Sunday, May 13, 2012

නික්ම ගියත් ඔබ.....


" ලියලා තියෙන ටික කියවන්න හරි අමාරුයි. අකුරු ටිකක් ලොකු කලොත් වයසක අපිට කියවන්න ලේසියි" බිලොග්කරණයට අත්පොත් තිබිබ මගේ කුළුදුල් නිර්මාණය කියවලා කමෙන්ටුවක් පලකරපු ඔබා මාමා කවුරුත් කියන්න වගේ හැමදාම ඇවිත් ඒ ලියුව පුද්ගලයාගේ හිතට ශක්තියක් වුනා.

ඔබා මාමා ගැන මම මුලින්ම දැනගත්තේ අහමිබෙන් " අන්තිම පේලියේ" ලියලා තිබිබ කතාවකින්. එදා ඉදලා මම ඔබා මාමාගේ රසිකයෙක් උනා. බිලොග් එකක් ලියන්න කවදාවත් හිතුවෙි නැති මම ඒ ආසාව ඇති කරන්න ඔබා මාමා නිහඩ උපකාරයක් උනා.

මම යුද්දේ ගැන ලියද්දි සමහර දවස්වලට ඔබා මාමා ඒ ලිපිවලට කොමෙන්ටුවක් දාලා යන්නේ වැරද්දක්, අඩුපාඩුවක් තියේනමි එක ගැනත් අවධානය යොමු කරවලයි. ඉතිං ඔබා මාමෙි ඔයා දැන් අපි ලියන දේවල් කියවන්න එන්නේ නැති උනාට තරහක් නැහැ. මොකද ඔබා මාමා අපි අතරේ හැමදාම ඉන්න නිසා.

මෙි ලෝකයේ හතරදිග් භාගයේ ඉදලා බිලොග්කරණයේ යෙදෙන හැමෝම අද ඔබා මාමා වෙනුවෙන් දුක් වෙන්නේ ඒ ඔයා අපිට ඒතරමිම වටින කෙනෙක් නිසයි. ඔබා මාමෙි ඔයා අපි ලග නැති අඩුව හැමදාම අපේ හිත්වල තියේවි.

සොදුරු මිනිසාණනී ඔබට මොක්සුව.....!!!




Wednesday, April 25, 2012

අදට හරියටම අවුරුදු 6 යී....



දිනයඃ 2006 වසරේ අපේ්‍රල් මාසයේ 25 වෙනිදායි. 
ස්ථානයඃ කොලඹ හමුදා මුලස්ථානය.
වෙිලාව ඃ දහවල් 1.35ට හෝ ඊට ආසන්න වෙලාවක්.

පරිවාරක හමුදා ආරක්ෂක රථ තුනකින් හා යතුරුපැදි ආරක්ෂකයින් සිවිදෙනක්ට මැදිව ධාවනය වන වොල්වෝ රථයකී.
හමුදා රෝහල පසුකර මිටර් 25 ක පමන දුරක් පසුවනවාත් සමග පදික වෙිදිකාවෙි ගමන් කරමින් සිටි ගැබිණි කාන්තාවක් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගමන් කරමින් තිබු වොල්වෝ කාර් රථය අසලට ඒමට දරණ උත්සහය දුටු පැති ආරක්ෂාව සපයමින් සිටි යතුරුපැදියේ සිටි කෝප්‍රල් වයි.එල්.ඒ.සී.ආර්. යකන්දාවල (සෙ.අං/675382) වහා සිය යතුරුපැදිය හරස් කරමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ගමන් කරමින් තිබු රථය අසලට ඒමට සැකකටයුතු ගැබිණි කාන්තාවගේ පැමිණිම වලක්වනවාත් අවට පරිසරය දෙවනත් කරමින් තවත් එක් කොටි මිනිස් බෝමිබයක් පුපුරා ගියේය.
බෝමිබය පුපුරා යෑමත් ගොස් විනාඩි කිහිපයක් ගතවන තුරුත් අවට සිටි කිසිවෙකුටත් සිදුවුයේ කුමක්ද යන්න ගැන හරිහැටි අවබෝධයක් නොවුනේ ඇතිවු කමිපනය නිසාවෙනී. හමුදාපතිවරයාට ආරක්ෂාව සපයමින් ගමන් කල ඩිෆෙන්ඩර් රථ දෙකක සිටි හමුදා නිලධාරින් හා සෙබළුන් වහාම හමුදාපතිවරයා ගමන් කරමින් සිටි කාර් රථය වටකර ගෙන සරත් ෆොන්සේකා මහතාට කුමක් සිදුවී ඇත්දැයි සොයා බැලීය.

කාර් රථයේ පිටුපස ආසනයේ සිටියි හමුදාපති සරත් ෆොන්සේකා පුපුරා ගිය බෝමිබයෙන් විසිවු යකඩ බෝල වලින් පෙනේරයක් සේ හිල්වී තිබු කාර් රථයේ දොර ඉතා අමාරුවෙන් විවෘත කරමින් එක් පාදයක් එලියට තබන අයුරු දුටු හමුදා සෙබළුන් සුලු මොහොතකට ගල්ගැසි ගියේ එවැනි බිහිසුනු බෝමිබ ප්‍රහාරයකට ගොදුරුවුවත් හමුදාපතිවරයා කිසිදු කලබලයකින් තොරව සිටින අයුරු දුටු බැවිනි.




ඉක්මනට සර්ව අල්ල ගන්න. හමුදාපතිවරයාට විරුද්ධ පසින් සිටි හමුදා නිලධාරියෙක් අසල සිටි හමුදා කෝප්‍රල්වරයෙක්ට කියනවාත් සමග මීමැසි පොදියක් ලෙසින් එක්වු හමුදා සෙබළුන් ඉතා ආරක්ෂිතව හමුදාපතිවරයා කාර් රථයෙන් එලියට ගන්නවාත් සමග ඔහු ඇද සිටි හමුදා නිල ඇදුමින් පවා තෙත් කරමින් වතුර මෙන් රුධිරය වැහෙන අයුරු දුටු අසල සිටි හමුදා නිලධාරින්ගේ දෑස් පවා කදුලින් තෙත්වුයේ ඔවුන්ට නොදැනීමය.

" කලබල වෙන්නෙපා... මම හොදින්" ඒ හමුදාපති සරත් ෆොන්සේකාව ගිලන් රථයට ඇතුල් කරද්දි ඔහු අසල සිටි හමුදා නිලධාරින්ට පැහැදිලි හඩින් කියු වචන පෙලයි.

කොටි ත්‍රස්තවාදින්ගේ මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයෙන් සිදුවු තුවාල නිසා හමුදාපති සරත් ෆොන්සේකාගේ උදරයට හා පෙනහළු වලට හානි සිදුවු අතර එයින් වඩාත් බැරැරුමි ලෙසින් තුවාල වී තිබුනේ ඔහුගේ පෙනහළු දෙකය. එදා පුපුරා ගිය මිනිස් බෝමිබයෙන් හමුදාවෙි හා හමුදා රෝහලින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සදහා පැමින සිටි 11 දෙනෙකු ජිවිතකෂයට පත්වුවාය.

කොළඹ ජාතික රෝහලේදි මුලික ශල්‍යකර්ම කිහිපයක්ම සිදු කිරිමෙන් අනතුරුව සිංගප්පුරුවෙි රෝහලක වැඩිදුර ප්‍රතිකාර සදහා හමුදාපතිවරයාව පිටත් කර යැවීමට රජය කටයුතු කලාය. සිංගප්පුරුවෙිදි වැඩිදුර ප්‍රතිකාර ලැබු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නැවත ලංකාවට පැමිණෙන විට නැගෙනහිර පලාතේ මාවිල් ආරු සොරොවිව මුදා ගැනීමෙි සටන ආරමිභකර තිබුනේය.

