Thursday, December 1, 2011

මුතුර් මුදාගත් කමාන්ඩෝ මෙහෙයුම ( පලමු කොටස)




කොහොමින්..කොහොමහරි එදා කොටි ත්‍රස්තවාදින් ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට එල්ල කරපු ප්‍රහාරය නිසා සවස 6-7 වෙන කොට ගොඩාක් මිනිස්සු තමන්ගේ ගෙවල් වලට එලියේ ඉදගෙන කතා කරමින් හිටියේ ඉදිරියේ මොනවයින් මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි උනු නිසයි.
අපේ ගෙදරත් ඉතිං අමුතුවෙන් කියන්න තරමි දෙයක් තිබුනේ නැහැ. මොකද ඒ වෙන කොට අපේ ගෙදරට එහා ගෙදර ඉන්න අය හොදටම බය වෙලා හිටිය නිසා ඒ බය අපේ ගෙදරටත් නොකියාම රිංගලා තිබිබා. තාත්තයි, මමයි හවස 6ට විතර ටවුමෙි තිබිබ තොග බඩු කඩෙිට ගිහිං මාසයකට හරියන විදිහට ගෙදරට අවශ්‍ය කළමණා ටික ගෙනත් තිබිබා. සතියකට විතර හරියන්න එලවලු, පොල් ටික පවා ගෙනත් තිබිබෙි සමහර විට හදිසියකටවත් කාලා බීලා හරි ඉන්න ඔින නිසයි.
එදා රාත්‍රි 8 වෙන කොටම ත්‍රිකුණාමලය නගරයම පාලු සොහොන් පිටිටනියක් ගානට ගිහිං. වෙනදාට බිචි එකට යන, ටවුමෙි කඩවල් වලට එන සෙනග එදා හවස නමි ටවුමෙි නමි දකින්න හිටියේ නැහැ. ටවුමෙි හැම තැනම පොලිසියයි, හමුදාවයි මුරට දාලා තිබිබා.
රෑට කැම එහෙම කාලා මමයි, තාත්තයි, නංගි, මල්ලි, අමිමා ගෙදර එලියේ පුටු ටික දාගෙන කතා කර කර ඉද්දි එහා ගෙදර කටිටයත් ආවා අපි කතා කර කර හිටපු තැනට. ඇවිත් ඉතිං එදා දවල් වෙචිච සිද්ධිය ගැන තම තමන් දන්න විස්තරයි, තාර බර දාලා හදපු කතා ටික කියවනවා. ඔය අතරේ සාමිපුර් පැත්තට ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ ස්ථානගත කරලා තිබිබ මල්ටි බැරල් රොකටි ලෝන්චරයෙන් හා කැලැෆමිබර්ග් කාලතුවක්කු රෙජිමෙින්තු කදවුරෙන් ඉදලා හිටලා රොකටි හා කාලතුවක්කු ප්‍රහාරත් එල්ල වෙන සද්දයත් හොදටම ඇහෙනවා අපිට.
කතා කර කර ඉදලා අපි එදා නිදා ගන්න යනකොට එදා රෑ 10ට විතර ඇති. මම නිදා ගෙන ඉද්දි කොහොම හරි ගෙදර සිවිලම හෙලවිලා වගේ මුනට වැලි වැටෙනවා දැනුනු නිසා මම නැගිටිටුනා. හිතුවා හරි... මුනේ වැලි ටිකක් අතේ ඇගිලි වලට දැනුනා. දැන් ඉතිං මුන හොදගන්න ඔින නිසා එලියේ වතුර ටැංකියට යන්න ගෙදර පිටිපස්සේ දොර ඇරපුවාම තමයි සද්දේ ඇහෙන්න පටන් ගත්තේ...


