අද අප අභිමානයෙන් යුතුව 64 වන නිදහස් දිනය සමරන්නෙමු... නිදහස වෙනුවෙන් අන් කවර රටකට වඩා අප කැපවීමි කල කලෙමු. වසර 30 කට අධික කාලයක් බෙදුමිවාදි ත්‍රස්තවාදයට එරෙහිවද, විජාතික බලවෙිගයන්ට එරෙහිවද අප සටන් කලෙමු..
දුටුගැමුණ , වීර පරාක්‍රමබාහු යන රජවරුන්, වීර පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා , ඩි.ඇස්.සේනානායක මැතිදුන් ඇතුළු අපගේ අතීත මුතුන් මිත්තන්ගේ ලෙයින් පෝෂණයවු අපගේ මවිබිම යලි කිසි දිනක කිසිදු අවස්ථාවක කිසිවෙකුට යටත් නොකරන්නට අප වග බලා ගනිමු...
කිසි රටකට නිමා කල නොහැකි යුද්ධය නැමැති පිළිලය අප විනාශ කලෙමු. හෙට දවසේ ඔබගේ දරුවන් මෙි රටෙි සතර දිග් භාගයේ ඇවිද යමින් ඒ නිදහසේ සුවය විදගනිවී. ඒ ඇවිද යන හැම බිමි අගලකම සිංහයෙකුගේ ලෙයින් තෙත්වුනු සටහන් දැක ගන්නට පුළුවනි. මෙි රටෙි නිදහස කාටත් පොදුවෙි හිමිය....
දිනා දුන් රටෙි නිදහසේ ඇවිද යන අප සියළු දෙනාම....
දේශයේ නිදහස වෙනුවෙන් දිවිපිදු ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සියළු දෙනාම ආදරයෙන් සිහිපත් කරමු!!!.......
රටක යුද්ධයක් පවතිනවානමි යුධ වදින දෙපාර්ශවයටම අවශ්‍ය වන ප්‍රධාන සාධක දෙකක් ඇත. ඒ නමි,
1). මනා පුහුණුවකින් හෙඹි පිරිස් බලය
2). නියමිත පරිදි අවශ්‍ය කරන අවි-ආයුධ.
ඉහත සදහන් සාධක දෙකෙන් එකක් හෝ නැතිනමි හෝ හිගවන්නේ නමි අදාල පාර්ශවයට යුධ භුමියේදි ඉතා දරුණු පසුබෑමකට ලක්විමට හෝ පරාජය විමට සිදුවෙයි. වසර 30 කට අධිකව පැවති බෙදුමිවාදි යුද්ධයේදි කොටි සංවිධානයට පරාජය උදාකර දීමට මුලිකවු එක් සිද්ධියක්වුයේ කොටි සංවිධානයට නියමිත වෙලාවට අවි ආයුධ නොලැබීමයී.
හතරවන ඊලාමි යුද්ධය ඇරඹුනේ 2006 වසරේ මැයි මාසයේදි කොටි ත්‍රස්තවාදින් විසින් මාවිල් ආරු සොරොවිව බලෙන්ම වසා දැමීමත් සමගය. එදා මාවිල් ආරු සොරොවිව මුදා ගැනිමට රජයේ හමුදා ආරමිභ කරන ලද මානුෂිය මෙහෙයුම අවසන් කෙරුනේ ඉන් වසර තුනක් ගතවුනු තැනය. මෙම කාල සීමාව තුලදි කොටි ත්‍රස්තවාදින් හා රජයේ හමුදාවන් අතර දරුණු ගණයේ සටන් ඇවිළුණු අවස්ථා එමටය.
පෙර අවස්ථාවන් වලදි මෙන් නොව මෙවර සටන ඉතා තීරණාත්මක විය. කොටි ත්‍රස්තවාදින් කිසිවිටකත් නොසිතු ආකාරයට ඔවුන්ගේ පාලන ප්‍රදේශයන් එක පිට එක හමුදා පාලනයට නතු වන්නට විය. පැවති සටන් වලින් කොටි ත්‍රස්තවාදින්ට අහිමිවු පිරිස් බලයට වඩා වැදගත් වුයේ කාලතුවක්කු, කුඩා මල්ටි බැරල් අවි ආදියයි.
තොප්පිගල පිහිටි නැගනහිර අවසන් කොටි බලකොටුව රජයේ හමුදාවන්ට නතුවන විට කොටි ත්‍රස්තවාදින්ට විවිධ ප්‍රමාණයේ කාලතුවක්කු අවි 6ක්, එකවර මිසයිල් 6 බැගින් එල්ල කිරිමට හැකියාවක් තිබු කුඩා ප්‍රමාණයේ මල්ටි බැරල් අවි දෙකක්, ගුවන් යානා නාශක මිසයිල, මෝටාර් විදින අවි , ගිනි අවි, පතොරමි ඇතුළු යුධෝපකරණ රැසක් ඒ වන විටත් අහිමිව තිබුණී.
තමන් නොසිතු ආකාරයට රජයේ හමුදාවන් තම මෙහෙයුමි කටයුතු නොනවත්වා සිදුකරමින් තිබෙන නිසා එල්.ටි.ටි.ඊ. නායකත්වය ඒ වන විට දැඩි ආයුධ හිගයකට මුහුණදි තිබුණේය. පවතින ආයුධ හිගයට පිලියමක් ලෙස කොටි නායකත්වය ඉතා ඉක්මනින් තමන්ගේ විදෙස් රටවල සිටින ආයුධ සැපයුමිකරුවන් වෙත තමන්ට අවශ්‍ය අවි ආයුධ පිලිබදව දැනුමි දුන් අතර මාසයක් ඇතුලත එම ආයුධ කෙසේ හෝ තමන්ට ලැබීය යුතු බවටද නියෝගයක් නිකුත් කෙරුනී.
කොටි නායක ප්‍රභාකරන්, බුද්ධි අංශ නායක පොටිටු අමිමාන්, මුහුදු කොටි නායක සුසෙයි, සන්නද්ධ අංශ නායක බාල්රාජ් ඇතුළු ප්‍රධාන පෙලේ කොටි නායකයින් කිහිපදෙනෙක් මෙසේ විදෙස් තැරවිකරුවන් විසින් මිලදි ගන්නා අවි ආයුධ තම පාලන ප්‍රදේශයට ගෙන එන ආකාරය පිලිබදව පිඹුරුපත් සකස් කලේ මින් අවස්ථා කිහිපයකදිම තමන්ට මුහුණ දිමට සිදුවු අමිහිරි අත්දැකිමි නිසාවෙනී.
තමන්ට ඉතා බැරැරුමි කර්තව්‍යකට මුහුණ දිමට සිදුව ඇති බවට සැකහැර දැනගත් මුහුදු කොටින් විසින් යාපනය, මුලතිවි මුහුදු කලාපයේ ධිවර කටයුතුවල යෙදිමට පැමිණෙන ඉන්දීය ධිවරයින්ට අයත් බහුදින ධිවර යාත්‍රා කිහිපයක් පැහැර ගැනිමට කටයුතු කලේය. මෙසේ පැහැරගෙන පැමිණි එම බහුදින ධිවර යාත්‍රා කොටි ත්‍රූස්තවාදින් විසින් මුලතිවි කිළාලි කලපුව අසල නැංගුරුමිලා තිබුනේ ඉදිරියේදි අවි ආයුධ ප්‍රවාහනය කිරිමෙි පරමාර්ථයෙනි.
කොටි ත්‍රස්තවාදින්ගේ විදෙස් නියෝජිතයින් දිගින් දිගටම විශාල ප්‍රමාණයේ අවි ආයුධ තොග පිටින් රැස්කරන බවට නාවික හමුදා බුද්ධි අංශය වෙතට දැන ගැනීමට ලැබුනේ විදෙස් ඔත්තු සේවා හරහාය. මෙම කාල සීමාව වන විට මෙරට නාවික හමුදා බුද්ධි අංශ හා විදෙස් රටවල නාවික බුද්ධි අංශ අතර සහයෝගීතාවයක් තිබුණු අතර රටවල් අතර බුද්ධි තොරතුරුද හුවමාරු කර ගැනිමෙි ක්‍රමවෙිදයක්ද පැවතිනි.
කෙසේ හෝ කොටි නායකත්වයේ අණපරිදි සිදුකරනු ලබන මෙම ආයුධ එකතු කිරිම ගැන ඉතා විමසිලිමත්ව තොරතුරු එක් රැස්කර නාවික හමුදා බුද්ධි අංශය ඒ සියළු තොරතුරු තම මෙහෙයුමි අධ්‍යකෂට හා එවකට නාවික හමුදාපතිව සිටි වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩට දැනුමි දෙන ලදියි.
