
ශ්‍රි ලංකා රජයේ හමුදාව මානව හිමිකමි කඩ කරපු හමුදාවක්. ඔවුන් අහිංසක දමිල සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කර දැමිමා. මෙවැනි කතා රාශියක් විදෙස් පුවත් පත්, වෙබි අඩවී පුරා පසුගිය මාස කිහිපය පුරාවටම රැවිපිලිරැවි දුන්නේ පසුගියදා ස්විටිසර්ලන්තයේ ජීනිවා නුවරදි ආරමිභ වුනු එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කොමිසමෙි සැසිවාරය ඉලක්ක කර ගනිමින් බව අප කවුරුත් දන්නා කරුණකි.
එහෙත් ජිනිවා මානව හිමිකමි කවුන්සිලයේදි ශ්‍රි ලංකාවෙි මානව හිමිකමි කඩවීමෙි සිද්ධින් වලට එරෙහිව ඇමරිකාව පසුගිය සතියේදි යෝජනාවක් සභාගත කලේ පෙර අප බලාපොරොත්තුවු පරිදිමය. ඇමරිකාව ගෙනා එම යෝජනාවට අදාලව ජන්දය විමසීම මෙම මස 23 වෙනිදා ජිනීවා මානව හිමිකමි කවුන්සිල් සැසිවාරයේදි පැවැත්වීමට කටයුතු සුදානමි කරමින් සිටින බවට මෙි වන විට වාර්ථා ලැබි තිබෙි.
රැසියාව, චීනය, ඉන්දියාව ( තවමත් දෙබිඩි ප්‍රතිපත්තියක සිට වුවත්) ඇතුළු රටවල් රැසක විදේශ අමාත්‍යවරුන් හා නියෝජීතයින් මෙවර මානව හිමිකමි කවුන්සිලයේදි අප රටට එරෙහිව ගෙනා "යෑංකි යෝජනාව" පරාජය කිරිම සදහා අපට සහය දක්වන බව දැනටමත් ප්‍රකාශ කර හමාරය.
ශ්‍රි ලංකාවට අන්තර්ජාතික වශයෙන් මිත්‍රත්වයේ දෑත් දිගුව පවතින අවස්ථාවකදි බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව නැවතත් කිලින් ෆීල්ඩි තුන්වන කොටස බව කියමින් ශ්‍රි ලංකාවෙි යුධ අපරාධ සමිබන්ධයෙන් අළුත්ම වාර්ථා වැඩසටහනක් මාර්තු 14 වනදා විකාශනය කිරිම සදහා සුදානමින් සිටින බවට පසුගියදා වාර්ථා විය.
එම වාර්ථාමය වැඩසටහන සදහා හිටපු කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයා යැයී කියනා 12 හැවිරිදි ලමයෙකු වෙඩි වැදි මිය ගොස් සිටිනා ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක්ද මෙම වාර්ථා වැඩසටහනට ඇතුලත් වන බව යුරෝපයෙන් ලැබෙන වාර්ථා වලින් කියැවෙි.
යුධ අපරාධ සමිබන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රි ලංකාව සමග එලැඹෙින ටෙස්ටි සංචාරය සදහා එංගලන්ත ක්‍රිකටි පිල සහභාගි වීය යුතුද යන්න චැනල් 4 නාලිකාවෙි ජොනතන් මිලර් පසුගියදා එංගලන්ත පිලේ පුහුණුකරු ඇන්ඩි ෆලවර් ගෙන් විමසා සිටියාය. පසුව එම ප්‍රශ්නයට අදාලව එංගලන්ත පුහුණුකරු පිලිතුරු දෙමින් කියා සිටියේ ක්‍රිකටි ක්‍රිඩාව හා දේශපාලනය එකින්එක සමිබන්ධ කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, තම කණ්ඩායම ශ්‍රි ලංකා සංචාරය සදහා සහභාගිවන බවයි.
ශ්‍රි ලංකාවට එරෙහිව දිිගින් දිගටම චැනල්-4 නාලිකාව මෙවැනි ආකාරයේ පහර ගැසීමට කටයුතු කලේ අද ඊයේ සිටක නොව. ඊලාමි යුද්ධය පැවති අවසන් කාල සීමාවෙිදි ශ්‍රි ලංකාවෙි රජයේ හමුදාවන්ට එරෙහිව විවිධාකාරයේ කෙනහෙලිකමි කිරිම සදහා අදෘෂ්‍යමාන හස්තයක් ලෙස මොවුන් කටයුතු කලේය. මෙම කරුණු හේතුවෙන් රජයේ හමුදාවන්ට එරෙහිව අසත්‍ය විඩීයෝ රූප රාමු හා දමිල පුද්ගලයින් යොදා ගෙන සමිමුඛ සාකචිජා කරමින් සිටියදි වවිනියාව ප්‍රදේශයේදි ආරක්ෂක අංශ විසින් 2009 වසරේදි කොටු කර ගැනීමෙන් අනතුරුව රටින් පිටුවහල් කිරිමට ශ්‍රි ලංකා රජය කටයුතු කරන ලදියි.
ඇමරිකාව ඇතුළු එක්සත් ජාතින්ගේ හමුදාවන් විසින් පකිස්ථානය, ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේදි සිදුකරනා මානව සංහාරය සමිබන්ධයෙන් කිසිදු හඩක් නොනැගීමට චැනල් 4 ඇතුළු බටහිර නාලිකාවන් කටයුතු කරනා ආකාරය ඉතාමත් විහිළු සහගතය. මන්දයත්, කිසිදු ඉවක් බවක් නොමැතිව ඩ්‍රෝන් යානා යොදා ගනිමින් අහිංසක සිවිල් වැසියන් සිටිනා ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල කරමින් පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා ඉරාකයේදි මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව මෙි වන විට 10,000කට ආසන්න බව බටහිර රටවල ආක්‍රමණයට එරෙහිව හඩ නගනා සංවිධාන සිය වාර්ථා මගින් කියා සිටියි.