එදා රෑ තමයි මම ජිවිතේ මුල්ම වරට ඒ වගේ ශබිද ගොඩක් අහන්න ලැබුනේ කිවිවට සමහර අය විශ්වාස කරන්නේ නමි නැති වෙයි. මුන හෝදන එක පැත්තක දාලා මම දුවන් ගියේ තාත්තාට කතා කරන්න. ගිහිං තාත්තට කතා කරන කොට අමිමත් නැගිටලා ආවා මගේ සද්දේට. දැන් ගෙදර එලියේ වතුර ටැංකිය පැත්තේ ඉදන් අපි අහස දිහා බලාගෙන ඉන්නවා. අහස නිකං ගිනිකෙලි සංදර්ශණයක් වගේ මට නමි එදා පෙනුනේ. එක දිගට කාලතුවක්කු, මල්ටි බැරල් ප්‍රහාර එල්ල වෙනවා. ඒවල ප්‍රබලත්වය නිසාද කොහොද අපේ ගෙදරත් හෙල්ලුමි කනවා. හිතාගන්න බැරි උනා මොනවයින් මොනවා වෙනවද කියලා. වෙන්නේ මොකක්ද කියලා අහගන්න කෙනෙකුත් නැති නිසා අපි එදා ගොඩාක් අසරණ වුනා ඇත්තටම. ජිවිතේ ගැන බයකුත් නොදැනුනා නොවෙි. ඒත් ඉතිං හිත ශක්තිමත් කර ගත්තා ඔිනම දෙයකට මුහුන දෙන්න.


එදා රෑ නමි නින්ද අපේ ඇස් අහලකටවත් ආවෙි නැහැ. රටෙි අනිත් ප්‍රදේශවලට කලිං අපේ ත්‍රිකුණාමලයට හිරු එලිය වැටෙනවා. එලිය වැටිගෙන එනකොට මිනිස්සු එකා දෙන්නා ටවුමට ඇවිත් ඉන්නවා දැක්කා. කාගේ කාගෙත් මුහුනු වලනමි එදා තිබිබෙි ලොකු අවිනිශ්චිතභාවයක් කියලා නමි මට අද වගේ හොදටම මතකයි. මමත් පත්තරයක් ගන්න කියලා පත්තර කඩෙි පැත්තට යනකොටත් එදා පත්තරේ ඇවිත් තිබුනේ නැහැ. ඔිතනට වෙලා ඉද්දි තමයි මට ඊයේ හවස ජෙටිලයිනර් නැවට ගහන්න කොටි ආපු වෙලාවෙි සිද්ධ වෙචිච දේ බලමින් ඉද්දි මුනගැහුනු නාවික හමුදාවෙි නිලධාරියාව මුනගැහුනේ.


ඊයේ රෑ වෙචිචදේ ගැන මට විස්තර ටික දැනගන්න ඔිනකම තිබිබ නිසා ඒ ගැන මම අදාල නිලධාරියාගෙන් ඇහුවම තමයි ඔහු මට කිවිවෙි ඊයේ රාත්‍රියේදි කොටි ත්‍රස්තවාදින් 500 ක පමන පිරිසක් මුතුර් හි පිහිටලා තිබිබ මහින්දපුර ඇතුලු තවත් හමුදා කදවුරු දෙකකට පහර දෙනවා කියලා. තවමත් සටන යනවා කියලයි ඔහු කිවිවෙි. ඔය අතරේදි තමයි ඒ නිලධාරියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවෙි, ඒ ඔහුට හැකි ඉක්මනට හදිසි මෙහෙයුමක් සදහා කරපු රාජකාරි කැදවීමක්. ඔහු යන්න සුදානමි වෙලා මට කිවිවා මල්ලි මම කෑමිප් එකට ගිහිං කෝල් එකක් දෙන්නමි කියලා.