මාස කිහිපයක් පුරාවට සිදු කරනු ලැබු මෙම බුද්ධි තොරතුරු එක් රැස් කිරිමෙි අවසානය සිදුවුයේ කොටි සංවිධානය විසින් මෙම අවි ආයුධ කුමන ආකාරයකින්ද යන්න පිලිබදව සැකහැර දැන ගැනීමටය. ඒ අනුව විදෙස් ගතව සිටින කොටි ආයුධ සැපයුමිකරුවන් විසින් එම අවි ආයුධ නැවි තුනකට පටවා එවන බවට බුද්ධි තොරතුරු ලැබීණී.
අදාල නැවි වල නමි හා එවායේ භාහිර ස්වරූපයන් පිලිබදව නිසි තොරතුරු ලබා ගත් නාවික හමුදා බුද්ධි අංශය ඉදිරි මෙහෙයුමි කටයුතු නාවික හමුදා මෙහෙයුමි අංශයට පැවරිනි.
තම රටට, ජාතියට වින කටින්න දරණ මිලේචිජ කොටි ත්‍රස්තවාදයට එරෙහිව සයුරේ රණගොස නැංවු නාවික හමුදාව මුල්වරට තම නාවික හමුදා ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන සටහනක් තැබීමට සුදානමි වුයේ නාවික හමුදා මෙහෙයුමි මණ්ඩලය විසින් සකස් කරන ලද නවතම නාවික මෙහෙයුමත් සමගය.
" ගිය පාරවල් වල වගේ අපි ලගට එනකමි ඉන්නේ නැතුව... හොයාගෙනම ගිහිල්ලා තැගී දිලා එමු..". ඒ නාවික හමුදාවෙි මෙහෙයුමි අධ්‍යකෂකවරයාගේ වචනයයී.
අකුණු පහර
කොටින්ගේ අවි ආයුධ රැගත් නෞකා තුන සෙමින් සෙමින් අන්තර්ජාතික වෙලද නෞකා ගමන් ගන්නා මුහුදු මාර්ගය හරහා ශ්‍රි ලංකාවට නැගෙනහිරින්වු මුහුදු සීමාවෙන් මෙරටට ඇතුල්වීමට සැලසුමි කර ඇති බවට නාවික හමුදාවට ඉතා විශ්චාසවන්ත බුද්ධි තොරතුද ලැබිමින් පැවතුනි.
හරියටම 2007 වසරේ අගෝස්තු මාසයේ තෙවන සතියේදි නාවික හමුදාවට අයත් සයුර, සුරනිමල, සමුදුර, ශක්ති යන ප්‍රහාරක නෞකාවන් හතර සහා සැපයුමි රැගත් A-520 හා A-521 යන යාත්‍රාද ඈත දියඹ මුහුදට ගියේ ලක්මව විනාශ කිරිමෙි අදිටනින් අවි ආයුධ රැගෙන පැමිණෙන නෞකා පිලිගැනීමටය.
දින.. දින ගෙවෙමින් තිබුණි.. කොලඹින් හා ගාල්ලේ නාවික හමුදා වරායල් වලින් පිටත්වු නාවික හමුදා යාත්‍රා දෙවුන්දර තුඩුවෙ සිට නාවික සැතපුමි 600 ක් ඊසාන දිග මුහුදු කලාපයට යාත්‍රා කරමින් තිබුනී. නාවික හමුදා ඉතිහාසයේ වැඩිම දුරක් ගෙවමින් සිිදුකරන පලමු නාවික මෙහෙයුම ගැන කොලඹ පිහිටි නාවික හමුදා මුලස්ථානයේ සිට නාවික හමුදාපති, මෙහෙයුමි අධ්‍යකෂක ඇතුළු ඉහල පෙලේ නිලධාරින් ඉදිරියට සිදුකල යුතු උපදෙස් ලබාදෙමින් සිටියහ.
මුහුද රළුය... විටින් විට නෞකාවන් තුලටද විශාල රල පහරවල් එල්ලවන්නට විය. ලක්මව වට බැදි රන්වැටක් බදු නාවික නෞකාවෝ එකාමෙන් සියළු බාධක පරයමින් ඉදිරියට ගියේ ව්‍යාඝ්‍රයින් රැලක් සේය.
2007 වසරේ සැප්තැමිබර් මාසයේ 8 වෙනිදාය. ඒවන විටත් සියළුම නාවික හමුදා යාත්‍රාවන් ශ්‍රි ලංකාවට කිලෝමිටර් 1200ක් පමන ඈත දියඹ මුහුද මැදය. හරියටම කියනවානමි අන්තර්ජාතික නෞකාවන් ගමන් ගන්නා මුහුදු කලාපයට මෙරට නාවික හමුදා යාත්‍රා ඇතුල්වී තිබුණි.
නාවික හමුදා යාත්‍රා මෙසේ තම මෙහෙයුමි කටයුතු කරගෙන යද්දි වන්නීයේ සිටි කොටි නායක ප්‍රභාකරන් ඇතුළු කොටි නායකත්වයට හෝ ඔවුන්ගේ බුද්ධි අංශයට පවා මෙම මෙහෙයුම ගැන අංශු මාත්‍රයක හෝ දැනගැනීමක් නොතිබුණී.
හරියටම සැප්තැමිබර් 9 වෙනිදා රාත්‍රි 10ට පමන නයිටි විෂන් බයිනෝ ( අදුරේදි නිරික්ෂණය කල හැකි දුරදක්නයන්) මගින් තමන්ට අවශ්‍ය ගොදුර සොයා ගැනීමට සුරනිමල නෞකාවෙි සිටි නාවික හමුදා රණවිරුවන්ට හැකිවිය. ඒ කොටි ත්‍රස්තවාදින් විසින් ආයුධ පටවා ගෙන ආ " මනෝයොෂී" නමි නෞකාවයි. කිසිදු රටක ජාතික ධජයක් හෝ ප්‍රදර්ශණය නොකර තිබු එම නෞකාව ගැන බුද්ධි අංශ විසින් ලබාදි තිබුනු තොරතුරු හා තමන් නිරික්ෂණය කරමින් සිටින නෞකාව අතර මනා සමිබන්ධතාවයක් පවතින බව සැකහැර දැනගත් සුරනිමල ප්‍රහාරක නෞකාවෙි අණදෙන නිලධාරියා ඒ පිලිබදව කොලඹ නාවික හමුදා මෙහෙයුමි මැදිරිය වෙත තොරතුරු සියල්ල වාර්ථා කර ඉදිරි උපදෙස් ඉල්ලා සිටියේය.
චැනල් 16 වලින් නැවට කතා කරන්න. බලන්න මොනවද එයාලා කියන්නේ කියලා.. ඒ කොලඹින් ලැබුනු පලමු උපදෙසයි.
තමන්ට ලැබුනු උපදෙස් අනුව කටයුතු කරමින් සුරනිමල නෞකාවෙි අණදෙන නිලධාරිතුමා ජාත්‍යන්තර නෞකා නීති සමිප්‍රදායට අනුව කටයුතු කරමින් චැනල් 16 ඔස්සේ අදාල සැකකටයුතු එල්.ටි.ටි.ඊ. නෞකාවට ඇමතුවත් එම නෞකාවෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුනේ නැත.
පලමුව ඉංග්‍රිරිසි භාෂාවෙන්ද, දෙවනුව දමිල භාෂාවෙන්ද චැනල් 16 ඔස්සේ ඇමතීමි සිදුකලත් නිසි පිලිතුරු නොලැබුනු තැන සුරනිමල නැවෙි අණදෙන නිලධාරිතැන විසින් දිගින් දිගටම කියා සිටියේ තම ජිවිතය බෙිරා ගැනිමට කැමති අය සිටීනමි " මනෝයෝෂි" නැවෙි සිට මුහුදට පණින ලෙසත්. එසේ පනින අයව නිරුපද්‍රිතව බෙිරා ගන්න තමා ඇතුළු කණ්ඩායම සුදානමි බවත්ය.
එහෙත්, මනෝයෝෂි නැවෙන් සුරනිමල නැවට පිලිතුරු ලෙස ලැබුනේ සැහැල්ලු අවී ප්‍රහාරයකී. තවත් ඉතිං කවර කතාද? මනෝයෝෂි නැවෙන් එල්ලවුනු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට සුරනිමල, ශක්ති, සමුදුර නාවික හමුදා ප්‍රහාරක නෞකාවන් විසින් ආරමිභ කරන ලදි. විනාඩි 45ක් ගතවෙද්දි නාවික හමුදාවෙන් එල්ලවුනු දරුණු ප්‍රහාර හේතුවෙන් කොටි ත්‍රස්තවාදින්ට ආයුධ රැගෙන ආ " මනෝයෝෂී" නෞකාව මුහුදේ ගිලෙන්නට විය. ඒ වන විට වෙිලාව අළුයම 4.00 ට පමන විය.

