කොප්‍රල් පි.එන්.සුරංග ( සෙබල අංක 513841. - පලමු වෙන විජයබා රෙජිමෙන්තුව)
මුහමලේ කොටි ත්‍රස්තවාදින්ගේ බල කදවුරු බිද දමමින් 2006 වසරේදි
ක්‍රියාත්මකවු හමුදා මෙහෙයුමෙිදි ආර්.පි.ජී. අවි ක්‍රියාකරවන්නෙක් ලෙස
හමුදා පෙරමුනේ සිට ඉතා දැවන්ත කාර්්‍ය භාරයක් ඉටු කල රණවිරුවෙක්වු කෝප්‍රල්
සුරංග, කොටි ත්‍රස්තවාදින්ගේ යුධ අගල් තරණය කරමින් සිය සහෝදර භටයින්
වෙනුවෙන් දිවි නොතකා සටන් කලහ.
හමුදා භට කණ්ඩායමිවල ඉදිරි ගමනට බාධා වෙමින් ඉදිකර තිබුනු කොටි
ත්‍රස්තවාදින්ගේ බන්කර් සුනු විසුනු කරමින් තමා සතු ආර්.පි.ජී. අවියෙන් ඉතා
සාර්ථක ඉලක්ක රැසක් ලබා ගැනීමට ඔහු සමත් විය.
2006 වසරේ අගෝස්තු මස 14 වන දින කොටි ත්‍රස්තවාදින් සමග හමුදා භට කණ්ඩයමි
මුහනට මුහනලා ඇතිවු ගැටුමකදි තමා සතු සියළු ආර්.පි.ජි. උණ්ඩ අවසන්ව තිබුනු
මොහොතකදි තම සහෝදර සෙබළුන් ඉලක්ක කර ගනිමින් ඉදිරියට ඇදෙන කොටි ත්‍රස්තයින්
කණ්ඩායමක් නිරික්ෂණය කල කෝප්‍රල් සුරංග දෙවරක් නොසිතා කොටි කණ්ඩායම අතරට
පැන තමා සතු ගේ්‍රනේඩි බෝමිබයක් පුපුරුවා ගත්තේ සිය ජිවිතය පමනක් නොව කොටි
සාමාජිකයින්ටද විශාල හානියක් ගෙන දෙමින්ය.
කෝප්‍රල් සුරංග ගේ එම අභීත ක්‍රියාව නිසා නොවන්නට එදා හමුදා භට කණ්ඩායමි
වලට සිය මෙහෙයුම ඉදිරියට කරගෙන යෑමට විශාල බාධාවක් වන අතරම, සිය ජිවිතය පවා
පුජා කරමින් කල ඒ උදාර මෙහෙය අගයනු වස් කෝප්‍රල් පි.එන්. සුරංගට පරම වීර
විභුෂණ පදක්කම පිරිනැමිනී.
කෝප්‍රල් ඩි.එමි.එස්. චන්ද්‍රසිරි බණ්ඩාර ( සෙබල අංකයඃ 462696. 2 වන විශේෂ බලකා රෙජිමෙින්තුව)
ඒ 2009 වසරේ පෙබරවාරි මස 3 වෙනිදා කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයේ සිටින
අහිංසක දමිල වැසියන් බෙිරා ගැනිමෙි අටියෙන් හමුදා භට පිරිස් සිය ඉදිරි
මෙහෙයුමි ක්‍රියාත්මක කරමින් සිටියේ කොටි ත්‍රස්තවාදින්ගෙන් එල්ලවු දැඩි
ප්‍රහාර මධ්‍යයේය.
ඉදිරියට ඇදෙමින් සිටින හමුදා භට පිරිස් වෙත කොටි ත්‍රස්තවාදින් විසින් තමන්
සතු උපරිම හැකියාව යොදා ගනිමින් ප්‍රහාර එල්ල කලත් ඔවුන්ගේ උත්සහය
ව්‍යර්ථවුයේ බලා සිටියදීමය. තව දුරටත් බලා සිටියොත් තමන්ට අත්වන පරාජය ගැන
සිහිනෙකින්වත් සිතීමට අකමැතිවු කොටි ත්‍රස්තයින් සී-4 වර්ගයේ අධිබලැති
පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කල වෑන් රථයක් මරාගෙන මැරෙන කලු කොටි
සාමාජිකයෙක් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල වෙත එවන ලදියි.
ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට කොටි ත්‍රස්තවාදින්ට ප්‍රහාර එල්ල කරමින් සිටි 2
වන විශේෂ බලකා රෙජිමෙින්තුවෙි කෝප්‍රල් චන්ද්‍රසිරි එකවර තමන් සිටින දිසාවට
පැමිණෙන වෑන් රථය දෙස සිය විමසිලි නෙත් යොමු කලේ එය සිවිල් වැසියන් රැගත්
වාහනයක්දැයි සැකහැර දැනගැනීමට අවශ්‍ය නිසාය. ඉතා වෙිගයෙන් එමින් තිබු වාහනය
කොටි ත්‍රස්තවාන් විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවු වාහනයක් බවට හදුනා ගැනීමට
වැඩි වෙලාවක් ගත නොවුයේ ඊට අවස්ථා දෙකකදි කොටි සාමාජිකයින් මෙවැනීම උපාය
මාර්ගයන් අනුගමනය කල නිසාවෙනී.
කොටින්ගේ මරාගෙන මැරෙන වෑන් රථය තම ඉදිරි ආරක්ෂක වලල්ල අසලට පැමින පුපුරුවා
හැරියොත් සිදුවන ජිවිත විනාශය ගැන සිතු කෝප්‍රල් බණ්ඩාර තමා සතු ගිනි අවිය
පසෙකලා අසල තිබු ආර්.පි.ජී.අවිය සියතට ගත් ඔහු තමා ඉදිරියට පැමිනෙමින්
තිබු වෑන් රථය ඉලක්ක කර සිය අතැති අවිය ක්‍රියා කලත් එය නිසි පරිදි
ක්‍රියාත්මක නොවිය.
තත්පරයක කාලයක් හෝ අපතේ නොයැවු ඔහු වෙනත් ආර්.පි.ජී. උණ්ඩයක් සවිකර ගෙන
නැවතත් කොටි වෑන් රථය ඉලක්ක කරනා විට එය කෝප්‍රල් සාගර ගේ සමීපයටම පැමින
තිබුනී. තමාගේ ජිවිතය බෙිරා ගැනීමට වෙනතකට යෑමට හැකියාව ලැබුනත් එසේ සිදු
නොකල ඔහු තම ආර්.පි.ජී. අවිය ක්‍රියාත්මක කලේ මරුවාට සිනා සෙමින්ය.
ඇසපිල්ලන් ගසන්නවත් ඉඩක් කඩක් නොදෙමින් කොටි මරාගෙන මැරෙන වෑන් රථය හමුදා
ඉදිරි ආරක්ෂක වලල්ල අසලදි පුපුරා ගියේ කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාර නමි වීර
පුතුනුවන් ලක්මවට අහිමි කර දෙමින්ය.
