Monday, March 19, 2012

ඉන්දියාව අපිට එරෙහිවන ලකුණු.



ජීනිවා හිදි පැවත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකමි සමුළුවෙිදි ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙනා යෝජනාව සමිබන්ධයෙන් ඉන්දියාව සිය මතය අද ලෝක් සභාවෙිදි මීට නොබෝ වෙලාවකට පෙර හෙලි කලාය.

ඉන්දීය අගමැති මන්මෝහන් සිං ලෝක් සභාවෙිදි කියා සිටියේ " ශ්‍රි ලංකාවෙි සිදුව ඇතැයි කියන මානව හිමිකමි කඩවීම හා අනෙකුත් කරුණු සැලකිල්ලට ගනිමින් තම රජය ඇමරිකාවට සහය දක්වන බවයි. විශේෂයෙන්ම ශ්‍රි ලංකාවෙි ජිවත් වන දමිල ජනතාවට සාධාරණයක් ඉටු කිරිමට මෙය ඉතා හොද අවස්ථාවක් බවයී."

මා විසින් මීට දින කිහිපයකට පෙර ලියා පල කල චැනල්-4 නාලිකාව සමිබන්ධ ලිපියේදි ඉන්දියාවෙි දෙබිඩි පිලිවත ගැන කරුණු කිහිපයක් හෙලි කලාය. දැන් එය සීයයට 75 කින් පමන සත්‍ය බවට පත්වී තීබෙි.

ඉන්දියාවට, ඇමරිකාවට, බ්‍රිතාන්‍යට ඔිනෑ කරන විදිහට අප ජිවත් විය යුතු බව මාගේ අදහස නොවෙි. ඇමරිකාවෙි බඩු භාහිරාදිය ප්‍රතික්ෂේප කිරිමෙි සටන් පාඨ දැන් අනවශ්‍යයි. මොන තරමි අපිව ආරක්ෂා කරන්න බැදි සිටිනවා කියා ඉන්දියාව කියා සිටියත්, ඔවුන්ද ක්‍රියාත්මක වන්නේ ඇමරිකාවෙි බළල් අතක් මෙන්ය. 

ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාවෙි මෙම ක්‍රියා මාර්ගය පිලිබදවත්, ඉන්දියාවෙි අළුත්ම නාට්‍ය පිලිබදව අපි විමසිල්ලෙන් බලා සිටිමු...!!!

ඉන්දිය අගමැතිවරයාගේ ප්‍රකාශය කියවන්න මෙතනිනැ පිවිසෙන්න..

http://www.thehindu.com/news/national/article3011967.ece?homepage=true

14 comments:

  1. මේ අවස්ථාව ඉතා හොඳයි ... සතුරන් කවුද ...? මිතුරන් කවුද ..? කියා අපට හඳුනා ගැනීමට.
    ඉදිරි කාලය තුළ සතුරන්ට සතුරන් විදිහටත් ... මිතුරන්ට මිතුරන් විදිහටත් සැළකීමට හැකි විය යුතුය.
    දැන් සිටින පාලකයන්ට එසේ කිරීමට හැකිවේද ...?

    ReplyDelete
    Replies
    1. කුමාරයා.. අතීතයේ සිටම අපේ දේශපාලකයෝ උණට, හෙමිබීරිස්සාවට බෙහෙත් හොයන්න දිවිවෙි ඉන්දියාවට. අපේ අසල්වැසියා කියමින් අපි ඔිනෑවට වඩා ඉන්දියාවට ඔලුව නැමීමෙි ප්‍රතිවිපාකය අපිට දැන් අත්විදීමට සිදුව තිබෙි. අපේ දේසපාලකයින්ට එහෙම එකපාර එහෙම තීරණයක් ගැනීමෙි හැකියාවක් තිබෙියැයී කියා කීම උගහටය. මන්දයත්, අනාදිමත් කාලයක සිට මම අර පෙර කියා තිබෙන දේ එයට හේතුවයි. නීවටයින් වගේ තවත් ඔළුව පහත් කරගෙන ඉන්නේ නැතුව කොන්ද කෙලින් තබාගෙන කටයුතු කරන්න පුළුවන්කම අපේ උගත්, බුද්ධිමතුන්ට පහල වෙිවායැයි අපි ප්‍රාර්ථනා කරමු. ලංකාවෙි වසර 30 කට අධික කාලයක් පුරාවට පැවති යුද්ධයේ බීජය රෝපණය කලේ ඉන්දියාවයි. ඒ ශ්‍රි ලංකාව ඉන්දියාව අභිබවා ආර්ථිකමය අතින් ශක්තිමත් වෙි යැයී කියන බය නිසායි. ඉදිරියේදි ඉන්දියාවට තමන් වපුරපු දේවල ප්‍රථිඵල ලැබෙිවි. ( ඇමරිකාව පස්සෙන් ගියපු පකිස්ථානයට උනෙත් ඔය ටිකම තමයි) !!!

      Delete
  2. දැන්වත් අපි අනුන්ගෙ දිහා බලන් ඉන්නෙ නැතුව රටක් විදිහට කෙලින් වෙන්නෙ බලන්න ඕන.....
    හැබැයි මේ ඉන්න දේශපාලුවො එක්ක නම් ඒක කරනව බොරු.

