Saturday, May 19, 2012

විජයග්‍රාහි සැමරුමි උළෙල කදුලින් නැහැවු ඔබ.....(පලමු කොටස)

                      

තම ජිවිතය හෝ ආත්ම ආරක්ෂාව ගැන නොසිතා උපන් දේශයත්, තම සහෝදර සෙබළුන්ගේ ජිවිතය ආරක්ෂාව උදෙසා යුධ බිමෙිදි දිවි කැප කල අභීත රණවිරුවන් 15 දෙනෙක් සදහා පිරිනැමුනු පරම වීර විභුෂණ පදක්කමි පිරිනැමීම අද තුන්වන නිදහස් සැමරුමි උළලෙදි ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඊලාමි සිහිනය පරාජය කිරීම සදහා රුදිරු එල්.ටි.ටි.ඊ. සංවිධානය සමග දිවි පරදුවට තබා සටන් වැදුනු අපගේ වීරෝධාර රණවිරුවන් තම උපන් මවිබිම වෙනුවෙන් ලේ, දහදිය වගුරා දිනා දුන් නිදහස තුල කවිරුත් නොකියු නොඇසු කතා සිය ගණනක් තිබෙන බව නොරහසකී. රණබිමෙි වීරත්වයෙන්, දේශභක්තියෙන් උපන් උදාර හැගීම නිසා ඒ අභීත රණවිරුවන් තම අද දවස අපගේ හෙට දිනය වෙනුවෙන් කැප කලේ රන්මසු බලාපොරොත්තුවෙන් බව සක්සුදක් සේ පැහැදිලිය.


අද දින පරම වීර විභුෂණ පදක්කමෙන් පිදුමි ලැබු අපගේ දේශයේ පිනට පහලවු ඒ වීර පුතුන් ගැන තොරතුරු බිදක්ඃ-




මෙිජර් ජේ.ඒ.එල්. ජයසිංහ ( නිලධාරි අංකයඃ 64314./ 3 වන විශේෂ බලකාය)

                                           

කොටි ත්‍රස්තවාදින් විනාශ කිරිම සදහා විශේෂ පුහුණුව ලැබු ශ්‍රි ලංකා යුධ හමුදාවෙි විශේෂ බලකායේ දිගු දුර මෙහෙයුමි බලකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කල මෙිජර් ජේ.ඒ.එල්.ජයසිංහ ඇතුළු කුඩා කණ්ඩායමක් 2008 නොවැමිබර් මස 14 දින ඔඩිඩුසුඩාන් කොටි පාලන ප්‍රදේශය බලා පිටත් වුයේ කොටි නායකයින් කිහිප දෙනෙක්ව මරු වසගයට යැවීමෙි ඒකායන අභිප්‍රායෙනි. සෙමෙන් සෙමෙන් වුවත් ඉතා මනා අධික්ෂණයෙන් යුතුව මාන්කුලමි-ඔඩිඩුසුඩාන් මාර්ගය අසලදි සිය මෙහෙයුම නිමා කල ඔවුන් නැවත හමුදා පාලන ප්‍රදේශය කරා එන අතර තුරේදි කොටි ත්‍රස්තවාදින්ගේ ඇස ගැටුනී.
එහිදි කොටි ත්‍රස්තවාදින් සමග ඇතිවු ගැටුමෙිදි අණදෙන නිලධාරි මෙිජර් ලලිත් ජයසිංහ හා තවත් එක් දිගු දුර මෙහෙයුමි බලකායේ රණවිරුවෙක් තුවාල ලැබු අතර, කොටි ත්‍රස්තවාදින්ගෙන් සිය කුඩා කණ්ඩායම බෙිරා ගනිමින් ඔවුන්ව හමුදා පාලන ප්‍රදේශය කරා රැගෙන ඒමත්, තුවාල ලැබු තම සහෝදර සෙබලාගේ දිවි බෙිරා ගැනීම උදෙසා වීරෝධාර ලෙස සටන් වැදුනු මෙිජර් ලලිත් ජයසිංහ ඔහුට එල්ලවු ප්‍රහාර නිසා ඇතිවු තුවාල හේතුවෙන් 2008 වසරේ නොවැමිබර් 21 දින දැයෙන් සමුගන්නා ලදියි.

කොටි නායක ප්‍රභාකරන්ගේ හීතෙෂියි හා කොටි ගුවන් බලකායේ නිර්මාතෘ ශන්කර් නමි කොටි නායකයා මන්නාරමි කොටි පාලන ප්‍රදේශයේදි එලොව යැවීම සදහාවු මෙහයුමට අණදුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ( පරම වීර විභුෂණ) රණවිරුවා දිගු දුර මෙහෙයුමි බලකාය වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල උසස්ම නිලධාරියාද වෙි.