හැකි තරමි විවෙික ගන්නැයි වෛද්‍යවරුන් දුන් උපදෙස්වත්, හමුදා සේවයෙන් විශ්‍රාම යෑමට දැන් සුදුසු කාලය බව යැයි කියමින් පෙරැත්ත කරන ඥාතින්ගේ ඉල්ලීමි එකක්වත් කනකට මායිමි නොකල ඔහු නැවත වරක් හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්්‍යාලයට පැමිණියේ තමන්ට එලොව ගොස් මෙලොව ඒමට තුඩුදුන් මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයට ගොදුරුවු ස්ථානයද පසුකරමිනි.

සරත් ෆොන්සේකා හමුදාපතිවරයාව ඝාාතනය කිරිමට කොටි නායක ප්‍රභාකරන්ට හා බුද්ධි අංශ නායක පොටිටු අමිමාන්ට දැඩිසේ අවශ්‍ය කර තිබුනී. එයට බලපෑ ප්‍රධානම සාධකය වන්නේ1993 වසරේදි යාපනය කොටුව මුදවා ගැනීමෙි මිඩිනයිටි එක්ස්ප්‍රස් මෙහෙයුමට සක්‍රිය අණදෙන නිලධාරියා ලෙස එක්වු එවකට කර්නල් සරත් ෆොන්සේකා සමග අනෙක් අන්තයේ සිටි අණදෙන නිලධාරියා වුයේ වර්තමාන ආරක්ෂක ලේකමි ගෝඨාබය රාජපක්ෂ මහතායි. එදා යාපනය කොටුව තුල සිරවී සිටි 200 කට අධික ත්‍රිවිධ හමුදා භට පිරිසක් බෙිරා ගැනීමට ඔවුන්ට එදා හැකිවිය.

සරත් ෆොන්සේකා යනු කුමන ආකාරයේ හමුදා නිලධාරියෙක්ද යන්න වග හොදින් දැන සිටි කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ ඊලමි සිහිනයට අවසන් තිත වැටිමට ආසන්න වග ඉවෙන් මෙන් දැන සිටියාය. ඒ නිසා තමන්ගේ විශ්වාසනවන්තම සගයාවු බුද්ධි අංශ නායක පොටිටු අමිමාන් ලවා කෙසේ හෝ හමුදාපතිවරයාව ඝාතනය කිරිම සදහා අවශ්‍ය පිඹුරුපත් සැකසුවත් අවසන් මොහොතේදි තමන්ගේ දිවි නොතකා මරාගෙන මැරෙන බෝමිබකාරිය එන මග හරස් කල කෝප්‍රල් යකන්දාවල ගේ අභීත ක්‍රියාව නිසා හමුදාපතිවරයා එදා එම අවාසනාවන්ත ඉරණමෙන් ගැලවිනි.

හමුදාපතිවරයාව ඝාතනය කිරිම සදහා යොදා ගත් කොටි කාන්තාව හමුදා සෙබලෙක්ගේ බිරිදක් ලෙස අවස්ථා කිහිපයකදි හමුදා මුලස්ථානයේ පිහිටි හමුදා රෝහලට පැමිනි බව පසුව සිදුකල පරික්ෂණ වලින් අනාවරණය විය. හමුදා මුලස්ථානය තුල පිහිටි හමුදා රෝහලෙන් හමුදා නිලධාරින්ට පමනක් නොව සෙසු නිලයන්ටත් ඔවුන්ගේ පවුල් වල ලගම ඥාතින්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සදහා මගපෑදුනේ සරත් ෆොන්සේකා මහතාගේ අදහසක් නිසාය. ඊට පෙර හමුදා සෙසු නිලයන්ට හා ඔවුන්ගේ ලගම ඥාතින් සදහා ප්‍රතිකාර ලබාදුන්නේ නාරහේන්පිට පිහිටි හමුදා රෝහලෙන් පමනක් විය. කෙසේ හෝ මෙම ආරක්ෂක හිඩසින් උපරිම ප්‍රයෝජනය ගැනීමට පොටිටු අමිමාන් ඇටවු උගුල සාර්ථක නොවීය.

මරාගෙන මැරෙන බෝමිබ ප්‍රහාරයට ගොදුරු විමෙන් අනතුරුව යලිත් හමුදාපතිධුරයේ වැඩ භාරගත් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය අමතා කියා සිිටියේ වසර තුනක් ගතවන්නට පෙර ලංකාවට පිලිලයක්වී තිබෙන එල්.ටි.ටි.ඊ. කොටි ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කරදමන බවත් නිදහස් රටක සිංහල, දමිල. මුස්ලිමි භේදයකින් තොරව ජිවත්වීමට ඉඩකඩ විවර කර දිමට දිවිහිමියෙන් කැපවෙන බවයි.

" ඉදිරියට පත්වෙන හමුදාපතිට මෙි යුද්ධය කරන්න මම ඉතුරු කරන්නේ නැහැ" ඒ සරත් ෆොන්සේකා මහතා 2009 වසරේ ජනවාරි මාසයේදි හමුදාපති නිල නිවසේදි පැවති සාදයකදි අප අමතා කියු කතාවයි.

හමුදාපති සරත් ෆොන්සේකා මහතා එදා කියු ලෙසටම 2009 වසරේ මැයි මාසයේ 18 වෙනිදා මුලතිවි නන්දිකඩාල් කලපුවෙිදි කොටි නායක ප්‍රභාකරන්ගේ මරණයත් සමග 30 වසරක් ඔහුගේ සිහිනයවු ඊලාමි රාජ්‍යයට අප හමුදාවෝ තීත තැබුවාය....!!!


                                                             ( කෝප්‍රල් යකන්දාවල )

Wednesday, April 18, 2012

අවසන් අදියර....

                 
වන්නි මුදාගැනිමෙි මානුෂීය මෙහෙයුමි ඇරඹියේ 2007 වසරේ පෙබරවාරි මාසයේදිය. එසේ ආරමිභ වුනු වන්නි මුදා ගැනිමෙි මෙහෙයුමට දායක වෙමින් බ්‍රිගේඩියර් නන්දන උඩවත්තගේ අණදිම යටතේ 59 වන සේනාංකය සටනට පිවිසියේ වැලිඔය ප්‍රදේශයෙනි. ඒ 2008 වසරේ ජනවාරි මාසයේදීය.

ඒ කාලයේදි කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් රැදි සිටින කදවුරු සංකිර්ණය ලෙසට රජයේ හමුදාවන් හා අප වැනි සාමාන්‍ය සිවිල් වැසියන් තරයේ විශ්වාස කල වන්-ෆෝ බෙිස් ( කදවුරු 14) ඉලක්ක කර ගනිමින් 59 වෙනි සේනාංකය එදා සටන් බිමට පිවිසියේ තමන්ට මුලතිවි කොටි බලකොටුවත් යටත් කර ගැනීමට හැකියැයි යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුවයි.