තමාගේ ජිවිතයට වඩා සිය සහෝදර සෙබලුන්ගේ ජිවිතය ගැනත්, මාතෘභුමිය් ඒකීය භාවය
උදෙසා දිවි කැප කල කෝප්‍රල් ඩි.එමි.එස්. චන්ද්‍රසිරි බණ්ඩාර රණවිරුවාට පරම
වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.
කෝප්‍රල් පි.එමි.එන්. පුෂ්පකුමාර ( සෙබල අංකයඃ 410053. 7 වන ගැමුණු හේව බලඇණිය)
ඒ-35 මාර්ගය කොටි ග්‍රහනයෙන් මුදා ගැනිම සදහා හමුදා සෙබළුන් සිය මෙහෙයුමි
දියත් කලේ කොටි ත්‍රස්තවාදින් දිගින් දිගටම හමුදා භට පිරිස් වෙත දරුණු
ආකරයෙන් ප්‍රහාර එල්ල කරන අවස්ථාවකදීය.
සටන් භුමියේ පවතින සියළු වාසි සහගත තත්වයන් ඒ වන විට කොටි ත්‍රස්තයින් සතුව
තිබු අතර හමුදා සෙබළුන් විශාල සංඛ්‍යාවක් ඒ වන විට තුවාල ලබා සටන් භුමියේ
තැනින් තැන මුලික වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියාය. රටෙි ඒකීය භාවය
වෙනුවෙන් සිය ජිවිතය පුජාකල හමුදා රණවිරුවන්ගේ සිරුරුද සටන් බිමෙි විසිරි
තිබිනි.
මෙි අවස්ථාවෙිදි තමන් අතින් ගිලිහුනු ඒ-35 මාර්ගයේ කොටසක බලය නැවත අල්ලා
සියතට ගැනීමට කොටි ත්‍රස්තයින් සුදානමි වුයේ තම ප්‍රහාර හමුවෙි හමුදා
සෙබළුන් රැසක් ඒ වන විට තුවාල ලබා සිටින බව හොදින් විමර්ෂණය කිරිමෙන්
අනතුරුවය.
තම අභිප්‍රාය සාක්ෂාත් කර ගැනීමෙි අරමුණෙන් ඉදිරියට එමින් සිටියි කොටි
කණ්ඩායමක් නිරික්ෂණය කල 7 වන ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් පි.එමි.එන්.
පුෂ්පකුමාර සිය රාජකාරිය ඉටු කලේ කවිරුත් නොසිතු ආකාරයකටය.
තම බන්කරය අසල තිබු ක්ලේමෝ බෝමිබයක් සිය ශරිරයට බැද තබා ගත් ඔහු ක්ෂණිකයෙන්
කොටි සාමාජිකයින් මැදට පැන පුපුරුවා ගත්තේ හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට පහර
දිමට එමින් සිටින කොටි සාමාජිකයින් විශාල සංඛ්‍යාවකට ජිවිතය අහිමි කර
දෙමින්ය.
යුධ බිමෙිදි තම රට ජාතිය වෙනුවෙන් අප්‍රමාණ ගෞරවයෙන් යුතුව සිය දිවි පුජා
කල කෝප්‍රල් පි.එමි.එන්.පුෂ්පකුමාරට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.
ලාන්ස් කෝප්‍රල් කේ. චන්දන ( සෙබල අංකඃ 467722. 3වන විශේෂ බලකා රෙජිමෙින්තුව)
මාන්කුලමි-කිලිනොචිචි මාර්ගයේ ගමන් ගන්නා කොටි නායකයින් ඉලක්ක කර ගනිමින්
ප්‍රහාර එල්ල කිරිමෙි අරමුණෙන් රජයේ පාලන ප්‍රදේශයේ සිට කිලෝමිටර් 40ක් පමන
ඈතට ගමන් කල ලාන්ස් කෝප්‍රල් චන්දන ඇතුළු සය දෙනෙක්ගෙන් යුත් විශේෂ බලකායේ
දිගු දුර මෙහෙයුමි බලකාය නැවත තම කදවුර බලා ඒමට පිටත් වුයේ කොටි නායකයින්
දෙදනෙක්ව මරු තුරුලට යැවීමෙින්ද අනතුරුවය.
හමුදා පාලන ප්‍රදේශය බලා එමින් සිටියි මෙම දිගු දුර මෙහෙයුමි බලකායේ
සෙබළුන් ගැන ඉව වැටුනු කොටි ත්‍රස්තවාදින් මාන්කුලමි-තුනුක්කායි මාර්ගය
අසලදි කොටු කර ප්‍රහාරයක් එල්ල කලේය. කොයි යමි මොහොතකදි හෝ තම කණ්ඩායමට
සතුරු ප්‍රහාරයක් එල්ල වෙිතැයි සිතා සිටි දිගු දුර මෙහෙයුමි බලකායේ
සාමාජිකයින් කොටි ත්‍රස්තවාදින් සමග මුහුනට මුහනලා සටන් කලේ නියම සිංහල ලේ
ඇති රණකාමින් මෙන්ය.
කොටින් හා අතර ඇතිවුනු ගැටුමෙිදි තම සහෝදර සෙබලෙක්ට වෙඩි වැදි සිටිනවා දුටු
ලාන්ස් කෝප්‍රල් චන්දන වහා එම සෙබලාව සටන් භුමියෙන් පිටු පසට ඇද තබා
නැවතත් කොටින් හා සටනට එක්විය. මෙහිදි කොටි ප්‍රහාරය නිසා තුවාල ලබා සිටි
ලාන්ස් කෝප්‍රල් චන්දන සිය තුවාල ගැන හෝ නොසිතා කොටින්ට එරෙහිව දැඩි
ප්‍රහාරයක් එල්ල කලේ සිය කණ්ඩායම බෙිරා ගැනිමෙි අටියෙනි.
දරුණු සටනක් අතරේදි චන්දන ඇතුලු කණ්ඩායමට අණදෙන නිලධාරියාවු සාජන්ටි කොටි
ප්‍රහාරයන් නිසා තුවාලවී බිම ඇද වැටෙනවා චන්දන දුටුවෙි ඒ මොහොතේදීය. තම
අණදෙන නිලධාරියා කොටින්ගේ ග්‍රහණයට නතුවෙන ආකාරය දුටු ඔහු වහා සිය ගිනි
අවිය අතැතිව කොටින් ඉදිරියට පැන දැඩි ප්‍රහාරයක් එල්ල කලේ සිය කාණ්ඩ අණදෙන
නිලධාරියාගේ ජිවිතය බෙිරා ගනිමිනී.
තම අණදෙන නිලධාරියා බෙිරා ගත්තත්, එම සටනේදි සිදුවු තුවාල හේතුවෙන් 3 වන
විශේෂ බලකා රෙජිමෙින්තුවෙි ලාන්ස් කෝප්‍රල් කේ.චන්දන රණවිරුවා දැයෙන්
සමුගත්තේ තම කණ්ඩායමෙි අනෙක් සහෝදර රණවිරුවන්ගේ ජිවිත බෙිරා දෙමිනි.
