Monday, January 2, 2012

ලෙයින් සේදි ගිය යාපා පටුන- ( දෙවන කොටස)



තද හිරු රශ්මියෙන් යාපා පටුනේ හතර කොන ගිනියමිව තිබුනා. ගිනි අවිය තුරුලු කරන් හිටපු හමුදා සොල්දාදුවන්ට ගිනියමි පරිසරයෙන් ලද පිඩාවට මදක් හෝ සිසිලක් ගෙන දුන්නේ පේදුරුතුඩුව දෙසින් හමා ආපු කරදිය සුලග පමණයී. කටු කමිබි වලින් වට වෙචිච මුහමාලෙයි ඉදිරි ආරක්ෂක තිරුවෙන් ඔබිබට උකුසු නෙත් යොමු කරගෙන හිටපු හමුදා සොල්දාදුවන්ට මහන්සියක් නොදැනුනේ කොයි මොහොතක හෝ කොටි ත්‍රස්තවාදින් ගෙන් ප්‍රහාරයක් එල්ල වෙියිදෝ යන දෙගඩියාව හිතේ කොනක තිබුනු නිසායි.

දින දෙක-තුනක් ගෙවි ගියත් උතුරු යුධ බිමෙි කිසිදු හැල හොල්මනක සේයාවක්වත් දකින්නට නොලැබුනු නිසා තමන්ට ලැබුනු බුද්ධි අංශ වාර්ථාවෙි කුමන හෝ අඩුපාඩුවක් තිබුනාදෝ යන්න ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ හිත්වල සැකයේ සේයා මතුව තිබුනා. එහෙත් කුමන හෝ හේතුවක් නිසාවත් තමන් මෙතක් අනුගමනය කල ආරක්ෂක සැලැසුමිවල වෙනසක් සිදු නොකිරිමට ඔවුන් තීරණය කරන ලදියි. කුමන මොහොතකදි හෝ එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදින්ගෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සදහා අමතර ප්‍රහාරක සේනාංක ලෙස 55 වන සේනාංකයට අනුයුක්තව ගුවන් සංග්‍රාමික බලකායත් ( එයාර් මෝබයිල් ටිමි) , 53 වන සේනාංකයට අමතර ප්‍රහාරක කණ්ඩායමි ලෙසට කමාන්ඩෝ බලඇණි දෙකකුත් අනුයුක්ත කිරිමට පියවර ගත්තේ ප්‍රහාරක ශක්තිය ත්‍රිව කිරිමෙි බලාපොරොත්තුවෙනි.



මෙි සියළු ප්‍රහාරක කණ්ඩායමි වලට අමතරව කරනල් රැල්ෆ් නුගේරා විසින් අණදුන් පාබල යාන්ත්‍රික බලකායද යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථානගත කර තිබුනේ එම බලකාය සතුව තිබුනු වෙඩි නොවදින රථ යොදා ගෙන සතුරු ආක්‍රමණයකදි සතුරා අතරටම භට පිරිස් රැගෙන ගොස් ප්‍රහාර එල්ල කිරිමෙි හැකියාව තිබුනු එකම බලකාය මෙය නිසාවෙනි.

ඒ, 2008 වසරේ සැප්තැමිබර් මාසයේ පලමු සතියේ දිනයකදි කොටින් ගේ ඉදිරි ආරක්ෂක තිරුවෙි ඔත්තු බලමින් සිටි යුධ හමුදා කමාන්ඩෝ සෙබළුන් පිරිසකට අමුතුම ආකාරයේ සිදුවිමි මාලාවක් නිරික්ෂණය කරන්නට හැකියාව ලැබිණි. හමුදා නිල ඇදුමට සමාන ඇදුමි වලින් සැරසුනු කොටි සාමාජිකයින් 75-100ක් අතර පිරිසක් නායකයෙක් යැයි සිතිය හැකි පුද්ගලයෙක්ගේ උපදෙස් මාලාවකට සවන් දෙමින් සිටිනා ආකාරයත්, දිගින් දිගටම වැන්, බස් යොදා ගනිමින් නාගර් කෝවිල් ඉදිරි ආරක්ෂක තිරුවට කොටි සාමාජිකයින් රැගෙන එන ආකාරයයි.

තමන්ගේ නිරික්ෂණයන් පිලිබදව ඉහල හමුදා නිලධාරින්ට දැනුමි දුන් කමාන්ඩෝ සෙබළුන් පිරිස කොටි සාමාජිකයින් පැමිණිය හැකි බවට සැක කරන මාර්ගයක මිටර් 200 ක කලාපයක්  ආවරණය වන පරිදි ක්ලේමෝ බෝමිබ කිහිපයක් සවිකර සැගවි සිටියේ කුමන මොහොතකදි පැමිණෙන කොටි සාමාජිකයින්ට ආයුබෝවන් කියා පිලිගැනිමෙි දැඩි ආසාවෙන් යුතුවයි.
පැය කිහිපයක ඇවැමෙන් පසුව හමුදා ඇදුමට සමාන ඇදුමි ඇදගත් කොටි සාමාජිකයින් 10 දෙනා බැගින්වු කණ්ඩායමි දෙකක් වෙන් වෙන්ව මිටර් 10 ක පරතරය තබාගෙන හොර බළලුන් මෙන් හමුදා පාලන ප්‍රදේශයට ඇතුල්විමෙි අරමුණින් පැමිණෙන අයුරු කමාන්ඩෝ සෙබළුන් නිරික්ෂණය කලහ. 