සෙමෙන් වුවත් ඉතා මනා සංයමයකින් හා තීර අධිෂ්ඨානයෙන් යුතුව 59 වන සේනාංකයේ රණවිරුවන් තම ඉලක්කය මුදුන්පමුණුවා ගැනීමෙි අටියනෙන් කොටි කදවුරු අත්පත් කර ගත්තේ ඉන්දියානු සාම සාධක හමුදාවට පවා අත්පත් කර ගැනිමට නොහැකිවු කොටි ත්‍රස්තවාදින්ට අයත් වන්-ෆෝ බෙිස් කදවුරු සංකිර්ණයද හමුදා ග්‍රහණයට නතු කර ගනිමින්ය. එම කදවුරු සංකිර්නයේ භුගත මාර්ග පවා තනා තිබු අතර කොටි නායක ප්‍රභාකරන් ඇතුළු ජේෂ්ඨ නායකයින් නිතර නිතර ආගිය තැනක් බවට එම කදවුරු සංකිර්ණය ඉතා ප්‍රචලිතව තිබුනී.

වන්-ෆෝ බෙිස් කදවුර කොටි සංවිධානය විසින් ඉදිකර තිබුනේ එම සංවිධානයේ පුහුණුවීමි කටයුතු සදහා පමනක්ම නොවෙියි. එම කදවුරු සංකිර්ණයේ කොටසක වධකාගාරයක් තිබු අතර, එහි රදවා සිටිය බවට සැක කෙරෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයින් හා කොටි සංවිධානයට එරෙහිවන හා කප්පමි නොගෙවන සාමාන්‍ය වැසියන්ය. එමෙන්ම කදවුරු සංකිර්ණයේ තවත් කොටසක කොටි සංවිධානයේ ප්‍රයෝජනය සදහා අවශ්‍ය මෝටාර් බෝමිබ, ක්ලේමෝ බෝමිබ, මරාගෙන මැරෙන ඇදුමි කටිටල නිර්මාණය කිරිම සදහාද යොදා ගෙන තිබු නිසා සංග්‍රාමික වැදගත්කමින් වඩාත් වටින කදවුරු සංකිර්නයක් හමුදාව අතට පත්වීම කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ට දරාගත නොහැකි පාඩුවක් විය.

ක්‍රමක් ක්‍රමයෙන් ඉදිරියට ඇදුනු 59 වන සේනාංකය කුමලමුනෙයි, නයාරූ කලපුව, මුල්ලියාවෙලි කොටි බලකොටු එකින්එක හමුදා ග්‍රහණයට නතු කර ගනිමින් ඉදිරියට ගියේ ඊට වසර 13 කට පෙර හමුදා ඉතිහාසයේදි ශ්‍රි ලංකා යුධ හමුදාව ලද ප්‍රබලතම හා අවාසනාවන්තම පරාජය සටහන් කල මුලතිවි නගරය යලි දිනා ගැනීමෙි මුලික අටියනින් යුක්තවය.

             මුලතිවි මුදා ගැනිමෙි මෙහයුම ඇරඹෙයි....



කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ට 2009 වසරේ උදාව ඒතරමි සුභදායක නොවුනේ ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් ඊලමෙි අගනුවරවු කිලිනොචිචීය නගරයත් අලිමංකඩත් අහිමිවු නිසාවෙනි. යුධ හමුදාවෙි 59 වන සේනාංකයේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් නන්දන උඩවත්තට හමුදාපතිවරයාගෙන් හා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලැබුනු උපදෙස් වලට අනුව මුලතිවි කොටි බලකොටුව මුදා ගැනිම සදහා අවසන් පිඹුරුපත් සැකසුවෙි 2009 වසරේ ජනවාරි මාසයේ පලමු සතියේදීය.

යුධ හමුදාව මුලතිවි නගරයට ඇතුල්විම වලක්වාලමින් කොටි සංවිධානය විසින් ඉදිකර තිබු පස් බැමිම අත්පත් කර ගැනීම ආරක්ෂක අංශ සාමාජිකයින්ට තිබු මුලිකම ඉලක්කය විය. අලමිපිල් ප්‍රදේශයේ ඉදිකර තිබු මෙම පස්බැමිබ කිලෝමිටර් ගණනාවක් දුරට විහිදි තිබුනු අතර පැය 24 පුරාවට කොටි සාමාජිකයින්ගේ නිරන්තර සෝදිසියට යටත්ව තිබු නිසා රාත්‍රි කාලයේදිවුවත් එය සමිපයට ගොස් ප්‍රහාර එල්ල කිරිමෙි ගැටළුවක් පැන නැගි තිබුනී.

තත්වය මෙසේ තිබියදි 59 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් නන්දන උඩවත්ත විසින් සිය 591 බලසේනාධිපති කර්නල් අරුණ ආරියසිංහ, 593 සේනාංකාධිපති ලුතිනන් කර්නල් ජයන්ත ලියනගේ හා සේනාංකයේ නියෝජ්‍ය අණදෙන නිලධාරි කර්නල් ලක්සිරි වඩුගේ ඇතුළු ජේෂ්ඨ හමුදා සාමාජිකයින් පිරිසක් 2009 වසරේ ජනවාරි මස 20 වෙනිදා උතුරු අලමිපිල් ප්‍රදේශයේදි ඉදිරි මෙහෙයුමි ගැන ප්‍රගති සමාලෝචනයක් සිදුකල අතර තමන්ගේ ඉදිරි ගමනට බාධාවක්ව පවතින් කොටි ත්‍රස්තයින්ගේ පස්බැමිම අත්පත් කර ගැනිමෙි මෙහෙයුම සදහා කාලතුවක්කු බලකායේ හා ගුවන් හමුදා ප්‍රහාර එක් කර ගැනීමට මෙහිදි තිරණය කෙරුනී.

59 වන සේනාංකය විසින් ඉදිරිපත්කල සැලැස්මට අනුව ඉදිරි මෙහෙයුමි කටයුතු කරගෙන යෑමට හමුදාපතිවරයාගේ අනුමැතිය හිමිවීමත් සමග කාලතුවක්කු බලකායේ හා එමි.අයි. 24, කෆීර් හා මිග් ප්‍රහාරක යානා වල එකමුතුවෙන් යුතුව අලමිපිල් පස්බැමිම සිය ග්‍රහණයට නතුකර ගැනීමෙි හමුදා මෙහෙයුමි දියත් කෙරුනේ ජනවාරි මස 22 වෙනිදාය.

කාලතුවක්කු හා ගුවන් ප්‍රහාර දිගින් දිගටම අලමිපිල් පස්බැමිම සිපගනිද්දි 593 වන බලසේනාංකාධිපති ලුතිනන් කර්නල් ජයන්ත ලියනගේ ප්‍රමුඛ භට පිරිස් අලමිපිල් ප්‍රදේශයේ පස්බැමිමෙි දකුනු ප්‍රදේශයේ සිට නැගනහිර දක්වා වු කොටස අත්පත් කරගැනීමට සමත්විය. මෙි අතර 591 වන බලසේනාංකාධිපති කර්නල් අරුණ ආරියසිංහ ප්‍රමුඛ භටපිරිස්ද අලමිපිල් පස්බැමිමෙි දකුනු ප්‍රදේශයේ සිට උතුර දක්වා දිවෙන භුමි භාගය සිය ග්‍රහණයට නතුකර ගත්තාය.