මමත් ඉතිං පැය බාගයක්ම බලන් ඉදලා පත්තරෙත් අරං ගෙදරට ආවා විතරයි මගේ හිතවත් නාවික හමුදා නිලධාරියාගෙන් මට දුරකථන ඇමතුමක් ආවා. ඔහු මට කියා සිටියේ කොටි ත්‍රස්තවාදින් මුතුර් නගරය අල්ලා ගෙන ඇති නිසා එය මුදාගැනිම සදහා තමන්ද භට කණ්ඩායමක් සමග එහි යන බවයි.
මුතුර් ප්‍රදේශයේ වැඩි වශයෙන්ම ජිවත්වුනේ මුස්ලිමි හා දමිල ජනතාව. කොටි ත්‍රස්තවාදින් 1988-2003 කාල සිමාවෙිදි මුතුර් නගරයේ ජිවත්ව හිටපු සිංහල හා මුස්ලිමි ගමිමාන ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කලා. 
ඔය නිසා මුතුර් නගරයේ හිටපු ගොඩාක් සිංහල මිනිස්සු සේරුවිල, දෙහිවත්ත, මහින්දපුර ඇතුලු වෙනත් ප්‍රදේශ කරා ඇවිල්ලා ගමිමාන ඉදිකර ගෙන ජිවත් උනා. මෙි සිංහල මිනිසුන් ගොඩාක් දෙනා තමන්ගේ එදා වෙල හමිබ කර ගත්තේ ගොවිතැන් කරලයි. ආරක්ෂක අංශ නිලධාරින් මෙි අය කුඹුරු වැඩ කරනකමි ඒ අයට ආරක්ෂාව දුන්නා ඔය දවස් වල. මොකද කොටි ත්‍රස්තයින් තමන්ගේ ලේ පිපාසය නිවාගන්න කුඹුරු වලටම ඇවිත් ගොවින්ව ඝාතනය කරන්න පටන් ගත්තා.
 

එත් අද උදේන්ම ලැබුනු ආරංචිය නිසා අහල පහල ගෙවල් වල අයත් ටික ටික කලබල වෙලා. මොකද මුතුර් නගරයේ ඉදලා ත්‍රිකුණාමලයට බර අවි යොදා ගෙන කොටි ත්‍රස්තවාදින්ට ප්‍රහාරයක් එල්ල කරන්න ඔිනතරමි හැකියාව තිබෙනවා කියලා අපි කාට කාටත් ඒ වෙන කොට තේරුමි ගිහිල්ලා තිබුනේ.

එදත් හවස 3-4 වෙන කොට ටවුම පාලුවට ගිහිල්ලා. ඈතින් ඇහෙන කාලතුවක්කු හඩත්, ගුවන් හමුදා හෙලිකොප්ටර් හා ප්‍රහාරක ගුවන් යානාවල ශබිදය හැරෙන්න ලොකු සිදුවිමක් උනේ නමි නැහැ.


( ඉතිරි කොටස ලගදිම බලාපොරොත්තු වන්න)

Thursday, November 24, 2011

උපන් ගෙයි මියැදුනු ස්වර්ණමි-සුසෙයි සැලැස්ම.

( මිට වසර දෙකකට ඉහතදි අවසන් වෙචිච ඊලාමි යුද්ධය ගැන ලිපි ටිකක් පලකරන්න හිතුනා. දැන් යුද්ධය ඉවර නිසා කවුරු හරි මෙි ගැන වැරදියට හිතන්න එපා. මං ජිවත් වෙචිච පලාත අනුව මට අත්විදින්න උනු දේවල් ගැන මම අද ඉදලා මෙි බිලොග් එකේ අකුරු කරනවා. අඩු පාඩු තියනවානමි හදාගන්න පොඩි උදවිවක් කරන්න කියලා මුලින්ම ඉල්ලා සිටිනවා ඔයාලගෙන්..!!!!! )


දිනය හරියටම මතක නැතත් ඒ 2006 වසරේ අගෝස්තු මාසයේ පලමු සතියේ දවසක් කියලා නමි මට මතකයී. මොකද අමතක නොවන සිදුවිමි රාශියකට එදා මට මුහුන දෙන්න වෙයි කියලා මම නමි හිනෙකින්වත් හිතුවෙි නැහැ.