මෙි එන එකදු කොටි ත්‍රස්තවාදියෙක් හෝ පණ පිටින් තමන් බෝමිබ ඇටවු සිමාව පසුකර නොයා යුතු බවට කණ්ඩායමි භාරව සිටි කමාන්ඩෝ බලකායේ කපිතාන්වරය අනෙක් සෙබළුන්ට නියෝගය දෙන ලදියි. තමන් ගමන් කරන්නේ මලපුඩුවකට බව නොදැනම එම කොටි සාමාජිකයින් 20 දෙනා සෙමින් සෙමින් ක්ලේමෝ බෝමිබ සවිකර තිබුනු ප්‍රදේශයට ඇතුල් වෙමින් තිබුනු අතර අවසාන කොටි සාමාජිකයාත් තමන්ට අවශ්‍ය ස්ථානයට ඇතුල්වෙනවාත් සමගම හාත්පස පරිසරයම ගිගුමි හඩ නංවමින් ක්ලේමෝ බෝමිබ පුපුරා ගියේ එකදු කොටි ත්‍රස්තවාදියෙක්ට හෝ නැවත වරක් මෙි ලක් භුමියට අයිතිවාසිකමි කිමට අවස්ථාවක් උදා නොකර දෙමිනි.

තමන්ට නැවත වරක් රජයේ හමුදාවන්ගෙන් එල්ලවු මෙම ප්‍රහාරයත් සමග කොටි ත්‍රස්තවාදින් එදින සවස් යාමය පසුවි ගොමිමන් කළුවර වැටෙනවාත් සමග හමුදා පාලන ප්‍රදේශයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරිම ඇරඹන ලදි. කොටි ත්‍රස්තවාදින්ගේ කාලතුවක්කු ප්‍රහාර වලට පිලිතුරු වශයෙන් රජයේ හමුදාවන් විසින් මිලිමිටර් 122, 130, 152 කාලතුවක්කු අවි සහ මල්ටි බැරල් රොකටි ප්‍රහාරයන් එල්ල කලෝය. කොටි ත්‍රස්තවාදින්ගේ කාලතුවක්කු ප්‍රහාරයන්ට අමතරව මිලිමිටර් 60, 82 වර්ගයේ මෝටාර් ප්‍රහාරයන්ද දිගින් දිගටම මුහමලේයි හා නාගර් කෝවිල් හමුදා ඉදිරි ආරක්ෂක තිරුවට එල්ලවුනී.

මෙම ප්‍රහාරයන් සමග එදින අලුයම 1ට පමන කොටි ත්‍රස්තවාදින් 1000ක් පමන නාගර් කෝවිල් හා මුහමලේයි ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කරගනිමින් සිය ප්‍රහාර එල්ල කිරිම ආරමිභ කෙරිනි. කොටි ත්‍රස්තවාදින් විසින් එල්ල කල ප්‍රහාරය ඉතා දැඩිවු අතර ඔවුන් ක්‍රමක් ක්‍රමයෙන් හමුදා ඉදිරි ආරක්ෂක තිරුව ආක්‍රමණය කිරිමට සමත් විය.

කොටි ත්‍රස්තවාදින් සමග කරට කර සටන් වදිමින් සිය ඉදිරි ආරක්ෂක කලාපයේ බලය රැක ගැනිමට හමුදා සෙබළුන් සිය ජිවිත පරිත්‍යාගයෙන් සටන් වදිමින් පසුදා උදැසන 5 පමන වන විට කොටි ත්‍රස්තවාදින් 70 කට අධික පිරිසක් මරා දැමිමට සමත්විය. කොටින්ගේ ප්‍රහාරයන්ට ගොදුරුව හමුදා සාමාජිකයින් 12 දෙනෙක්ද සිය ජිවිතයෙන් සමුගෙන තිබුනු අතර තවත් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබිණි.

                                  ( මුහමලේ කොටි බංකරයක්)
නැගෙනහිරින් හිරු කිරණ යාපා පටුනට එබි බලමින් සිටිද්දි එක්වරම ඈත ක්ෂිතජයෙන් මතුවු ගුවන් හමුදා මිග්-27 ප්‍රහාරක ජෙටි යානා 3ක් කොටි ත්‍රස්තවාදින්ගේ බර අවි ස්ථානගත කර තිබු ප්‍රදේශයට එදින සිය පලමු ගුවන් ප්‍රහාරය එල්ල කරන ලදි. මිග් යානා සිය ප්‍රහාරය අවසන් කර නැවතත් පලාලි ප්‍රදේශයට ඉහල අහසින් කටුනායක ගුවන් පථය බලා ගමන් කරද්දි කෆීර් ප්‍රහාරක යානා 3ක් හා එෆ්-7 වර්ගයේ ප්‍රහාරක යානා 2ක් පැමින කොටින් විසින් ඒ වන විට භුමියේ භට පිරිස් සමග මුහුනට මුහුණලා සටන් කරමින් සිටි ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදි.

භුමියේ සිටි හමුදා භට පිරිස් උපක්‍රමශිලි පිලිවෙතක් අනුගමනය කරමින් මුහමලේයි හා නාගර් කෝවිල් සිය ඉදිරි ආරක්ෂක තිරුවෙන් පසු බැස ගොස් සිටි අතර කොටි ත්‍රස්තවාදින් එය තමන් ලැබු ජයග්‍රහණයක් ලෙස සලකා තවත් ඉදිරියට යැමෙි අභිලාෂයෙන් දෙවන හමුදා ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කරගෙන සිය ප්‍රහාරයන් දියත් කරන ලදියි.
      
ඊලාමි යුධ ඉතිහාසයේදි කොටි ත්‍රස්තවාදින්ට අමතක නොවන පාඩමක් ඉගැන්විම සදහා ඒ වන විටත් යුධ හමුදා කමාන්ඩෝ, ගුවන් සංග්‍රාමික හා පාබල යාන්ත්‍රික බලසේනාංකවල සෙබළුන සැදි පැහැදි සිටින ලදි. ලද ජයග්‍රහණයෙන් ඔදවැඩි ගිය කොටි ත්‍රස්තවාදින් විශ්මයට පත් කරමින් පලමු හා දෙවන හමුදා ඉදිරි ආරක්ෂක තිරුව අතරදි ඔවුන් මැද්දට කඩා වදිමින් හමුදා භට පිරිස් දිගට හරහට සිය ප්‍රහාරන් දියත් කිරිම නිසා හිස්ලු ලු අත දිවයනවා හැරෙන්න කොටින්ට වෙන කරන්නට ඉතිරි උනු දෙයක් නැති විය.