( ගිනි ගන්නා මනෝයෝෂි නැව)
" සර්.. ටෙරාලගේ පලවෙනි නැව ගිලෙවිවා" ඒ සුරනිමල නැවෙි අණදෙන නිලධාරිතුමා කොලඹ නාවික හමුදා මුලස්ථානයට ලබාදුන් පලමු සුභ ආරංචියයි..
සුභ පැතුමි... තවත් ඉස්සරහට යන්න. කොලඹින් ලැබුනු පණිවිඩයයී.
පලමුවෙනි කොටි නෞකාව මුහුදුබත් කරන අවස්ථාවෙිදි කොටින්ට ආයුධ රැගෙන පැමිණි " සෙෂීන්" නමි වු දෙවන නෞකාවද හොර රහසේම පලායන්නට පටන් ගත්තේ මනෝයෝෂී නෞකාවට අත්වු ඉරණම එලිපිටම දුටු නිසාය.
සෙෂීන් නැව හොර රහසේ පලායන ආකාරය නාවික හමුදාවෙි සයුර ප්‍රහාරක නෞකාවද නිසොල්මනේ සිට නීරික්ෂණය කලාය. තම අනෙක් ප්‍රහාරක නෞකාවන්ටද සැක කටයුතු නැව ගැන දැනුමි දෙන ගමන්ම අදාල කොටි නැව පසුපස ලුහුබදින්නට පටන් ගත්තේය. පැයකට ආසන්න කාලයක ඇවැමෙන් සයුර හා ශක්ති නෞකා දෙක " සෙෂීන්" නමි කොටි ආයුධ නෞකාව වටකර ගැනීමට සමත් විය.
කොටින්ට ආයුධ රැගෙන ඒමෙි චෝදනාවට සෙෂින් නැව අත් අඩංගුවට ගන්නා බවත්, නැවෙි සිටින සියළුම පුද්ගලයින් නැවි තටිටුවට පැමිණෙන ලෙසත් සයුර නෞකාවෙි අණදෙන නිලධාරියා චැනල් 16 රේඩියෝ සංඥා පද්ධතිය හරහා සෙෂින් නැවට දැනුමි දුන්නත් එයට යහපත් පිලිතුරක් නොලැබිණි.
මදවෙිලාවක් ගතවිය.. සෙෂින් නැවෙන් සයුර නැවට පිලිතුරක් ලැබිණි. ඒ තම නැව කිසිවිටකත් නාවික හමුදාවට යටත් නොවන බවයී. එසේ කියා සිටි සෙෂින් නැවෙන් සයුර නැවට ආර්.පි.ජී. අවි හා සැහැල්ලු අවි යොදාගනිමින් ප්‍රහාරයක් එල්ල කලාය. සෙෂින් නෞකාවටද පෙර ආයුධ පටවා තිබු කොටි නෞකාවට අත්කර දිමට සයුර හා ශක්ති නාවික හමුදා නෞකාවන්ට වැඩි කාල වෙිලාවක් ගතනොවීය. සෙෂින් නැව මුහුදු පතුල සිපගද්දි සැප්තැමිබර් මස 10 වෙනිදා සවස 5 ලෙසින් ඔරලෝසුවෙි වෙිලාව සටහන්වී තිබුනේය.

( මුහුදුබත් වන සෙෂින් නැව)
සර්... ටෙරාලගේ දෙවෙනී නැවත් ඉවර කලා.. සයුර නැව තම මෙහෙයුමි මුලසථානයේ සිටින ජේෂ්ඨ නිලධාරින් අමතා කියා සිටියාය.
බොහෝම හොදයි... අනීත් එක ගැනත් ඇහ ගහගෙනම ඉන්න... මෙහෙයුමි මුලස්ථානයෙන් ප්‍රහාරක නෞකාවන්ට ලැබුනු නියෝගය එය විය.
නාවික හමුදාව අන්තර්ජාතික මුහුදු සිමාවෙි සිට සිදුකරන මෙම ප්‍රහාර මාලාවන් ගැන ඒ මොහොත වන විටත් කිසිදු භාහිර පුද්ගලයෙකුට දැන ගන්නට නොලැබුනේ එම මෙහෙයුමි සැලැස්ම තුල පැවති මනා සමිබන්ධිකරණය නිසාය. තම තමන්ට පැවරුනු වගකීමි නිසියාකාරව පිලිපැදිමට නාවික හමුදාවෙි ඉහලම සිට පහලම නිලයන්වල සිටි අය ක්‍රියා කලෝය. එම කැපකිරිමි වල ප්‍රථිඵලය දැනටමත් අඩක් සපුරා තිබුනු අතර ඉතිරි කොටසද සමිපුර්න කිරිමෙි අටියෙන් නිල් සයුර මැද සිටි නාවික හමුදාවෙි ප්‍රහාරක හා සැපයුමි නෞකාවෝ ඉදිරියටම ඇදුනේය.
හරියටම සැප්තැමිබර් 11 වෙනිදා රාත්‍රි 11 ට පමන විය. මනෝෂින් හා සෙෂින් කොටි ආයුධ රැගත් නෞකා මුහුදුබත් වුනු ප්‍රදේශයේ සිට නාවික සැතපුමි 70ක් පමන ඇතින් ගමන් කරමින් තිබු කොටි සංවිධානයට ආයුධ රැගෙන පැමිණි " කෝෂියා" නමි නෞකාව නිරික්ෂණය කිරිමට නාවික හමුදා යාත්‍රා සමත්විය.
පෙර පරිදිම නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා විසින් තමන්ට යටත්වන ලෙසට කෝෂියා නැවෙන් ඉල්ලිමි කලත් එයට යහපත් පිලිතුරු නොලැබුනු තැන එම නැව පලායාමට සුදානමි වද්දි නාවික හමුදා ප්‍රහාරක නෞකාවන් විසින් එල්ල කල ප්‍රහාර වලින් කෝෂියා නැව විනාශ විය. ඒ වන විට සැප්තැමිබර් 11 වෙනිදා අළුයම 4.00 පමන විය.

( නාවික හමුදා ප්‍රහාරයෙන් විනාශ වෙන කොෂින් නැව)
සර්.. තුන්වෙනි නැවත් විනාශ කලා.. ඒ කප්පරක් දහදුක් විදගෙන මුහුදේ සටන් කල නාවික හමුදා රණවිරුවන් එඩිතර හඩින් තම මෙහෙයුමි මුලස්ථානය අමතා ලබාදුන්නේ මෙරට නාවික හමුදා ඉතිහාසය රන් අකුරෙන් ලියැවුනු මෙහෙයුමක අවසන් ප්‍රථිඵලයයී.
නාවික හමුදාපතිවරයා, නාවික හමුදා මෙහෙයුමි අධ්‍යකෂක, බුද්ධි අංශ අධ්‍යකෂකවරයා විසින් මෙම උදාර මෙහෙයුමට සමිබන්ධවු සයුර, සුරනිමල, ශක්ති, සමුදුර යන ප්‍රහාරක නෞකාවන්ට හා A-520 හා A-521 යන සැපයුමි යාත්‍රාවන් වල සිටි සියළුම අණදෙන නිලධාරින්ට හා සෙසු නිලයන්ට සුභ පැතුවෙි හදපතුලෙන්ම නැගි ආ සතුටෙන් යුතුවය.
පැය 24 ක් ගතවීමට පෙර කිලෝමිටර් 1400 ( නාවික සැතපුමි 700) ඇතට ගමන් කරමින් ටොන් 4000කට අධික බරින් යුකත්වු අවි ආයුධ හා සැපයුමි රැගත් කොටි නෞකාවන් තුනක් මුහුදුබත් කල එම නාවික හමුදා යාත්‍රාවෝ නැවත ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර වෙත පැමිණියේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සමිභාවනීය අමුත්තන් රැසකගේ පිලිගැනිම යටතේය.
එදා නාවික හමුදාවෙි ප්‍රහාර වලට ගොදුරුව ගිලී ගිය කොටි නෞකා තුල කොටි නායක ප්‍රභාකරන්ට ගමන් කිරිම සදහා වෙඩි නොවදින ජීප් රථ දෙකක්, මිලිමිටර් 122, 130, 152 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ, මෝටාර් අවි හා මෝටාර් උණ්ඩ, තර්මෝබැරික් අවි ඇතුළු අවි ආයුධ විශාල ප්‍රමාණයක් විය. ප්‍රභාකරන්ගේ සියළු සිහින මාලිගාවෝ නිල්වන් සයුර මැද දියකර හරින්නට නාවික රණවිරුවෝ එදා එසේ සමත් විය.