ඇස් ඉදිරිපිට බුරුතු පිටින් සිවිල් වැසියන් මරා දමන බටහිර රටවලට එක් මානව හිමිකමි නීතියකුත්, ලෝකයේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානය පරාජය කල අපගේ වීරෝධාර රණවිරුවන්ට තවත් නිතීයකුත් ක්‍රියාත්මක වෙමින් පවතියි. ඇත්ත ඇති සැටියෙන් නොදකින බටහිර රටවල් හරිනමි කල යුත්තේ ශ්‍රි ලංකාවට එරෙහිව මානව හිමිකමි චෝදනා නැගීම නොව තම රටවල හමුදාවන් වල විනය රැකීම සදහා කටයුතු කිරිමයි.

අනේකවිද දුක්, කමිකටොළු විදිමින් යුද්ධයේ අවසන් මාස කිහිපයේදිකොටි ත්‍රස්තවාදින් විසින් මිනිස් පලිහක් ලෙසින් තමන් තබාගෙන සිටි ඒ අහිංසක දමිල වැසියන් අද නිස්කලංකව තම ජිවිකාව ගත කරයි.
මීට වසර කිහිපයකට පෙර උතුරු හා නැගනහිර පලාත් වල අප ඇවිද ගියේ මරණයේ සෙවනැලි මැදින්ය. රාජකාරිමය වශයෙන් මා එහි සිටිනා කාල සීමාවෙිදි දුටුවෙි විනාශ වී ගිය ගොඩනැගිලි හා බලාපොරොත්තු විරහිත භාවයෙන් පිරුනු මිනිසුන්ගේ මුහුණුය. කොටි ත්‍රස්තවාදින් විසින් අප රටට අහිමි කල වටිනා ජිවිත ගණන අතිමහත්ය. සාමයේ වටිනාකම අපට වඩා තේරුමිගත් රටක් මෙි ලෝක සිතියමෙි තවත් සොයා ගන්නට අසිරුය. හෙට එලිවෙද්දි ජිවතුන් අතර ඉදීද නැද්ද කියා සිතා ගැනීමට තරමි අසිරු කාලවකවානුවක අප ජිවත් වුනෙමු. ඒ තරමි යුද්ධයෙන් අප බැට කැවෙමු.
අනෙක් රටවල ප්‍රශ්න විසදීමට ගොස් ඉල්ලන් කන ඇමරිකාව ඇතුළු බටහිර රටවලට ඔවුන් කරනා විනාශය තවමත් තේරුමි නොගොස් ඇත්තේ මන්ද යන්න ගැටළුසහගතය. වරක් අල්-කයිඩා සංවිධානයෙන් සල්ලමිවුනු ඇමරිකාව ඉදිරියේදි ඉරානයෙන් හෝ සිරියාවෙන් හෝ පාඩමක් ඉගෙන ගනිවා යැයි ප්‍රාර්ථනා කරමු.
දේශපානමය කෝණයකින් නොබලා රට ජාතිය වෙනුවෙන් තමන්ගේ හෙට දවස අපගේ නිදහස වෙනුවෙන් කැප කල වීරෝධාර රණවිරුවන් පෝරකයට රැගෙන යෑමට වෙර දරනා බටහිර බලවෙිගයන් පරාජය කිරිම සදහා අප සියළු දෙනාගේ වගකීමයි. මාතෘභුමියේ නිදහස වෙනුවෙන් දිවිපිදු ඒ රණවිරුවන් වෙනුවෙන් ඒ යුතුකම අප පක්ෂ පාට, භේද නොසලකා එකාවන්ව ඉටු කරමු..!!!

ස්විටිසර්ලන්තයේ ජිනීවා නුවරදි හෙට ඇරඹෙින එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කවුන්සිලයේදි අපගේ මවිබිමට එරෙහිව බටහිර රටවල් විසින් ගෙන ඒමට සුදානමි වන මානව හිමිකමි කඩ කිරිමෙි යෝජනාව පරාජය කිරිමට ශ්‍රි ලාංකිකයින් වන අප සියළු දෙනා එකා මෙන් එකතු විමෙි දැඩි අවශ්‍යතාවයක් ඉස්මතුව තිබෙි.
දේශපාලන කෝණයකින් තොරව අප සියළු දෙනා එකා මෙන් පෙරට යායුතු කාලය නැවත වරක් එලැඹ තිබෙි. මන්දයත්, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඊලාමි යුද්ධය අවසන් කාල සීමාවෙිදි සිදුවු බව කියන මිනිස් සංහාරයට රුදිරි කොටියාගෙන් අපගේ මවිබිම බෙිරා දුන් වීරෝධාර රණවිරුවන්ට සිය ඇගිල්ල දික් කරමින් සිටියේ අද ඊයක සිට නොවෙි.
බටහිර ගැත්තන් විසින් මැදපෙරදිග අවුළුවා තිබෙන ගින්න අප අද වන විට සියැසින් දැක ඇත්තෙමු. විශේෂයෙන්ම යන තන නාගන්නා න්‍යායෙන් කටයුතු කරන ඇමරිකාවෙි රාජ්‍ය ලේකමිවරිය පසුගිය වසරේදි ඉන්දියාවෙි සංචාරයක නියැලිමෙි මුලික අරමුණු වුයේ ශ්‍රි ලංකාවට එරෙහිව ගෙන ඒමට ඔවුන් සුදානමි කරමින් සිටින මෙම මානව හිමිකමි කඩ කිරිමෙි චෝදනාව සමිබන්ධයෙන් ශ්‍රි ලංකාවට ඉන්දියාවෙි සහය ලබා නොදිමෙි මුලික යටි අරමුණෙන් බව නමි දැන් නොරහසකි. දකුණු ආසියාවෙි බලවතා මෙන්ම අප රටෙි අසල්වැසියා වන ඉන්දියාව මෙි වනතුරුත් එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කවුන්සිලයේදි අප රටට එරෙහිව ගෙන ඒමට වටහිර රටවල් සුදානමි කර තිබෙන මෙම යෝජනාව සමිබන්ධයෙන් ඔවුන් දරන මතය ප්‍රකාශ කර නැතිවීම ප්‍රබලම සාධකයක් වෙයී.
අපගේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කල ඒ වීරෝධාර සෙබළුන් වෙනුවෙන් අප එකමුතු වෙමු. සුද්දන්ට ඔිනකරන හැටියට අපගේ රට නැවත වතාවක් සමිබාධක කියන වචනෙට යටත් කර ගන්නට ඉඩ නොදෙමු.
අපගේ ලක්මවට ඉව අල්ලන වෘකයෝ රැල පරදමු....
අපේ මවිබිම සැමදා දිනෙවා...!!!
පුහුණු විමි කටයුතු වල නිරත වෙමින් තිබු රුසියාවෙි නිෂ්පාදිත මිග්-27 ප්‍රහාරක ගුවන් යානාවක් අද දහවල් 1.30 ට පමන මාරවීල, දුමිමලසුරීය ප්‍රදේශයේදි අනතුරට පත්වු බව ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබෙිවික්‍රම මහතා කියා සිටියි.
අද පැවැති පුහුණු වීමක් අතර තුරේදි මිග්-27 ගුවන් යානයේ එංජිමෙි හටගත් කාර්මික දෝෂයක් නිසා ගුවන් නියමුවා නැවත යානය පන ගන්වන්න උත්සහා කලත්, එය සාර්ථක නොවු නීසා ඔහු නිරුපද්‍රිතව ගුවන් යානයෙන් පිටතට පැන පැරෂුටයක ආධාරයෙන් අසල ප්‍රදේශයට ගොඩබට බවත්, කාර්මික දෝෂයට ලක්වු මිග් යානාව දුමිමලසුරීය ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටුනු බව ගුවන් හමුදා ආරංචි මාර්ග කියා සිටියි.
කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව පැවති අවසන් යුධ සමයේදි මිග්-27 ප්‍රහාරක යානා සතුරු කදවුරු විනාශ කිරිමෙහිලා දැක්වු දක්ෂතාවයන් ගැන සියළු දෙනාට තවමත් මතකයේ ඇතුවා නොඅනුමානයි....
අද අප අභිමානයෙන් යුතුව 64 වන නිදහස් දිනය සමරන්නෙමු... නිදහස වෙනුවෙන් අන් කවර රටකට වඩා අප කැපවීමි කල කලෙමු. වසර 30 කට අධික කාලයක් බෙදුමිවාදි ත්‍රස්තවාදයට එරෙහිවද, විජාතික බලවෙිගයන්ට එරෙහිවද අප සටන් කලෙමු..
දුටුගැමුණ , වීර පරාක්‍රමබාහු යන රජවරුන්, වීර පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා , ඩි.ඇස්.සේනානායක මැතිදුන් ඇතුළු අපගේ අතීත මුතුන් මිත්තන්ගේ ලෙයින් පෝෂණයවු අපගේ මවිබිම යලි කිසි දිනක කිසිදු අවස්ථාවක කිසිවෙකුට යටත් නොකරන්නට අප වග බලා ගනිමු...
කිසි රටකට නිමා කල නොහැකි යුද්ධය නැමැති පිළිලය අප විනාශ කලෙමු. හෙට දවසේ ඔබගේ දරුවන් මෙි රටෙි සතර දිග් භාගයේ ඇවිද යමින් ඒ නිදහසේ සුවය විදගනිවී. ඒ ඇවිද යන හැම බිමි අගලකම සිංහයෙකුගේ ලෙයින් තෙත්වුනු සටහන් දැක ගන්නට පුළුවනි. මෙි රටෙි නිදහස කාටත් පොදුවෙි හිමිය....
දිනා දුන් රටෙි නිදහසේ ඇවිද යන අප සියළු දෙනාම....
දේශයේ නිදහස වෙනුවෙන් දිවිපිදු ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සියළු දෙනාම ආදරයෙන් සිහිපත් කරමු!!!.......
රටක යුද්ධයක් පවතිනවානමි යුධ වදින දෙපාර්ශවයටම අවශ්‍ය වන ප්‍රධාන සාධක දෙකක් ඇත. ඒ නමි,
1). මනා පුහුණුවකින් හෙඹි පිරිස් බලය
2). නියමිත පරිදි අවශ්‍ය කරන අවි-ආයුධ.
ඉහත සදහන් සාධක දෙකෙන් එකක් හෝ නැතිනමි හෝ හිගවන්නේ නමි අදාල පාර්ශවයට යුධ භුමියේදි ඉතා දරුණු පසුබෑමකට ලක්විමට හෝ පරාජය විමට සිදුවෙයි. වසර 30 කට අධිකව පැවති බෙදුමිවාදි යුද්ධයේදි කොටි සංවිධානයට පරාජය උදාකර දීමට මුලිකවු එක් සිද්ධියක්වුයේ කොටි සංවිධානයට නියමිත වෙලාවට අවි ආයුධ නොලැබීමයී.