මගේ ගම ත්‍රිකුණාමලය. ඔයාලා කොයි කවුරුත් මෙි වෙන කොට ත්‍රිකුණාමලය බලන්න ඇවිත් ඇති. ඒ නිසා මම අපේ ගම ගැන වැඩියෙන් විස්තර කරන්න යන්නේ නැහැ. මෙි සිද්ධිය වෙනකොට නැගනහිර පලාතේ යුධ උණුසුම ටිකක් වැඩි වෙලයි තිබිබෙි.

ත්‍රිකුණාමලය නගරයේ ඉදලා කිලෝමිටර් 80 ක් විතර ඈතින් පිහිටලා තිබිබ මාවිල් ආරු සොරොවිව කොටි ත්‍රස්තවාදින් බලෙන් වහලා දාපු නිසා මුතුර් ඇතුලු ගොවිබිමි රැසකට වගා කරන්නවත්, අහිංසක සිංහල, දමිල හා මුස්ලිමි මිනිස්සුන්ට බොන්න පවා වතුර ටිකක් නැතුව හිටපු නිසා රජයේ හමුදාවන් මානුෂිය මෙහෙයුමක් ආරමිභ කලා කොටි බලෙන් වහලා දාලා තිබිබ මාවිල් ආරු සොරොවිව නැවත අත්පත් කර ගන්න.

මෙි සිදුවිමි ටික වෙන කොට කාලයක් පුරා සාමකාමිව තිබිබ ත්‍රිකුණාමලයේ ආපහු එක පාරම කොටි ක්‍රියාකාරකමි වැඩි වෙන්න පටන් ගත්තා. අවුරුදු 20ක් ත්‍රිකුණාමලේ ජිවත් වුනු අපිට කොටි සෙවනැලි ගැන අමුතුවෙන් කියන්න ඔින වුනේ නැහැ. මොකද ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ බුදු පිලිමයක් හදන්න පටන් ගත්ත නිසා කලබල වෙචිච කොටි හිතවාදින් දිගින් දිගටම සිංහල ජනතාවට හිරිහැර කරන්න පටන් ගත්තා. ඔය සිද්ධින් එක්ක ලග..ලගම ලොකු දෙයක් වෙයි කියලා ටවුමෙි හිටපු අපිට ඉවෙන් වගේ දැනිලා තිබිබෙි.

මෙි සිද්ධිය උනු කාල සිමාවෙි මම එක්සත් ජාතින්ගේ සංවිධානයට සමිබන්ධ ආයතනයක සේවය කරමින් හිටියේ. වැඩෙි කියන්නේ ආයතනය ඇතුලේ හිටපු එකම සිංහල ජාතිකයා මමයි. අනෙක් ඔක්කෝම දෙනා දෙමල. එක යාලුවෙක් විතරක් හිටියා ෆුර්කාන් කියලා මුස්ලිමි කොල්ලෙක්. කාර්්‍යාලය ඇතුලෙත් කොටින්ට පක්ෂව කතා කරන්න ඔින තරමි අය හිටියා. සමහර වෙලාවට මගේ රතු කටිට පනින්න මුන් කියන කතා නිසා මං සිංහල ජාතිය වෙනුවෙන් එලිපිටම එකට එක කියන්න පටන් ගත්තා උන් එක්ක.