 

මෙිජර් කේ.ඒ.ගමගේ ( නිලධාරි අංක 64743- පලමුවන විශේෂ බලකාය)


                                             


2009 වසරේ අප්‍රේල් මස 19 වෙනිදා රාත්‍රියේදි කොටි ත්‍රස්තවාදින් පවා පුදුමයට පත් කරමින් යුධ මුක්ත කලාපය වටා ඔවුන් ඉදිකර තිබු පස්බැමිම හරහා ගොස් කොටි ත්‍රස්තවාදින්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කල කපිතාන් කේ.ඒ.ගමගේ ඇතුළු විශේෂ බලකා කණ්ඩායම යුධ මුක්ත කලාපයේ සිටි අහිංසක සිවිල් වැසියන්ට රජයේ පාලන ප්‍රදේශයන් කරා ඒමට අවස්ථාව උදාකර දුන්නේ ඒ ආකාරයටය.
මෙහිදි අහිංසක දමිල සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙසින් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන කොටි ත්‍රස්තවාදින්ට ඉතා උපක්‍රමශිලිව ප්‍රහාර එල්ල කරමින් සිය කණ්ඩායමෙි සෙසු නිලධාරින්ගෙත්, දමිල වැසියන්ගේ ජිවිත රැසක් බෙිරා ගැනීමට ක්‍රියා කල කපිතාන් කේ.ඒ.ගමගේ (පරම වීර විභුෂණ) කොටි ත්‍රස්තවාදින්ගෙන් එල්ලවු ප්‍රහාර නිසා සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කලේ ලොව සාර්ථකම මුදාගැනිමෙි මෙහෙයුමට සිය දායකත්වය ලබා දෙමින්ය.



 කපිතාන් යු.ජි.ඒ.එස්. සමරණායක ( නිලධාරි අංක 65746- 9 වන ගැමුණු බලකාය)
                            
                               


සිවුවන ඊලාමි යුද්ධයේදි කොටි සංවිධානයේ ප්‍රධාන බලකොටුවක් වන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය අත්පත් කර ගැනිමෙි අභිලාෂයෙන් ශ්‍රි ලංකා යුධ හමුදාව විසින් දියත් කල මෙහෙයුමෙිදි කොටි ත්‍රස්තවාදින්ගේ පාලන ප්‍රදේශයෙන් කොටසක් අත්පත් කර ගැනීමට සමත් වුයේ දරුණු සටනකින් පසුවය.

හමුදාව විසින් අත්පත් කර ගත් භුමි ප්‍රදේශය නැවතත් සිය ග්‍රහණයට ගැනිමෙි අරමුණෙන් කොටි ත්‍රස්තවාදින් 2009 වසරේ මාර්තු 02 වෙනිදා සිය උපරිම වෙඩි බලය හා පිරිස් බලය යොදා ගනිමින් හමුදා භට පිරිස් වෙත ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදියි. පෙර පැවති සටනේදි හමුදා සෙබළුන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා සිටියි අතර දිගින් දිගටම එල්ල වන හමුදා ප්‍රහාර නිසා සිය ඉදිරි ආරක්ෂක වලල්ල කොටින් අතට පත්වීම වලක්වාලීම සදහා සිය සහෝදර සෙබළුන් සමග කොටින්ට එරෙහිව සටන් වැදුනු කපිතාන් සමරණායක ( පරම වීර විභුෂණ) එහිදි සිදුවු තුවාල නිසා දැයෙන් සමුගත්තේ සිය සෙබළුන්ගේ ජිවිත රැසක්ද, සිය මාතෘභුමියද බෙිරා දෙමිනී.



කපිතාන් එචි.ජී.එමි.කේ.අයී.මෙිගවර්ණ  ( නිලධාරි අංකඃ 66514- 9 වන ගැමුණු රෙජිමෙන්තුව)


                                        

කොටි ත්‍රස්තවාදින්ගෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය මුදා ගැනීම සදහා හමුදාව දියත් කල මෙහෙයුමෙිදි කාණ්ඩ භාර අණදෙන නිලධාරියෙක් ලෙස කටයුතු කල ලුතිනන් මෙිගවර්ණ සිය හමුදා භට කණ්ඩායම සමග කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව සාර්ථකව ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදුනේ කොටි බන්කර් හා මරඋගුල් සුනු විසුනු කර දමමින්ය.