තමන්ට වුනු අවමානය හා පාඩුව විද දරා ගැනීමට නොහැකිවු ප්‍රභාකරන් නමි මානසික රෝගියා ආබාධිත එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදියෙක් යොදවා එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 2008 වසරේ මැයි මස 9 වෙනිදා ත්‍රිකුණාමලය වරායේ ජැටියේ නවතා තිබු නාවික හමුදාවෙි A-520 නමි සැපයුමි යාත්‍රාව විනාශයට පත්විය. ( 2007 වසරේ නාවික හමුදා මෙහෙයුමට සමිබන්ධවු එක් නාවික සැපයුමි යාත්‍රාවක් වුයේ මෙම A-520 යාත්‍රාවයී).
" හිරු නැගඑන මොහොතේදිත්.....
හිරු බැසයත්දිත්...........
අපි ඔබ සැමදා සිහිකරන්නෙමු..."

දිනය - 2006 වසරේ මැයි මාසයේ 21 වෙනිදා
වෙිලාව - සවස 4.30
ස්ථානය - මඩකලපුව, වවිනතිවි ප්‍රදේශය
නැගනහිර අහස දෙබැ කරන අවි රශ්මියත් විද දරාගෙන ඉන්නා සෙබළුන් දෙදෙනෙකි. තමන් ඉදිරියෙන් දිස්වෙන සතුරු භුමියේ සිදුවන හැම සිදුවිමක් පිලිබදව ඇස නොහෙලා බලන් සිටිනා මොවුන් දෙස කවුරුන්හෝ ඔිනැකමින් බැලුවත් හදුනාගත නොහැකිවන ලෙස වෙස් වලාගෙන සිටින්නේ ගොදුරක් එනකමි මග රැක සිටිනා බඩගිනි සිංහයින් දෙදෙනෙක් මෙන්ය. බලාපොරොත්තුවු ගොදුර තමන් සමිපයට පැමිණි බව සහයක සෙබලාගෙන් ප්‍රධාන සෙබලාට සංඥාවක් ලැබිණි.
ටාර්ගටි එකට දුර මිටර් 1006, සුලගේ වෙිගය පැයට කිලෝමිටර් 28 යි. නැගනහිරට බරවයි හුලග හමන්නේ. සහයක සෙබලාගෙන් ලැබුනු විස්තරයත් සමග ප්‍රධාන වෙඩික්කරූ සතුව තිබු එමි 107 වර්ගයේ .50 කැලිබර් වර්ගයේ දිගුදුර ගිනි අවියේ සවිකර තිබෙන දුර දක්නයෙන් ඉදිරි ඉලක්කය නියමා ආකරයෙන් ගත් ඔහු ඊලග නිමෙිෂයෙන් තම දබරඇගිල්ලෙන් ගිනි අවියේ ටිගරය මුදාහැරියේ එතෙක් නිශ්ශබිදව තිබුනු අවට පරිසරය දෙවනත් කරමිනි.
නැගනහිර කොටි ත්‍රස්තවාදින්ගේ සන්නද්ධ අංශ නායක රමණන්ගේ ජිවිත කතාවෙි අවසාන තිත තැබුවෙි යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන් එලෙසින්ය. එතෙක් මෙතක් ශ්‍රි ලංකා යුධ ඉතිහාසයේ කොටි ත්‍රස්තවාදින්ට මහත් හිසරදයක්වු යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන්ගේ කතාවයි මෙි...


" එක් උණ්ඩයයි.. එක් බිල්ලයි".. සැගවුනු වෙඩික්කරුවන් ලෙසින් පුහුණුවට එක්වන සියළු හමුදා සෙබළුන්ට ලබා දෙන උද්දෘත පාඨයයී. තම ජිවිතයට වඩා පෙමි බදින කැලිබර් වර්ගයේ ගිනි අවියත් සමග ගිනි කාස්ඨක අවිවෙි වුනත්, හෙන ගහන වැස්සේ වුවත් ස්නයිපර් වෙඩික්කරුවන් තම ගොදුර එන තෙක් මග බලමින් ඉන්නේ ජිවිතේ මිනිසෙක්ට විදින්න පුලුවං උපරිම ඉවසිම තම පුහුණුවෙිදි ප්‍රගුණ කර තිබෙන නිසාය.
මඩකලපුව, වවිනතිවි කොටි ත්‍රස්තවාදින්ගේ ඉදිරි ආරක්ෂක වලල්ලේදි ප්‍රධාන පෙලේ කොටි නායකයෙක්වන රමණන්ට සිදුවුුනු අකරතැබිබය ආරංචි වීමත් සමග වන්නි කොටි නායකයින් සිය ගමන් බිමන් සීමා කලේ රජයේ හමුදාවන්ගේ නවතම උපක්‍රමය පිලිබදව යමි හෝ වැටහීමක් ඔවුන් සතුව නොතිබු නිසාය.
වන්නි සටන් බිම ගිනියමි වෙමින් තිබුනේ ඒ වන විට යුධ හමුදාවෙි 57 වන සේනාංකය මන්නාරම, සහල් නැලිය නමින් හැදින්වෙන කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහනයේ තිබු උපක්‍රමශිලි අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් බලා සිය මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමත් සමගයි.
හමුදාවෙි ඉදිරි ගමන අඩාල කිරිමෙි බලාපොරොත්තුවෙන් කොටි ත්‍රස්තවාදින් විසින් විවිධ ආකාරයේ සැලසුමි දියත් කිරිම නිසා හමුදා නායකත්වය අපේක්ෂා කල ආකාරයට සහල් නැලිය ප්‍රදේශය මුදාගැනිමෙි සටන ලෙහෙසි පහසු කාර්්‍යයක් නොවන බව ඒ වන විට භුමියේ සිටින භට පිරිස් වලටද හැගි ගොස් තිබිණි. කුමන ආකාරයෙන් බාධක නැග ආවත් ඉදිරියට යෑමෙි නොනිමි ආසාවෙන් පසුවුනු හමුදා රණවිරුවන්ට කොටින්ගේ බාධක බිදහෙලිමට අවශ්‍ය වුයේ සැගවුනු වෙඩික්කරුවන්ගේ උපකාරයයි.
මන්ද යත්, සහල් නැලිය නමින් හැදින්වෙන ප්‍රදේශය මෙරට සහල් කර්මාන්තයේ තොතැන්නක් බවට පත්ව තිබු කුඹුරු යායක් වන අතර එම භුමි ප්‍රදේශය අක්කර 800 කට වඩා විශාලත්වයෙන් යුතුවෙි. කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයට නතුවුවත් යමි යමි අවස්ථාවන් වලදි එම ප්‍රදේශයේ වී ගොවිතැන් කටයුතු සිදුවුවත් එයද ඉක්මනින් අභාවයට යෑම නිසා අවසානයේදි ඉතිරි වුයේ පුරන්වු කුඹුරු යායක් පමණි. මෙම පුරන්වු කුඹුරු යාය සිමා වන්නේ ඝන කැලැවකටය. හමුදාවෙි ප්‍රහාර හමුවෙි මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ සිට පසුබෑ කොටි ත්‍රස්තවාදින් සහල් නැලිය පසුකරමින් ඝන කැලැවට වැදුනේ පුරන්ව ගිය ගොවිබිමි පුරා මර උගුල්ද අටවමිනි.
සහල් නැලිය ප්‍රදේශයට පැමිණිමත් සමග ඉදිරි මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමට හමුදා නායකත්වයට අසිරු කරුණක් වුයේ පුරන්ව ගිය කුඹුරු යාය නිසා දිවා කාලයේදි හමුදා සෙබළුන්ට ඉදිරියට යෑමට හැකියාවක් නොමැතිවිමයි. භුමියේ අවාසිය තමන් සතුව තිබෙන නිසා එයට එකට එක කිරිම මගින් කොටි නායකත්වයට පාඩමක් ඉගැන්විමෙි මුලික පරමාර්ථයෙනි.
ඒ වන විටත් වන්නි සටන් පෙරමුණේ හමුදා සේනාංක 5 ක් සිය මෙහෙයුමි කටයුතුවල නිරතවිම නිසා ස්නයිපර් බලගණයට අනුයුක්ත වෙඩික්කරුවන්ට කිසිදු විවෙිකයක් නොතිබුනි. වැලිඔය ප්‍රදේශයේදි 59 වන සේනාංකයට අනුයුක්තව සිටි මාක්, ටැංගෝ සහ රයිනෝ යන අනවර්ථ නාම වලින් හැදින්වුනු ස්නයිපර් බලකායේ ප්‍රධාන පෙලේ වෙඩික්කරුවන් තිදෙනාට අමතරව විශේෂ බලකායේ පුහුණුව ලැබු සිවිදෙනෙක් මන්නාරම, සහල් නැලිය ප්‍රදේශයට අනුයුක්ත කරනු ලැබුවෙි කොටි විසින් ලබාදි තිබුනු බාධකය හැකි ඉක්මනින් ජයගත යුතුයි යන අභියෝගයද ලබා දෙමිනි.