හතරවන ඊලාමි යුද්ධය ඇරඹුනේ 2006 වසරේ මැයි මාසයේදි කොටි ත්‍රස්තවාදින් විසින් මාවිල් ආරු සොරොවිව බලෙන්ම වසා දැමීමත් සමගය. එදා මාවිල් ආරු සොරොවිව මුදා ගැනිමට රජයේ හමුදා ආරමිභ කරන ලද මානුෂිය මෙහෙයුම අවසන් කෙරුනේ ඉන් වසර තුනක් ගතවුනු තැනය. මෙම කාල සීමාව තුලදි කොටි ත්‍රස්තවාදින් හා රජයේ හමුදාවන් අතර දරුණු ගණයේ සටන් ඇවිළුණු අවස්ථා එමටය.
පෙර අවස්ථාවන් වලදි මෙන් නොව මෙවර සටන ඉතා තීරණාත්මක විය. කොටි ත්‍රස්තවාදින් කිසිවිටකත් නොසිතු ආකාරයට ඔවුන්ගේ පාලන ප්‍රදේශයන් එක පිට එක හමුදා පාලනයට නතු වන්නට විය. පැවති සටන් වලින් කොටි ත්‍රස්තවාදින්ට අහිමිවු පිරිස් බලයට වඩා වැදගත් වුයේ කාලතුවක්කු, කුඩා මල්ටි බැරල් අවි ආදියයි.
තොප්පිගල පිහිටි නැගනහිර අවසන් කොටි බලකොටුව රජයේ හමුදාවන්ට නතුවන විට කොටි ත්‍රස්තවාදින්ට විවිධ ප්‍රමාණයේ කාලතුවක්කු අවි 6ක්, එකවර මිසයිල් 6 බැගින් එල්ල කිරිමට හැකියාවක් තිබු කුඩා ප්‍රමාණයේ මල්ටි බැරල් අවි දෙකක්, ගුවන් යානා නාශක මිසයිල, මෝටාර් විදින අවි , ගිනි අවි, පතොරමි ඇතුළු යුධෝපකරණ රැසක් ඒ වන විටත් අහිමිව තිබුණී.
තමන් නොසිතු ආකාරයට රජයේ හමුදාවන් තම මෙහෙයුමි කටයුතු නොනවත්වා සිදුකරමින් තිබෙන නිසා එල්.ටි.ටි.ඊ. නායකත්වය ඒ වන විට දැඩි ආයුධ හිගයකට මුහුණදි තිබුණේය. පවතින ආයුධ හිගයට පිලියමක් ලෙස කොටි නායකත්වය ඉතා ඉක්මනින් තමන්ගේ විදෙස් රටවල සිටින ආයුධ සැපයුමිකරුවන් වෙත තමන්ට අවශ්‍ය අවි ආයුධ පිලිබදව දැනුමි දුන් අතර මාසයක් ඇතුලත එම ආයුධ කෙසේ හෝ තමන්ට ලැබීය යුතු බවටද නියෝගයක් නිකුත් කෙරුනී.
කොටි නායක ප්‍රභාකරන්, බුද්ධි අංශ නායක පොටිටු අමිමාන්, මුහුදු කොටි නායක සුසෙයි, සන්නද්ධ අංශ නායක බාල්රාජ් ඇතුළු ප්‍රධාන පෙලේ කොටි නායකයින් කිහිපදෙනෙක් මෙසේ විදෙස් තැරවිකරුවන් විසින් මිලදි ගන්නා අවි ආයුධ තම පාලන ප්‍රදේශයට ගෙන එන ආකාරය පිලිබදව පිඹුරුපත් සකස් කලේ මින් අවස්ථා කිහිපයකදිම තමන්ට මුහුණ දිමට සිදුවු අමිහිරි අත්දැකිමි නිසාවෙනී.
තමන්ට ඉතා බැරැරුමි කර්තව්‍යකට මුහුණ දිමට සිදුව ඇති බවට සැකහැර දැනගත් මුහුදු කොටින් විසින් යාපනය, මුලතිවි මුහුදු කලාපයේ ධිවර කටයුතුවල යෙදිමට පැමිණෙන ඉන්දීය ධිවරයින්ට අයත් බහුදින ධිවර යාත්‍රා කිහිපයක් පැහැර ගැනිමට කටයුතු කලේය. මෙසේ පැහැරගෙන පැමිණි එම බහුදින ධිවර යාත්‍රා කොටි ත්‍රූස්තවාදින් විසින් මුලතිවි කිළාලි කලපුව අසල නැංගුරුමිලා තිබුනේ ඉදිරියේදි අවි ආයුධ ප්‍රවාහනය කිරිමෙි පරමාර්ථයෙනි.
කොටි ත්‍රස්තවාදින්ගේ විදෙස් නියෝජිතයින් දිගින් දිගටම විශාල ප්‍රමාණයේ අවි ආයුධ තොග පිටින් රැස්කරන බවට නාවික හමුදා බුද්ධි අංශය වෙතට දැන ගැනීමට ලැබුනේ විදෙස් ඔත්තු සේවා හරහාය. මෙම කාල සීමාව වන විට මෙරට නාවික හමුදා බුද්ධි අංශ හා විදෙස් රටවල නාවික බුද්ධි අංශ අතර සහයෝගීතාවයක් තිබුණු අතර රටවල් අතර බුද්ධි තොරතුරුද හුවමාරු කර ගැනිමෙි ක්‍රමවෙිදයක්ද පැවතිනි.
කෙසේ හෝ කොටි නායකත්වයේ අණපරිදි සිදුකරනු ලබන මෙම ආයුධ එකතු කිරිම ගැන ඉතා විමසිලිමත්ව තොරතුරු එක් රැස්කර නාවික හමුදා බුද්ධි අංශය ඒ සියළු තොරතුරු තම මෙහෙයුමි අධ්‍යකෂට හා එවකට නාවික හමුදාපතිව සිටි වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩට දැනුමි දෙන ලදියි.