             
පැය 3ක් යෑමට මත්තෙන් නැවත වරක් සිය ඉදිරි ආරක්ෂක තිරුවෙි බලය අත්පත් කරගත් හමුදා භටපිරිස් එතැන් සිට කොටි ත්‍රස්තවාදින්ගේ පාලන ප්‍රදේශයන් ඉලක්ක කරගනිමින් සිය මෙහෙයුමි ආරමිභ කරන ලදියි.
කොටින්ට අමතක නොවන පාඩමි රැසක් උගන්වමින් යාන්ත්‍රික පාබල බලසේනාංකය පෙරටු කර ගනිමින් 55 හා 53 වන සේනාංක වල සෙබළුන් කොටි ත්‍රස්තවාදින් පසුපස හඹායමින් ප්‍රහාර එල්ල කරද්දි, ඉදිරියට ඇදෙන හමුදා භට පිරිස් සදහා සහය දැක්විමට ගුවන් හමුදා ප්‍රහාරක ජෙටි යානා එදින සිය 7වන ගුවන් ප්‍රහාර මාලාවද කොටින්ගේ හිස මතට පතිත කලේ ඔවුන්ට කොහේ ගියත් බෙිරුමක් නැති බව පසක් කර දෙමිනි.
මෙි අතර කොටි සාමාජිකයින් තනි කර ප්‍රාදේශිය නායකයින් පැන යන බවත්, ඔවුන්ට අණ දෙමින් සිටි එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සන්නද්ද අංශ නායකයින් වන භානු, බාල්රාජ් යන ජේෂ්ඨ නායකයින් සිය පණිවිඩ හුවමාරු යන්ත්‍ර හරහා භුමියේ සටන් කරන සිය සගයින්ට කරනා තර්ජණයන් ගැනද යුධ හමුදා සංඥා බලකාය හා බුද්ධි අංශ නිලධාරින් ඒ වන විටත් ඇහුමිකන් දෙමින් සිටින ලදියි.

කොටි නායකත්වය හා පහල මටිටමෙි යුධ වදින සාමාජිකයින් අතර ඇතිව තිබෙන මෙි විරසකභාවය මනා ආයුධයක් කරගත් හමුදා භට පිරිස් කොටි ත්‍රස්තවාදින් අලිමංකඩ දක්වා පන්නා දැමිම සදහා මෙි හොදම අවස්ථාව බව ඉවෙන් මෙන් වටහා ගන්නා ලදියි.
         
කෙසේ හෝ කොටි ත්‍රස්තවාදින් 150කට අධික සංඛ්‍යාවකට මරු කැදවමින් 53 හා 55 වන හමුදා සේනාංක සිය ආධාරක බල ඇණිවල සහය ලබාගනිමින් කොටි ත්‍රස්තවාදින් වසර ගණනාවක් තිස්සේ සිය බලය තහවුරු කරගෙන සිටියි මුහමලේයි හා නාගර් කෝවිල් ප්‍රදේශයේ බලය සියතට ගැනිමට සමත්විය.
ජයසිකුරු මෙහෙයුමෙන් පසු යාපනය අර්ධද්ධිවිපයේදි කොටි ත්‍රස්තවාදින්ට අත්වු දරුණුතම හා ලැජ්ජාසහගත පරාජය ලෙසට මෙම ප්‍රහාරය ඉතිහාසගත වන අතර මෙම පරාජයත් සමග කොටි ත්‍රස්තචාදින්ට අලිමංකඩ හා පරන්තන් සිය පාලන ප්‍රදේශවලද බලය තහවුරු කර ගැනිමෙි ගැටළුවකට මුහුන දිමට සිදුවෙමින් තිබිණි.

( ඔපරේෂන් අලිමංකඩ ඉදිරියේදි බලාපොරොත්තු වන්න)

Sunday, January 1, 2012

කිලිනොචිචි නගරය කොටින්ගෙන් මුදවා ගත්ත ඒ විරෝධාර හමුදා ජයග්‍රහණයට අවුරුදු දෙකක්



නුඹෙි ලෙයින් සේදි ගිය මවිබිමෙි..
නිදහසින් ඇවිද යන සෑම මොහොතක් පාසා...
නුඹ එදා සටන් බිමෙිදි පෑ විරුකමි සිහියට නැගෙනවා..
කාගේ කවිද කියා නොදන්නවා උනත් පෑ ඒ ලෙංගතු සිනහව නිසා....
එක් මොහොතකට වුවත් නුඹලා හා කතා කරන්න වරමි ලැබුනා....
ලද කෙටි විවෙිකයේදි අතේ තිබුනු දෙයක් බඩට දාගත්තේ ආයේත් දකින්න වරමි ලැබෙිද කියා දෙගිඩියාව හිතේ පුරෝගනයි...
කවිද හිතුවෙි යුද්දේ මෙිතරමි ඉක්මනට ඉවරවෙයි කියා....
මොනවා උනත් එදා ඇරඹුනු ඒ ලෙංගතුකම ... හිතවත්කම අදත් තිබෙනවා...
රණවිරුවෙක් විලස නුඹ එදා දිවිපිදුවා කිලිනොචිචී සටන් බිමෙිදි...
හෙටට නුඹ දිවිපුදලා වසර දෙකක් පිරෙනවා...
නුඹ මගේ සොහොයුරෙක් නොවුනත්.. ලේ නෑයෙක් නොවුනත්...
අපි ඔක්කෝම එකම මවකගේ දරුවන් වුනා.... ඒ නිමෙිෂයෙදි..
නුබෙි අතේ ගිනි අවීය.. මගේ අතේ පැන...
ලෝකයේ වඩාත් භයානක අවි දෙක අත දරන් එදා ඇවිද ගිය මරණයේ සෙවනැලි පිරුනු මාවත
අද මල් පිපුනු සුන්දර මාවතක්...
එන්න සොයුර ඇවිද යන්න... නුඹ දිනා දුන් ඒ දේශයේ අරුමය දකින්න.....
කවුරු නැතත් නුඹලා මතකයි මට අද වාගේ....