කොහොමින් කොහොම හරි මගේ රස්සාවටත් ආයුබෝවන් කියන්න දවස් ලං උනා. එකට හේතුව වුනේ දිගින් දිගටම මම ඔෆිස් එකේ ඉන්න අනිත් අය කොලඹ ප්‍රධාන කාර්්‍යාලයට කියලා තිබිබ කේලමි  නිසා අගෝස්තු මාසේ 30 වෙනිදා වෙනකොට රැකියාවෙන් ඉවත් වෙන්න කියලා මට ප්‍රධාන කාර්්‍යාලයෙන් ලියුමි දිලා තිබිබෙි. කොහොම උනත් ඒ වෙනකොට මම රැකියාවෙන් අයින් වෙන්න තිරණය කරලා ඉවරයි. බඩගින්නේ හිටියත් දෙමල ජාතිවාදයට ඔලුව නවන්න මගේ හිතේ කිසිම කැමැත්තක් තිබුනේ නැහැ මගේ.

මෙහෙම රැකියාවෙන් අයින් වෙන්න කියලා ලියුම ලැබුනු දවසේ දවල් 12.30 ට විතර  ඔෆිස් එකේ හිටපු මගේ එකම යාලුවා ෆුර්කාන්වත් බයික් එකේ දාගෙන දවල් කෑම කන්න කියලා ගෙදරට ආවා. මගේ ගෙදර ත්‍රිකුණාමලය ටවුමෙි නිසා එන ගමන් ෆුර්කාන්ව මිනිහාගේ ගෙදරින් බස්සලා ආවෙි.

ඔන්න ඉතිං මම දවල්ට කාලා ගෙදරින් පිටවුනා 1.20 ට විතර. කෙලින්ම ෆූර්කාන් ගේ ගෙදරට ගිහිං මිනිහාවත් දාගෙන ත්‍රිකුණාමලය වරාය පොලිසිය ලගිං දකුනට හරවලා අපේ ඔෆිස් එක තිබිබ පැත්තට හිමිං හිමිං යනවා. ඔය පාරේ වමි අත පැත්තට වෙන්න තියෙන්නේ ත්‍රිකුණාමලය ස්වභාවික වරාය. ඈතින් ප්‍රිමා, මිටිසුයි, පෙටිට්‍රොලියමි සමාගමි පේනවා. දවල් ඔෆිස් එකේ ලොකු වැඩක් තිබිබෙි නැති නිසා මං හිමිට බයික් එක එලවගෙන ෆූර්කාන් එක්ක කතාවක් දාගෙන එනවා.

ඒ පාරේ ටිකක් දුර යනකොට තියනවා නාවික හමුදාවෙි මාර්ග බාධකයක්. අපිට විරුද්ධ දෙසින් ආපු යුධ හමුදා ට්‍රක් රථ 4ක් නිසා මම බයික් එක ටිකක් පාරෙන් අයින් කරගත්තා මාර්ග බාධකය ලගට වෙන්නම. ඔහොම ආපු හමුදා ට්‍රක් වලින් දෙකක් මාර්ග බාධකය පහුකරනවාත් එක්කම අහසින් අමුතු සද්දයක් ඇහෙනවාත් එක්කම පොලොවෙි ලොකු කමිපනයක් වෙනවා වගේ දැනුනා. එක පාරකුත් සුනාමි නිසා ජිවිතේ බෙිරගත්ත නිසා මං හිතුවෙි ආපහු සුනාමියක් තමයි කියලා.

කොහේන්ද යකෝ ඒ සද්දේ ආවෙි…..? මාර්ග බාධකයේ ආරක්ෂාවට යොදවලා හිටපු නාවික හමුදා සෙබලු කලබල වෙචිච පාරට කෑගහලා වෙචිච දේ ගැන හොයන්න පටන් ගත්තා. ඔය අතරේ මගේ බයික් එකේ පිටි පස්සේ වාඩි වෙලා ඉදපු මුස්ලිමි යාලුවා කලබලෙන් වගේ කෑගහනවා. නේවි එකට ආටි .. ආටි ගහනවා කියලා. එතකොට තමයි එතන හිටපු අපි සේරම ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර පැත්ත බැලුවෙි. කදවුරේ තැන් 2-3 කින් ලොකු දුමිවලාවක් නගිනවා. දැන් ඉතිං කාගෙන්වත් අහන්න ඔිනකමක් නැහැ. වෙචිච දේ මොකක්ද කියලා හිතා ගන්න පුලුවං උනා. ඒ අස්සේ තව තවත් කොටි සාමිපුර් පැත්තේ ඉදලා ආටි ගහනවා නාවික හමුදා කදවුර පැත්තට.