තමන්ට ලබාදුන් අභියෝගය කිසිදු පැකිලිමකින් තොරව භාරගත් මාක් ප්‍රමුඛ ස්නයිපර් සෙබළුන් හා විශේෂ බලකායේ කුඩා කණ්ඩායම එදින සවස 6 පසුවනවාත් සමග හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල අතරින් රිංගා ගියේ ඉක්මනට සුභ ආරංචියක් ලබාදෙන බවට 57 වන සේනාංකයේ අණදෙන නිලධාරි එවකට බ්‍රිගේඩියර් ජගත් ඩයස් මහතාට පොරොන්දුවක්ද ලබාදෙමින්ය.
ගොමිමන් අදුරත්.. එලිවෙන හිමිදිරියත් සතුරාට පහරදිම සදහා යොදා ගත හැකි හොදම වෙිලාවයැයී චීන යුධ සෙන්පතියෙක් වරක් සිය හමුදා භට කණ්ඩායමට ප්‍රකාශ කර තිබුනී. තම අරමුණ සාක්ෂාත් කර ගැනිමට නමි මෙි මොහොතේදි කල යුතු හොදම දේනමි චීන සෙන්පතියා කිවි ආකාරයටම සතුරාට නොදැනෙන්න සතුරා අතරට රිංගා ගොස් සිය සැලැස්ම ක්‍රියාත්මක කල යුතු බවට සිතා ගත් හමුදා විශේෂ බලකායේ සෙබළුන් පුරා දින එකහාමාරකට ආසන්න කාලයකින් පසු කොටි ත්‍රස්තවාදින් විසින් ඉදිකර තිබුනු අඩි 15 ක් පමන උසින් යුත් පස් බැමිම අසලට සමිප විය.
තමන් ආසන්නයට හමුදා භට පිරිස් පැමින ඇති බවට කිසිදු මොහොතක නොසිතු කොටි ත්‍රස්තවාදින් තමන් ආරක්ෂිතයැයි සිතමින් අලසව දවස ගෙවමින් සිටියහ. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් හමුදා විශේෂ බලකායේ සෙබළුන් තමන් සතුව තිබු පුපුරණ ද්‍රව්‍ය කොටින්ගේ පස් බැමිමට සවිකර එතැනින් ඉවත්ව ගියේ ස්නයිපර් තුවක්කු කරුවන් දුර සිට ඔවුන්ට ආවරණය සපයමින් සිටිම නිසාවෙනී.
නායක මටිටමෙි යැයී සිතිය හැකි පුද්ගලයින් කිහිප දෙනෙක් ඊට සුළු මොහොතකට පසුව සහල් නැලිය කුඹුරු යාය ආසන්නයේ ඉදි කර තිබෙන තම නවතම ආරක්ෂක උපක්‍රමය පිලිබදව සොයා බැලිමට පැමිණියේ මෙි මොහොතේදිය. තවත් මොන කතාද....???

ලගටම පැමිණි ගොදුර අත්නාරින පුරුද්ද ඉතා හොදින් ප්‍රගුණ කර තිබුනු මාක්, ටැංගෝ හා රයිනෝ ගේ කැලිබර් වර්ගයේ ස්නයිපර් අවි වලින් නිකුත් වුනු උණ්ඩ කොටි නායකයින් තිදෙනාගේ හිස පසාරු කරන් ගියේ එකින් එකාට සිදුවුයේ කුමක්ද කියාවත් ඔවුන්ට සිතා ගැනිමට මදක් හෝ ඉඩකඩ ලබා නොදිමිනි.
තම නායකයින් තිදෙනාට සිදුවුනේ කුමක්ද කියා එතැනට දිව ආ තවත් කොටි සාමාජිකයින් 9 දෙනෙක්ටද ස්නයිපර් ප්‍රහාරයන්ට ලක්ව ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුනේ ඇසපිය ගහන කාලයටත් වඩා අඩු කාලයකිනී.
ඒත් සමගම එකවර හෙන හඩක් නංවමින් කොටි ත්‍රස්තවාදින්ගේ පස් බැමිම පුපුරා ගියේ හමුදා විශේෂ බලකාය විසින් තමන් සවි කල පුපුරණ දුව්‍ය පුපුරුවා හැරිමත් සමගය. හමුදාවට ඉතා වෙහෙසකර මෙහෙයුමක් බවට පත්ව තිබු මන්නාරම, සහල් නැලිය ප්‍රදේශය බෙිරා ගැනිම සදහා එදා සැගවුනු වෙඩික්කරුවන් කල මෙහෙය අතිමහත්ය.
තමන් කල මෙහෙය නිසා ලක් මතාව ලැබු නිදහස ගැන ඔවුන් කිසි දිනක, කිසි මොහොතකදි උදමි ඇනුවෙි නැත. කිසිම විටකදි ඒවාට අයිතිවාසිකමි කිවෙිද නැත... මන්ද ඔවුන් සැගවුනු වෙඩික්කරුවන් නිසාවෙනි... ඔවුන් සැමවිටම පෙමි කලේ තම අතරැදි ගිනි අවියටයි...
" සතුරා මා ඉදිරියේ හිදි... ඔවුන් මා වට කරගෙන සිටියි... මගේ මෙහෙයුම මරණයයී.. එය ඔවුන්ට උදාකර දෙන තුරු මා නොනවතිමි"....
(මතු සමිබන්ධයි)

තද හිරු රශ්මියෙන් යාපා පටුනේ හතර කොන ගිනියමිව තිබුනා. ගිනි අවිය තුරුලු කරන් හිටපු හමුදා සොල්දාදුවන්ට ගිනියමි පරිසරයෙන් ලද පිඩාවට මදක් හෝ සිසිලක් ගෙන දුන්නේ පේදුරුතුඩුව දෙසින් හමා ආපු කරදිය සුලග පමණයී. කටු කමිබි වලින් වට වෙචිච මුහමාලෙයි ඉදිරි ආරක්ෂක තිරුවෙන් ඔබිබට උකුසු නෙත් යොමු කරගෙන හිටපු හමුදා සොල්දාදුවන්ට මහන්සියක් නොදැනුනේ කොයි මොහොතක හෝ කොටි ත්‍රස්තවාදින් ගෙන් ප්‍රහාරයක් එල්ල වෙියිදෝ යන දෙගඩියාව හිතේ කොනක තිබුනු නිසායි.
දින දෙක-තුනක් ගෙවි ගියත් උතුරු යුධ බිමෙි කිසිදු හැල හොල්මනක සේයාවක්වත් දකින්නට නොලැබුනු නිසා තමන්ට ලැබුනු බුද්ධි අංශ වාර්ථාවෙි කුමන හෝ අඩුපාඩුවක් තිබුනාදෝ යන්න ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ හිත්වල සැකයේ සේයා මතුව තිබුනා. එහෙත් කුමන හෝ හේතුවක් නිසාවත් තමන් මෙතක් අනුගමනය කල ආරක්ෂක සැලැසුමිවල වෙනසක් සිදු නොකිරිමට ඔවුන් තීරණය කරන ලදියි. කුමන මොහොතකදි හෝ එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදින්ගෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සදහා අමතර ප්‍රහාරක සේනාංක ලෙස 55 වන සේනාංකයට අනුයුක්තව ගුවන් සංග්‍රාමික බලකායත් ( එයාර් මෝබයිල් ටිමි) , 53 වන සේනාංකයට අමතර ප්‍රහාරක කණ්ඩායමි ලෙසට කමාන්ඩෝ බලඇණි දෙකකුත් අනුයුක්ත කිරිමට පියවර ගත්තේ ප්‍රහාරක ශක්තිය ත්‍රිව කිරිමෙි බලාපොරොත්තුවෙනි.

මෙි සියළු ප්‍රහාරක කණ්ඩායමි වලට අමතරව කරනල් රැල්ෆ් නුගේරා විසින් අණදුන් පාබල යාන්ත්‍රික බලකායද යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථානගත කර තිබුනේ එම බලකාය සතුව තිබුනු වෙඩි නොවදින රථ යොදා ගෙන සතුරු ආක්‍රමණයකදි සතුරා අතරටම භට පිරිස් රැගෙන ගොස් ප්‍රහාර එල්ල කිරිමෙි හැකියාව තිබුනු එකම බලකාය මෙය නිසාවෙනි.