මෙි අතර මුලතිවි නගරය පෙනෙන නොපෙනන මානයේ රැදි සිටි හමුදා භට පිරිස්වලට තම ඉලක්කය සපුරා ගැනීමට තවත් එක් බාධකයක් තරණය කිරිමට තිබිනි. ඒ අලමිපිල් සිට මුලතිවි නගරය බලා දිවෙන කුඩා බිමි තිරුවක් වන් මාර්ගය අත්පත් කර ගැනිමයි. ඒ සදහා හමුදා සාමාජිකයින්ට නන්දිකඩාල් කලපුව තරණය කිරිම අනිවාර්්‍යවිය. එම බාධකය හොද හැටි වටහාගත් කොටි සාමාජිකයින් සිය මුලු පිරිස් බලයම යොදවා නන්දිකඩාල් කලපුව හරහා වැටි තිබුනු ප්‍රදේශයේ ආරක්ෂාව තරකරේ අලමිපිල් ප්‍රදේශයෙන් අඩියක් හෝ මුලතිවි දෙසට රජයේ හමුදාවන්ට ඇතුල්විමට තබා අල්ලාගැනීමටවත් ඉඩ නොදෙන බවට හිතේ සනිටුහන් කරගනිමින් බව පසුව හමුදාවට භාරවු එක් කොටි සමාජිකයෙක් ප්‍රකාශ කර තිබුනී.

තමන් ඉදිරියේ පවතින එම භාරදුර වගකීම සාක්ෂාත් කර ගැනිමෙි අටියෙන් විශේෂ පුහුණුව ලැබු යුධ හමුදා කමාන්ඩෝ හා විශේෂ බලකායේ භට පිරිස් ඉතා රහසිගතව අලමිපිල් ප්‍රදේශයට පැමිණියේ එලැඹෙිණ අදුරත් සමග ගොදුරු සොයා යෑමෙි තිරසාර පරමාර්ථය පෙරදැරි කරගෙනය.

ඒ ජනවාරි 24 වෙනිදායි.. රාත්‍රි 11 පසුවි ගතවුයේ සුළු මොහොතක් පමනි. නන්දිකඩාල් ඉවුර සමිපයට පැමිනි හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ඝන අන්ධකාරයේ සැගවෙමින් ඉතා සෙමින් සෙමින් සිය සතුරා රැදි සිටින අනෙක් ඉවුර බලා පිහිනා ගියේ කේබලයක්ද රැගෙනය.

මෙසේ පිහිනා යන විශේෂ බලකා සාමාජිකයින් දෙදෙනාගේ මුලික පරමාර්ථය වුයේ එහි එක් කොනක් කොටි ත්‍රස්තවාදින් සිටින නන්දිකඩාල් කලපුවෙි ඉවුරේ ස්ථානගත කර ඉතිරි හමුදා සමාජිකයින් නිරුපද්‍රිතව ගෙන්වා ගනිමින් මුලතිවි නගරයට අත්පත් කර ගැනීමටයී.

විනාඩි 15 ක පමන කාලයකින් පසුව කොටි පාලන ප්‍රදේශයට පිහිනා ආ හමුදා සාමාජිකයින් දෙදෙනා එම ප්‍රදේශය ආවරණය කර ගනිමින් ස්ථාපිත කොට තිබු කොටි බංකරයේ සිටි සාමාජිකයින් තිදෙනා මරුතුරුලට යැවිවෙි අවට සිටින කිසිම කොටි සාමාජිකයෙක්ට සැකයේ සේයාවක් හෝ නොදැනෙන ආකාරයටය.

තමන් පැමිනි කාර්්‍ය සාර්ථකව නිම කල බව අනෙක් පස සිටින තම හමුදා භට පිරිස්වලට සංඥා ක්‍රමයක් මගින් දැනුමි දුන් මෙම විශේෂ බලකායේ හමුදා සාමාජිකයින් දෙදෙනා කර්නල් අරුණ ආරියසිංහගේ අණදිම යටතේ සටන්බිමෙි සිටි 591 වන හමුදා සාමාජිකයින්ව නිරුපද්‍රිතව කොටි පාලන ප්‍රදේශය දක්වා එන තෙක් අවශ්‍ය සහය සපයමින් සිටියාය.

මෙම රහසිගත මෙහෙයුම සිදුවෙමින් තිබෙන අතර තුර කොටි ත්‍රස්තවාදින්ගේ අවධානය වෙනතක යොමු කිරිම සදහා යුධ හමුදාවෙි කාලතුවක්කු බලකාය හා ගුවන් හමුදා යානා විසින් අවස්ථාවන් කිහිපයකදිම ප්‍රහාර එල්ල කල අතර මෙි නිසා නන්දිකඩාල් කලපුව තරණය කරමින් තමන්ට මරණ වරෙන්තුව රැගෙන එන හමුදා සමාජිකයින්ගේ ආගමනය ගැන හාංකවිසියක්වත් දැන ගැනීමට කොටි සාමාජිකයින්ට නොහැකි විය.


               
 

සියල්ල සුදානමිය. ඒ වන විට ජනවාරි 25 වෙනිදාට හිරු උදාවීම සදහා ඉතිරිව තිබුනේ තවත් පැය හතරකටත් අඩු කාලයක් පමනි. තමන්ට අවශ්‍ය ආකාරයට හමුදා සෙබළුන් ස්ථානගත කල 591 වෙනි බලසේනාංකාධිපති අරුණ ආරියසිංහ තවත් සුලු මොහොතක් කාලය ගෙන සියල්ල සැලැස්මට අනුව නිවරදිව තිබෙිදැයි සැකහැර තහවුරු කර ගත්තේ මොන ජගතා ආවත් තම ඉලක්කයට නොයා ආපස්සට පසු බසින්නේ නැහැයි යන නියමය සිතේ අධිඨන් කරගනිමිනී.

ෆයර්.... කර්නල් අරුණ ආරියසිංහගේ අණදිමත් සමග හමුදා සාමාජිකයෙක් සිය උරහිස මත රදවාගෙන සිටි ආර්.පි.ජී. අවියේ ටිගරය මුදාහැරියේ නිදාගෙන සිටි කොටි ත්‍රස්තවාදින්ට මෙි තමන්ට කුමක්ද වුයේ කියා සිතා ගැනීමටවත් ඉඩක් නොතබමින්ය.

ක්‍රමක් ක්‍රමයෙන් දරුණු ප්‍රහාර එල්ල කරමින් 591 වෙනි බලසේනාංකයේ රණවිරුවන් කොටි බංකර් සුනුවිසුනු කරමින් මුලතිවි හා අලමිපිල් යා කරමින් වැටි තිබු නන්දිකඩාල් කලපුවට අසලින් වැටි තිබුනු භුමි භාගයේ බලය තහවුරු කර ගත්තාය.

මෙි අතර 593 වෙනි බලසේනාංකයත් කොටියාට හොද හැටි බැට දෙමින් 591 වෙනි බලකායත් සමග සමිබන්ධ වුයේ මුලතිවි නගරයට හමුදා භට පිරිස් ආසන්න වෙමින් සිටියදිය.



ලුතිනන් කර්නල් චමින්ද ලමාහේවාගේ අණදිම යටතේ ඉදිරියට ඇදුනු 591 බලසේනාංකයේ ඇල්ෆා කණ්ඩායම පලමුව මුලතිවි නගරයට ඇතුල්විමට වාසනාව උදාකර ගත්තාය. එය 1996 වසරේදි කොටි සංවිධානය විසින් නොනවතින රැල්ල නමින් එල්ල කල යුධ ප්‍රහාරයේදි මුලතිවි කදවුර බිදවැටිමෙන් පසුව ගතවු වසර 13 ක කාලයක් අවෑමෙනී. කොටි සංවිධානය විසින් මුලතිවි නගර අතහැර වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශය බලා පසුබැස්ස වීමට 59 වෙනි බලසේනාංකයේ රණවිරුවන් සමත්වීමත් සමග කොටි සංවිධානයේ අවසානය පිලිබදව සිහින දකිමින් සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවට එය අමතක නොවන දිනයක් විය.

