Monday, May 21, 2012

විජයග්‍රාහි සැමරුමි උළෙල කදුලින් නැහැවු ඔබ....!!! ( දෙවන කොටස)



කොප්‍රල් පි.එන්.සුරංග  ( සෙබල අංක 513841. - පලමු වෙන විජයබා රෙජිමෙන්තුව)
                        
                        


මුහමලේ කොටි ත්‍රස්තවාදින්ගේ බල කදවුරු බිද දමමින් 2006 වසරේදි ක්‍රියාත්මකවු හමුදා මෙහෙයුමෙිදි ආර්.පි.ජී. අවි ක්‍රියාකරවන්නෙක් ලෙස හමුදා පෙරමුනේ සිට ඉතා දැවන්ත කාර්්‍ය භාරයක් ඉටු කල රණවිරුවෙක්වු කෝප්‍රල් සුරංග, කොටි ත්‍රස්තවාදින්ගේ යුධ අගල් තරණය කරමින් සිය සහෝදර භටයින් වෙනුවෙන් දිවි නොතකා සටන් කලහ.

හමුදා භට කණ්ඩායමිවල ඉදිරි ගමනට බාධා වෙමින් ඉදිකර තිබුනු කොටි ත්‍රස්තවාදින්ගේ බන්කර් සුනු විසුනු කරමින් තමා සතු ආර්.පි.ජී. අවියෙන් ඉතා සාර්ථක ඉලක්ක රැසක් ලබා ගැනීමට ඔහු සමත් විය.


2006 වසරේ අගෝස්තු මස 14 වන දින කොටි ත්‍රස්තවාදින් සමග හමුදා භට කණ්ඩයමි මුහනට මුහනලා ඇතිවු ගැටුමකදි තමා සතු සියළු ආර්.පි.ජි. උණ්ඩ අවසන්ව තිබුනු මොහොතකදි තම සහෝදර සෙබළුන් ඉලක්ක කර ගනිමින් ඉදිරියට ඇදෙන කොටි ත්‍රස්තයින් කණ්ඩායමක් නිරික්ෂණය කල කෝප්‍රල් සුරංග දෙවරක් නොසිතා කොටි කණ්ඩායම අතරට පැන තමා සතු ගේ්‍රනේඩි බෝමිබයක් පුපුරුවා ගත්තේ සිය ජිවිතය පමනක් නොව කොටි සාමාජිකයින්ටද විශාල හානියක් ගෙන දෙමින්ය.


කෝප්‍රල් සුරංග ගේ එම අභීත ක්‍රියාව නිසා නොවන්නට එදා හමුදා භට කණ්ඩායමි වලට සිය මෙහෙයුම ඉදිරියට කරගෙන යෑමට විශාල බාධාවක් වන අතරම, සිය ජිවිතය පවා පුජා කරමින් කල ඒ උදාර මෙහෙය අගයනු වස් කෝප්‍රල් පි.එන්. සුරංගට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.



කෝප්‍රල් ඩි.එමි.එස්. චන්ද්‍රසිරි බණ්ඩාර ( සෙබල අංකයඃ 462696. 2 වන විශේෂ බලකා රෙජිමෙින්තුව)

                         


ඒ 2009 වසරේ පෙබරවාරි මස 3 වෙනිදා කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයේ සිටින අහිංසක දමිල වැසියන් බෙිරා ගැනිමෙි අටියෙන් හමුදා භට පිරිස් සිය ඉදිරි මෙහෙයුමි ක්‍රියාත්මක කරමින් සිටියේ කොටි ත්‍රස්තවාදින්ගෙන් එල්ලවු දැඩි ප්‍රහාර මධ්‍යයේය.