රණබිමෙිදි සිදුකල ඒ වීරෝධාර කැප කිරිම නිසා ලාන්ස් කෝප්‍රල් කේ.වන්දන රණවිරුවාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.
ලාන්ස් කෝප්‍රල් ඒ.එමි.එමි.පි. අබෙිසිංහ ( සෙබල අංකඃ 317077/ 8 වන ශ්‍රි.පා.රෙජිමෙින්තුව)
තුනුක්කායි කොටි ත්‍රස්ත බලකොටුව අත්පත් කර ගැනිමෙි අරමුණින් යුධ හමුදා භට
පිරිස් 2008 වසරේ ජුනි 25 වෙනිදා ඉතා සුවිශේෂිවු මෙහෙයුමක් දියත් කලාය. එම
මෙහයුමට සමිබන්ධවු ලාන්ස් කෝප්‍රල් අබෙිසිංහ ඇතුළු රණවිරුවන් කොටි
ත්‍රස්තවාදින්ගේ ඉදිරි ආරක්ෂක වලල්ලට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරමින් කොටි
බන්කර් 7ක් අත්පත් කර ගත්තේ කොටින්ට පවා කුමකින් කුමක් සිදුවුවාදැයි යන්න
ගැන සිහිඑලවා ගැනීමටවත් කාලයක් ලබා නොදෙමින්ය.
මෙි අතර කොටි අත්පත් කර ගත් කොටි බන්කර් වල බලය තහවුරු කර ගනිමින් සිටින
අවස්ථාවෙිදි ඒ අසලම වන්නට ඉතා රහසිගතව ඉදිකර තිබු තවත් කොටි බන්කරයක්
නිරික්ෂණය කල ලාන්ස් කෝප්‍රල් අබෙිසිංහ වහාම ආර්.පි.ජි. ගිනි අවියත් රැගෙන
කොටි බන්කරය අසලටම ගොස් සිය ඉලක්කය ගත්තේ කොටි ත්‍රස්තවාදින්ගේ බන්කරයද
සුනු විසුනු කරමින්ය.
එම ප්‍රහාරයේදි ඉතා බරපතල තුවාල ලැබු ලාන්ස් කෝප්‍රල් අබෙිසිංහ සිය සහෝදර
සෙබළුන් රැසකගේ ජිවිත බෙිරා දෙමින් අවසානයේදි සිය ජිවිතයෙන් සමුගත්තේ සටන්
බිමෙි තවත් එක් වීර ක්‍රියාවක් ඔබටත්, මටත් අසා දැන ගැනීමට ඉඩ සලස්වමින්ය.
(මතු සමිබන්ධයි)
තම ජිවිතය හෝ ආත්ම ආරක්ෂාව ගැන නොසිතා උපන් දේශයත්, තම සහෝදර සෙබළුන්ගේ
ජිවිතය ආරක්ෂාව උදෙසා යුධ බිමෙිදි දිවි කැප කල අභීත රණවිරුවන් 15 දෙනෙක්
සදහා පිරිනැමුනු පරම වීර විභුෂණ පදක්කමි පිරිනැමීම අද තුන්වන නිදහස්
සැමරුමි උළලෙදි ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඊලාමි සිහිනය පරාජය කිරීම සදහා රුදිරු එල්.ටි.ටි.ඊ. සංවිධානය සමග දිවි
පරදුවට තබා සටන් වැදුනු අපගේ වීරෝධාර රණවිරුවන් තම උපන් මවිබිම වෙනුවෙන්
ලේ, දහදිය වගුරා දිනා දුන් නිදහස තුල කවිරුත් නොකියු නොඇසු කතා සිය ගණනක්
තිබෙන බව නොරහසකී. රණබිමෙි වීරත්වයෙන්, දේශභක්තියෙන් උපන් උදාර හැගීම නිසා ඒ
අභීත රණවිරුවන් තම අද දවස අපගේ හෙට දිනය වෙනුවෙන් කැප කලේ රන්මසු
බලාපොරොත්තුවෙන් බව සක්සුදක් සේ පැහැදිලිය.
අද දින පරම වීර විභුෂණ පදක්කමෙන් පිදුමි ලැබු අපගේ දේශයේ පිනට පහලවු ඒ වීර පුතුන් ගැන තොරතුරු බිදක්ඃ-
මෙිජර් ජේ.ඒ.එල්. ජයසිංහ ( නිලධාරි අංකයඃ 64314./ 3 වන විශේෂ බලකාය)

කොටි ත්‍රස්තවාදින් විනාශ කිරිම සදහා විශේෂ පුහුණුව ලැබු ශ්‍රි ලංකා යුධ
හමුදාවෙි විශේෂ බලකායේ දිගු දුර මෙහෙයුමි බලකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු
කල මෙිජර් ජේ.ඒ.එල්.ජයසිංහ ඇතුළු කුඩා කණ්ඩායමක් 2008 නොවැමිබර් මස 14 දින
ඔඩිඩුසුඩාන් කොටි පාලන ප්‍රදේශය බලා පිටත් වුයේ කොටි නායකයින් කිහිප
දෙනෙක්ව මරු වසගයට යැවීමෙි ඒකායන අභිප්‍රායෙනි. සෙමෙන් සෙමෙන් වුවත් ඉතා
මනා අධික්ෂණයෙන් යුතුව මාන්කුලමි-ඔඩිඩුසුඩාන් මාර්ගය අසලදි සිය මෙහෙයුම
නිමා කල ඔවුන් නැවත හමුදා පාලන ප්‍රදේශය කරා එන අතර තුරේදි කොටි
ත්‍රස්තවාදින්ගේ ඇස ගැටුනී.
එහිදි කොටි ත්‍රස්තවාදින් සමග ඇතිවු ගැටුමෙිදි අණදෙන නිලධාරි මෙිජර් ලලිත්
ජයසිංහ හා තවත් එක් දිගු දුර මෙහෙයුමි බලකායේ රණවිරුවෙක් තුවාල ලැබු අතර,
කොටි ත්‍රස්තවාදින්ගෙන් සිය කුඩා කණ්ඩායම බෙිරා ගනිමින් ඔවුන්ව හමුදා පාලන
ප්‍රදේශය කරා රැගෙන ඒමත්, තුවාල ලැබු තම සහෝදර සෙබලාගේ දිවි බෙිරා ගැනීම
උදෙසා වීරෝධාර ලෙස සටන් වැදුනු මෙිජර් ලලිත් ජයසිංහ ඔහුට එල්ලවු ප්‍රහාර
නිසා ඇතිවු තුවාල හේතුවෙන් 2008 වසරේ නොවැමිබර් 21 දින දැයෙන් සමුගන්නා
ලදියි.
කොටි නායක ප්‍රභාකරන්ගේ හීතෙෂියි හා කොටි ගුවන් බලකායේ නිර්මාතෘ ශන්කර් නමි
කොටි නායකයා මන්නාරමි කොටි පාලන ප්‍රදේශයේදි එලොව යැවීම සදහාවු මෙහයුමට
අණදුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ( පරම වීර විභුෂණ) රණවිරුවා දිගු දුර
මෙහෙයුමි බලකාය වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල උසස්ම නිලධාරියාද වෙි.