ඒ, 2008 වසරේ සැප්තැමිබර් මාසයේ පලමු සතියේ දිනයකදි කොටින් ගේ ඉදිරි ආරක්ෂක තිරුවෙි ඔත්තු බලමින් සිටි යුධ හමුදා කමාන්ඩෝ සෙබළුන් පිරිසකට අමුතුම ආකාරයේ සිදුවිමි මාලාවක් නිරික්ෂණය කරන්නට හැකියාව ලැබිණි. හමුදා නිල ඇදුමට සමාන ඇදුමි වලින් සැරසුනු කොටි සාමාජිකයින් 75-100ක් අතර පිරිසක් නායකයෙක් යැයි සිතිය හැකි පුද්ගලයෙක්ගේ උපදෙස් මාලාවකට සවන් දෙමින් සිටිනා ආකාරයත්, දිගින් දිගටම වැන්, බස් යොදා ගනිමින් නාගර් කෝවිල් ඉදිරි ආරක්ෂක තිරුවට කොටි සාමාජිකයින් රැගෙන එන ආකාරයයි.
තමන්ගේ නිරික්ෂණයන් පිලිබදව ඉහල හමුදා නිලධාරින්ට දැනුමි දුන් කමාන්ඩෝ සෙබළුන් පිරිස කොටි සාමාජිකයින් පැමිණිය හැකි බවට සැක කරන මාර්ගයක මිටර් 200 ක කලාපයක් ආවරණය වන පරිදි ක්ලේමෝ බෝමිබ කිහිපයක් සවිකර සැගවි සිටියේ කුමන මොහොතකදි පැමිණෙන කොටි සාමාජිකයින්ට ආයුබෝවන් කියා පිලිගැනිමෙි දැඩි ආසාවෙන් යුතුවයි.
පැය කිහිපයක ඇවැමෙන් පසුව හමුදා ඇදුමට සමාන ඇදුමි ඇදගත් කොටි සාමාජිකයින් 10 දෙනා බැගින්වු කණ්ඩායමි දෙකක් වෙන් වෙන්ව මිටර් 10 ක පරතරය තබාගෙන හොර බළලුන් මෙන් හමුදා පාලන ප්‍රදේශයට ඇතුල්විමෙි අරමුණින් පැමිණෙන අයුරු කමාන්ඩෝ සෙබළුන් නිරික්ෂණය කලහ.


මෙි එන එකදු කොටි ත්‍රස්තවාදියෙක් හෝ පණ පිටින් තමන් බෝමිබ ඇටවු සිමාව පසුකර නොයා යුතු බවට කණ්ඩායමි භාරව සිටි කමාන්ඩෝ බලකායේ කපිතාන්වරය අනෙක් සෙබළුන්ට නියෝගය දෙන ලදියි. තමන් ගමන් කරන්නේ මලපුඩුවකට බව නොදැනම එම කොටි සාමාජිකයින් 20 දෙනා සෙමින් සෙමින් ක්ලේමෝ බෝමිබ සවිකර තිබුනු ප්‍රදේශයට ඇතුල් වෙමින් තිබුනු අතර අවසාන කොටි සාමාජිකයාත් තමන්ට අවශ්‍ය ස්ථානයට ඇතුල්වෙනවාත් සමගම හාත්පස පරිසරයම ගිගුමි හඩ නංවමින් ක්ලේමෝ බෝමිබ පුපුරා ගියේ එකදු කොටි ත්‍රස්තවාදියෙක්ට හෝ නැවත වරක් මෙි ලක් භුමියට අයිතිවාසිකමි කිමට අවස්ථාවක් උදා නොකර දෙමිනි.
තමන්ට නැවත වරක් රජයේ හමුදාවන්ගෙන් එල්ලවු මෙම ප්‍රහාරයත් සමග කොටි ත්‍රස්තවාදින් එදින සවස් යාමය පසුවි ගොමිමන් කළුවර වැටෙනවාත් සමග හමුදා පාලන ප්‍රදේශයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරිම ඇරඹන ලදි. කොටි ත්‍රස්තවාදින්ගේ කාලතුවක්කු ප්‍රහාර වලට පිලිතුරු වශයෙන් රජයේ හමුදාවන් විසින් මිලිමිටර් 122, 130, 152 කාලතුවක්කු අවි සහ මල්ටි බැරල් රොකටි ප්‍රහාරයන් එල්ල කලෝය. කොටි ත්‍රස්තවාදින්ගේ කාලතුවක්කු ප්‍රහාරයන්ට අමතරව මිලිමිටර් 60, 82 වර්ගයේ මෝටාර් ප්‍රහාරයන්ද දිගින් දිගටම මුහමලේයි හා නාගර් කෝවිල් හමුදා ඉදිරි ආරක්ෂක තිරුවට එල්ලවුනී.
මෙම ප්‍රහාරයන් සමග එදින අලුයම 1ට පමන කොටි ත්‍රස්තවාදින් 1000ක් පමන නාගර් කෝවිල් හා මුහමලේයි ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කරගනිමින් සිය ප්‍රහාර එල්ල කිරිම ආරමිභ කෙරිනි. කොටි ත්‍රස්තවාදින් විසින් එල්ල කල ප්‍රහාරය ඉතා දැඩිවු අතර ඔවුන් ක්‍රමක් ක්‍රමයෙන් හමුදා ඉදිරි ආරක්ෂක තිරුව ආක්‍රමණය කිරිමට සමත් විය.
කොටි ත්‍රස්තවාදින් සමග කරට කර සටන් වදිමින් සිය ඉදිරි ආරක්ෂක කලාපයේ බලය රැක ගැනිමට හමුදා සෙබළුන් සිය ජිවිත පරිත්‍යාගයෙන් සටන් වදිමින් පසුදා උදැසන 5 පමන වන විට කොටි ත්‍රස්තවාදින් 70 කට අධික පිරිසක් මරා දැමිමට සමත්විය. කොටින්ගේ ප්‍රහාරයන්ට ගොදුරුව හමුදා සාමාජිකයින් 12 දෙනෙක්ද සිය ජිවිතයෙන් සමුගෙන තිබුනු අතර තවත් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබිණි.

( මුහමලේ කොටි බංකරයක්)
නැගෙනහිරින් හිරු කිරණ යාපා පටුනට එබි බලමින් සිටිද්දි එක්වරම ඈත ක්ෂිතජයෙන් මතුවු ගුවන් හමුදා මිග්-27 ප්‍රහාරක ජෙටි යානා 3ක් කොටි ත්‍රස්තවාදින්ගේ බර අවි ස්ථානගත කර තිබු ප්‍රදේශයට එදින සිය පලමු ගුවන් ප්‍රහාරය එල්ල කරන ලදි. මිග් යානා සිය ප්‍රහාරය අවසන් කර නැවතත් පලාලි ප්‍රදේශයට ඉහල අහසින් කටුනායක ගුවන් පථය බලා ගමන් කරද්දි කෆීර් ප්‍රහාරක යානා 3ක් හා එෆ්-7 වර්ගයේ ප්‍රහාරක යානා 2ක් පැමින කොටින් විසින් ඒ වන විට භුමියේ භට පිරිස් සමග මුහුනට මුහුණලා සටන් කරමින් සිටි ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදි.
භුමියේ සිටි හමුදා භට පිරිස් උපක්‍රමශිලි පිලිවෙතක් අනුගමනය කරමින් මුහමලේයි හා නාගර් කෝවිල් සිය ඉදිරි ආරක්ෂක තිරුවෙන් පසු බැස ගොස් සිටි අතර කොටි ත්‍රස්තවාදින් එය තමන් ලැබු ජයග්‍රහණයක් ලෙස සලකා තවත් ඉදිරියට යැමෙි අභිලාෂයෙන් දෙවන හමුදා ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කරගෙන සිය ප්‍රහාරයන් දියත් කරන ලදියි.
ඊලාමි යුධ ඉතිහාසයේදි කොටි ත්‍රස්තවාදින්ට අමතක නොවන පාඩමක් ඉගැන්විම සදහා ඒ වන විටත් යුධ හමුදා කමාන්ඩෝ, ගුවන් සංග්‍රාමික හා පාබල යාන්ත්‍රික බලසේනාංකවල සෙබළුන සැදි පැහැදි සිටින ලදි. ලද ජයග්‍රහණයෙන් ඔදවැඩි ගිය කොටි ත්‍රස්තවාදින් විශ්මයට පත් කරමින් පලමු හා දෙවන හමුදා ඉදිරි ආරක්ෂක තිරුව අතරදි ඔවුන් මැද්දට කඩා වදිමින් හමුදා භට පිරිස් දිගට හරහට සිය ප්‍රහාරන් දියත් කිරිම නිසා හිස්ලු ලු අත දිවයනවා හැරෙන්න කොටින්ට වෙන කරන්නට ඉතිරි උනු දෙයක් නැති විය.