2000 කට ආසන්න හමුදා භට පිරිසක් ජිවිත පරිත්‍යාගය කල ඒ මුලතිවි කදවුරු සංකිර්ණය නැවතත් තමන්ට අහිමිව යාවියැයි කොටි නායක ප්‍රභාකරන් තුන්හිතකින්වත් නොසිතන්නට ඇති... තම පියා, ස්වාමිපුරුෂයා, පුතා, සහෝදරයා රට දැය වෙනුවෙන් දිවිපිදු ඒ මුලතිවි කදවුර අසලට යන්නට වරමි ලැබෙිවී යැයි එදා ජිවිත පරිත්‍යාගයෙන් සටන් වැදි රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ දෙමාපියන්, බිරින්දැවරුන්, දරුවන්, සොහොයුරු සොහොයුරියන් සිහිනෙන්වත් නොසිතන්නට ඇතියි... " නොහැක්කක් නොමැත" යන උදාර පරමාර්ථය සනිටුහන් කරමින් 59 වෙනි සේනාංකයේ වීරෝධාර හමුදා සාමාජිකයින් කවුරුත් නොසිතුදේ සාක්ෂාත් කර පෙන්වුයේ වසරකුත් දින 6 ක් ගතවු තැනදීය.

එදා පරාජිතයින් ලෙසින් තමන්ගේ අවසන් හුස්ම පොද මෙි වාතලයට මුසුකල අපගේ වීරෝධාර රණවිරුවන්ගේ ආත්මයන් අද සතුටින් සිටිනවා නොඅනුමානයි.. ඒ තමන්ගේ ලෙයින් පෙගි ගිය ලක්මව මත ඊලාමි කොඩිය නොව සිංහ කොඩිය අභිමානවත් ලෙසින් ලෙලදෙන නිසාවෙන්....!!!!

Monday, March 26, 2012

අපරාධයට වසර 12ක් ගතවුවත් ගැලවීමක් නැහැ



2000 වසරේ මාර්තු මාසයේ 31 වෙනිදා අනුරාධපුරය ප්‍රදේශයේදි රැසියාවෙි නිෂ්පාදිත ඇන්ටනෝවි-26 වර්ගයේ ගුවන් යානාවක් බිම වැටුනා ඔබ කාට කාටත් මතක ඇතියි. එදා මෙම ගුවන් අනතුරින් යාපනයේ සිට කොළඹ බලා එමින් තිබු ගුවන් යානයේ සිටි යුක්රේන් ජාතික ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළුව රණවිරුවන් 40 දෙනෙක් මිය ගියාය.

එදා මෙම ගුවන් අනතුරට හේතුව යානයේ ඇතිවු කාර්මික දෝෂයක් බව සිතා සිටියත් අද වන විට එය සත්‍යයක් නොවන බව තහවුරු කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ සිටින ඉතා දක්ෂ නිලධාරින් කණ්ඩායමක් සමත්ව සිටිනවා.

එදා ( 2000 වසරේ) මාර්තු මාසයේ 30 වෙනිදා අනුරාධපුරයට ආසන්න විල්පත්තු කැලෑවෙි සිටි කොටි සාමාජිකයින් දෙදෙනා ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයකින් එල්ල කිරිම නිසා මෙම ඇන්ටනෝවි-26 ගුවන් යානය විනාශවු බව හෙලි කර ගැනීමට ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

පසුගියදා අත් අඩංගුවට ගනු ලැබු මෙම කොටි ත්‍රස්තවාදින් දෙදනාගෙන් සිදුකල දිර්ඝ ප්‍රශ්න කිරිමි රැසකින් අනතුරුව තමන් සිදුකල මිසයිල ප්‍රහාරය ගැන තොරතුරු ඔවුන් විසින් හෙලිකර තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රහාරයට යොදා ගත් ගුවන් නාශක මිසයිලයේ බහා තිබු ඇසුරුමි කොපුව පවා ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම ගුවන් යානා අනතුර වෙලා අවුරුදු 12 ක් සමිපුර්ණ වෙන්න තව දවස් 5 යි තියෙන්නේ. අපි සංතෝෂ වෙනවා අවුරුදු 12ක් ගත වෙලත් මෙම ප්‍රහාරය කුමන හේතුවක් නිසා වුනු එකක්ද, ඒකට සමිබන්ධ වැරදිකරුවන් අත් අඩංගුවට ගන්න ලැබීම ලොකු සතුටක් බව මෙම පරික්ෂණ මෙහෙයවු නිලධාරින් පවසා සිටියි.

( ශාපලත් කොටි ත්‍රස්තවාදයේ අළුයට ගිනිපුපුරු තවමත් සොයා යමින් නැවත වරක් කොටි ත්‍රස්තවාදින්ට අපේ මවිබිම ගිල ගන්නට මංපෙත් අහුරු කරනා මෙවන් ආරක්ෂක අංශ නිලධාරින්ට " මතක මංපෙත" බිලොග් අඩවියේ ප්‍රණාමය...!!!)

Thursday, March 22, 2012

කොටින්ට යන එන මං නැති කල හමුදා සුනාමිය..



වසර දෙකහාමාරකට පෙර ආරමිභවු හතරවන ඊලාමි යුද්ධයේ අවසානය කෙමෙන් කෙමෙන් උදා වෙමිනා තිබුනී. " කොටි ත්‍රස්තවාදය ඉදිරි වසරේදි ශ්‍රි ලංකාවෙන් අතුගා දමනවා" ඒ.. රණබිමෙි සැමදා නම රැන්දු අභීත රණවිරුවන්ගේ එඩිතර හඩයි.

ඒ 2008 වසරේ දෙසැමිබර් මාසයයි. උදුවප් මහේ සීතල පරදවා දිගින් දිගටම ඇදහැලෙන ඊසාන දිග මෝසමි වර්ෂාවට පිං සිද්ධ වෙන්න උතුරේ වැඩි භුමි ප්‍රදේශයක දගින්නට ලැබුනේ ජල ගැලීමි තත්වයන්ය. කුමන ආකාරයේ බාධක ආවත් ඒ සියල්ල දරාගනිමින් ශ්‍රි ලංකා යුධ හමුදාවෙි රණවිරුවන් සුපුරුදු ආකාරයෙන්ම සිය මෙහෙයුමි කටයුතු ඉදිරියට කරගෙන ගියේ ඉක්මනින්ම තම උපන් බිම කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගැනිමෙි ඒකායන බලාපොරොත්තු වෙන් බව එක එල්ලේ දිස්වෙන හැම මුහුනකම ඇදුනු ඉරියවි කියා පෑවා.




යුධ හමුදාවෙි 58 වන සේනාංකය ඒ වන විටත් පරන්තන් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් සිය මෙහෙයුමි කටයුතු දියත් කර තිබුනු අතර 57 වන සේනාංකයේ රණවිරුවන් හතරවන ඊලාමි යුධ ඉතිහාසයේ තවත් එක් රන් පිටුවක් පෙරලීමෙි අරමුණින් පිඹුරුපත් සකස් කරමින් සිටියේ එය ඉතාමත් සුක්ෂම හා රහසිගත කටයුත්තක් ලෙස සලකාය.