මාස කිහිපයක් පුරාවට සිදු කරනු ලැබු මෙම බුද්ධි තොරතුරු එක් රැස් කිරිමෙි අවසානය සිදුවුයේ කොටි සංවිධානය විසින් මෙම අවි ආයුධ කුමන ආකාරයකින්ද යන්න පිලිබදව සැකහැර දැන ගැනීමටය. ඒ අනුව විදෙස් ගතව සිටින කොටි ආයුධ සැපයුමිකරුවන් විසින් එම අවි ආයුධ නැවි තුනකට පටවා එවන බවට බුද්ධි තොරතුරු ලැබීණී.
අදාල නැවි වල නමි හා එවායේ භාහිර ස්වරූපයන් පිලිබදව නිසි තොරතුරු ලබා ගත් නාවික හමුදා බුද්ධි අංශය ඉදිරි මෙහෙයුමි කටයුතු නාවික හමුදා මෙහෙයුමි අංශයට පැවරිනි.
තම රටට, ජාතියට වින කටින්න දරණ මිලේචිජ කොටි ත්‍රස්තවාදයට එරෙහිව සයුරේ රණගොස නැංවු නාවික හමුදාව මුල්වරට තම නාවික හමුදා ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන සටහනක් තැබීමට සුදානමි වුයේ නාවික හමුදා මෙහෙයුමි මණ්ඩලය විසින් සකස් කරන ලද නවතම නාවික මෙහෙයුමත් සමගය.
" ගිය පාරවල් වල වගේ අපි ලගට එනකමි ඉන්නේ නැතුව... හොයාගෙනම ගිහිල්ලා තැගී දිලා එමු..". ඒ නාවික හමුදාවෙි මෙහෙයුමි අධ්‍යකෂකවරයාගේ වචනයයී.
අකුණු පහර
කොටින්ගේ අවි ආයුධ රැගත් නෞකා තුන සෙමින් සෙමින් අන්තර්ජාතික වෙලද නෞකා ගමන් ගන්නා මුහුදු මාර්ගය හරහා ශ්‍රි ලංකාවට නැගෙනහිරින්වු මුහුදු සීමාවෙන් මෙරටට ඇතුල්වීමට සැලසුමි කර ඇති බවට නාවික හමුදාවට ඉතා විශ්චාසවන්ත බුද්ධි තොරතුද ලැබිමින් පැවතුනි.
හරියටම 2007 වසරේ අගෝස්තු මාසයේ තෙවන සතියේදි නාවික හමුදාවට අයත් සයුර, සුරනිමල, සමුදුර, ශක්ති යන ප්‍රහාරක නෞකාවන් හතර සහා සැපයුමි රැගත් A-520 හා A-521 යන යාත්‍රාද ඈත දියඹ මුහුදට ගියේ ලක්මව විනාශ කිරිමෙි අදිටනින් අවි ආයුධ රැගෙන පැමිණෙන නෞකා පිලිගැනීමටය.
දින.. දින ගෙවෙමින් තිබුණි.. කොලඹින් හා ගාල්ලේ නාවික හමුදා වරායල් වලින් පිටත්වු නාවික හමුදා යාත්‍රා දෙවුන්දර තුඩුවෙ සිට නාවික සැතපුමි 600 ක් ඊසාන දිග මුහුදු කලාපයට යාත්‍රා කරමින් තිබුනී. නාවික හමුදා ඉතිහාසයේ වැඩිම දුරක් ගෙවමින් සිිදුකරන පලමු නාවික මෙහෙයුම ගැන කොලඹ පිහිටි නාවික හමුදා මුලස්ථානයේ සිට නාවික හමුදාපති, මෙහෙයුමි අධ්‍යකෂක ඇතුළු ඉහල පෙලේ නිලධාරින් ඉදිරියට සිදුකල යුතු උපදෙස් ලබාදෙමින් සිටියහ.
මුහුද රළුය... විටින් විට නෞකාවන් තුලටද විශාල රල පහරවල් එල්ලවන්නට විය. ලක්මව වට බැදි රන්වැටක් බදු නාවික නෞකාවෝ එකාමෙන් සියළු බාධක පරයමින් ඉදිරියට ගියේ ව්‍යාඝ්‍රයින් රැලක් සේය.
2007 වසරේ සැප්තැමිබර් මාසයේ 8 වෙනිදාය. ඒවන විටත් සියළුම නාවික හමුදා යාත්‍රාවන් ශ්‍රි ලංකාවට කිලෝමිටර් 1200ක් පමන ඈත දියඹ මුහුද මැදය. හරියටම කියනවානමි අන්තර්ජාතික නෞකාවන් ගමන් ගන්නා මුහුදු කලාපයට මෙරට නාවික හමුදා යාත්‍රා ඇතුල්වී තිබුණි.
නාවික හමුදා යාත්‍රා මෙසේ තම මෙහෙයුමි කටයුතු කරගෙන යද්දි වන්නීයේ සිටි කොටි නායක ප්‍රභාකරන් ඇතුළු කොටි නායකත්වයට හෝ ඔවුන්ගේ බුද්ධි අංශයට පවා මෙම මෙහෙයුම ගැන අංශු මාත්‍රයක හෝ දැනගැනීමක් නොතිබුණී.