පැය 3ක් යෑමට මත්තෙන් නැවත වරක් සිය ඉදිරි ආරක්ෂක තිරුවෙි බලය අත්පත් කරගත් හමුදා භටපිරිස් එතැන් සිට කොටි ත්‍රස්තවාදින්ගේ පාලන ප්‍රදේශයන් ඉලක්ක කරගනිමින් සිය මෙහෙයුමි ආරමිභ කරන ලදියි.
කොටින්ට අමතක නොවන පාඩමි රැසක් උගන්වමින් යාන්ත්‍රික පාබල බලසේනාංකය පෙරටු කර ගනිමින් 55 හා 53 වන සේනාංක වල සෙබළුන් කොටි ත්‍රස්තවාදින් පසුපස හඹායමින් ප්‍රහාර එල්ල කරද්දි, ඉදිරියට ඇදෙන හමුදා භට පිරිස් සදහා සහය දැක්විමට ගුවන් හමුදා ප්‍රහාරක ජෙටි යානා එදින සිය 7වන ගුවන් ප්‍රහාර මාලාවද කොටින්ගේ හිස මතට පතිත කලේ ඔවුන්ට කොහේ ගියත් බෙිරුමක් නැති බව පසක් කර දෙමිනි.
මෙි අතර කොටි සාමාජිකයින් තනි කර ප්‍රාදේශිය නායකයින් පැන යන බවත්, ඔවුන්ට අණ දෙමින් සිටි එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සන්නද්ද අංශ නායකයින් වන භානු, බාල්රාජ් යන ජේෂ්ඨ නායකයින් සිය පණිවිඩ හුවමාරු යන්ත්‍ර හරහා භුමියේ සටන් කරන සිය සගයින්ට කරනා තර්ජණයන් ගැනද යුධ හමුදා සංඥා බලකාය හා බුද්ධි අංශ නිලධාරින් ඒ වන විටත් ඇහුමිකන් දෙමින් සිටින ලදියි.
කොටි නායකත්වය හා පහල මටිටමෙි යුධ වදින සාමාජිකයින් අතර ඇතිව තිබෙන මෙි විරසකභාවය මනා ආයුධයක් කරගත් හමුදා භට පිරිස් කොටි ත්‍රස්තවාදින් අලිමංකඩ දක්වා පන්නා දැමිම සදහා මෙි හොදම අවස්ථාව බව ඉවෙන් මෙන් වටහා ගන්නා ලදියි.
කෙසේ හෝ කොටි ත්‍රස්තවාදින් 150කට අධික සංඛ්‍යාවකට මරු කැදවමින් 53 හා 55 වන හමුදා සේනාංක සිය ආධාරක බල ඇණිවල සහය ලබාගනිමින් කොටි ත්‍රස්තවාදින් වසර ගණනාවක් තිස්සේ සිය බලය තහවුරු කරගෙන සිටියි මුහමලේයි හා නාගර් කෝවිල් ප්‍රදේශයේ බලය සියතට ගැනිමට සමත්විය.
ජයසිකුරු මෙහෙයුමෙන් පසු යාපනය අර්ධද්ධිවිපයේදි කොටි ත්‍රස්තවාදින්ට අත්වු දරුණුතම හා ලැජ්ජාසහගත පරාජය ලෙසට මෙම ප්‍රහාරය ඉතිහාසගත වන අතර මෙම පරාජයත් සමග කොටි ත්‍රස්තචාදින්ට අලිමංකඩ හා පරන්තන් සිය පාලන ප්‍රදේශවලද බලය තහවුරු කර ගැනිමෙි ගැටළුවකට මුහුන දිමට සිදුවෙමින් තිබිණි.
( ඔපරේෂන් අලිමංකඩ ඉදිරියේදි බලාපොරොත්තු වන්න)
නුඹෙි ලෙයින් සේදි ගිය මවිබිමෙි..
නිදහසින් ඇවිද යන සෑම මොහොතක් පාසා...
නුඹ එදා සටන් බිමෙිදි පෑ විරුකමි සිහියට නැගෙනවා..
කාගේ කවිද කියා නොදන්නවා උනත් පෑ ඒ ලෙංගතු සිනහව නිසා....
එක් මොහොතකට වුවත් නුඹලා හා කතා කරන්න වරමි ලැබුනා....
ලද කෙටි විවෙිකයේදි අතේ තිබුනු දෙයක් බඩට දාගත්තේ ආයේත් දකින්න වරමි ලැබෙිද කියා දෙගිඩියාව හිතේ පුරෝගනයි...
කවිද හිතුවෙි යුද්දේ මෙිතරමි ඉක්මනට ඉවරවෙයි කියා....
මොනවා උනත් එදා ඇරඹුනු ඒ ලෙංගතුකම ... හිතවත්කම අදත් තිබෙනවා...
රණවිරුවෙක් විලස නුඹ එදා දිවිපිදුවා කිලිනොචිචී සටන් බිමෙිදි...
හෙටට නුඹ දිවිපුදලා වසර දෙකක් පිරෙනවා...
නුඹ මගේ සොහොයුරෙක් නොවුනත්.. ලේ නෑයෙක් නොවුනත්...
අපි ඔක්කෝම එකම මවකගේ දරුවන් වුනා.... ඒ නිමෙිෂයෙදි..
නුබෙි අතේ ගිනි අවීය.. මගේ අතේ පැන...
ලෝකයේ වඩාත් භයානක අවි දෙක අත දරන් එදා ඇවිද ගිය මරණයේ සෙවනැලි පිරුනු මාවත
අද මල් පිපුනු සුන්දර මාවතක්...
එන්න සොයුර ඇවිද යන්න... නුඹ දිනා දුන් ඒ දේශයේ අරුමය දකින්න.....
කවුරු නැතත් නුඹලා මතකයි මට අද වාගේ....

( කිලිනොචිචි නගරය කොටින්ගෙන් මුදවා ගත්ත ඒ විරෝධාර හමුදා ජයග්‍රහණයට හෙටට ඒ කියන්නේ 2011 ජනවාරි 02 වෙනිදාට අවුරුදු දෙකක් පිරෙනවා. ඒ සටනේදි දිවිපිදුව අපේ රණවිරුවන්ව සිහිකරන්න කියලා කෘතගුණ සැලකිමෙි අගය දන්නා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා)....
ඒ 2008 වසරේ අගෝස්තු මාසයයී. වන්නි සටන් පෙරමුණ වෙනදාට වඩා කාර්්‍යබහුලත්වයකින් පිරිතිබුනේ කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව ඒ වන විටත් සටන් පෙරමුණු 4කින් යුධ හමුදා භට කණ්ඩායමි සිය මෙහෙයුමි දියත් කරමින් සිටිම නිසයි.
මුලතිවි සහල් නැලිය ප්‍රදේශයෙන් බ්‍රිගේඩියර් ජගත් ඩයස් ගේ අණදිම මත 57වන සේනාංකයත්, බ්‍රිගේඩියර් ශවෙින්ද්‍ර සිල්වාගේ අණදිම මත 58වන සේනාංකය පුනරින් ප්‍රදේශය ඉලක්ක කරගනිමිනි. 53 හා 55 වන සේනාංක පිලිවලින් මුහමාලෙයි හා නාගර් කෝවිල් ප්‍රදේශයේ සිය මෙහෙයුමි ක්‍රියාත්මක කරමින් සිටින ලදියි.
කොටි ත්‍රස්තවාදින් විසින් සිය ඊලාමි යුධ ඉතිහාසයේදි රජයේ හමුදාවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ලද වඩාත් සාර්ථකම ගරිල්ලා මෙහෙයුම යැයි කියා ගන්නා " නොනවතින රැල්ල" මෙහෙයුමෙන් පසුව රජයේ හමුදාවන් යාපනයේ අර්ධද්ධිවීපයේ සිය පාලනය යටතේ පවත්වාගෙන යෑමට සමත්වන ලදියි. ඒ අලිමංකඩ හමුදා සංකිර්ණය සිය පාලනයෙන් මිදිම නිසායි. කොටි ත්‍රස්තවාදින් හා රජයේ හමුදා අතර යාපනය ඉදිරි ආරක්ෂක වලල්ල පිහිටා තිබුනේ නාගර්කෝවිල් හා මුහමලේයි කියන ප්‍රදේශයන් ආශ්‍රිතවයී. අවුරුද්දේ නොවැමිබර් සිට ජනවාරි මාසය දක්වා ඇද හැලෙන ඊසාන දිග මෝසමි වර්ෂා කාලයට හැරෙන්න අනෙක් කාලවලදි දැඩි අවිරශ්මියකින් පිඩාදෙන යාපනය අර්ධද්ධිවීපය යුද්ධයේ සෙවැනැලි හොල්මන් කරමින් සිිටියේ පසුගිය වසර 25 කට අධික කාලයක සිටයි.