( කිලිනොචිචි නගරය කොටින්ගෙන් මුදවා ගත්ත ඒ විරෝධාර හමුදා ජයග්‍රහණයට හෙටට ඒ කියන්නේ 2011 ජනවාරි 02 වෙනිදාට අවුරුදු දෙකක් පිරෙනවා. ඒ සටනේදි දිවිපිදුව අපේ රණවිරුවන්ව සිහිකරන්න කියලා කෘතගුණ සැලකිමෙි අගය දන්නා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා)....

ලෙයින් සේදි ගිය යාපා පටුන.... (පලමු කොටස)



ඒ 2008 වසරේ අගෝස්තු මාසයයී. වන්නි සටන් පෙරමුණ වෙනදාට වඩා කාර්්‍යබහුලත්වයකින් පිරිතිබුනේ කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව ඒ වන විටත් සටන් පෙරමුණු 4කින් යුධ හමුදා භට කණ්ඩායමි සිය මෙහෙයුමි දියත් කරමින් සිටිම නිසයි.
මුලතිවි සහල් නැලිය ප්‍රදේශයෙන් බ්‍රිගේඩියර් ජගත් ඩයස් ගේ අණදිම මත 57වන සේනාංකයත්, බ්‍රිගේඩියර් ශවෙින්ද්‍ර සිල්වාගේ අණදිම මත 58වන සේනාංකය පුනරින් ප්‍රදේශය ඉලක්ක කරගනිමිනි. 53
හා 55 වන සේනාංක පිලිවලින් මුහමාලෙයි හා නාගර් කෝවිල් ප්‍රදේශයේ සිය මෙහෙයුමි ක්‍රියාත්මක කරමින් සිටින ලදියි.

කොටි ත්‍රස්තවාදින් විසින් සිය ඊලාමි යුධ ඉතිහාසයේදි රජයේ හමුදාවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ලද වඩාත් සාර්ථකම ගරිල්ලා මෙහෙයුම යැයි කියා ගන්නා " නොනවතින රැල්ල" මෙහෙයුමෙන් පසුව රජයේ හමුදාවන් යාපනයේ අර්ධද්ධිවීපයේ සිය පාලනය යටතේ පවත්වාගෙන යෑමට සමත්වන ලදියි. ඒ අලිමංකඩ හමුදා සංකිර්ණය සිය පාලනයෙන් මිදිම නිසායි. කොටි ත්‍රස්තවාදින් හා රජයේ හමුදා අතර යාපනය ඉදිරි ආරක්ෂක වලල්ල පිහිටා තිබුනේ නාගර්කෝවිල් හා මුහමලේයි කියන ප්‍රදේශයන් ආශ්‍රිතවයී. අවුරුද්දේ නොවැමිබර් සිට ජනවාරි මාසය දක්වා ඇද හැලෙන ඊසාන දිග මෝසමි වර්ෂා කාලයට හැරෙන්න අනෙක් කාලවලදි දැඩි අවිරශ්මියකින් පිඩාදෙන යාපනය අර්ධද්ධිවීපය යුද්ධයේ සෙවැනැලි හොල්මන් කරමින් සිිටියේ පසුගිය වසර 25 කට අධික කාලයක සිටයි.

හිටි ගමන් රජයේ හමුදාවන්ට ප්‍රහාර එල්ල කල යුතු යැයි සිතනා කොටි ත්‍රස්තවාදින් සිය කාලතුවක්කු හා මෝටාර් අවි යොදාගෙන විටෙන් විට මුහමාලෙයි හා නාගර් කෝවිල් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට ප්‍රහාර එල්ල කරමින් සිටියේ කුමන ආකාරයකින් හෝ හමුදා සෙබලුන් තම ප්‍රහාර වලට දක්වන ප්‍රතිප්‍රහාර පිලිබදව යමි තක්සේරුවක් ලබා ගැනිමෙි අරමුණින් යුතුවය. කොටි ත්‍රස්තවාදින්ගේ කාලතුවක්කු ප්‍රහාරවලට පිලිතුරු ලෙසින් බොහෝවිට රජයේ හමුදාවන් ගෙන් ලැබුැන් යුක්රේනයේ හා චීනයේ නිෂ්පාදිත මල්ටි බැරල් රොකටි ප්‍රහාරයක් නිසා එතින්න් එහා ප්‍රහාරයකට කොටි ත්‍රස්තවාදින් සිතන්නට පෙලඹුනේ නැත්තේ තවත් ඉල්ලන් කෑමට තරමි ශක්තියක් ඔවුන්ට නොතිබු නිසාය.

දිිගින් දිගටම තමන්ගේ බල ප්‍රදේශයන් අහිමිවීමෙි සමිභාවිතාව වැඩිවිම නිසා කොටි නායක ප්‍රභාකරන්ට නැවත වතාවක් සිය උපන් ප්‍රදේශය වන වැල්වැටිතුරෙයි ගමිමානය පිහිටි යාපනය අර්ධද්ධිවීපයෙන් තමන්ට වාසනාව ඇත්දැයි උරගා බැලිමෙි ආශාවක් ඇතිවුනේ මෙි කාලසීමාවෙිදිය. තමන්ගේ සටන් ප්‍රධානින් සමග දිර්ඝ වශයෙන් සාකචිජා කිරිමෙන් අනතුරුව මුහමලෙයි හා නාගර් කෝවිල් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට පහරදි එම ප්‍රදේශයන් සිය පාලනයට නතුකර ගත යුතු බවට කොටි නායකයා අවසානයේදි තිරණය කරන ලදියි.