හරියටම සැප්තැමිබර් 9 වෙනිදා රාත්‍රි 10ට පමන නයිටි විෂන් බයිනෝ ( අදුරේදි නිරික්ෂණය කල හැකි දුරදක්නයන්) මගින් තමන්ට අවශ්‍ය ගොදුර සොයා ගැනීමට සුරනිමල නෞකාවෙි සිටි නාවික හමුදා රණවිරුවන්ට හැකිවිය. ඒ කොටි ත්‍රස්තවාදින් විසින් ආයුධ පටවා ගෙන ආ " මනෝයොෂී" නමි නෞකාවයි. කිසිදු රටක ජාතික ධජයක් හෝ ප්‍රදර්ශණය නොකර තිබු එම නෞකාව ගැන බුද්ධි අංශ විසින් ලබාදි තිබුනු තොරතුරු හා තමන් නිරික්ෂණය කරමින් සිටින නෞකාව අතර මනා සමිබන්ධතාවයක් පවතින බව සැකහැර දැනගත් සුරනිමල ප්‍රහාරක නෞකාවෙි අණදෙන නිලධාරියා ඒ පිලිබදව කොලඹ නාවික හමුදා මෙහෙයුමි මැදිරිය වෙත තොරතුරු සියල්ල වාර්ථා කර ඉදිරි උපදෙස් ඉල්ලා සිටියේය.
චැනල් 16 වලින් නැවට කතා කරන්න. බලන්න මොනවද එයාලා කියන්නේ කියලා.. ඒ කොලඹින් ලැබුනු පලමු උපදෙසයි.
තමන්ට ලැබුනු උපදෙස් අනුව කටයුතු කරමින් සුරනිමල නෞකාවෙි අණදෙන නිලධාරිතුමා ජාත්‍යන්තර නෞකා නීති සමිප්‍රදායට අනුව කටයුතු කරමින් චැනල් 16 ඔස්සේ අදාල සැකකටයුතු එල්.ටි.ටි.ඊ. නෞකාවට ඇමතුවත් එම නෞකාවෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුනේ නැත.
පලමුව ඉංග්‍රිරිසි භාෂාවෙන්ද, දෙවනුව දමිල භාෂාවෙන්ද චැනල් 16 ඔස්සේ ඇමතීමි සිදුකලත් නිසි පිලිතුරු නොලැබුනු තැන සුරනිමල නැවෙි අණදෙන නිලධාරිතැන විසින් දිගින් දිගටම කියා සිටියේ තම ජිවිතය බෙිරා ගැනිමට කැමති අය සිටීනමි " මනෝයෝෂි" නැවෙි සිට මුහුදට පණින ලෙසත්. එසේ පනින අයව නිරුපද්‍රිතව බෙිරා ගන්න තමා ඇතුළු කණ්ඩායම සුදානමි බවත්ය.
එහෙත්, මනෝයෝෂි නැවෙන් සුරනිමල නැවට පිලිතුරු ලෙස ලැබුනේ සැහැල්ලු අවී ප්‍රහාරයකී. තවත් ඉතිං කවර කතාද? මනෝයෝෂි නැවෙන් එල්ලවුනු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට සුරනිමල, ශක්ති, සමුදුර නාවික හමුදා ප්‍රහාරක නෞකාවන් විසින් ආරමිභ කරන ලදි. විනාඩි 45ක් ගතවෙද්දි නාවික හමුදාවෙන් එල්ලවුනු දරුණු ප්‍රහාර හේතුවෙන් කොටි ත්‍රස්තවාදින්ට ආයුධ රැගෙන ආ " මනෝයෝෂී" නෞකාව මුහුදේ ගිලෙන්නට විය. ඒ වන විට වෙිලාව අළුයම 4.00 ට පමන විය.

( ගිනි ගන්නා මනෝයෝෂි නැව)
" සර්.. ටෙරාලගේ පලවෙනි නැව ගිලෙවිවා" ඒ සුරනිමල නැවෙි අණදෙන නිලධාරිතුමා කොලඹ නාවික හමුදා මුලස්ථානයට ලබාදුන් පලමු සුභ ආරංචියයි..
සුභ පැතුමි... තවත් ඉස්සරහට යන්න. කොලඹින් ලැබුනු පණිවිඩයයී.
පලමුවෙනි කොටි නෞකාව මුහුදුබත් කරන අවස්ථාවෙිදි කොටින්ට ආයුධ රැගෙන පැමිණි " සෙෂීන්" නමි වු දෙවන නෞකාවද හොර රහසේම පලායන්නට පටන් ගත්තේ මනෝයෝෂී නෞකාවට අත්වු ඉරණම එලිපිටම දුටු නිසාය.
සෙෂීන් නැව හොර රහසේ පලායන ආකාරය නාවික හමුදාවෙි සයුර ප්‍රහාරක නෞකාවද නිසොල්මනේ සිට නීරික්ෂණය කලාය. තම අනෙක් ප්‍රහාරක නෞකාවන්ටද සැක කටයුතු නැව ගැන දැනුමි දෙන ගමන්ම අදාල කොටි නැව පසුපස ලුහුබදින්නට පටන් ගත්තේය. පැයකට ආසන්න කාලයක ඇවැමෙන් සයුර හා ශක්ති නෞකා දෙක " සෙෂීන්" නමි කොටි ආයුධ නෞකාව වටකර ගැනීමට සමත් විය.
කොටින්ට ආයුධ රැගෙන ඒමෙි චෝදනාවට සෙෂින් නැව අත් අඩංගුවට ගන්නා බවත්, නැවෙි සිටින සියළුම පුද්ගලයින් නැවි තටිටුවට පැමිණෙන ලෙසත් සයුර නෞකාවෙි අණදෙන නිලධාරියා චැනල් 16 රේඩියෝ සංඥා පද්ධතිය හරහා සෙෂින් නැවට දැනුමි දුන්නත් එයට යහපත් පිලිතුරක් නොලැබිණි.