එවකට බ්‍රිගේඩියර් නිලයේ සිටි 57 වන සේනාංකාධිපති ජගත් ඩයස් ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකචිජාවක් සුදානමි පැවත්වුයේ 2008 වසරේ අවසාන වන්නට දින කිහිපයක් තිබියදීය. එම රැස්වීම සදහා 571, 572 හා 574 බලසේනාධිපතිවරුන්, බුද්ධි අංශ නිලධාරින් හා කාලතුවක්කු රෙජිමෙින්තුවෙි නිලධාරින් පමනක් සහභාගිවී සිටියාය.

එම රැස්වීම ඉතා තිරණාත්මක එකක් විය. 57 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජගත් ඩයස් මහතා තමාට ඉහලින් ලැබුනු නියෝගයන් හා සැලසුමි ප්‍රකාරව භුමියේ භට පිරිස් වලට අණදෙනු ලබන සේනාංකාධිපතිවරුන්ට ඉදිරි සැලසුමි සියල්ලම පැහැදිලි කර දුන්නේ අතරින් පතර ඇතිවු යමි ගැටළු පිලිබදව සාකචිජා කර ඒචාට එවලේම විසදුමිද ලබා දෙන ගමන්ය.

මෙි අතර යාපනය අර්ධද්ධිවීපයේ නාගර්කෝවීල් හා මුහමලේ 53 වන හා 55 වන සේනාංකයන් ඒ වන විට කොටි ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් ආරමිභ කලේ දෙසැමිබර් 29 වෙනිදා රාත්‍රි කාලයේදීය. එම ප්‍රහාරයේ මුලික අරමුණ වුනේ කොටි ත්‍රස්තවාදින්ගේ අවධානය වෙනතකට යොමු කරන ගමන්ම ඔවුන්ට අයත් කොටි පාලන ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමටයී. එම බලාපොරොත්තුව මුදුන්පමුනවමින් යුධ හමුදාවෙි 53 වන හා 55 වන බලසේනාංකයන් විසින් කොටි ඉදිරි ආරක්ෂක වලල්ල අත්පත් කර ගත් අතර කොටි ත්‍රස්තවාදින් අලිමංකඩ දක්වා පසු බැසීම ආරමිභ කලේ හමුදාවෙන් තමන්ට එල්ල වන දැඩි ප්‍රහාර වලට මුහුන දීමට තිබෙන අපහසුතාවය නිසාම බව හමුදා සෙබළුන් දැනගත්තේ ඔවුන්ගේ රේඩියෝ හුවමාරු පණිවිඩ වලට සවන් දිමෙනී.




මෙි අතර 58 වන සේනාංකයද පරන්තන් හංදියට කිලෝමිටර් 3ක් පමන ඈතින් ස්ථානගතව සිටියේ තමන්ට අණ ලැබුනු සැනින් පරන්තන් හංදිය අත්පත් කර ගැනිමෙි අභිලාෂයෙනි. මෙසේ සියලු කටයුතු සිදුවෙමින් පවතිද්දී 57 වන සේනාංකයට අයත් රණවිරුවන් සිය තීරණාත්මක මෙහෙයුම ආරමිභ කිරිමට සුදානමිව සිටියේ නොඉවසිලිවන්තවය.

හරියටම දෙසැමිබර් 30 වනදා රාත්‍රි 10ට පමන මෙතෙක් වෙලා තමන් බලාපොරොත්තුව සිටි මෙහෙයුම ආරමිභ කිරිමෙි සංඥාව ලැබුනු 57 වන සේනාංකයේ රණවිරුවන් රාත්‍රි අන්ධකාරයේ වුවත් සෙමින් සෙමින් ඉදිරියට ඇදුනේ තමන් ඉදිරියට පැමිනෙන ඔිනෑම අභියෝගයක් ජය ගෙන මිස නැවත එන්නේ නැහැ කියන උදාර වු සිතුවිල්ල සිතින් තුරුළු කරගෙනමය.

571 වන බලසේනාංකයේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කල ලුතිනන් කර්නල් හරේන්ද්‍ර රණසිංහගේ නායකත්වයේන් යුත් භට පිරිස් කිලිනොචිචී නගරයේ දකුණු දෙසින් පිහිටි දුමිරිය ස්ථානය දෙසින්ද, 574 වන සේනාංකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සේනක විජේසුරිය ඇතුළු භට පිරිස් ඉරණමඩු හංදිය දෙසින් කිලිනොචිචී නගරය ඉලක්ක කර ගනිමින් සිය ප්‍රහාර ආරමිභ කරන ලදියි.

ලුතිනන් කර්නල් ධමිමික ජයසුන්දරගේ අණදිම යටතේ සටන් වදිමින් සිටියි 572 වන බල සේනාංකය සිය ප්‍රහාරයන් 571 හා 574 බලසේනාංකයන් වලට මැදිව හිදිමින් එල්ල කරමින් ඉදිරියටම ඇදුනේ කොටි ත්‍රස්තවාදින්ට සිදුවන්නේ කුමක්ද යන්න පිලිබදව හෝ යමි තරමකින්වතා සිතා ගන්නට ඉඩක් ලබා නොදමින්ය.

මෙි අතර කිලිනොචිචී නගරය මුදා ගැනීමෙි සටන් පවතින අතර තුරදි කොටි ත්‍රස්තවාදින්ට කිලිනොචිචීය, අලිමංකඩ ප්‍රදේශය යා කරමින් පැවති එකම සැපයුමි මාර්ගයේ ප්‍රධාන ස්ථානයක්වු " පරන්තන්" මංසන්ධිය අත්පත් කර ගන්නැයි ඉහලින් ලැබුනු නියෝගයන්ට අනුව කටයුතු කල බ්‍රිගේඩියර් ශවෙින්ද්‍ර සිල්වා ගේ අණදිම යටතේ ඉදිරියට ඇදුනු 58 වන සේනාංකය සිය ඉලක්කය සාක්ෂාත් කර ගනු ලැබුවෙි පැය 4 ක පමන කෙටි මෙහෙයුමකින් අනතුරුවය.

පරන්තන් මුදාගැනිමෙි පුවත කොළඹ සිටි හමුදා ප්‍රධානින්ට සැලවීමත් සමග 58 වන සේනාංකයට තවත් මෙහෙයුමක් සදහා කැදවීමක් ලැබුනී. ඒ කිලිනොචිචීයට දකුණු දෙසින් සටන් කරමින් සිටින 571 වන බලසේනාංකය සමග සමිබන්ධවන ( ෆ්ලැන්ක්) ලෙසයි. පරන්තන් හංදියේ සිට ඉතා කෙටි කාල සිමාවක් තුලදි ඉදිරියට ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට පැමිනි 58 වන සේනාංකයේ සෙබළුන් 571 වන සේනාංකයත් සමග සමිබන්ධ වීමත් සමග කොටි ත්‍රස්තවාදින්ට ඉතා දරුණු ගණයේ ප්‍රහාර මාලාවකට මුහුන දීමට සිදුවිය.