        

කොටි ත්‍රස්තවාදින් කුමන වෙලාවකදි හෝ මුහමලේයි, නාගර් කෝවිල් ඉදිරි ආරක්ෂක කලාපයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරිමෙි හැකියාවක් තිබෙන බවට යුධ හමුදා බුද්ධි අංශය විසින් යුධ හමුදා මුලස්ථානයට හා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ අඥාපතිව සිටි මෙිජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරිටද රහසිගත වාර්ථාවක් ලබාදි තිබුනී.
කොටි ත්‍රස්තවාදින් විසින්ගේ පෙර සුදානම පිලිබදව සොයා බැලිම සදහා දිනපතාම කොටි අඩවියට රිංගා යෑමට යුධ හමුදාවෙි විශේෂ බලකායේ භටයින්ට සිදුවිය. වන්නි සටන් බිමෙදි තමන්ට මුහුන දිමට සිදුවු කටුකත්වයට වඩා ඉතා දරුණු ගණයේ කැපකිරිමි රාශියක් සිදුකිරිමට මෙහිදි යුධ හමුදා විශේෂ බලකායේ සෙබළුන්ට සිදුවිය. ඒ අතර ප්‍රධාන වුයේ උදෑසන 10-11 වන විට යාපනය අර්ධද්ධිවිපයේ බිමෙන් නැගෙන උෂ්නත්වය දරාගෙන සිටිමින් භුමියේ තිබෙන පරිසරයට අනුව අනුගත වෙමින් ඔත්තු බැලිම සිදුකිරිම අනිවාර්්‍ය බව තමන්ට ලබාදුන් විශේෂ බලකා පුහුණුවෙි සියළු ධර්මතාවයන් සිහියට ගනිමින් මෙම විරෝධාර සෙබළුන් අඩිය තියන්න බැරි අවි රස්මියෙන් ගිනියමිවු යාපා පටුනේ භුමියේ පදුරු හා වැලි තලාවන් යටටවී සිය සතුරා දිහා සිය උකුසු දැස් දල්වා බලා සිටියේ ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ගයන් කුමක්ද යන්න පිලිබදව මනා වැටහීමක් ලබාගැනිමෙි අටියෙනී. 


       
විශේෂ බලකායේ සෙබළුන් සිය රාජකාරිය දේවකාරිය ලෙස සිතා මෙවැනි කැපකිරිමි කරද්දි යුධ හමුදා ස්නයිපර් ( සැගවුනු වෙඩික්කරුවන්) බලකායේ සෙබළුන් කොටි ත්‍රස්තවාදින්ගේ නායකයින් ඉලක්ක කර ගනිමින් මුහමලේ ඉදිරි ආරක්ෂක තිරුවෙි හොල්මන් කරමින් සිටියේ එකදු නමගිය කොටි නායකයෙක්ට හෝ යාපනය ඉදිරි ආරක්ෂක තිරුවට පය තැබිමෙි ආදිනව දෙවරක් සිතා ගැනිමටද ඉඩ නොතබාය.

                

මුහමලේ තම ඉදිරි ආරක්ෂක වලල්ලේ යුධ සුදානම බැලිමට පැමිණි එල්.ටි.ටි.ඊ. සංවිධානයේ දෙවන පෙලේ නායකයෙක්වු බාස්කරන් හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනා තල්ගස් කදන් වලින් සැදු බංකරයකටවී ඉදිරි මෙහෙයුමි හා සුදානම ගැන කතා කරමින් සිටියදි අගලකට වඩා අඩු තල්ගස් කදන් දෙකක හිඩැසකින් පියාඹා ආ ස්නයිපර් ප්‍රහාරයකට ගොදුරුවි මරුවැලද ගත්තේ කොටි සාමාජිකයින් පවා පුදුම කරමිනී. එම ස්නයිපර් ප්‍රහාරයෙන් පසු මිය ගිය කොටි නායක බාස්කරන් හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනාගේ මලසිරුරු රැගෙන යැමට දින දෙකක අවැමෙන් පසු පැමිණි කොටි කණ්ඩායමෙි සාමාජිකයින් 6 දෙනෙකුටද බාස්කරන් ගිය මග යන්න යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන් ඉඩ සලසා දෙන ලදියි.

තම නායකයින්ට තියා තමන්ටවත් නිදහසේ එලියට බහින්න බැරි කම තියාගෙන හමුදා පාලන ප්‍රදේශ ආක්‍රමණය කිරිමෙි හැකියාව ඇත්දැයි යන්න සිතා ගැනිමට ඉඩක් නොතබමින් ඉහලින් ලද නියෝගයකට අනුව තම මෙහෙයුම ඉතා ඉක්මනින්ම ඇරඹිමය යුතු යැයි කොටි සාමාජිකයින්ට අණ ලැබිනි.

( මතු සමිබන්ධයි)

Saturday, December 31, 2011

හිතේ උපන් සහෝදරත්වය නිසා....

                                            (" හිස් අහස" ලියන සදරු)
මෙි සටහන ලියන්නේ මගේ හිතේ ඉපදුනු සහෝදරත්වය නිසයි.. මොකද මට බිලොග් අඩවියක් ලියන්න උපකාර කරපු ඒ සහෝදරයා ගැන තවත් හංගන්න මට කිසිම උවමනාවක් නැති නිසා. බිලොග් කරණයේ යෙදෙන අපි හැමෝටම ලොකු සතුටක් හිතට දැනෙන දවසක් අද.. මොකද අද අපේ එකෙක්ගේ ආර්ටිකල් එකක් ජාතික පත්තරේක පලවෙලා තියෙන නිසා. බලන්න ලොකු ආසාවක් හිතේ තිබිබ නිසා දවසකදි නුඹට නොකියාම අමිපාරේ එන්න හිතන් උන්නේ. ඊට කලිං උඹෙි රූපේ දකින්න වාසනාව උදා උනු නිසා සංතෝෂයි.....
තවත් දිගටම ලියන්න නුඹට හයිය හත්තිය ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා....

සදරුවෝ.... ඇත්තටම නුඹ මනුස්සකමින් පිරුනු සහෝදරයෙක්... ඒ මනුස්සකම නිසයි මෙි පුංචි සටහන.....!!

හැමදාම නුඹට ජයවෙිවා....

නදුන්...!!!!

නව වසරේදි.....