මදවෙිලාවක් ගතවිය.. සෙෂින් නැවෙන් සයුර නැවට පිලිතුරක් ලැබිණි. ඒ තම නැව කිසිවිටකත් නාවික හමුදාවට යටත් නොවන බවයී. එසේ කියා සිටි සෙෂින් නැවෙන් සයුර නැවට ආර්.පි.ජී. අවි හා සැහැල්ලු අවි යොදාගනිමින් ප්‍රහාරයක් එල්ල කලාය. සෙෂින් නෞකාවටද පෙර ආයුධ පටවා තිබු කොටි නෞකාවට අත්කර දිමට සයුර හා ශක්ති නාවික හමුදා නෞකාවන්ට වැඩි කාල වෙිලාවක් ගතනොවීය. සෙෂින් නැව මුහුදු පතුල සිපගද්දි සැප්තැමිබර් මස 10 වෙනිදා සවස 5 ලෙසින් ඔරලෝසුවෙි වෙිලාව සටහන්වී තිබුනේය.

( මුහුදුබත් වන සෙෂින් නැව)
සර්... ටෙරාලගේ දෙවෙනී නැවත් ඉවර කලා.. සයුර නැව තම මෙහෙයුමි මුලසථානයේ සිටින ජේෂ්ඨ නිලධාරින් අමතා කියා සිටියාය.
බොහෝම හොදයි... අනීත් එක ගැනත් ඇහ ගහගෙනම ඉන්න... මෙහෙයුමි මුලස්ථානයෙන් ප්‍රහාරක නෞකාවන්ට ලැබුනු නියෝගය එය විය.
නාවික හමුදාව අන්තර්ජාතික මුහුදු සිමාවෙි සිට සිදුකරන මෙම ප්‍රහාර මාලාවන් ගැන ඒ මොහොත වන විටත් කිසිදු භාහිර පුද්ගලයෙකුට දැන ගන්නට නොලැබුනේ එම මෙහෙයුමි සැලැස්ම තුල පැවති මනා සමිබන්ධිකරණය නිසාය. තම තමන්ට පැවරුනු වගකීමි නිසියාකාරව පිලිපැදිමට නාවික හමුදාවෙි ඉහලම සිට පහලම නිලයන්වල සිටි අය ක්‍රියා කලෝය. එම කැපකිරිමි වල ප්‍රථිඵලය දැනටමත් අඩක් සපුරා තිබුනු අතර ඉතිරි කොටසද සමිපුර්න කිරිමෙි අටියෙන් නිල් සයුර මැද සිටි නාවික හමුදාවෙි ප්‍රහාරක හා සැපයුමි නෞකාවෝ ඉදිරියටම ඇදුනේය.
හරියටම සැප්තැමිබර් 11 වෙනිදා රාත්‍රි 11 ට පමන විය. මනෝෂින් හා සෙෂින් කොටි ආයුධ රැගත් නෞකා මුහුදුබත් වුනු ප්‍රදේශයේ සිට නාවික සැතපුමි 70ක් පමන ඇතින් ගමන් කරමින් තිබු කොටි සංවිධානයට ආයුධ රැගෙන පැමිණි " කෝෂියා" නමි නෞකාව නිරික්ෂණය කිරිමට නාවික හමුදා යාත්‍රා සමත්විය.
පෙර පරිදිම නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා විසින් තමන්ට යටත්වන ලෙසට කෝෂියා නැවෙන් ඉල්ලිමි කලත් එයට යහපත් පිලිතුරු නොලැබුනු තැන එම නැව පලායාමට සුදානමි වද්දි නාවික හමුදා ප්‍රහාරක නෞකාවන් විසින් එල්ල කල ප්‍රහාර වලින් කෝෂියා නැව විනාශ විය. ඒ වන විට සැප්තැමිබර් 11 වෙනිදා අළුයම 4.00 පමන විය.

( නාවික හමුදා ප්‍රහාරයෙන් විනාශ වෙන කොෂින් නැව)
සර්.. තුන්වෙනි නැවත් විනාශ කලා.. ඒ කප්පරක් දහදුක් විදගෙන මුහුදේ සටන් කල නාවික හමුදා රණවිරුවන් එඩිතර හඩින් තම මෙහෙයුමි මුලස්ථානය අමතා ලබාදුන්නේ මෙරට නාවික හමුදා ඉතිහාසය රන් අකුරෙන් ලියැවුනු මෙහෙයුමක අවසන් ප්‍රථිඵලයයී.
නාවික හමුදාපතිවරයා, නාවික හමුදා මෙහෙයුමි අධ්‍යකෂක, බුද්ධි අංශ අධ්‍යකෂකවරයා විසින් මෙම උදාර මෙහෙයුමට සමිබන්ධවු සයුර, සුරනිමල, ශක්ති, සමුදුර යන ප්‍රහාරක නෞකාවන්ට හා A-520 හා A-521 යන සැපයුමි යාත්‍රාවන් වල සිටි සියළුම අණදෙන නිලධාරින්ට හා සෙසු නිලයන්ට සුභ පැතුවෙි හදපතුලෙන්ම නැගි ආ සතුටෙන් යුතුවය.
පැය 24 ක් ගතවීමට පෙර කිලෝමිටර් 1400 ( නාවික සැතපුමි 700) ඇතට ගමන් කරමින් ටොන් 4000කට අධික බරින් යුකත්වු අවි ආයුධ හා සැපයුමි රැගත් කොටි නෞකාවන් තුනක් මුහුදුබත් කල එම නාවික හමුදා යාත්‍රාවෝ නැවත ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර වෙත පැමිණියේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සමිභාවනීය අමුත්තන් රැසකගේ පිලිගැනිම යටතේය.
එදා නාවික හමුදාවෙි ප්‍රහාර වලට ගොදුරුව ගිලී ගිය කොටි නෞකා තුල කොටි නායක ප්‍රභාකරන්ට ගමන් කිරිම සදහා වෙඩි නොවදින ජීප් රථ දෙකක්, මිලිමිටර් 122, 130, 152 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ, මෝටාර් අවි හා මෝටාර් උණ්ඩ, තර්මෝබැරික් අවි ඇතුළු අවි ආයුධ විශාල ප්‍රමාණයක් විය. ප්‍රභාකරන්ගේ සියළු සිහින මාලිගාවෝ නිල්වන් සයුර මැද දියකර හරින්නට නාවික රණවිරුවෝ එදා එසේ සමත් විය.