ඔය ජරමර අස්සේ නාවික හමුදා කදවුරේ ඩොක්යාඩි එකේ තිබිබ වෙිග ප්‍රහාරක යාත්‍රා 20 ක් විතර එක දිගට සාමිපුර් පැත්තට යනවා දකින්න ලැබුනා. යුද්දේ උණුසුම දැන්නමි හිතට වැදිලා ඉවරයි. තවත් කල්පනා කරන්න දෙයක් තිබිබෙි නැහැ. තවත් නාවික හමුදා මාර්ග බාධකය ලගට වෙලා ඉන්න එක ඇගට සුදුසු නැති නිසා කෙලින්ම ගියා ෆූර්කාන්ගේ ගෙදරට මිනිහව ඇරලවන්න. (මිනිහා බය වෙලා හිටපු හැටියට මගදි පන යයිද කියලා බයෙන් හිටපු හැටි මම විතරයි දන්නේ). ආපහු ඔෆිස් ගියොත් මටත් වැඩ වරදින නිසා කෙලින්ම ඔෆිස් එකට අතේ තිබිබ ෆොන් එකෙන් කෝල් එකක් දිලා විස්තරේ කියලා මම කෙලින්ම ගියා අමිමා වැඩ කරන කාර්්‍යාලයට. මං යනකොටත් අමිමාලගේ ඔෆිස් එක වහලා කටිටිය ගෙවල් වලට ගිහිං ඉවරයි. එදා තමයි මට තේරුනේ රාජ්‍ය සේවය මොනතරමි කාර්්‍යක්ෂමයිද කියලා.

අමිමාගේ ඔෆිස් එක තියෙන්නේ ත්‍රිකුණාමලය බිචි එක ලගට වෙන්න. මෙතනට ලස්සනට සාමිපුර් ලයිටි හවුස් එක එහෙම පේනවා. ඒ වෙනකොට මුහුදේ රැලි දෙබා කරගෙන ආපු නාවික හමුදාවෙි වෙිග ප්‍රහාරක යාත්‍රා ටික කොටි බෝටිටු 25-30 ක් එක්ක නොනවතින සටනක්. මුහුදේ යුද්දේ යන අතරේ ජෙටි ලයිනර් කියන නෞකාව තවත් ඩෝරා යාත්‍රා 6 ක් විතර වටකරගෙන පුල්මුඩෙි පැත්තට ආරක්ෂිතව පසු බසිනවා දැක්කා. ඔන්න දැන් ඉතිං ජිවිතේ පලවෙනි වතාවට සජිවීව මුහුදු කොටින්ට අපේ නාවික රණවිරුවෝ බැටෙි දෙන හැටි ගොඩ ඉදලා පියවි ඇස් දෙකෙන් මමයි, තවත් 40ක විතර පිරිසක් ( පොලිස්, හමුදා නිලධාරින් පිරිසක්ද ඇතුලුව) බලං ඉන්නවා. කවදා දකින්න ලැබෙන බයිස්කෝප්ද මෙිවා..