ඉදිරියට ඇදෙමින් සිටින හමුදා භට පිරිස් වෙත කොටි ත්‍රස්තවාදින් විසින් තමන් සතු උපරිම හැකියාව යොදා ගනිමින් ප්‍රහාර එල්ල කලත් ඔවුන්ගේ උත්සහය ව්‍යර්ථවුයේ බලා සිටියදීමය. තව දුරටත් බලා සිටියොත් තමන්ට අත්වන පරාජය ගැන සිහිනෙකින්වත් සිතීමට අකමැතිවු කොටි ත්‍රස්තයින් සී-4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කල වෑන් රථයක් මරාගෙන මැරෙන කලු කොටි සාමාජිකයෙක් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල වෙත එවන ලදියි.


ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට කොටි ත්‍රස්තවාදින්ට ප්‍රහාර එල්ල කරමින් සිටි 2 වන විශේෂ බලකා රෙජිමෙින්තුවෙි කෝප්‍රල් චන්ද්‍රසිරි එකවර තමන් සිටින දිසාවට පැමිණෙන වෑන් රථය දෙස සිය විමසිලි නෙත් යොමු කලේ එය සිවිල් වැසියන් රැගත් වාහනයක්දැයි සැකහැර දැනගැනීමට අවශ්‍ය නිසාය. ඉතා වෙිගයෙන් එමින් තිබු වාහනය කොටි ත්‍රස්තවාන් විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවු වාහනයක් බවට හදුනා ගැනීමට වැඩි වෙලාවක් ගත නොවුයේ ඊට අවස්ථා දෙකකදි කොටි සාමාජිකයින් මෙවැනීම උපාය මාර්ගයන් අනුගමනය කල නිසාවෙනී.


කොටින්ගේ මරාගෙන මැරෙන වෑන් රථය තම ඉදිරි ආරක්ෂක වලල්ල අසලට පැමින පුපුරුවා හැරියොත් සිදුවන ජිවිත විනාශය ගැන සිතු කෝප්‍රල් බණ්ඩාර තමා සතු ගිනි අවිය පසෙකලා අසල තිබු ආර්.පි.ජී.අවිය සියතට ගත් ඔහු තමා ඉදිරියට පැමිනෙමින් තිබු වෑන් රථය ඉලක්ක කර සිය අතැති අවිය ක්‍රියා කලත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවිය.


තත්පරයක කාලයක් හෝ අපතේ නොයැවු ඔහු වෙනත් ආර්.පි.ජී. උණ්ඩයක් සවිකර ගෙන නැවතත් කොටි වෑන් රථය ඉලක්ක කරනා විට එය කෝප්‍රල් සාගර ගේ සමීපයටම පැමින තිබුනී. තමාගේ ජිවිතය බෙිරා ගැනීමට වෙනතකට යෑමට හැකියාව ලැබුනත් එසේ සිදු නොකල ඔහු තම ආර්.පි.ජී. අවිය ක්‍රියාත්මක කලේ මරුවාට සිනා සෙමින්ය. ඇසපිල්ලන් ගසන්නවත් ඉඩක් කඩක් නොදෙමින් කොටි මරාගෙන මැරෙන වෑන් රථය හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල අසලදි පුපුරා ගියේ කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාර නමි වීර පුතුනුවන් ලක්මවට අහිමි කර දෙමින්ය.


තමාගේ ජිවිතයට වඩා සිය සහෝදර සෙබලුන්ගේ ජිවිතය ගැනත්, මාතෘභුමිය් ඒකීය භාවය උදෙසා දිවි කැප කල කෝප්‍රල් ඩි.එමි.එස්. චන්ද්‍රසිරි බණ්ඩාර රණවිරුවාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.



කෝප්‍රල් පි.එමි.එන්. පුෂ්පකුමාර ( සෙබල අංකයඃ 410053. 7 වන ගැමුණු හේව බලඇණිය)

                       
                  


ඒ-35 මාර්ගය කොටි ග්‍රහනයෙන් මුදා ගැනිම සදහා හමුදා සෙබළුන් සිය මෙහෙයුමි දියත් කලේ කොටි ත්‍රස්තවාදින් දිගින් දිගටම හමුදා භට පිරිස් වෙත දරුණු ආකරයෙන් ප්‍රහාර එල්ල කරන අවස්ථාවකදීය.