මෙිජර් කේ.ඒ.ගමගේ ( නිලධාරි අංක 64743- පලමුවන විශේෂ බලකාය)
2009 වසරේ අප්‍රේල් මස 19 වෙනිදා රාත්‍රියේදි කොටි ත්‍රස්තවාදින් පවා
පුදුමයට පත් කරමින් යුධ මුක්ත කලාපය වටා ඔවුන් ඉදිකර තිබු පස්බැමිම හරහා
ගොස් කොටි ත්‍රස්තවාදින්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කල කපිතාන් කේ.ඒ.ගමගේ
ඇතුළු විශේෂ බලකා කණ්ඩායම යුධ මුක්ත කලාපයේ සිටි අහිංසක සිවිල් වැසියන්ට
රජයේ පාලන ප්‍රදේශයන් කරා ඒමට අවස්ථාව උදාකර දුන්නේ ඒ ආකාරයටය.
මෙහිදි අහිංසක දමිල සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙසින් යොදා ගනිමින්
ප්‍රහාර එල්ල කරන කොටි ත්‍රස්තවාදින්ට ඉතා උපක්‍රමශිලිව ප්‍රහාර එල්ල
කරමින් සිය කණ්ඩායමෙි සෙසු නිලධාරින්ගෙත්, දමිල වැසියන්ගේ ජිවිත රැසක්
බෙිරා ගැනීමට ක්‍රියා කල කපිතාන් කේ.ඒ.ගමගේ (පරම වීර විභුෂණ) කොටි
ත්‍රස්තවාදින්ගෙන් එල්ලවු ප්‍රහාර නිසා සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු
කලේ ලොව සාර්ථකම මුදාගැනිමෙි මෙහෙයුමට සිය දායකත්වය ලබා දෙමින්ය.
කපිතාන් යු.ජි.ඒ.එස්. සමරණායක ( නිලධාරි අංක 65746- 9 වන ගැමුණු බලකාය)
සිවුවන ඊලාමි යුද්ධයේදි කොටි සංවිධානයේ ප්‍රධාන බලකොටුවක් වන
පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය අත්පත් කර ගැනිමෙි අභිලාෂයෙන් ශ්‍රි ලංකා යුධ
හමුදාව විසින් දියත් කල මෙහෙයුමෙිදි කොටි ත්‍රස්තවාදින්ගේ පාලන ප්‍රදේශයෙන්
කොටසක් අත්පත් කර ගැනීමට සමත් වුයේ දරුණු සටනකින් පසුවය.
හමුදාව විසින් අත්පත් කර ගත් භුමි ප්‍රදේශය නැවතත් සිය ග්‍රහණයට ගැනිමෙි
අරමුණෙන් කොටි ත්‍රස්තවාදින් 2009 වසරේ මාර්තු 02 වෙනිදා සිය උපරිම වෙඩි
බලය හා පිරිස් බලය යොදා ගනිමින් හමුදා භට පිරිස් වෙත ප්‍රහාර මාලාවක් එල්ල
කරන ලදියි. පෙර පැවති සටනේදි හමුදා සෙබළුන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා
සිටියි අතර දිගින් දිගටම එල්ල වන හමුදා ප්‍රහාර නිසා සිය ඉදිරි ආරක්ෂක
වලල්ල කොටින් අතට පත්වීම වලක්වාලීම සදහා සිය සහෝදර සෙබළුන් සමග කොටින්ට
එරෙහිව සටන් වැදුනු කපිතාන් සමරණායක ( පරම වීර විභුෂණ) එහිදි සිදුවු තුවාල
නිසා දැයෙන් සමුගත්තේ සිය සෙබළුන්ගේ ජිවිත රැසක්ද, සිය මාතෘභුමියද බෙිරා
දෙමිනී.
කපිතාන් එචි.ජී.එමි.කේ.අයී.මෙිගවර්ණ ( නිලධාරි අංකඃ 66514- 9 වන ගැමුණු රෙජිමෙන්තුව)

කොටි ත්‍රස්තවාදින්ගෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය මුදා ගැනීම සදහා හමුදාව
දියත් කල මෙහෙයුමෙිදි කාණ්ඩ භාර අණදෙන නිලධාරියෙක් ලෙස කටයුතු කල ලුතිනන් මෙිගවර්ණ සිය හමුදා භට කණ්ඩායම සමග කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව සාර්ථකව
ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදුනේ කොටි බන්කර් හා මරඋගුල් සුනු විසුනු කර
දමමින්ය.
මෙහිදි කොටි ත්‍රස්තවාදින් තමන්ට අහිමිවුනු ප්‍රදේශයෙන් නැවත අත්පත් කර
ගැනීම සදහා දියත් කල ප්‍රහාරයේදි ලුතිනන් මෙිගවර්ණ ඇතුළු භට පිරිස් ගොදුරු
විය. කොටි ත්‍රස්තවාදින් වෙතින් එල්ලවු දරුණු ප්‍රහාර වුවද නොසැලි සිය භට
කණ්ඩායම සමග සිය මාතෘභුමියේ භෞමික අඛණ්ඩතාවය උදෙසා සටන් වැදුනු ලුතිනන් මෙිගවර්ණ ඇතුලු කණ්ඩායමෙි සැලකිය යුතු පිරිසකට ඒ වන විටත් තුවාල සිදුවී
තිබුනී. තමන්ට කොතරමි දරුණු තුවාල සිදුව තිබුනත් සිය සටන් සගයින් ප්‍රතිකාර
සදහා පිටත් කර හැර අමතර භට පිරිස් සිය සහයට පැමිණෙන තුරු අනෙක් සෙබළුන්ට
නායකත්වය දෙමින් සටන් වැදුනු කපිතාන් එචි.ජේ.එමි.කේ.අයි. මෙිගවර්ණ (පරම වීර
විභුෂණ) සිය දෙනෙත් පියා ගත්තේ රට ජාතිය බෙිරා ගැනීම උදෙසා ලබාදුන් උදාර
පරමාර්ථය නිසාය.
සාජන්ටි එචි.ජී.එස්. බණ්ඩාර (සෙ/අං- 511904. 4 වන විජයබාහු රෙජිමෙින්තුව)
මානුෂීය මෙහෙයුමෙි උචිජතම අවස්ථාව වු නන්දිකඩාල් කොටි පාලන ප්‍රදේශය අත්පත්
කර ගැනීම සදහා හමුදා භට කණ්ඩායමි සිය අවසන් සටන් ආරමිභ කල අවස්ථාවෙිදි
නන්දිකඩාල් කලපුව හරහා පැන යෑමට තැත් කරන කොටි ත්‍රස්තවාදින්ව නිරික්ෂණය කර
පහර දිමට සාජන්ටි එචි.ජී.එස්. බණ්ඩාර ඇතුළු සෙබළුන් 8 දෙනෙක්ගෙන් යුත්
කණ්ඩායමක්ට පැවරි තිබුනු රාජකාරියයී.
