Saturday, December 31, 2011

හිතේ උපන් සහෝදරත්වය නිසා....

                                            (" හිස් අහස" ලියන සදරු)
මෙි සටහන ලියන්නේ මගේ හිතේ ඉපදුනු සහෝදරත්වය නිසයි.. මොකද මට බිලොග් අඩවියක් ලියන්න උපකාර කරපු ඒ සහෝදරයා ගැන තවත් හංගන්න මට කිසිම උවමනාවක් නැති නිසා. බිලොග් කරණයේ යෙදෙන අපි හැමෝටම ලොකු සතුටක් හිතට දැනෙන දවසක් අද.. මොකද අද අපේ එකෙක්ගේ ආර්ටිකල් එකක් ජාතික පත්තරේක පලවෙලා තියෙන නිසා. බලන්න ලොකු ආසාවක් හිතේ තිබිබ නිසා දවසකදි නුඹට නොකියාම අමිපාරේ එන්න හිතන් උන්නේ. ඊට කලිං උඹෙි රූපේ දකින්න වාසනාව උදා උනු නිසා සංතෝෂයි.....
තවත් දිගටම ලියන්න නුඹට හයිය හත්තිය ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා....

සදරුවෝ.... ඇත්තටම නුඹ මනුස්සකමින් පිරුනු සහෝදරයෙක්... ඒ මනුස්සකම නිසයි මෙි පුංචි සටහන.....!!

හැමදාම නුඹට ජයවෙිවා....

නදුන්...!!!!

නව වසරේදි.....

2011 වසර ගෙවිලා යන්න තව තියෙන්නේ පැය 10 කටත් අඩු කාලයක් විතරයි. ගෙවි යන වසරේ අපි කරපු කියපු දේවල් ගැන අපි කාගෙත් හිතේ සතුට, දුක මිශ්‍ර වෙලා ඇති. කාටත් තමන්ගේ ජිවිතේ ජයගත යුතුයි කියලා අරමුණු ගොඩාක් හිතේ තියෙන්න ඇති. ඒත් සමහර විට ඒ අරමුණු ජය ගන්න බැරුව ගියා කියලා තමන්ට දෝෂාරෝපණය කර ගන්නේ නැතුව මෙි එලැඹෙින නව වසරේදිත් තමන්ගේ ඉලක්කය කරා ගමන් කරන එක තමයි වැදගත්ම දේ.

මෙි එලැඹෙින නව වසරේදිත් අපිට අළුත් අභියෝග එල්ල වෙිවී... ඒ හැමදෙයක්ම ජය ගන්න සුදානමි ආත්ම ශක්තියත්, ධෛර්්‍යත් සියළු දෙනාටම ඇති වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා.......

ඉතිං...මෙි බිලෝග් අඩවිය කියවන සියළුම දෙනාටත්.. මට බිලෝග් කලාවට එන්න අතහිත දුන්න " හිස් අහස ලියන දයාබර සදරු සහෝදරයාටත්" ඒ වගේම බිලෝග්කරණයේ යෙදෙන අනෙක් සියළුම සහෝදර, සහෝදරියන්ටත්.. ලබන්නාවු 2012 වසර සුභම සුබ නව වසරක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා....!!!!