සටන් භුමියේ පවතින සියළු වාසි සහගත තත්වයන් ඒ වන විට කොටි ත්‍රස්තයින් සතුව තිබු අතර හමුදා සෙබළුන් විශාල සංඛ්‍යාවක් ඒ වන විට තුවාල ලබා සටන් භුමියේ තැනින් තැන මුලික වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියාය. රටෙි ඒකීය භාවය වෙනුවෙන් සිය ජිවිතය පුජාකල හමුදා රණවිරුවන්ගේ සිරුරුද සටන් බිමෙි විසිරි තිබිනි.


මෙි අවස්ථාවෙිදි තමන් අතින් ගිලිහුනු ඒ-35 මාර්ගයේ කොටසක බලය නැවත අල්ලා සියතට ගැනීමට කොටි ත්‍රස්තයින් සුදානමි වුයේ තම ප්‍රහාර හමුවෙි හමුදා සෙබළුන් රැසක් ඒ වන විට තුවාල ලබා සිටින බව හොදින් විමර්ෂණය කිරිමෙන් අනතුරුවය.


තම අභිප්‍රාය සාක්ෂාත් කර ගැනීමෙි අරමුණෙන් ඉදිරියට එමින් සිටියි කොටි කණ්ඩායමක් නිරික්ෂණය කල 7 වන ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් පි.එමි.එන්. පුෂ්පකුමාර සිය රාජකාරිය ඉටු කලේ කවිරුත් නොසිතු ආකාරයකටය.


තම බන්කරය අසල තිබු ක්ලේමෝ බෝමිබයක් සිය ශරිරයට බැද තබා ගත් ඔහු ක්ෂණිකයෙන් කොටි සාමාජිකයින් මැදට පැන පුපුරුවා ගත්තේ හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට පහර දිමට එමින් සිටින කොටි සාමාජිකයින් විශාල සංඛ්‍යාවකට ජිවිතය අහිමි කර දෙමින්ය.


යුධ බිමෙිදි තම රට ජාතිය වෙනුවෙන් අප්‍රමාණ ගෞරවයෙන් යුතුව සිය දිවි පුජා කල කෝප්‍රල් පි.එමි.එන්.පුෂ්පකුමාරට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.



ලාන්ස් කෝප්‍රල් කේ. චන්දන ( සෙබල අංකඃ 467722. 3වන විශේෂ බලකා රෙජිමෙින්තුව)

                         


මාන්කුලමි-කිලිනොචිචි මාර්ගයේ ගමන් ගන්නා කොටි නායකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරිමෙි අරමුණෙන් රජයේ පාලන ප්‍රදේශයේ සිට කිලෝමිටර් 40ක් පමන ඈතට ගමන් කල ලාන්ස් කෝප්‍රල් චන්දන ඇතුළු සය දෙනෙක්ගෙන් යුත් විශේෂ බලකායේ දිගු දුර මෙහෙයුමි බලකාය නැවත තම කදවුර බලා ඒමට පිටත් වුයේ කොටි නායකයින් දෙදනෙක්ව මරු තුරුලට යැවීමෙින්ද අනතුරුවය.

හමුදා පාලන ප්‍රදේශය බලා එමින් සිටියි මෙම දිගු දුර මෙහෙයුමි බලකායේ සෙබළුන් ගැන ඉව වැටුනු කොටි ත්‍රස්තවාදින් මාන්කුලමි-තුනුක්කායි මාර්ගය අසලදි කොටු කර ප්‍රහාරයක් එල්ල කලේය. කොයි යමි මොහොතකදි හෝ තම කණ්ඩායමට සතුරු ප්‍රහාරයක් එල්ල වෙිතැයි සිතා සිටි දිගු දුර මෙහෙයුමි බලකායේ සාමාජිකයින් කොටි ත්‍රස්තවාදින් සමග මුහුනට මුහනලා සටන් කලේ නියම සිංහල ලේ ඇති රණකාමින් මෙන්ය.