සිය භට කණ්ඩායමත් සමග නන්දිකඩාල් කලපුව මධ්‍යයේ පිහිටි කුඩා දුපතක
ස්ථානගතවු සාජන්ටි බණ්ඩාරට වැඩි වෙිලාවක් ගතවන්නට පෙර 150 දෙනෙක්ගෙන් යුත්
කොටි ත්‍රස්තවාදින් කණ්ඩායමක් නිරික්ෂණයවු අතර, අමතර භට පිරිස් පැමිණෙන
තෙක් බලා සිටියහොත් ඔවුන්ට පැන යෑමට අවස්ථාව උදාවෙිතැයි සිතු ඔහු ඇතුළු
කුඩා කණ්ඩායම තමන් සතු උපරිම වෙඩි බලය යොදා ගනිමින් කොටි ත්‍රස්වාදින්ට
එරෙහිව සටන් ඇරඹිය.
දෙපාර්ශවය අතර දරුණු ගැටුමක් පැවති අතර මෙහිදි කොටි ත්‍රස්තවාදින්ගේ
ප්‍රහාර වලින් සාජන්ටි බණ්ඩාර ඇතුළු සෙසු භටයින් දරුණු ලෙස තුවාල ලබා
සිටියාය. තම අමතර භට පිරිස් ගැටුම පැවති ස්ථානය වෙත ලගාවු පසු තුවාල ලබා
සිටි සිය සගයින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඉවත් කර ගන්නා තුරු එතැනින්
අඩියක් හෝ පස්සට නොගිය සාජන්ටි එචි.ජී.එස්. බණ්ඩාර ලබා සිටියි දරුණු තුවාල
නිසා සිය අවසන් හුස්ම පොද ලක් මාතාවගේ ගෞරවය උදෙසා පුජා කලේය.
යුධ බිමෙි දැක්වු මෙම උදාරතරම කැප කිරිම නිසා 4 වන විජයබාහු රෙජිමෙින්තුවෙි
සාජන්ටි එචි.ජී.එස්.බණ්ඩාරට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.
(මතු සමිබන්ධයි)
මීට වසර තුනකට ඉහතදි මිලෙචිජ කොටි ත්‍රස්තවාදය පරාජය කිරිම සදහා යුධ හමුදාව මෙහෙයවු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාව නිදහස් කිරිමට අදාලව අවසර ඉල්ලා ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කල යෝජනාවට කැබිනටි මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියි.
මෙි අනුව ඉදිරි දින කිහිපයේදි හිටපු යුධ හමුදාපතිවරයාව නිදහස් කිරිමට අදාලව ලියැවිලි සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබනු ඇතැයි අපේක්ෂා කෙරේ.

59 වෙන හමුදා සේනාංකය මුලතිවි කොටි බලකොටුව මුදා ගන්නා විට නාගර්කෝවිල්, මුහමලේ, අලිමංකඩ හා පරන්තන් යන කොටි පාලන ප්‍රදේශවල බලය සුනු විසුනු කල යුධ හමුදාවෙි 58, 53 හා 55 වන හමුදා සේනාංකයන් ඉදිරියට ඇදෙමින් සිටියේ කොටි ත්‍රස්තවාදින්ට ඉදිරියේදි කුමක් සිදුවන්නේද යන්න ගැන අබමල් රේණුවක තරමිවත් හෝඩුවාවක් ලබා නොදමිනි.
දිනෙන් දින කොටි සංවිධානයේ පාලන බලප්‍රදේශ හමුදා සේනාංක අතට පත්වන බව දැන සිටි එල්.ටි.ටි.ඊ. නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් කුමන මොහොතකදි හෝ අන්තර්ජාතික බලපෑමක් නිසා රජයේ හමුදාවන් මෙම සටන නතර කරාවි යන බලාපොරොත්තුව පමනක් සිතේ තබාගෙන භුගත බංකරයකටවි කල්ගත කරමින් සිටියාය.
මෙි අතර මුලතිවි මුදා ගත් 59 වන සේනාංකය ක්‍රමක් ක්‍රමයෙන් මුලතිවි වෙරල තීරය ආවරණය කරමින් ඉදිරියට ඇදමින් සිටි අතර 58 හා 53 වන බලසේනාංකද පුදුකුඩිඉරිප්පු කොටි පාලන ප්‍රදේශය බලා සිය ගමන් ආරමිභ කර තිබුනි.
58 හා 53 වන හමුදා සේනාංකයන් පිලිවලින් පුදුකුඩිඉරිප්පු නැගෙනහිර හා බටහිර ප්‍රදේශයට ඇතුල්වුයේ මෙි අතරදීය. ඒ වන විටත් කොටි ත්‍රස්තවාදින් පැනයා හැකි බවට බුද්ධි අංශ මගින් ලබාදි තිබු වාර්ථාවන් සැලකිල්ලට ගත් හමුදාපති සරත් ෆොන්සේකා විසින් 8 වන කාර්්‍ය සාධක බලකාය ලෙසින් නව ප්‍රහාරක බලඇණියක් වන්නි සටනට එක් කලේ 58 හා 53 වන සේනාංකයන්ට අමතර ප්‍රහාර බලයක් ලබාදෙමිනි.
යුධ බිමෙි නවතම තත්වය ගැන විමසීමට වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයට ගිය හමුදාපති සරත් ෆොන්සේකා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයෙන් මුදා ගැනිම ඉක්මන් කල යුතු බව 58 හා 53 වන සේනාංකාධිපතිවරුන්ට දන්වා සිටියාය. ඒ අනුව ඉදිරි මෙහෙයුමි සදහා අවශ්‍ය පිඹුරුපත් සකස් කෙරුනේ තවත් එය පමා කිරිම නුවණට හුරු දෙයක් නොවන නිසා බව ඉවෙන් මෙන් හමුදා ප්‍රධානින්ට දැණුනු නිසාවෙනි.
ඒ අනුව කලින් සැලසුමි කල ආකාරයට පුදුකුඩිඉරිප්පු නැගෙනහිර හා බටහිර ප්‍රදේශය ආවරණය වන පරිදි බ්‍රිගේඩියර් ශවෙින්ද්‍ර සිල්වාගේ අණදිම යටතේ 58 වන සේනාංකයත්, බ්‍රිගේඩියර් කමල් ගුණරත්නගේ අණදිම යටතේවු 53 වන හමුදා සේනාංකය කිලෝමිටරයක පමන පරතරය තබාගෙන ඉදිරියට ඇදුනේ කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව දැඩි ප්‍රහාරය එල්ල කරමිනි.