මෙහිදි කොටි ත්‍රස්තවාදින් තමන්ට අහිමිවුනු ප්‍රදේශයෙන් නැවත අත්පත් කර ගැනීම සදහා දියත් කල ප්‍රහාරයේදි ලුතිනන් මෙිගවර්ණ ඇතුළු භට පිරිස් ගොදුරු විය. කොටි ත්‍රස්තවාදින් වෙතින් එල්ලවු දරුණු ප්‍රහාර වුවද නොසැලි සිය භට කණ්ඩායම සමග සිය මාතෘභුමියේ භෞමික අඛණ්ඩතාවය උදෙසා සටන් වැදුනු ලුතිනන් මෙිගවර්ණ ඇතුලු කණ්ඩායමෙි සැලකිය යුතු පිරිසකට ඒ වන විටත් තුවාල සිදුවී තිබුනී. තමන්ට කොතරමි දරුණු තුවාල සිදුව තිබුනත් සිය සටන් සගයින් ප්‍රතිකාර සදහා පිටත් කර හැර අමතර භට පිරිස් සිය සහයට පැමිණෙන තුරු අනෙක් සෙබළුන්ට නායකත්වය දෙමින් සටන් වැදුනු කපිතාන් එචි.ජේ.එමි.කේ.අයි. මෙිගවර්ණ (පරම වීර විභුෂණ) සිය දෙනෙත් පියා ගත්තේ රට ජාතිය බෙිරා ගැනීම උදෙසා ලබාදුන් උදාර පරමාර්ථය නිසාය.


සාජන්ටි එචි.ජී.එස්. බණ්ඩාර (සෙ/අං- 511904. 4 වන විජයබාහු රෙජිමෙින්තුව)

                 
  මානුෂීය මෙහෙයුමෙි උචිජතම අවස්ථාව වු නන්දිකඩාල් කොටි පාලන ප්‍රදේශය අත්පත් කර ගැනීම සදහා හමුදා භට කණ්ඩායමි සිය අවසන් සටන් ආරමිභ කල අවස්ථාවෙිදි නන්දිකඩාල් කලපුව හරහා පැන යෑමට තැත් කරන කොටි ත්‍රස්තවාදින්ව නිරික්ෂණය කර පහර දිමට සාජන්ටි එචි.ජී.එස්. බණ්ඩාර ඇතුළු සෙබළුන් 8 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක්ට පැවරි තිබුනු රාජකාරියයී.

සිය භට කණ්ඩායමත් සමග නන්දිකඩාල් කලපුව මධ්‍යයේ පිහිටි කුඩා දුපතක ස්ථානගතවු සාජන්ටි බණ්ඩාරට වැඩි වෙිලාවක් ගතවන්නට පෙර 150 දෙනෙක්ගෙන් යුත් කොටි ත්‍රස්තවාදින් කණ්ඩායමක් නිරික්ෂණයවු අතර, අමතර භට පිරිස් පැමිණෙන තෙක් බලා සිටියහොත් ඔවුන්ට පැන යෑමට අවස්ථාව උදාවෙිතැයි සිතු ඔහු ඇතුළු කුඩා කණ්ඩායම තමන් සතු උපරිම වෙඩි බලය යොදා ගනිමින් කොටි ත්‍රස්වාදින්ට එරෙහිව සටන් ඇරඹිය.


දෙපාර්ශවය අතර දරුණු ගැටුමක් පැවති අතර මෙහිදි කොටි ත්‍රස්තවාදින්ගේ ප්‍රහාර වලින් සාජන්ටි බණ්ඩාර ඇතුළු සෙසු භටයින් දරුණු ලෙස තුවාල ලබා සිටියාය. තම අමතර භට පිරිස් ගැටුම පැවති ස්ථානය වෙත ලගාවු පසු තුවාල ලබා සිටි සිය සගයින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඉවත් කර ගන්නා තුරු එතැනින් අඩියක් හෝ පස්සට නොගිය සාජන්ටි එචි.ජී.එස්. බණ්ඩාර ලබා සිටියි දරුණු තුවාල නිසා සිය අවසන් හුස්ම පොද ලක් මාතාවගේ ගෞරවය උදෙසා පුජා කලේය.


යුධ බිමෙි දැක්වු මෙම උදාරතරම කැප කිරිම නිසා 4 වන විජයබාහු රෙජිමෙින්තුවෙි සාජන්ටි එචි.ජී.එස්.බණ්ඩාරට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.


  (මතු සමිබන්ධයි)