කොටින් හා අතර ඇතිවුනු ගැටුමෙිදි තම සහෝදර සෙබලෙක්ට වෙඩි වැදි සිටිනවා දුටු ලාන්ස් කෝප්‍රල් චන්දන වහා එම සෙබලාව සටන් භුමියෙන් පිටු පසට ඇද තබා නැවතත් කොටින් හා සටනට එක්විය. මෙහිදි කොටි ප්‍රහාරය නිසා තුවාල ලබා සිටි ලාන්ස් කෝප්‍රල් චන්දන සිය තුවාල ගැන හෝ නොසිතා කොටින්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කලේ සිය කණ්ඩායම බෙිරා ගැනිමෙි අටියෙනි.


දරුණු සටනක් අතරේදි චන්දන ඇතුලු කණ්ඩායමට අණදෙන නිලධාරියාවු සාජන්ටි කොටි ප්‍රහාරයන් නිසා තුවාලවී බිම ඇද වැටෙනවා චන්දන දුටුවෙි ඒ මොහොතේදීය. තම අණදෙන නිලධාරියා කොටින්ගේ ග්‍රහණයට නතුවෙන ආකාරය දුටු ඔහු වහා සිය ගිනි අවිය අතැතිව කොටින් ඉදිරියට පැන දැඩි ප්‍රහාරයක් එල්ල කලේ සිය කාණ්ඩ අණදෙන නිලධාරියාගේ ජිවිතය බෙිරා ගනිමිනී.


තම අණදෙන නිලධාරියා බෙිරා ගත්තත්, එම සටනේදි සිදුවු තුවාල හේතුවෙන් 3 වන විශේෂ බලකා රෙජිමෙින්තුවෙි ලාන්ස් කෝප්‍රල් කේ.චන්දන රණවිරුවා දැයෙන් සමුගත්තේ තම කණ්ඩායමෙි අනෙක් සහෝදර රණවිරුවන්ගේ ජිවිත බෙිරා දෙමිනි.


රණබිමෙිදි සිදුකල ඒ වීරෝධාර කැප කිරිම නිසා ලාන්ස් කෝප්‍රල් කේ.වන්දන රණවිරුවාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.




ලාන්ස් කෝප්‍රල් ඒ.එමි.එමි.පි. අබෙිසිංහ ( සෙබල අංකඃ 317077/ 8 වන ශ්‍රි.පා.රෙජිමෙින්තුව)

                        


තුනුක්කායි කොටි ත්‍රස්ත බලකොටුව අත්පත් කර ගැනිමෙි අරමුණින් යුධ හමුදා භට පිරිස් 2008 වසරේ ජුනි 25 වෙනිදා ඉතා සුවිශේෂිවු මෙහෙයුමක් දියත් කලාය. එම මෙහයුමට සමිබන්ධවු ලාන්ස් කෝප්‍රල් අබෙිසිංහ ඇතුළු රණවිරුවන් කොටි ත්‍රස්තවාදින්ගේ ඉදිරි ආරක්ෂක වලල්ලට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරමින් කොටි බන්කර් 7ක් අත්පත් කර ගත්තේ කොටින්ට පවා කුමකින් කුමක් සිදුවුවාදැයි යන්න ගැන සිහිඑලවා ගැනීමටවත් කාලයක් ලබා නොදෙමින්ය.

මෙි අතර කොටි අත්පත් කර ගත් කොටි බන්කර් වල බලය තහවුරු කර ගනිමින් සිටින අවස්ථාවෙිදි ඒ අසලම වන්නට ඉතා රහසිගතව ඉදිකර තිබු තවත් කොටි බන්කරයක් නිරික්ෂණය කල ලාන්ස් කෝප්‍රල් අබෙිසිංහ වහාම ආර්.පි.ජි. ගිනි අවියත් රැගෙන කොටි බන්කරය අසලටම ගොස් සිය ඉලක්කය ගත්තේ කොටි ත්‍රස්තවාදින්ගේ බන්කරයද සුනු විසුනු කරමින්ය.


