Monday, March 26, 2012

අපරාධයට වසර 12ක් ගතවුවත් ගැලවීමක් නැහැ



2000 වසරේ මාර්තු මාසයේ 31 වෙනිදා අනුරාධපුරය ප්‍රදේශයේදි රැසියාවෙි නිෂ්පාදිත ඇන්ටනෝවි-26 වර්ගයේ ගුවන් යානාවක් බිම වැටුනා ඔබ කාට කාටත් මතක ඇතියි. එදා මෙම ගුවන් අනතුරින් යාපනයේ සිට කොළඹ බලා එමින් තිබු ගුවන් යානයේ සිටි යුක්රේන් ජාතික ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළුව රණවිරුවන් 40 දෙනෙක් මිය ගියාය.

එදා මෙම ගුවන් අනතුරට හේතුව යානයේ ඇතිවු කාර්මික දෝෂයක් බව සිතා සිටියත් අද වන විට එය සත්‍යයක් නොවන බව තහවුරු කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ සිටින ඉතා දක්ෂ නිලධාරින් කණ්ඩායමක් සමත්ව සිටිනවා.

එදා ( 2000 වසරේ) මාර්තු මාසයේ 30 වෙනිදා අනුරාධපුරයට ආසන්න විල්පත්තු කැලෑවෙි සිටි කොටි සාමාජිකයින් දෙදෙනා ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයකින් එල්ල කිරිම නිසා මෙම ඇන්ටනෝවි-26 ගුවන් යානය විනාශවු බව හෙලි කර ගැනීමට ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

පසුගියදා අත් අඩංගුවට ගනු ලැබු මෙම කොටි ත්‍රස්තවාදින් දෙදනාගෙන් සිදුකල දිර්ඝ ප්‍රශ්න කිරිමි රැසකින් අනතුරුව තමන් සිදුකල මිසයිල ප්‍රහාරය ගැන තොරතුරු ඔවුන් විසින් හෙලිකර තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රහාරයට යොදා ගත් ගුවන් නාශක මිසයිලයේ බහා තිබු ඇසුරුමි කොපුව පවා ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම ගුවන් යානා අනතුර වෙලා අවුරුදු 12 ක් සමිපුර්ණ වෙන්න තව දවස් 5 යි තියෙන්නේ. අපි සංතෝෂ වෙනවා අවුරුදු 12ක් ගත වෙලත් මෙම ප්‍රහාරය කුමන හේතුවක් නිසා වුනු එකක්ද, ඒකට සමිබන්ධ වැරදිකරුවන් අත් අඩංගුවට ගන්න ලැබීම ලොකු සතුටක් බව මෙම පරික්ෂණ මෙහෙයවු නිලධාරින් පවසා සිටියි.

( ශාපලත් කොටි ත්‍රස්තවාදයේ අළුයට ගිනිපුපුරු තවමත් සොයා යමින් නැවත වරක් කොටි ත්‍රස්තවාදින්ට අපේ මවිබිම ගිල ගන්නට මංපෙත් අහුරු කරනා මෙවන් ආරක්ෂක අංශ නිලධාරින්ට " මතක මංපෙත" බිලොග් අඩවියේ ප්‍රණාමය...!!!)

14 comments:

  1. සෑහෙන්න කාලයක් මට මේ බ්ලොග් එක මගැරිලා තිබිලනේ අයියේ....ලිපි අප්ඩේට් වුනේ නෑ මේ ආවෙත් බුකියේ දැකලා....

    මම ෆාලෝ කරලා නැද්ද මංදා.. ඕං දැන් ෆලෝ පාරක් දැම්මා හොඳේ

    ReplyDelete
    Replies
    1. හා...හා.. හොදයි හොදයි මල්ලි. ආපු නැති දවස් ටිකේ මගහැරුනු කතා ටිකත් කියවන්න..!!!

      Delete
  2. එහෙම හරි හොයාගත්ත එක හොදයි.... දැන් නම් අපේ වාසනාවට මිසයිල ප්‍රහාර, බෝම්බ නෑ.

    ReplyDelete
  3. 2000 අවුරුද්දේ මම ඉස්කෝලේ 8 වසරේ හිටියේ.. ඇත්තම කියන්නම් මේ සිද්ධියනම් මට මතක නෑ.. ඒත් උනේ මොකද්ද කියන එක මෙච්චර පරක්කු වෙලා හරි හොයා ගත්ත එක ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ දිනේෂ්. ඔය සිද්ධිය උනු දවස් මට අද මතකයි. මොකද මම ඒ වෙන කොට උසස් පෙල කරන කාලේ. කොහොම උනත් වැලිතලාවට යට වෙලා යන්න තිබිබ දෙයක් හොයා ගත්ත එක ගැන නමි මමත් ඇත්තටම සතුටුයි...!!!

      Delete
  4. අඩේ කොහොමද උන්ව අල්ලන් තියෙන්නේ.. ?

    ReplyDelete
    Replies
    1. සේන... ඒක නමි ලොකු කතාවක්, නමුත් ඔය ගැන තවම පරික්ෂණ කටයුතු කෙරිගෙන යන නිසාත් තවත් ඔකට සමිබන්ධ අය අත් අඩංගුවට ගන්න හිටියොත් එකට බාධාවක් වෙයි කියලා හිතලයි මම ඒ ටික නොලියා ඉන්නේ. වෙලාව ආවම ඒ ගැනත් ලියලා පල කරන්නමි.. ස්තුතියි මිත්‍රයා..!!!

      Delete
  5. ලංකාවෙ බොහොම දක්ෂ නිළධාරීන් ඉන්නව.....මේ තියෙන්නෙ හොඳ උදාහරණ.....

    ReplyDelete
    Replies
    1. නැතුව...නැතුව. මෙි වගේ දක්ෂ නිලධාරින් ඉන්න නිසා තමයි අපේ රට තාමත් බෙිරිලා තියෙන්නේ. නැත්නමි මෙලහකටත් කොටියෝ අපිට දීලා බැටෙි..!!!

      Delete
  6. කොහෙත්තම ආයෙත් කොටින්ට හිස උස්සන්න දෙන්නේ නැහැ මේ විරුවන් කවදාවත්.

    ReplyDelete
    Replies
    1. ජයවෙිවා...!!! අපි හැමෝම ඒ විදිහටම ප්‍රාර්ථනා කරනවා..!!!

      Delete
  7. ඒ වගේ අදුරු යුගයක් ආයේ කවදාවත්ම දකින්න නොලැබේවා..!
    අපේ රණවිරුවො අදටත් මොනතරම් කැපකිරීම් කරනවද?
    මේ බ්ලොග් එකට ආවේ පළමු වතාව! :) :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා කුබු...!!! ඔයාගේ ප්‍රාර්ථනාව තමයි අපි කාගෙත් ප්‍රාර්ථනාව. ජය වෙිවා!!!

      Delete
  8. 'සේන... ඒක නමි ලොකු කතාවක්'

    ඒ ලොකු කථාවෙ තමා හොඳම හරිය ඇත්තෙ. වෙලාව ආවම නොවරදවාම කියන්න.

    ReplyDelete