විනාඩි 20 ක් විතර යනකොට නාවික හමුදාවෙි දැඩි ප්‍රහාර වලට ගොදුරු උනු කොටි බෝටිටු 3ක් හෙන හඩක් නගලා පිපිරිලා යන හැටි දැක්කා. පස්සේ එතන හිටපු නාවික හමුදාවෙි නිලධාරියෙක් කිවිවා ඔය ජෙටි ලයිනර් එකට ගහන්න ආපු කොටින්ගේ මරාගෙන මැරෙන බෝටිටු පිපුරුනේ කියලා. ඔහොම කියලා විනාඩි 10ක් ගතවෙන්න උනේ නැහැ අපේ ඔලුවලට උඩිං ආවෙි ගුවන් හමුදාවෙි එමි.අයි.24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් දෙකක්. අනේ ඉතිං කොටි මල්ලියේ උඹලට අදනමි සාමිබාර් නැතුවම තෝසේ කන්න ලැබෙනවා කියලා මගේ හිත මටම කිවිවා.

එහෙම ආපු ගුවන් හමුදා හෙලිකොප්ටර් දෙක වටයක් කැරකිලා ඇවිත් ඉතිරි වෙලා තිබිබ කොටි බෝටිටු වලට පන්න පන්න ගහන්න පටං ගත්තා. පැයක් යනකොට මුහුද කිසිම දෙයක් නොවිචිච ගානට නොර්මල්. ඊටත් විනාඩි 15 කට පස්සේ උතුරේ ඉදලා නිවාඩූවට ගමිබිමි බලා යන්න ආපු හමුදා, පොලිස්, නාවික හා ගුවන් හමුදාවල සෙබලුන් 1200ක් රැගත් ජෙටි ලයිනර් නෞකාව දැඩි නාවික හා ගුවන් හමුදා රැකවල් මැද්දේ ත්‍රිකුණාමලය නාවික හමුදා ඇතුලු වරායට පිවිසෙනවා දැක්කමයි හිතට ලොකු ගතියක් දැනෙන්න ගත්තේ.

මාවිල් ආරුව හමුදාව අතට පත්වෙන එක නතර කරගන්න මුහුදු කොටි නායක සුසෙයි හා නැගෙනහිර කොටි සන්නද්ධ අංශ නායක ස්වර්ණමි එකතු වෙලා ගහපු ප්ලෑන් එක වුනේ ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට සාමිපුර් ඉදලා කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ගමන් ඒ අතරේ උතුරේ ඉදං නිවාඩු එන සෙබලුන් රැගත් ජෙටි ලයිනර් නෞකාවට මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන බෝටිටු යොදවලා ප්‍රහාරයක් එල්ල කරලා ලොකු විනාශයක් කරන්නයි. නමුත් ඒ වෙන කොට කොටින් අර අදින්නේ මොනවගේ ප්‍රහාරයකටද කියලා ඉවෙන් වගේ තේරැමි ගත්ත නාවික , ගුවන් රණවිරුවෝ සුසෙයි හා ස්වර්ණමිගේ සැලැස්ම උපන් ගෙදරම වලදැමිමෙි ඔන්න ඔය විදිහට…..!!!


( ඉදිරියට එනවාඃ- හමුදා කමාන්ඩෝ විරුවෝ රහසිගත මෙහෙයුමක)

Friday, November 18, 2011

වීරයෝ නැවතත් මෙි ලක් දෙරණේ උපදින්නේ නමි නැතුවා

ශ්‍රි ලංකාවාසි ජනතාවගේ සිතේ යමිහෝ බලාපොරෝත්තුවක සේයාවක් තිබුනේ නමි එයද ඊයේ සුනු විසිනුව ගියේ කාට කාටත් නැවත නැවතත් අමිහිරි මතක රැසක් හිතට අලුත් කර දෙමිනි.
සුදු කොඩි නඩුවෙන් හිටපු යුධ හමුදාපතිවරයාවු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව වසර තුනක කාලයකට සිරදඩුවමි නියම කලේ ගොනු කර තිබු චෝදනා තුනෙන් පලමු චෝදනාව වන අසත්‍ය ප්‍රකාශයක් සිදු කල බවට කියමිනි. තත්වය මෙසේ වුවද ඊයේ දින යෙදි තිබුනු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 66 වන ජන්ම දිනය නිමිත්තෙන් හෝ හිටපු යුධ හමුදාපතිවරයාට පොදු සමාවක් ලැබෙනු ඇතැයි කියා අපේක්ෂාවෙනි. එහෙත් ඒ සියලුම බලාපොරොත්තු දැන් හිස්වී හමාරය. සිදුවන්නනට නොවිය යුතු සිදුවීමක් සිදුවී හමාරය..