හිටි ගමන් රජයේ හමුදාවන්ට ප්‍රහාර එල්ල කල යුතු යැයි සිතනා කොටි ත්‍රස්තවාදින් සිය කාලතුවක්කු හා මෝටාර් අවි යොදාගෙන විටෙන් විට මුහමාලෙයි හා නාගර් කෝවිල් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට ප්‍රහාර එල්ල කරමින් සිටියේ කුමන ආකාරයකින් හෝ හමුදා සෙබලුන් තම ප්‍රහාර වලට දක්වන ප්‍රතිප්‍රහාර පිලිබදව යමි තක්සේරුවක් ලබා ගැනිමෙි අරමුණින් යුතුවය. කොටි ත්‍රස්තවාදින්ගේ කාලතුවක්කු ප්‍රහාරවලට පිලිතුරු ලෙසින් බොහෝවිට රජයේ හමුදාවන් ගෙන් ලැබුැන් යුක්රේනයේ හා චීනයේ නිෂ්පාදිත මල්ටි බැරල් රොකටි ප්‍රහාරයක් නිසා එතින්න් එහා ප්‍රහාරයකට කොටි ත්‍රස්තවාදින් සිතන්නට පෙලඹුනේ නැත්තේ තවත් ඉල්ලන් කෑමට තරමි ශක්තියක් ඔවුන්ට නොතිබු නිසාය.
දිිගින් දිගටම තමන්ගේ බල ප්‍රදේශයන් අහිමිවීමෙි සමිභාවිතාව වැඩිවිම නිසා කොටි නායක ප්‍රභාකරන්ට නැවත වතාවක් සිය උපන් ප්‍රදේශය වන වැල්වැටිතුරෙයි ගමිමානය පිහිටි යාපනය අර්ධද්ධිවීපයෙන් තමන්ට වාසනාව ඇත්දැයි උරගා බැලිමෙි ආශාවක් ඇතිවුනේ මෙි කාලසීමාවෙිදිය. තමන්ගේ සටන් ප්‍රධානින් සමග දිර්ඝ වශයෙන් සාකචිජා කිරිමෙන් අනතුරුව මුහමලෙයි හා නාගර් කෝවිල් හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලට පහරදි එම ප්‍රදේශයන් සිය පාලනයට නතුකර ගත යුතු බවට කොටි නායකයා අවසානයේදි තිරණය කරන ලදියි.

කොටි ත්‍රස්තවාදින් කුමන වෙලාවකදි හෝ මුහමලේයි, නාගර් කෝවිල් ඉදිරි ආරක්ෂක කලාපයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරිමෙි හැකියාවක් තිබෙන බවට යුධ හමුදා බුද්ධි අංශය විසින් යුධ හමුදා මුලස්ථානයට හා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ අඥාපතිව සිටි මෙිජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරිටද රහසිගත වාර්ථාවක් ලබාදි තිබුනී.
කොටි ත්‍රස්තවාදින් විසින්ගේ පෙර සුදානම පිලිබදව සොයා බැලිම සදහා දිනපතාම කොටි අඩවියට රිංගා යෑමට යුධ හමුදාවෙි විශේෂ බලකායේ භටයින්ට සිදුවිය. වන්නි සටන් බිමෙදි තමන්ට මුහුන දිමට සිදුවු කටුකත්වයට වඩා ඉතා දරුණු ගණයේ කැපකිරිමි රාශියක් සිදුකිරිමට මෙහිදි යුධ හමුදා විශේෂ බලකායේ සෙබළුන්ට සිදුවිය. ඒ අතර ප්‍රධාන වුයේ උදෑසන 10-11 වන විට යාපනය අර්ධද්ධිවිපයේ බිමෙන් නැගෙන උෂ්නත්වය දරාගෙන සිටිමින් භුමියේ තිබෙන පරිසරයට අනුව අනුගත වෙමින් ඔත්තු බැලිම සිදුකිරිම අනිවාර්්‍ය බව තමන්ට ලබාදුන් විශේෂ බලකා පුහුණුවෙි සියළු ධර්මතාවයන් සිහියට ගනිමින් මෙම විරෝධාර සෙබළුන් අඩිය තියන්න බැරි අවි රස්මියෙන් ගිනියමිවු යාපා පටුනේ භුමියේ පදුරු හා වැලි තලාවන් යටටවී සිය සතුරා දිහා සිය උකුසු දැස් දල්වා බලා සිටියේ ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ගයන් කුමක්ද යන්න පිලිබදව මනා වැටහීමක් ලබාගැනිමෙි අටියෙනී.

විශේෂ බලකායේ සෙබළුන් සිය රාජකාරිය දේවකාරිය ලෙස සිතා මෙවැනි කැපකිරිමි කරද්දි යුධ හමුදා ස්නයිපර් ( සැගවුනු වෙඩික්කරුවන්) බලකායේ සෙබළුන් කොටි ත්‍රස්තවාදින්ගේ නායකයින් ඉලක්ක කර ගනිමින් මුහමලේ ඉදිරි ආරක්ෂක තිරුවෙි හොල්මන් කරමින් සිටියේ එකදු නමගිය කොටි නායකයෙක්ට හෝ යාපනය ඉදිරි ආරක්ෂක තිරුවට පය තැබිමෙි ආදිනව දෙවරක් සිතා ගැනිමටද ඉඩ නොතබාය.
මුහමලේ තම ඉදිරි ආරක්ෂක වලල්ලේ යුධ සුදානම බැලිමට පැමිණි එල්.ටි.ටි.ඊ. සංවිධානයේ දෙවන පෙලේ නායකයෙක්වු බාස්කරන් හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනා තල්ගස් කදන් වලින් සැදු බංකරයකටවී ඉදිරි මෙහෙයුමි හා සුදානම ගැන කතා කරමින් සිටියදි අගලකට වඩා අඩු තල්ගස් කදන් දෙකක හිඩැසකින් පියාඹා ආ ස්නයිපර් ප්‍රහාරයකට ගොදුරුවි මරුවැලද ගත්තේ කොටි සාමාජිකයින් පවා පුදුම කරමිනී. එම ස්නයිපර් ප්‍රහාරයෙන් පසු මිය ගිය කොටි නායක බාස්කරන් හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනාගේ මලසිරුරු රැගෙන යැමට දින දෙකක අවැමෙන් පසු පැමිණි කොටි කණ්ඩායමෙි සාමාජිකයින් 6 දෙනෙකුටද බාස්කරන් ගිය මග යන්න යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන් ඉඩ සලසා දෙන ලදියි.
තම නායකයින්ට තියා තමන්ටවත් නිදහසේ එලියට බහින්න බැරි කම තියාගෙන හමුදා පාලන ප්‍රදේශ ආක්‍රමණය කිරිමෙි හැකියාව ඇත්දැයි යන්න සිතා ගැනිමට ඉඩක් නොතබමින් ඉහලින් ලද නියෝගයකට අනුව තම මෙහෙයුම ඉතා ඉක්මනින්ම ඇරඹිමය යුතු යැයි කොටි සාමාජිකයින්ට අණ ලැබිනි.
( මතු සමිබන්ධයි)
(" හිස් අහස" ලියන සදරු)
මෙි සටහන ලියන්නේ මගේ හිතේ ඉපදුනු සහෝදරත්වය නිසයි.. මොකද මට බිලොග් අඩවියක් ලියන්න උපකාර කරපු ඒ සහෝදරයා ගැන තවත් හංගන්න මට කිසිම උවමනාවක් නැති නිසා. බිලොග් කරණයේ යෙදෙන අපි හැමෝටම ලොකු සතුටක් හිතට දැනෙන දවසක් අද.. මොකද අද අපේ එකෙක්ගේ ආර්ටිකල් එකක් ජාතික පත්තරේක පලවෙලා තියෙන නිසා. බලන්න ලොකු ආසාවක් හිතේ තිබිබ නිසා දවසකදි නුඹට නොකියාම අමිපාරේ එන්න හිතන් උන්නේ. ඊට කලිං උඹෙි රූපේ දකින්න වාසනාව උදා උනු නිසා සංතෝෂයි.....
තවත් දිගටම ලියන්න නුඹට හයිය හත්තිය ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා....
සදරුවෝ.... ඇත්තටම නුඹ මනුස්සකමින් පිරුනු සහෝදරයෙක්... ඒ මනුස්සකම නිසයි මෙි පුංචි සටහන.....!!
හැමදාම නුඹට ජයවෙිවා....
නදුන්...!!!!