2011 වසර ගෙවිලා යන්න තව තියෙන්නේ පැය 10 කටත් අඩු කාලයක් විතරයි. ගෙවි යන වසරේ අපි කරපු කියපු දේවල් ගැන අපි කාගෙත් හිතේ සතුට, දුක මිශ්‍ර වෙලා ඇති. කාටත් තමන්ගේ ජිවිතේ ජයගත යුතුයි කියලා අරමුණු ගොඩාක් හිතේ තියෙන්න ඇති. ඒත් සමහර විට ඒ අරමුණු ජය ගන්න බැරුව ගියා කියලා තමන්ට දෝෂාරෝපණය කර ගන්නේ නැතුව මෙි එලැඹෙින නව වසරේදිත් තමන්ගේ ඉලක්කය කරා ගමන් කරන එක තමයි වැදගත්ම දේ.

මෙි එලැඹෙින නව වසරේදිත් අපිට අළුත් අභියෝග එල්ල වෙිවී... ඒ හැමදෙයක්ම ජය ගන්න සුදානමි ආත්ම ශක්තියත්, ධෛර්්‍යත් සියළු දෙනාටම ඇති වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා.......

ඉතිං...මෙි බිලෝග් අඩවිය කියවන සියළුම දෙනාටත්.. මට බිලෝග් කලාවට එන්න අතහිත දුන්න " හිස් අහස ලියන දයාබර සදරු සහෝදරයාටත්" ඒ වගේම බිලෝග්කරණයේ යෙදෙන අනෙක් සියළුම සහෝදර, සහෝදරියන්ටත්.. ලබන්නාවු 2012 වසර සුභම සුබ නව වසරක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා....!!!!



Tuesday, December 27, 2011

ප්‍රමාද දෝෂයට සමාවෙන්න යහළුවනේ...

යාහළුවනේ ... මෙි දවස්වල මම ඉන්නේ ටිකක් ඈත පලාතක. හාපුරා කියලා මට අවුරුද්දකට පස්සේ නිවාඩුවක් ලැබුනා මට ගමට යන්න. ඒක නිසා මම මෙි දවස්වල ඉන්නේ ත්‍රිකුණාමලේ. හරියටම ගිය අවුරුද්දේ දෙසැමිබර් මාසයේදි ගෙදර ආවට පස්සේ මට අද තමයි ගෙදර එන්න ලැබුනේ. මම ආපහු ඉක්මනටම කොලඹ එනවා. ආපු ගමන්ම නැවත පෝසටි එකක් දානවා.

වුනු ප්‍රමාද දෝෂයට සමාවෙන්න.......

නදුන්

Monday, December 19, 2011

කොටින්ගේ වැරදුනු ගුවන් කරණම- ( දෙවන කොටස)



අප බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව තිබුනේ පුනරින් නගරය කොටි ග්‍රහණයෙන් මුදවා ගන්නා දිනයට අපගේ විරෝධාර රණවිරුවන් ලගාවන තුරුය. දිනය මතක හැටියට නමි 2008 වසරේ සැප්තැමිබර් මස 6 වෙනිදාය.
වන්නි සටන් බිමෙි රහසිගත ස්ථානයක පැවති පුහුණු සැසි කිහිපයකින් පසුව කොටි ගුවන් බලකාය, කාලතුවක්කු බලකාය හා කළු කොටි කණ්ඩායම සිය අවසන් ඉලක්කය ලබා ගැනිම සදහා විසිරි ගියේ තම සතුරා වන රජයේ හමුදාවන්ගේ හදවත බදු කේන්ද්‍රස්ථානයකට උපරිම ප්‍රහාරයක් එල්ල කිරිමට තම නායකයින් හමුවෙි ශපථ කිරිමෙන්ද අනතුරුවය.

කිසිම විශේෂත්වයකින් තොරව කාලය ඉදිරියට ඇදෙමින් තිබුනී. පුනරින් නගරය ඉලක්ක කර ගනිමින් හමුදාවන් ගේ මෙහෙයුමි වලට බාධාවක්වන සේ කිසිදු සාර්ථක ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරිමට කොටි ත්‍රස්තවාදින් කිසිදු උත්සහයක් නොගන්නා ලදි. එහෙත් සැප්තැමිබර් 10 වන දින කොටි ත්‍රස්තවාදින් යුධ හමුදාවෙි 58වන සේනාංකයට දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කිරිමට උත්සහදැරු අතර 8 වන හා 10 වන ගැමුණු බලකායේ සෙබළුන් හා සිංහ රෙජිමෙින්තුවෙි සෙබළුන් කොටින්ගේ එම උත්සහය පුස්සක් බවට පත්කලේ නැවත වතාවතක් කොටින්ට හොද හැටි හෙමිබත්වන්නටම පහරදිමෙන් අනතුරුවයි.

භුමියේ සිටි කොටි ත්‍රස්තවාදින්ගේ මෙම අරුම පුදුම නැගිටිමට යමි හේතුවක් ලෙස කොටි සංවිධානය විසින් රහසිගතව සිදුකිරිමට සැලසුමි කරන ලද මෙහෙයුම හේතුවු බවට පසුව අපට වාර්ථා විය.

ඒ සැප්තැමිබර් 11 වෙනිදායි.. අලුයම 1 පසුව විනාඩි කිහිපයක් ගත වන්නට මත්තෙන් වවිනියා නගරයේ පිහිටි යුධ හමුදා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයට කොටි ත්‍රස්තවාදින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කිරිම ආරමිභ කරන ලදි. ක්‍රමක් ක්‍රමයෙන් වරකට එක-දෙක බැගින් එල්ලවු මෙම කාලතුවක්කු ප්‍රහාරය විනාඩි පහක් තුලදි කාලතුවක්කු උණ්ඩ තුන, හතර දක්වා එය වර්ධනය විය. කොටින්ගේ මෙම කාලතුවක්කු ප්‍රහාරය ඇරඹිමත් සමග වන්නි ආරක්ෂක මුලස්ථානයේ සිටි සෙබළුන් හා නිලධාරින් කදවූරු භුමිය තුල තිබෙනා කොන්ක්‍රිටි බංකර් වෙත දිව යන ලදියි.