මෙහිදි 58 හා 53 වන සේනාංක දෙක අතර පවතින හිඩැස උපයෝගි කරගනිමින් කොටි ත්‍රස්තවාදින් පැන යෑමට උත්සහ කලහොත් එය ව්‍යර්ථ කිරිමෙි අරමුණෙන් කර්නල් ජී.වි.රවිප්‍රියගේ අණදිම යටතේවු 8 වන කාර්්‍ය සාධක බලකාය සටන් බිමෙි ස්ථානගත කර තිබුනී. ක්‍රමක් ක්‍රමයෙන් හමුදා භට පිරිස් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය සිවි අතින් වටකිරිමට සමත් වුනේ කොටි ත්‍රස්තවාදින්ටද සිතාගත නොහැකි සටන් උපක්‍රම භාවිතයට ගනිමින්ය.
කොටි ත්‍රස්තවාදින් සමග 53 වන බලසේනාංකයේ 5 වන විජයබා රෙජිමෙින්තුවෙි භට පිරිස් කොටි ත්‍රස්තවාදින් සමග බටහිර පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදි ඇතිකර ගත් ගැටුමකින් පසුව එහි තිබි විනාඩියට උණ්ඩ 600 ක් පමන වෙඩි තැබිය හැකිවු බැරල් හතරේ මිලිමීටර් 30 වර්ගයේ ගුවන් යානා නාශක අවියක් මුල්වරට සොයා ගැනිමට සමත්විය. එම ගිනි අවිය යොදා ගනිමින් කොටි ත්‍රස්තවාදින් විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම ගුවන් හමුදා ප්‍රහාරක යානා වලට වෙඩි තැබු බවට ගුවන් නියමුවන් ඊට පෙර කරුණු සැලකර තිබුනි.
මෙි අතර ක්‍රමක් ක්‍රමයෙන් ඉදිරියට ඇදුනු 8 වන කාර්්‍ය සාධක බලකායට අයත් ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ යටතේවු 681 වන බලසේනාවෙි භට පිරිස් පුදුකුඩිඉරිප්පුහි පිහිටි කොටි නායක ප්‍රභාකරන් සැගව සිටි භුගත නිවාසයද අත්පත් කර ගැනිමට සමත්විය. අඩි 40 ක් පමන පොලොව යටට හාරා තටිටු තුනකින් සමන්විතවු එම බන්කරයට එපිටින් කමිබි වැටවල් 15 ක් පමන ගසා තිබු වැටක්ද, බන්කර් කිහිපයකින් ආරක්ෂාව සැපයු බවට සාක්ෂි පෙනෙන්ට තිබුනී. කදවුරු භුමිය අහසේ සිට නිරික්ෂණය කිරිමෙිදි සාමාන්‍ය නිවසක් ලෙසට දිස්වන ආකාරයට නිර්මාණය කර තිබු අතර එය ගුවන් ප්‍රහාර වලින් බෙිරිම සදහා කාලාන්තරයක් පුරාවට කොටි ත්‍රස්තවාදින් විසින් භාවිතා කල එක් උපක්‍රමයක් විය.
මෙි වන විට පුදුකුඩිඉරිප්පු, ඉරණපාලෙයි හන්දියේ දරුණු ගැටුමි ඇවිළි තිබුනි. කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානි පොටිටු අමිමාන්ගේ භුගත නිවාසය ඒ අසල පිහිටි අතර කොටි සංවිධානයේ සාමාජිකයින් එය රැක ගැනීමෙි අභිප්‍රායෙන් දිගින් දිගටම 58 වන බලසේනාංකයේ සෙබළුන් සමග සටන් වැදුනත් හමුදා ප්‍රහාර දරුණු වීමත් සමග ඔවුන් තම උත්සහය අතහැර පලා ගියේ දරුණු පරාජයක් අත්කර ගනිමින්ය. මෙි අතර සටනේදි තුවාල ලබන කොටි ත්‍රස්තවාදින්ට ප්‍රතිකාර සැපයු පුදුකුඩිඉරිප්පුහි පිහිටි රෝහලද 58 වන සේනාංකයේ සෙබළුන් අත්පත් කරගන්නා ලදියි.

(කොටි සංවිධානයට අයත්ව තිබු ජංගම මෙහෙයුමි මැදිරියක්)
ක්‍රමක් ක්‍රමයෙන් හමුදා සේනාංක පුදුකුඩිඉරිප්පුහි පාලනය සියතට ගනිමින් සිටින අතර කොටි නායක ප්‍රභාකරන් සිටි ආනන්දපුරමි අධි ආරක්ෂිත කලාපය ඒ වන විට වර්ගකිලෝමිටර් එකහාමාරකට සිමාවී තිබුනි. ආනන්දපුරමි ප්‍රදේශයට එක් පසකින් යුධමුක්ත කලාපය පිහිටා තිබු අතර එය අවහිර කිරිම සදහා හමුදා ප්‍රධානින් ඉදිරි මෙහෙයුමි ආරමිභ කලේ මාර්තු 29 වෙනිදා රාත්‍රියේදිය.
පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය රැක ගැනීමට නොහැකිවුවහොත් තමන්ටත් යුධ මුක්ත කලාපයට පැන යෑමට සිදුවන බව දැන සිටි කොටි නායක ප්‍රභාකරන් පොටිටු අමිමාන්, සන්නද්ධ අංශ නායක තීපන්, භානු ඇතුළු නායකයින් සමග ඉදිරියට ඇදෙන හමුදා භට පිරිස් ආපස්සට හැරවිය හැකි ආකාරයේ ප්‍රහාරයක් එල්ල කිරිමට සිතා ගෙන ඒ සදහා සාකචිජා කිරිමට ප්‍රභා මත සන්නද්ධ අංශ නායකයින් කැදවීය.
දිගින් දිගටම මෙහෙම සටන් කරලා හරි යන්නේ නැහැ. ඔයාලා ඉස්සරහට යන්න, ගිහිං හමුදාවට රිදෙන්න ගහන්න. එතකොට අපේ කොල්ලෝ හමුදාවෙි අයව මරාගෙන මැරෙන්න උනත් කියලා හිතාගෙන සටන් කරාවි. ඒ තමා හමුවීමට පැමිණි කොටි සන්නද්ධ අංශ නායකයින්ට ප්‍රභාකරන් හා බුද්ධි අංශ නායක පොටිටු අමිමාන් ලබාදුන්නේ එවැනි ආකාරයේ උපදෙස් මාලාවකී.

තම නායකයා බෙිරා ගැනීම සදහා දිගින් දිගටම සටන් කිරිමට පවා සුදානමිවු තීපන්, විදුෂා ( මාලතී රෙජිමෙින්තුවෙි අණදෙන්නා), දුර්ගා හා කමලීනී (සෝදීයා බලකායේ අණදෙන්නන්), භානු, පන්ජන්, මහීන්දන් (ජේෂ්ඨ මුහුදු කොටි නායකයෙක්), රූබන් ඇතුළු දෙවන පෙලේ සන්නද්ධ නායකයින් සිය ප්‍රහාරය සදහා සුදානමිවිය.