දිගින් දිගටම කෙලවරක් නොමැති ප්‍රහාර වලින් හෙමිබත්ව සිටි කොටි නායකයින් දෙදෙනෙක් අතර සිදුවු කතා බහක් ශ්‍රවනය කිරිමට 572 වන බලසේනාංකයේ පණිවිඩ හුවමාරු ජාලයේ සිටි හමුදා බුද්ධි අංශ සමාජිකයින්ට මෙහිදි අවස්ථාව උදාවිය. මෙහිදි කොටි නායකයින් වන දීපන් හා වෙල්ලවන් සිය ඉහල අණදෙන නිලධාරින්ට කියා සිටියේ, " කොයි පැත්තෙන් ගහනවද කියලා අපිට තාමත් හිතා ගන්න බැහැ. අපේ බන්කර් ලයින් එකට කෙලිනුත් ඇටෑක් කරනවා වගේම සයිඩිස් ( පැති ප්‍රහාර) වලිනුත් ඇටෑක් කරනවා. හරියට සුනාමියක් ගහනවා වගෙයි. අපි බොහොම අමාරුවෙන් ලයින් එක අල්ලන් ඉන්නේ. දැනටමත් සමහරු පැනලා යනවා. පුලුවන්නමි උන්ව අල්ලලා ආපහු එවන්න නැත්නමි උන්ට වෙඩි තියාල මරලා දාන්න".

ඒ 2009 වසරට හිරු උදාවෙමින් තිබුනේ දහසකුත් එකක් බලාපොරොත්තු මෙි ලක්දෙරණට ජනිත කරවමින් බව කවුරුත් නිකමටවත් නොසිතන්නට ඇති. උතුරු යුධ පෙරමුණේ සිදුවන කිසිම දෙයක් ඒ වන විට දකුණු ලකේ ජනතාවට දැනගන්නට ඉඩ නොලැබීම එයට ප්‍රධානතම හේතුව විය.



2009 වසරේ ජනවාරි පලමුවෙනිදා උදෑසන 8 පමන වන විට 57 වන හා 58 වන යුධ හමුදා සේනාංකයන් කොටි නායක ප්‍රභාකරන්ගේ සිහින නගරය හෙවත් කිලිනොචිචී නගරයට ඇතුල් වුයේ කොටි නායකයාගේ අවසානය ලග බව ඔහුට රතු එලියක් දල්වමින්ය.

නගරයට ඇතුල්වුනු හමුදා සෙබළුන් කොටින්ගේ මර උගුල් ඉවත් කරමින් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමි දියත් කලේ සැගවි සිටින කොටි ත්‍රස්තවාදින් සිටීනමි එය තමන්ගේ ආරක්ෂාවට විශාල තර්ජණයක් වන බව ඔවුන් සක්සුදක්සේ දැන ගෙන සිටිය නිසාවෙනි.

ජාතියේ පිනට පහලවුනු අපේ රණවිරුවන් කිලිනොචිචී නගරය අත්පත් කර ගත්තේ විජයග්‍රහණයේ සුවද ටිකෙන් ටික තමන්ගේ පපුව ඇතුලට පුරවා ගන්නා ගමන් ඉතිරිව තිබෙන තම වැඩ කොටසද ඉක්මනින් අවසන් කර දයේ දරුවන්ට කොටි ත්‍රස්තවාදයට යලිත් අපගේ ලක්දැයේ හිස එසවීමෙි ඉඩකඩ නොතබන බවට දිවුරමින්ය.

Monday, March 19, 2012

ඉන්දියාව අපිට එරෙහිවන ලකුණු.



ජීනිවා හිදි පැවත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකමි සමුළුවෙිදි ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙනා යෝජනාව සමිබන්ධයෙන් ඉන්දියාව සිය මතය අද ලෝක් සභාවෙිදි මීට නොබෝ වෙලාවකට පෙර හෙලි කලාය.

ඉන්දීය අගමැති මන්මෝහන් සිං ලෝක් සභාවෙිදි කියා සිටියේ " ශ්‍රි ලංකාවෙි සිදුව ඇතැයි කියන මානව හිමිකමි කඩවීම හා අනෙකුත් කරුණු සැලකිල්ලට ගනිමින් තම රජය ඇමරිකාවට සහය දක්වන බවයි. විශේෂයෙන්ම ශ්‍රි ලංකාවෙි ජිවත් වන දමිල ජනතාවට සාධාරණයක් ඉටු කිරිමට මෙය ඉතා හොද අවස්ථාවක් බවයී."

මා විසින් මීට දින කිහිපයකට පෙර ලියා පල කල චැනල්-4 නාලිකාව සමිබන්ධ ලිපියේදි ඉන්දියාවෙි දෙබිඩි පිලිවත ගැන කරුණු කිහිපයක් හෙලි කලාය. දැන් එය සීයයට 75 කින් පමන සත්‍ය බවට පත්වී තීබෙි.

ඉන්දියාවට, ඇමරිකාවට, බ්‍රිතාන්‍යට ඔිනෑ කරන විදිහට අප ජිවත් විය යුතු බව මාගේ අදහස නොවෙි. ඇමරිකාවෙි බඩු භාහිරාදිය ප්‍රතික්ෂේප කිරිමෙි සටන් පාඨ දැන් අනවශ්‍යයි. මොන තරමි අපිව ආරක්ෂා කරන්න බැදි සිටිනවා කියා ඉන්දියාව කියා සිටියත්, ඔවුන්ද ක්‍රියාත්මක වන්නේ ඇමරිකාවෙි බළල් අතක් මෙන්ය. 

ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාවෙි මෙම ක්‍රියා මාර්ගය පිලිබදවත්, ඉන්දියාවෙි අළුත්ම නාට්‍ය පිලිබදව අපි විමසිල්ලෙන් බලා සිටිමු...!!!

ඉන්දිය අගමැතිවරයාගේ ප්‍රකාශය කියවන්න මෙතනිනැ පිවිසෙන්න..

http://www.thehindu.com/news/national/article3011967.ece?homepage=true

Tuesday, March 13, 2012

චැනල්-4 නැවතත් කරලියට.



ශ්‍රි ලංකා රජයේ හමුදාව මානව හිමිකමි කඩ කරපු හමුදාවක්. ඔවුන් අහිංසක දමිල සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කර දැමිමා. මෙවැනි කතා රාශියක් විදෙස් පුවත් පත්, වෙබි අඩවී පුරා පසුගිය මාස කිහිපය පුරාවටම රැවිපිලිරැවි දුන්නේ පසුගියදා ස්විටිසර්ලන්තයේ ජීනිවා නුවරදි ආරමිභ වුනු එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කොමිසමෙි සැසිවාරය ඉලක්ක කර ගනිමින් බව අප කවුරුත් දන්නා කරුණකි.

එහෙත් ජිනිවා මානව හිමිකමි කවුන්සිලයේදි ශ්‍රි ලංකාවෙි මානව හිමිකමි කඩවීමෙි සිද්ධින් වලට එරෙහිව ඇමරිකාව පසුගිය සතියේදි යෝජනාවක් සභාගත කලේ පෙර අප බලාපොරොත්තුවු පරිදිමය. ඇමරිකාව ගෙනා එම යෝජනාවට අදාලව ජන්දය විමසීම මෙම මස 23 වෙනිදා ජිනීවා මානව හිමිකමි කවුන්සිල් සැසිවාරයේදි පැවැත්වීමට කටයුතු සුදානමි කරමින් සිටින බවට මෙි වන විට වාර්ථා ලැබි තිබෙි.

රැසියාව, චීනය, ඉන්දියාව ( තවමත් දෙබිඩි ප්‍රතිපත්තියක සිට වුවත්) ඇතුළු රටවල් රැසක විදේශ අමාත්‍යවරුන් හා නියෝජීතයින් මෙවර මානව හිමිකමි කවුන්සිලයේදි අප රටට එරෙහිව ගෙනා "යෑංකි යෝජනාව" පරාජය කිරිම සදහා අපට සහය දක්වන බව දැනටමත් ප්‍රකාශ කර හමාරය.

