කුලි හේවායින්ට තමන්ගේ සිතැගි ආකාරයට මිනි මැරිමට, ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනිමට තවත් අවස්ථාවක් සිරියානු රටෙිද අතපය දිග හැර කරගෙන යෑමට අවශ්‍ය වෙිදිකාව දැනටමත් තනාදි අවසානය.

පසුගිය කාලයේදි ශ්‍රි ලංකාවටද උදාවන්නට ගියේ මෙවැනිම තත්වයක් බව අප කවුරුත් නොදන්නා කරුණකි. එහෙත් එම න්‍යාය පත්‍රය තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්ම කිරිමට නොහැකි වුයේ මිට වසර 9 කට පෙර දේශපාලනිකව සිදුවු යමි දෙයක් හේතුවෙනි. නුමුත්, සත්‍ය නමි අප රටට, හමුදාවට එරෙහිව තවමත් ඇමරිකාව ප්‍රමුඛ දුෂිත බටහිරයින්ගේ හස්තය දිගුව තිබෙන බවයි. මන්දයත්, ජිනීවා මානව හමිකමි කවුන්සිලය ඇතුළු එක්සත් ජාතින්ගේ න්‍යාය පත්‍රයට යටත්ව

ඉදිරියේදිත් අප රටට එරෙහිව මෙවැනි යුධ අපරාධ චෝදනා නැගෙනවා නොඅනුමානය.
චැනල් 4 ඇතුළු බටහිර මාධ්‍යන් අප රටට, හමුදාවන්ට එරෙහිව දුෂකයින්, මිනිමරුවන් බව චෝදනා නගනවා නොඅනුමාය. එහෙත් සත්‍ය නමි ශ්‍රි ලංකාව නමි ඉන්දියන් සාගරයේ මුතු ඇටයට මුවාවී ඇමරිකාව ප්‍රමුඛ බටහිරවාදින් සිය යුධ අපරාධ වසා ගැනීමෙි නිර්ථක උත්සහයක යෙදිමයි. එයට හොදම සාක්ෂිය ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය ඇතුළු රටවලට එල්ල කල ගුවන් ප්‍රහාර හා ගොඩබිමි ප්‍රහාර හේතුවෙන් විනාශ කල අහිංසක මිනිසුන්ගේ ජිවිත සංඛ්‍යාව අදටත් රහසක්ව පැවතීමයි.

ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවල් කෙතරමි පොහොසත් වුවත්, බලවත් වුවත් ඔවුන් කරනා මෙම අපරාධ හේතුවෙන් ඔවුන්ට දඩුවමි දිම සිදු කරන්නේ ස්භාවධර්මයෙන් බව ඔවුන්ට ලගදිම ඒත්තු යනවා නොඅනුමානය. මන්දයත්, 2005 වසරේදි ඇමරිකාවට බලපා කැත්‍රිනා සුලි සුලගත් සමග අපරාධයන්ට දඩුවමි දිම ස්භාවධර්මයා විසින් දැනටමත් අරඹා ඇත.