කොටි නායකයින් හමුදාවට එරෙහිව මීයෙමිවා රැකෙමිවා සටනට සුදානමි වන මොහොතේදි තම නායක ප්‍රභාකරන්ව ඇමතු තීපන්ව කියා සිටියේ හමුදාවට එරෙහිව සටන් කරන්නත් ඔයාට ආරක්ෂාව සපයන්න අසීරුබවත් කියා සිටියි ඔහු, තමා ඇතුළු කණ්ඩායම හමුදාවට පහර එල්ලකර විශ්වමඩු තෙක් පසුබස්සවන තුරු හැකිනමි යුධ මුක්ත කලාපයට ගොස් සිටින්නැයි ඉල්ලා සිටියේ ප්‍රභාකරන්ට ඒ මොහොතේදි යුධ පිටියේ පවතින බිහිසුනු බව කල්තියාම ඉවෙන් මෙන් දැන සිටි නිසා වෙන්නට විය.
තීපන්ගේ ඉල්ලීම පිලිගත් කොටි නායක ප්‍රභාකරන් හා බුද්ධි අංශ නායක පොටිටු අමිමාන් කලු කොටි සාමාජිකයින් 35 දෙනෙකුගේ ආරක්ෂාව ඇතිව යුධ මුක්ත කලාපයට පැන ගියේ අපේ්‍රල් මස 1 වෙනදා අලුයමි කාලයේදීය. එසේ පැන යෑමට මොහොතකට පෙර රේඩියෝ පණිවිඩ මගින් සිය සටන් බිමෙි සිටි සන්නද්ධ අංශ නායකයින් ඇමතු ප්‍රභාකරන් උපදෙස් දෙමින් කියා සිටියේ ආනන්දපුරමිහි ස්ථානගත කර තිබු මිලිමිටර් 122 හා 152 වර්ගයේ කාලතුවක්කු අවි තුනක් බිමට සමාන්තරවන ආකාරයට තබා ප්‍රහාර එල්ල කරන ලෙසයි.යුධ හමුදා විශේෂ බලකාය හා දිගුදුර මෙහෙයුමි බලකාය සටන් බිමට

කොටි සංවිධානයේ පණිවිඩ හුවමාරු වලට සවන් දෙමින් ඒ ගැන අධ්‍යනය කරමින් සිටි හමුදා බුද්ධි අංශ සිය ඔත්තුකරුවන්ගෙන් ලැබුනු තොරතුරු වලට අනුව ආනන්දපුරමි ප්‍රදේශයේ කොටි නායක ප්‍රභාකරන්ගේ පුද්ගලික ආරක්ෂකයින් ලෙස කටයුතු කරන කලු කොටි සාමාජිකයින් 100කට ආසන්න පිරිසක් හමුදාවලට එරෙහිව ඉදිරි සටන් සදහා කැදවා ඇති බවත් ප්‍රධාන පෙලේ කොටි නායකයින් රැසක්ද ඒ වන විට මුහුනට මුහුනලා සටනක් සදහා සුදානමි වන බව දන්වා බුද්ධි වාර්ථා දෙකක් හමුදාපතිවරයාගේ අතට පත්කර තිබුනී.
ඉදිරි පැය 72 තුලදි කෙසේ හෝ හමුදාවට දැඩි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කල්තියා ලැබුනු බුද්ධි අංශ වාර්ථා සැලකිල්ලට ගත් හමුදාපතිවරයා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ ස්ථානගත කර සිටියි යුධ හමුදා විශේෂ බලකායේ හා දිගුදුර මෙහෙයුමි භට කණ්ඩායමි 6ක් පැය කිහිපයක් ගතවීමට පෙර 58, 53 බලසේනාංකයන් දෙකට හා 8 වන කාර්්‍ය සාධක බලකාය සමග එක් කිරිමට උපදෙස් දෙන ලදියි.
භුමියේ සිටි භට පිරිස් සිතා සිටියි ආකාරයට කොටි ත්‍රස්තවාදින් 58 හා 53 වන සේනාංකයන්ගේ ඉදිරි ආරක්ෂක වලල්ලට අපේ්‍රල් 1 දා සවස් කාලය වන විට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් හමුදා පාලන ප්‍රදේශයට කඩා වැදීමට උත්සහා කලේ කලු කොටි සාමාජිකයින්ව පෙරට යවමින් කල ප්‍රහාර මාලාවක් සමගින්ය. කල්තියාම අනතුරක සේයාව හදුනාගෙන සිටියි හමුදා අණදෙන නිලධාරින් කලු කොටින්ට හමුදා විශේෂ බලකාය හා දිගුදුර මෙහෙයුමි බලකායේ සහය ඇතිව එල්ල කල ප්‍රතිප්‍රහාර නිසා කොටි සැලසුම ලත් තැනම ලොප් කරන්නට සමත්වුයේ 70 කට අධික කොටි සාමාජිකයින් පිරිසකගේ මලසිරුරුද තම භාරයට ගනිමින්ය.
නැවතත් පසුදින අලුයමි කාලයේදි කොටි සාමාජිකයින් රැලි ප්‍රහාර ( වෙිවි ඇටෑක්) කිහිපයක්ම හමුදා ඉදිරි ආරක්ෂක තිරුවට එල්ල කරන්නට විය. මෙි අතර සෙමින් සෙමින් හමුදා භට පිරිස් කොටි පාලන ප්‍රදේශයේ භුමියේ බලය තහවුරු කරගනිමින් ඉදිරියට ඇදෙන්නට පටන් ගත්තේ කොටි සාමාජිකයින්ට පහර පිට පහර එල්ල කරමිනි.

තවත් බලා සිටිමට තරමි කාලයක් නොමැතිබව වටහා ගත් තීපන්, භානු, විදුෂා, දුර්ගා ඇතුළු කොටි නායකයින් තමන් සන්තකයේ තිබුනු කාලතුවක්කු අවි දෙක බිමට සමාන්තරවන ලෙස තබා ඉදිරියට ඇදෙන හමුදා භට පිරිස් ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු ප්‍රහාර 50 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කලත් හමුදාවෙි ඉදිරි ගමන අඩාල කිරිමට ඔවුන්ට නොහැකිවිය.
අපේ්‍රල් 3 වනදාට ඉර පායා එද්දි කොටි නායකයින් ඇතුළු ආනන්දපුරමි රැක ගැනීම සදහා ඉතිරිවු කොටි සාමාජිකයින් පිරිස සමිපුර්ණයෙන් කොටු කර ගැනීමට 58, 53 හා 8 වන කාර්්‍ය සාධක බලකායේ සෙබළු සමත් වුයේ යුධ මුක්ත කලාපය දෙසින්වු සැපයුමි මාර්ගයද අහුරා දමමින්ය. තමන්ට කිසිදු ගැලවීමක් නොමැතිබව වටහා ගත් කොටි සාමාජිකයින් කෙසේ හෝ ජිවිතය බෙිරා ගැනිමෙි අරමුණින් පිස්සු බලු රැලක් ලෙස හමුදා භට පිරිස් වලට හතර අතේ පහර දෙන්නට විය.