කදවුරේ ගොඩනැගිලි වල සිටින හමුදා සාමාජිකයින් එසේ බංකර් තුලට දිව ගියත් ආරක්ෂක රාජකාරි කටයුතු භාරව සිටින හමුදා සෙබළුන් හා එයට පසකින් පිහිටා තිබෙන වවිනියා ගුවන් හමුදා කදවුරේ ආරක්ෂක මුරකපොලුවල සිටින ගුවන් හමුදා භටයින් සිය රාජකාරිය දිගින් දිගටම සිදුකරමින් සිටියේ කවදාවත් නැති ආකාරයෙන් කොටින්ගේ මෙම කාලතුවක්කු ප්‍රහාරයේ යමි අමුත්තක් ගැබිව තිබෙන බවට ඔවුන්ට ඉවෙන් මෙන් දැනුනු නිසාය.



මෙි අතරේ වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සංකිර්ණයේ පිටුපසම ප්‍රදේශයේ අවසන් මායිමට වන්නට පිහිටා තිබෙන යුධ හමුදා විශේෂ බලකායේ දිගු දුර මෙහෙයුමි බලකායේ සෙබළුන් රැදි සිටිනා ගොඩනැගිල්ල අසල රාජකාරියේ යෙදි සිටි සෙබලෙක් රාත්‍රි අන්ධකාරයේම දුටුවෙි තම කදවුරෙ මායිමිව තිබෙන කමිබි වැට කපා දමමින් අනවසරයෙන් කදවුර තුලට ඇතුල්විමට උත්සහ දරණා භට පිරිසකි. පලමුව මෙම පිරිස තම විශේෂ බලකායේ සෙබළුන් යැයි සිතා සිටි රාජකාරියේ යෙදි සිටි හමුදා සෙබලාට සිය විශේෂ බලකා පුහුණුවෙිදි ලබාදි තිබුනු අනගි පුහුණුව නිසා ඒ පැමින සිටින්නේ හමුදා නිල ඇදුමි ඇදගත් කොටි ත්‍රස්තවාදින් පිරිසක් බවට ඒත්තු ගන්නට වැඩි වෙලාවක් ගත නොවීය.
තමන්ට මෙි ගැන අනෙක් සහෝදර සෙබළුන්ට පවා දැන්වීමට කාලයක් නොමැතිබව වටහාගත් ඔහු සිය ගිනි අවියෙන් කොටි ත්‍රස්තවාදින් සිටි පැත්තට අනතුරු ඇගවිමෙි වෙඩි කිහිපයක් තැබුවෙි සැකයට මෙන්ය. එහෙත් ඒ සමගම ඔහු සිටි මුරකපොල්ල දෙසට කොටි ත්‍රස්තවාදින්ද වෙඩි තැබිමත් සමග තමාගේ සැකය නිවරදි බවට විශේෂ බලකායේ සෙබලාට හැගි ගියේය.
මෙම වෙඩි හුවමාරුවත් සමග විශේෂ බලකායේ සෙබළුන් තම කණ්ඩායමි අනුව ෆෝ මෑන් ( හතර දෙනාගේ කණ්ඩායම) හා එයිටි මෑන් ( අට දෙනාගේ කණ්ඩායමි) ලෙස සටනට අවතීර්ණ විය. ඒ වන විටත් කොටි ත්‍රස්තවාදින් 14 දෙනෙක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය තුලට රිංගා ඇති බවට සාක්ෂි විශේෂ බලකාය සතුව තිබිම නිසා ඔවුන් වහා වහාම සිය සතුරන් හඹා යෑම ආරමිභ කරන ලදි.


මුලින්ම කදවුරු සංකිර්ණයේ පිහිටි ආයුධ ගබඩාවන් හා ඉන්ධන ගබඩාවන්හි ආරක්ෂාව තර කරමින් විශේෂ බලකාය ක්‍රමක් ක්‍රමයෙන් කොටි ලුහුබදිමින් ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙමින් තිබුනු අතර කදවුරේ ඉදිරි දෙසින් කමාන්ඩෝ සෙබළුන්ද විශේෂ බලකායට සහය දක්වමින් කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව මෙහෙයුමට දායකත්වය සපයමින් සටනට අවතීර්ණ විය.



තත්වය මෙසේ තිබියදි වවිනියා ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කර තිබුනු " ඉන්දිරා-2" නමි රේඩාර් යන්ත්‍රයේ අමුතුම සලකුණු දෙකක් පෙන්නුමි කල අතර, ඒ පිලිබදව වවිනියා ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරිවරයා වහාම කොලඹ පිහිටි ගුවන් හමුදා මෙහෙයුමි අංශයට ඒ පිලිබදව සැලකරන ලදියි.

වන්නි ආරක්ෂක සේනා කදවුරු සංකිර්ණයට ඒ වන විටත් කොටි ත්‍රස්තවාදින් විසින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් තිබුනු අතර වවිනියාවෙි ඉදිරි ආරක්ෂක වලල්ල ආසන්නයේ ස්ථානගතකර තිබු යුධ හමුදා 56වන සේනාංකය විසින් මිලිමිටර් 120 හා 152 වර්ගයේ කාලතුවක්කු අවි හා මල්ටි බැරල් අවි ප්‍රති ප්‍රහාර එල්ල කිරිමත් සමග කොටි සංවිධානය කාලතුවක්කු ප්‍රහාරද ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන බවක් පෙනුනී. තත්වය මෙසේ තිබියදි විශේෂ බලකායේ හා කමාන්ඩෝ සෙබළුන් එක්ව කොටි සංවිධනයේ කළු කොටි සාමාජිකයින් 8 දෙනෙක්ට ඒවන විටත් වගකියා අවසන්කර තිබුනී.

අලූයම 3ට පමන එකවරම අහස දෙසින් අමුතු ශබිදයක් නැගුනු අතර අදුරේම පැමිණි කොටි ත්‍රස්තවාදින් සතුව තිබෙනා චෙක් රාජ්‍යයේ නිෂ්පාදිත සීලින් 143 වර්ගයේ කුඩා ගුවන් යානා දෙක වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයට ගුවනින් බෝමිබ දෙකක් හෙලා පලායන්නට විය. 