එම ප්‍රහාරයේදි ඉතා බරපතල තුවාල ලැබු ලාන්ස් කෝප්‍රල් අබෙිසිංහ සිය සහෝදර සෙබළුන් රැසකගේ ජිවිත බෙිරා දෙමින් අවසානයේදි සිය ජිවිතයෙන් සමුගත්තේ සටන් බිමෙි තවත් එක් වීර ක්‍රියාවක් ඔබටත්, මටත් අසා දැන ගැනීමට ඉඩ සලස්වමින්ය.


(මතු සමිබන්ධයි) 

12 comments:

  1. ඔවුන් සිදුකල කැප කිරීම් සදාඅමරණීයයි!ඔවුන්ට උපහාරයක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. සබිත්, අපි හැමදාම ඔවුන්ට ණයගැතියි. ඔවුන් ජිවිතය පුජා කලේ අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නොවෙයි...!!!

      Delete
  2. ඇත්තටම මොනවානම් කියන්නද? අපි හෙලන් හුස්මක් පාසා ඔවුන්ට ණයගැතියි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්... කතාව සමිපුර්ණයෙන්ම ඇත්ත.

      Delete
  3. කියන්න වචන නෑ...සෑහෙන්න වටිනවා...

    ReplyDelete
    Replies
    1. මිහ්.... එක තමයි සත්‍යය...!!!

      Delete
  4. today we can freely post anything on our blogs.. but lot of people don't realise that, it is due to the sacrifices of these true heroes we are still living to do so.. having survived a Bus Bomb, I know that very well..

    ReplyDelete
    Replies
    1. yes Buddy... Every one now feel their freedom, But most of them forget the past. I had a lot of experience in my life. Thanks for your visit...!!!

      Delete
  5. මෙ සිදුවීම් ඇහෙද්දි කඳුළු වලක්වා ගන්න අමාරුයි. මේ අති උතුම් ජීවිතත් එක්ක. ඔවුන්ගේ පරිත්‍යාගයත් එක්ක බැලුවම අපි මොනවද මේ මව් බිමට දීල තියෙන්නෙ. අපිටම දුක හිතෙනව අපි ගැන. උපදින හැම ආත්මයකම යහපත් ජීවිතයක්ම ලැබේවා මොවුන්ටත්, කිසිවෙකුගේ ඇස නොගැටී මෙවන් උතුම් පරිත්‍යාග කළ අනෙක් හමුදා විරුවන්ටත්.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවානමි, එහෙම ජිවිත පරිත්‍යාගයෙන් සටන් වැදපු හමුදාවක් මම ලෝක ඉතිහාසයේ කොහේවත් කියවලා නැහැ සහෝ.. අපේ මියගිය හමුදාවෙි විතරක් නෙමෙයි අනෙක් හැම ආරක්ෂක අංශ රණවිරුවෙක්ම ඒ අයගේ යුතුකමි කොටස ඉෂ්ඨ කලා. දැන් ඒ යුතුකමි නිසා නිදහසේ ජිවිතය විදින අපි කරන්න ඔින ඒ රණවිරුවන් ගේ පවුල් නගා සිටුවන්න. ඒක තමයි රටක් වශයෙන් අපිට ණය ගෙවන්න පුලුවන් හොදම අවස්ථාව හැටියට මම නමි දකින්නේ...

      Delete
  6. සැබෑ වීරයෝ.මේ වගේ ඇත්ත වීරයන් හිටපු නිසා අපි අද කොච්චර සන්තොසෙන්ද ඉන්නේ.මේ වීරයන් හැමදාමත් අගයනං ඕනේ.අපි ඔවුන්ට‍ ණය ගැති.

    ReplyDelete
  7. Wynn Casino New York - JT Hub
    Wynn Las Vegas New 아산 출장안마 York. 1 Wynn Las Vegas 김해 출장안마 Blvd. South, Las Vegas, 보령 출장샵 NV 용인 출장샵 89109 A complimentary breakfast 부산광역 출장샵 or two at Encore at Wynn Las Vegas and Encore at Wynn Macau.

    ReplyDelete