කිසිදු සැලැස්මක් නොමැතිකම හා වික්ෂිප්තභාවය නිසා කෝපයට පත් කොටි නායක තීපන්, විදුෂා, ගඩාෆී ( ප්‍රභාකරන්ගේ පුද්ගලික ආරක්ෂක), දුර්ගා, කීර්ති, නාගේෂ්, ගෝපාල්, ආදිත්‍යයන් ඇතුළු කොටි නායකයින් 14කට ආසන්න පිරිසක්ද, ප්‍රභාකරන්ගේ සමිප ආරක්ෂකයින්වු කලු කොටි ඇතුළු 600 කට අධික සාමාජිකයින් සංබ්‍යාවක් මරා දැමීමට හමුදා සේනාංක මෙම සටනේදි සමත්විය. හමුදා ප්‍රහාර වලට ගොදුරුව දරුණු තුවාල ලැබු භානුව ඊට දිනයකට පෙර යුධ මුක්ත කලාපයට රැගෙන යන්න කොටි සාමාජිකයින්ට හැකිව තිබු පසුව ආරංචි විය.

(හමුදා ප්‍රහාරවලින් මිය ගොස් සිටි කොටි සාමාජිකයින් පිරිසකගේ මල සිරුරු)
පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදි පසුව සිදුකල සෝදිසි මෙහෙයුමි වලදි කොටි නායක ප්‍රභාකරන්ගේ උප්පැන්න සහතිකය ඇතුළු පවුලේ ලියකියවිලි සොයා ගැනීමට හමුදා භට පිරිස් සමත් විය. මෙි අතරම කාලතුවක්කු ගිනි අවි 3ක්, ගුවන් යානා නාශක අවි 4ක්, ටී-56 ගිනි අවි, මෝටාර් විදිනයන් ඇතුළු අවි ආයුධ රැසක්ද හමුදා භාරයට පත්විය.
හමුදාවෙි ඉදිරි මෙහෙයුමි ගැන හා කොටි නායකයින් රැසක් වටකර පහරදි මරා දැමීම ආදි කරුණු කිහිපයක් නිසා ආනන්දපුරමි සටනින් පසු කොටි බුද්ධි අංශ නායක පොටිටු අමිමාන් හා කොටි නායක ප්‍රභාකරන්ගේ වැඩිමහලු පුතා චාල්ස් ඇන්තනී අතර මතගැටුමක් පවා නිර්මාණයවු බව හමුදා බුද්ධි අංශ පසුව වාර්ථා කලේය.
ඇදිවතට පමනක් සිමාවී අවසන් නිමෙිෂයේදි තම ජිවිතය බෙිරා ගැනීමට කොටි නායක ප්‍රභාකරන්ට හැකිවුවත් ඔහුට ඉන් පසුව ඉතිරිව තිබුනේ යුධ මුක්ත කලාපය ඇතුළු ඉතා සිමිත බිමි කඩකට සීමා කරමිනී.
( මතු සමිබන්ධයි)
(සොයා ගන්නා ලද සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය අසුරා තිබු කිලෝග්‍රෑමි 50ක උරයක්)
රජයේ හමුදාවන් සමග 2009 වසරේ පැවති අවසන් සංග්‍රාම කාලයේදි සගවා තැබු බවට සැලකෙන සී-4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑමි 6,250ක් මුලතිවි, බටහිර පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටා තිබු පැරණි කොටි ත්‍රස්තවාදින්ට අයත් බන්කරයක් අසලින් සොයා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්විය.
මෙහිදි වලදමා තිබියදි සොයා ගෙන තිබු සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 50 බැගින් වු උර 49 කට හා කිලෝ 25 බැගින් වු උර 152 කට අසුරා තිබු බව පොලිස් ආරංචි මාර්ග වලින් කියැවෙි. කොටි ත්‍රස්තවාදින්ගේ වැලලුනු අතීතය සොයමින් නැවතත් ශ්‍රි ලංකාව තුල කිසිදු බලවෙිගයකට හිස එසැවීමට ඉඩ නොතබන්න ආරක්ෂක අංශ සාමාජිකයින් දිචා රෑ නොබලා තවමත් සිය රාජකාරිය ඉටු කරමින් සිටියි.

( සොයා ගත් තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයෙන් කොටසක්)
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය මෙතෙක් එකම තැනකදි සොයා ගත් විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය ලෙසට සැලකෙයි. මීට පෙර 2008 වසරේදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේදි සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1400ක් පමන යොදා සකස් කර තිබු මරාගෙන මැරෙන ලොරි රථයක් සොයා ගැනීමට නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සමත් විය.
දහස් ගණනකගේ ජිවිත විනාශ කිරිමට එල්.ටි.ටි.ඊ. සංවිධානයේ මිනිමරු ප්‍රභාකරන් ඇතුළු කොටි රැල සැලසුමි කරමින් සිටි ආකාරය එකින් එක හෙලි වෙද්දිත් ඇමරිකාව ඇතුළු යුරෝපාවට ඔවුන්ගේ වසා ඇති ඇස් ඇර නැවත සිතා බැලීමට හැකි කාලයක් උදාවෙිවායැයි අප ප්‍රාර්ථනා කරමු.....!!!
" ලියලා තියෙන ටික කියවන්න හරි අමාරුයි. අකුරු ටිකක් ලොකු කලොත් වයසක අපිට කියවන්න ලේසියි" බිලොග්කරණයට අත්පොත් තිබිබ මගේ කුළුදුල් නිර්මාණය කියවලා කමෙන්ටුවක් පලකරපු ඔබා මාමා කවුරුත් කියන්න වගේ හැමදාම ඇවිත් ඒ ලියුව පුද්ගලයාගේ හිතට ශක්තියක් වුනා.
ඔබා මාමා ගැන මම මුලින්ම දැනගත්තේ අහමිබෙන් " අන්තිම පේලියේ" ලියලා තිබිබ කතාවකින්. එදා ඉදලා මම ඔබා මාමාගේ රසිකයෙක් උනා. බිලොග් එකක් ලියන්න කවදාවත් හිතුවෙි නැති මම ඒ ආසාව ඇති කරන්න ඔබා මාමා නිහඩ උපකාරයක් උනා.
මම යුද්දේ ගැන ලියද්දි සමහර දවස්වලට ඔබා මාමා ඒ ලිපිවලට කොමෙන්ටුවක් දාලා යන්නේ වැරද්දක්, අඩුපාඩුවක් තියේනමි එක ගැනත් අවධානය යොමු කරවලයි. ඉතිං ඔබා මාමෙි ඔයා දැන් අපි ලියන දේවල් කියවන්න එන්නේ නැති උනාට තරහක් නැහැ. මොකද ඔබා මාමා අපි අතරේ හැමදාම ඉන්න නිසා.
මෙි ලෝකයේ හතරදිග් භාගයේ ඉදලා බිලොග්කරණයේ යෙදෙන හැමෝම අද ඔබා මාමා වෙනුවෙන් දුක් වෙන්නේ ඒ ඔයා අපිට ඒතරමිම වටින කෙනෙක් නිසයි. ඔබා මාමෙි ඔයා අපි ලග නැති අඩුව හැමදාම අපේ හිත්වල තියේවි.
සොදුරු මිනිසාණනී ඔබට මොක්සුව.....!!!