කොටි ගුවන් යානා පැමීණෙන බවට කල්තියා හදුනා ගෙන තිබිම නිසා ගුවන් හමුදාවෙි එෆ්-7 වර්ගයේ ප්‍රහාරක යානා දෙකක් කටුනායක ගුවන් තොටුපලින් ගුවන් ගත කෙරුනේ කෙසේ හෝ කොටි ගුවන් යානා දෙකට පහරදි බිම හෙලිමෙි පරමාර්ථයෙනි. ගුවන් ගතවී විනාඩි 8ක් වැනි සුලු කාලයක් තුලදි ගුවන් හමුදාවෙි එෆ්-7 ගුවන් යානා වවිනියාව ප්‍රදේශයට ඉහලින් ගමන් කරමින් කොටි සංවිධානයේ ගුවන් යානා දෙකෙන් එකක් මුලතිවි ප්‍රදේශයට ඉහල අහසේදි සිය දර්ශණයට හසුකර ගැනිමට එක් ගුවන් හමුදා යානාවකට හැකිවිය. තමන්ට වඩා කිලෝමිටර් දෙකක් පමන ඉදිරියෙන් ගමන් ගන්නා කොටි ගුවන්යානය පිලිබදව සිය මෙහෙයුමි මැදිරියට විස්තර ලබාදුන් ඒ අභීත ගුවන් නියමුවා තවත් කල් යැවිමෙි තේරුමක් නොමැති බව වටහා ගෙන තමන්ට ලද උපදෙස් අනුව ගුවනේ සිට තවත් ගුවන් යානාවකට පහරදිමෙි හැකියාව ඇති මිසයිල පද්ධතියෙන් එක් මිසයිලයක් කොටි සැහැල්ලු ගුවන් යානය ඉලක්ක කරමින් මුදාහරින ලදියි. විනාඩියක් ගතවිමට පෙර තමා ඉදිරියෙන් විශාල ගිනිබෝලයක් සමග පිපිරිමක් නිරික්ෂණය කල ගුවන් නියමුවා තමාගේ මෙහෙයුම ඉතා සාර්ථකවු බව සිය මෙහෙයුමි මැදිරියට දන්වා සිටියා.

මෙි අතර මුලතිවි ඉහල අහසේදි ගුවන් හමුදාව සිය රණකාමිත්වය විදහාපාද්දි භුමියේ සටන් ඇවිලෙමින් තිබුනි. මරාගෙන මැරෙන කළු කොටි සමාජිකයින් තිදෙනෙක් වවිනියා ගුවන් හමුදා කදවුරු භුමියට ඇතුල්විමට දරණ උත්සහය නිරික්ෂණය කල ගුවන් හමුදා සෙබළුන් සිය ගිනි අවි ඒ දෙසට හරවමින් දැඩි ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන්නට පටන් ගන්නා ලදියි. ගුවන් හමුදාවෙි සෙබළුන්ගේ සහයට එක්වු කමාන්ඩෝ සෙබළුන් විනාඩි 20ක් ගතවිමට පෙර මරාගෙම මැරෙන කොටි ත්‍රස්තවාදින් තිදෙනාව අවසන් ගමන් යැවුහ.

මෙි අතර වන්නි ආරක්ෂක සේනා මුලස්ථානාධිපතිගේ නිල නිවාසය ආසන්නයට පැමින රැකවල්ලාගෙන සිටි කොටි ත්‍රස්තවාදියෙක්වද මරා දැමිමට යුධ හමුදා විශේෂ බලකායේ සෙබළුන් සමත්විමත් සමග කදවුරට ඇතුල්ව සිටි අවසන් කොටි ත්‍රස්තවාදියා ඝාතනය කරමිනි.

පුරා පැය හතරකට ආසන්න කාලයක් මුළු වවිනියා නගරයම නැවත වරක් යුධ බියෙන් ඇලලී ගිය මෙහෙයුමක් අවසන් කරමින් යුධ හමුදා විශේෂ බලකාය, කමාන්ඩෝ බලකාය ඇතුළු සෙසු බලමුළු හා ගුවන් හමුදාව එක්ව නැවත වරක් කොටි ත්‍රස්තවාදින්ගේ සිතේ පැලපදියමිව තිබු සිහිනය සුනුවිසුනු කරන්නට සමත් විය.

මෙවර කොටි ත්‍රස්තවාදින්ගේ මුලික ඉලක්කයන්වී තීබුනේ

1). වවිනියා ගුවන් හමුදා කදවුරේ පිහිටා තිබෙන රේඩාර්් යන්ත්‍රය විනාශ කිරිමයි. ( මෙම රේඩාර් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය කොටින්ගේ ගුවන් යානා හැසිරවිමට විශාල බාධාවක්ව තිබිම නිසායි).

2). වන්නි ආරක්ෂක කදවුරු සංකිර්ණය තුල පිහිටා තිබෙන ආයුධ ගබඩාවන් විනාශ කිරිම. ( පුනරින් ඇතුළු කොටි මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක හමුදා මෙහෙයුමි අඩාල කිරිම මෙහි මුලික වෑයමයි.)

මෙම ඉහත කාරණා සාක්ෂාත් කර ගැනිම සදහා කොටි සංවිධානය ඉතා විශාල සැලැස්මක් දියත් කලත් රාජකාරියේ යෙදි සිටි එක් විශේෂ බලකා සෙබලෙක්ගේ විමසිලිමත්භාවය නිසා සිදුවන්නට ගිය මහා විනාශයක් වලක්වා ගන්නට යුධ හමුදාවට හැකිවිය. කොටි සංවිධානය බරඅවි, භුමි භටකණ්ඩායමි හා ගුවන් බලය යොදා ගනිමින් ආරක්ෂක හමුදාවන්ට එල්ල කරන ලද පලමු මෙහෙයුම ලෙස මෙය ඉතිහාසයට එක්විය. එහෙත් එය කොටින්ට වැරදුනු ගුවන් කරණමක් පමනක් විය.....!!!!