එහෙත් පුරා වසර 30 ක් පුරා අප රට වෙලාගත් රුදිරු ත්‍රස්තවාදයේ සෙවනැලි පරාජය කිරිමට කැපවුනු හිටපු හමුදාපතිවරයා තෙවරක්ම මරණය පෙනි පෙනී නැවත වතාවක් ජිවත් වන්නට වරමි ලැබු අයෙක් බව අද කාට කාටත් අමතකවීමද විශේෂත්වයකී. යුද්ධය ජය ගත්තේ හමුදාපතිවරයාට ජනාධිපති, ආරක්ෂක ලේකමි ඇතුලු තවත් විශාල පිරිසකගේ උදවි උපකාර නොලැබුනා නොවෙි. ඒ සියල්ලම ලැබුනත් යුද්ධයට අවශ්‍ය කරන සැලසුමි සකස් කිරිම හා පිරිස් මෙහයවීම ආදිය මනාව සිදුකිරිම තුලින් අපේක්ෂා කල ආකාරයේ ප්‍රථිඵල නෙලා ගන්න හමුදාපතිවරයා සමත්කමි දැක්වුයේ යුධ බිමෙිදි ඔහු ලබා තිබෙන හසල දැනුම නිසාය.


අවසන් වරට හමුදා මුලස්ථානය තුලදිම මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයකට ගොදුරුවුනු එතුමා පසුව සුවය ලබා පැමිනි අවස්ථාවෙිදි ඔහුට ලබාදි තිබු වෛද්‍ය උපදෙස්මත හමුදා සේවයෙන් විශ්‍රාම යෑමට පවා හැකියාව තිබුනත් ඔහු එසේ නොකලේ සැබැවින්ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරිමෙි අරමුණින් බව ඔිනෑම ශ්‍රි ලාංකිකයෙකුට වැටහෙන කාරණාවක් වන්නේය.


තමාට එරෙහිව නැවත වරක් වසර තුනක සිරදඩුවමි නියම කරද්දි ඒ රණවිරුවා කියු එක් දෙයක් ගැන අප සියලු දෙනාම තවත් වරක් කල්පනාකර බැලුවහොත් එහි ඇතුලාන්තය කුමක්ද යන්න පැහැදිලි කර ගත හැකියි. ඒනමි, " මෙි නඩු තීන්දුව නිසා තවත් කාලයක් මට මගේ බිරිදගෙන් හා දරු දෙදෙනාගෙන් ඈත් කර තබන්න ලබා දුන් දඩුවමක් බවත් කිසිදු දිනක තමා අණ දුන් හමුදා සේනාංක යුධ අපරාධ නොකර බවත්ය."


මෙි කුඩා සටහන අවසන් කිරිමට පලමුවෙන් යමි දෙයක් කිමට ඇත්තෙමි. එනමි, නැවතත් මෙි ලක් දෙරණට වීරයෝ ඉපදෙන්න සිතන්නේවත් නැත කියා පමනී. මන්දයත්, වීරයින්ට අද හිමි සිරකුඩුවත්, දේශ දෙූා්හීන්ට අද හිමි සුපිරි නිවාස හා රජ සැප හිමි විම නිසා ඉදිරියේ ඉපදෙන්නේ දෙූා්හීන් පමණක්ය.....!!!




( දේශපාල කෝණයෙන් තොරව මධ්‍යස්ථ සිතින් කියවන්නැයි ඉල්ලා සිටිමි )