Sunday, May 13, 2012

කොටි රහස් තැන තැන මතුවෙයි


(සොයා ගන්නා ලද සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය අසුරා තිබු කිලෝග්‍රෑමි 50ක උරයක්)
 

රජයේ හමුදාවන් සමග 2009 වසරේ පැවති අවසන් සංග්‍රාම කාලයේදි සගවා තැබු බවට සැලකෙන සී-4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑමි 6,250ක් මුලතිවි, බටහිර පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටා තිබු පැරණි කොටි ත්‍රස්තවාදින්ට අයත් බන්කරයක් අසලින් සොයා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්විය.

මෙහිදි වලදමා තිබියදි සොයා ගෙන තිබු සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 50 බැගින් වු උර 49 කට හා කිලෝ 25 බැගින් වු උර 152 කට අසුරා තිබු බව පොලිස් ආරංචි මාර්ග වලින් කියැවෙි. කොටි ත්‍රස්තවාදින්ගේ වැලලුනු අතීතය සොයමින් නැවතත් ශ්‍රි ලංකාව තුල කිසිදු බලවෙිගයකට හිස එසැවීමට ඉඩ නොතබන්න ආරක්ෂක අංශ සාමාජිකයින් දිචා රෑ නොබලා තවමත් සිය රාජකාරිය ඉටු කරමින් සිටියි.




( සොයා ගත් තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයෙන් කොටසක්)

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය මෙතෙක් එකම තැනකදි සොයා ගත් විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය ලෙසට සැලකෙයි. මීට පෙර 2008 වසරේදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේදි සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1400ක් පමන යොදා සකස් කර තිබු මරාගෙන මැරෙන ලොරි රථයක් සොයා ගැනීමට නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සමත් විය.

දහස් ගණනකගේ ජිවිත විනාශ කිරිමට එල්.ටි.ටි.ඊ. සංවිධානයේ මිනිමරු ප්‍රභාකරන් ඇතුළු කොටි රැල සැලසුමි කරමින් සිටි ආකාරය එකින් එක හෙලි වෙද්දිත් ඇමරිකාව ඇතුළු යුරෝපාවට ඔවුන්ගේ වසා ඇති ඇස් ඇර නැවත සිතා බැලීමට හැකි කාලයක් උදාවෙිවායැයි අප ප්‍රාර්ථනා කරමු.....!!!


4 comments:

  1. මහා විනාසයක් කරන්න තිබුනා මේ දේවල් හොයා නොගත්තනම්..

    ReplyDelete
    Replies
    1. ඔවි දිනේෂ්... මුලු නගරයක් උනත් විනාශ කරන්න පුලුවන් කමක් තිබුනා කියලා තමයි පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයින් කියන්නේ. හෙට අනිද්දට තවත් විස්තර දැනගන්න පුලුවන් වෙයි....!!!

      Delete
  2. ගෙනපුවයින් වැඩක් ගන්න කලින් අපි ඉස්සර වුනේ රටේ වාසනාවට.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... ඉදිරි දවස් 2-3 දි තවත් ඒවා මතුවෙයි.

      Delete