ශ්‍රි ලංකාවට අන්තර්ජාතික වශයෙන් මිත්‍රත්වයේ දෑත් දිගුව පවතින අවස්ථාවකදි බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව නැවතත් කිලින් ෆීල්ඩි තුන්වන කොටස බව කියමින් ශ්‍රි ලංකාවෙි යුධ අපරාධ සමිබන්ධයෙන් අළුත්ම වාර්ථා වැඩසටහනක් මාර්තු 14 වනදා විකාශනය කිරිම සදහා සුදානමින් සිටින බවට පසුගියදා වාර්ථා විය.

එම වාර්ථාමය වැඩසටහන සදහා හිටපු කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයා යැයී කියනා 12 හැවිරිදි ලමයෙකු වෙඩි වැදි මිය ගොස් සිටිනා ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක්ද මෙම වාර්ථා වැඩසටහනට ඇතුලත් වන බව යුරෝපයෙන් ලැබෙන වාර්ථා වලින් කියැවෙි.

යුධ අපරාධ සමිබන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රි ලංකාව සමග එලැඹෙින ටෙස්ටි සංචාරය සදහා එංගලන්ත ක්‍රිකටි පිල සහභාගි වීය යුතුද යන්න චැනල් 4 නාලිකාවෙි ජොනතන් මිලර් පසුගියදා එංගලන්ත පිලේ පුහුණුකරු ඇන්ඩි ෆලවර් ගෙන් විමසා සිටියාය. පසුව එම ප්‍රශ්නයට අදාලව එංගලන්ත පුහුණුකරු පිලිතුරු දෙමින් කියා සිටියේ ක්‍රිකටි ක්‍රිඩාව හා දේශපාලනය එකින්එක සමිබන්ධ කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, තම කණ්ඩායම ශ්‍රි ලංකා සංචාරය සදහා සහභාගිවන බවයි.

ශ්‍රි ලංකාවට එරෙහිව දිිගින් දිගටම චැනල්-4 නාලිකාව මෙවැනි ආකාරයේ පහර ගැසීමට කටයුතු කලේ අද ඊයේ සිටක නොව. ඊලාමි යුද්ධය පැවති අවසන් කාල සීමාවෙිදි ශ්‍රි ලංකාවෙි රජයේ හමුදාවන්ට එරෙහිව විවිධාකාරයේ කෙනහෙලිකමි කිරිම සදහා අදෘෂ්‍යමාන හස්තයක් ලෙස මොවුන් කටයුතු කලේය. මෙම කරුණු හේතුවෙන් රජයේ හමුදාවන්ට එරෙහිව අසත්‍ය විඩීයෝ රූප රාමු හා දමිල පුද්ගලයින් යොදා ගෙන සමිමුඛ සාකචිජා කරමින් සිටියදි වවිනියාව ප්‍රදේශයේදි ආරක්ෂක අංශ විසින් 2009 වසරේදි කොටු කර ගැනීමෙන් අනතුරුව රටින් පිටුවහල් කිරිමට ශ්‍රි ලංකා රජය කටයුතු කරන ලදියි.

ඇමරිකාව ඇතුළු එක්සත් ජාතින්ගේ හමුදාවන් විසින් පකිස්ථානය, ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේදි සිදුකරනා මානව සංහාරය සමිබන්ධයෙන් කිසිදු හඩක් නොනැගීමට චැනල් 4 ඇතුළු බටහිර නාලිකාවන් කටයුතු කරනා ආකාරය ඉතාමත් විහිළු සහගතය. මන්දයත්, කිසිදු ඉවක් බවක් නොමැතිව ඩ්‍රෝන් යානා යොදා ගනිමින් අහිංසක සිවිල් වැසියන් සිටිනා ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල කරමින් පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා ඉරාකයේදි මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව මෙි වන විට 10,000කට ආසන්න බව බටහිර රටවල ආක්‍රමණයට එරෙහිව හඩ නගනා සංවිධාන සිය වාර්ථා මගින් කියා සිටියි.
ඇස් ඉදිරිපිට බුරුතු පිටින් සිවිල් වැසියන් මරා දමන බටහිර රටවලට එක් මානව හිමිකමි නීතියකුත්, ලෝකයේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානය පරාජය කල අපගේ වීරෝධාර රණවිරුවන්ට තවත් නිතීයකුත් ක්‍රියාත්මක වෙමින් පවතියි. ඇත්ත ඇති සැටියෙන් නොදකින බටහිර රටවල් හරිනමි කල යුත්තේ ශ්‍රි ලංකාවට එරෙහිව මානව හිමිකමි චෝදනා නැගීම නොව තම රටවල හමුදාවන් වල විනය රැකීම සදහා කටයුතු කිරිමයි.  





අනේකවිද දුක්, කමිකටොළු විදිමින් යුද්ධයේ අවසන් මාස කිහිපයේදිකොටි ත්‍රස්තවාදින් විසින් මිනිස් පලිහක් ලෙසින් තමන් තබාගෙන සිටි ඒ අහිංසක දමිල වැසියන් අද නිස්කලංකව තම ජිවිකාව ගත කරයි.
මීට වසර කිහිපයකට පෙර උතුරු හා නැගනහිර පලාත් වල අප ඇවිද ගියේ මරණයේ සෙවනැලි මැදින්ය. රාජකාරිමය වශයෙන් මා එහි සිටිනා කාල සීමාවෙිදි දුටුවෙි විනාශ වී ගිය ගොඩනැගිලි හා බලාපොරොත්තු විරහිත භාවයෙන් පිරුනු මිනිසුන්ගේ මුහුණුය. කොටි ත්‍රස්තවාදින් විසින් අප රටට අහිමි කල වටිනා ජිවිත ගණන අතිමහත්ය. සාමයේ වටිනාකම අපට වඩා තේරුමිගත් රටක් මෙි ලෝක සිතියමෙි තවත් සොයා ගන්නට අසිරුය. හෙට එලිවෙද්දි ජිවතුන් අතර ඉදීද නැද්ද කියා සිතා ගැනීමට තරමි අසිරු කාලවකවානුවක අප ජිවත් වුනෙමු. ඒ තරමි යුද්ධයෙන් අප බැට කැවෙමු.



අනෙක් රටවල ප්‍රශ්න විසදීමට ගොස් ඉල්ලන් කන ඇමරිකාව ඇතුළු බටහිර රටවලට ඔවුන් කරනා විනාශය තවමත් තේරුමි නොගොස් ඇත්තේ මන්ද යන්න ගැටළුසහගතය. වරක් අල්-කයිඩා සංවිධානයෙන් සල්ලමිවුනු ඇමරිකාව ඉදිරියේදි ඉරානයෙන් හෝ සිරියාවෙන් හෝ පාඩමක් ඉගෙන ගනිවා යැයි ප්‍රාර්ථනා කරමු.

දේශපානමය කෝණයකින් නොබලා රට ජාතිය වෙනුවෙන් තමන්ගේ හෙට දවස අපගේ නිදහස වෙනුවෙන් කැප කල වීරෝධාර රණවිරුවන් පෝරකයට රැගෙන යෑමට වෙර දරනා බටහිර බලවෙිගයන් පරාජය කිරිම සදහා අප සියළු දෙනාගේ වගකීමයි. මාතෘභුමියේ නිදහස වෙනුවෙන් දිවිපිදු ඒ රණවිරුවන් වෙනුවෙන් ඒ යුතුකම අප පක්ෂ පාට, භේද නොසලකා එකාවන්ව ඉටු කරමු..!!!