    ReplyDelete
    Replies
    1. ඒක නමි ඇත්ත උදාර. රටක් හැටියට පෙරට යන්න අපේ කම, එකමුතුකම කියන දේවල් අපි තුල ඇති කර ගන්න ඔින. යුද්ධය තිබිබ කාලයේදි අපේ මිනිස්සු ලග ඔය කියන ගුණාංග ඔිනවාටත් වඩා තිබිබා. ඒත් තිබිබ ඒ සියළු දේවල් අද අපේ දේශපාලකයෝම නැති කරලා ඉවරයි. රට, ජාතිය වෙනුවෙන් අපේ මිනිස්සු අදත්, හෙටත් පෙරට ඒවි. ඒත් දේශපාලකයෝ ඒකත් තමන්ගේ නමටම පබිලිසිටි කරගන්න ගියොත් වැඩෙි වරදිවී...!!!!

      Delete
  3. මේ වෙලාවෙ පක්ෂ භේදයකින් තොරව අපි කවුරුත් එකාවගේ ඉන්න ඕන.....පාලනයෙ වැරදි නම් සෑහෙන්න තියෙනව....ඒත් මේ වගේ දෙයකදි හැමෝම සමඟියෙන් ක්‍රියා කරොත් මේ ප්‍රශ්නෙන් අපිට ගොඩ යන්න පුලුවන් කියල තමයි මං හිතන්නෙ......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... නමුත් වැඩෙි කියන්නේ අපේ රටෙි දේශපාලකයින්ගේ සමහර වැඩ නිසා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. මොනවා කරන්නත් රට බෙිරගමු....

      Delete
  4. මිතුරෝ වෙසින් ඉන්න සතුරෝ අදුන ගන්න හොද අවස්ථාවක් මේක..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේෂ්... මිතුරෝ කවුද? හතුරෝ කවුද කියන එක අදුනගන්න ලැබෙන අවස්ථාව අපේ අය ප්‍රයෝජනයට ගන්න ඔින. මුලින්ම අපි ඉන්දියාව පස්සේ දුවන එක නතර කරන්න ඔින... ස්තුතියි දිනේෂ් ඔබගේ කොමෙන්ටුවට..

      Delete
  5. පාහර ඉන්දියාව.. ඕකුන් හැමදාම ඔහොමයි.. හොඳ මූන පෙන්නන් යටින් අරිනවා.. ඔය දැන් තෙල් ටිකට අරින්ඩ වෙන්න අති මුට්ටිය දාලා බලන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සේන.... ඉන්දියාවට නෙමෙයි තෙල් ලිං ටික ඔින කරලා තියෙන්නේ. ඇමරිකාවටයි අවශ්‍ය කරලා තියෙන්නේ ඔය තෙල් ලිං ටික. මම අර කලිං කිවිව විදිහට ඉන්දියාවටත් වෙන්නේ පකිස්ථානයට වෙචිච දේමයී...

      Delete
  6. ජිනවා ප්‍රශ්නයට සහය දෙන්නනම් එක පැත්තක තෙල් ඉල්ලලා.ඉතින් මුන් තියන්න වටින්නේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.. මෙචිචර කාලයක් අපේ ලොකු මිනිස්සු හිතං ඉන්නේ ඉන්දියාව කියන්නේ සුකීරි බෝල ගුහාවක් කියලා. දැන් තමයි අපේ එවුන්ට තේරෙන්නේ ඉන්දියාව කියන්නේ නියම " ජීලටි බිලේඩිතලයක්" කියලා.

      Delete
  7. ලොකයේ කිසිම රටක් තවත් රටකට හිතවත් කමට උදව් කිරිම් හෝ සම්බන්දතා පැවැත්වීමක් ඇතැයි සිතිම මුලාවක් සෑම රටක්ම තවත් රටක් හා හිතවත්කම් ඇති කරගන්නෙත් තීරන ගන්නෙත් තම රටේ වර්තමානයට මෙන්ම අනාගතයටත් ගැලපෙන සහා වාසි සහගත ආකාරයටයි.නමුත් ඉංදියාව,චීනය,මැදපෙරදිග හො ඕනෑම රටක් සමග ගනුදෙනු කිරීමේදි අපේ දෙශපාලකයින් හැමදාම තිරන ගන්නේ තම බලය රැක ගැනීම, ලැබෙන කොමිස් මුදල ගැන වගේ එදාවේල පිරිමසාගැනීමේ තියරියට නේද..ඒ නිසා අපිට කවදාවත් ජ්‍යාත්තරයට බලපැමක් කරන්න පුළුවන් තැනකට එන්න හැකිද..රටේ ජනතාව එකතුවීමෙන් පමනක් කළ හැකි දෙයක් තියෙනවද..ඉංදියාවට ඉංදියාව ගැනත් ,ඇමෙරිකාවට ඇමෙරිකාව ගැනත් හිතන ආදරේ කරන දේශපාලන නායකයින් සහා ජනතාවක් එදත් උන්නා අදත් ඉන්නවා. ලංකාවට ඉන්නේ රටට ආදරේ කරන ජනතාවක් විතරයි නේද.

    ReplyDelete
    Replies
    1. නීල්.. ඔයාගේ කතාව හරි. ඒත් මෙිකත් මතක තියාගන්න ඔිනම දෙයක්. මොකද ඔය දේසපාලකයා කියන චරිතය ඉස්මතු වෙන්නේ මෙි රටෙි ඉන්න අපි වගේ මිනිස්සු නිසා. රටට වින කරන, හතුරුකමි කරන අයව අපිමයි ඊලග ජන්දේදීත් උඩින් උස්සලා තියන්නේ. මොනවා කරන්නද?

      Delete