තමන්ට වුනු අවමානය හා පාඩුව විද දරා ගැනීමට නොහැකිවු ප්‍රභාකරන් නමි මානසික රෝගියා ආබාධිත එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදියෙක් යොදවා එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 2008 වසරේ මැයි මස 9 වෙනිදා ත්‍රිකුණාමලය වරායේ ජැටියේ නවතා තිබු නාවික හමුදාවෙි A-520 නමි සැපයුමි යාත්‍රාව විනාශයට පත්විය. ( 2007 වසරේ නාවික හමුදා මෙහෙයුමට සමිබන්ධවු එක් නාවික සැපයුමි යාත්‍රාවක් වුයේ මෙම A-520 යාත්‍රාවයී).
" හිරු නැගඑන මොහොතේදිත්.....
හිරු බැසයත්දිත්...........
අපි ඔබ සැමදා සිහිකරන්නෙමු..."

දිනය - 2006 වසරේ මැයි මාසයේ 21 වෙනිදා
වෙිලාව - සවස 4.30
ස්ථානය - මඩකලපුව, වවිනතිවි ප්‍රදේශය
නැගනහිර අහස දෙබැ කරන අවි රශ්මියත් විද දරාගෙන ඉන්නා සෙබළුන් දෙදෙනෙකි. තමන් ඉදිරියෙන් දිස්වෙන සතුරු භුමියේ සිදුවන හැම සිදුවිමක් පිලිබදව ඇස නොහෙලා බලන් සිටිනා මොවුන් දෙස කවුරුන්හෝ ඔිනැකමින් බැලුවත් හදුනාගත නොහැකිවන ලෙස වෙස් වලාගෙන සිටින්නේ ගොදුරක් එනකමි මග රැක සිටිනා බඩගිනි සිංහයින් දෙදෙනෙක් මෙන්ය. බලාපොරොත්තුවු ගොදුර තමන් සමිපයට පැමිණි බව සහයක සෙබලාගෙන් ප්‍රධාන සෙබලාට සංඥාවක් ලැබිණි.
ටාර්ගටි එකට දුර මිටර් 1006, සුලගේ වෙිගය පැයට කිලෝමිටර් 28 යි. නැගනහිරට බරවයි හුලග හමන්නේ. සහයක සෙබලාගෙන් ලැබුනු විස්තරයත් සමග ප්‍රධාන වෙඩික්කරූ සතුව තිබු එමි 107 වර්ගයේ .50 කැලිබර් වර්ගයේ දිගුදුර ගිනි අවියේ සවිකර තිබෙන දුර දක්නයෙන් ඉදිරි ඉලක්කය නියමා ආකරයෙන් ගත් ඔහු ඊලග නිමෙිෂයෙන් තම දබරඇගිල්ලෙන් ගිනි අවියේ ටිගරය මුදාහැරියේ එතෙක් නිශ්ශබිදව තිබුනු අවට පරිසරය දෙවනත් කරමිනි.
නැගනහිර කොටි ත්‍රස්තවාදින්ගේ සන්නද්ධ අංශ නායක රමණන්ගේ ජිවිත කතාවෙි අවසාන තිත තැබුවෙි යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන් එලෙසින්ය. එතෙක් මෙතක් ශ්‍රි ලංකා යුධ ඉතිහාසයේ කොටි ත්‍රස්තවාදින්ට මහත් හිසරදයක්වු යුධ හමුදාවෙි සැගවුනු වෙඩික්කරුවන්ගේ කතාවයි මෙි...


" එක් උණ්ඩයයි.. එක් බිල්ලයි".. සැගවුනු වෙඩික්කරුවන් ලෙසින් පුහුණුවට එක්වන සියළු හමුදා සෙබළුන්ට ලබා දෙන උද්දෘත පාඨයයී. තම ජිවිතයට වඩා පෙමි බදින කැලිබර් වර්ගයේ ගිනි අවියත් සමග ගිනි කාස්ඨක අවිවෙි වුනත්, හෙන ගහන වැස්සේ වුවත් ස්නයිපර් වෙඩික්කරුවන් තම ගොදුර එන තෙක් මග බලමින් ඉන්නේ ජිවිතේ මිනිසෙක්ට විදින්න පුලුවං උපරිම ඉවසිම තම පුහුණුවෙිදි ප්‍රගුණ කර තිබෙන නිසාය.
මඩකලපුව, වවිනතිවි කොටි ත්‍රස්තවාදින්ගේ ඉදිරි ආරක්ෂක වලල්ලේදි ප්‍රධාන පෙලේ කොටි නායකයෙක්වන රමණන්ට සිදුවුුනු අකරතැබිබය ආරංචි වීමත් සමග වන්නි කොටි නායකයින් සිය ගමන් බිමන් සීමා කලේ රජයේ හමුදාවන්ගේ නවතම උපක්‍රමය පිලිබදව යමි හෝ වැටහීමක් ඔවුන් සතුව නොතිබු නිසාය.
වන්නි සටන් බිම ගිනියමි වෙමින් තිබුනේ ඒ වන විට යුධ හමුදාවෙි 57 වන සේනාංකය මන්නාරම, සහල් නැලිය නමින් හැදින්වෙන කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහනයේ තිබු උපක්‍රමශිලි අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් බලා සිය මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමත් සමගයි.
හමුදාවෙි ඉදිරි ගමන අඩාල කිරිමෙි බලාපොරොත්තුවෙන් කොටි ත්‍රස්තවාදින් විසින් විවිධ ආකාරයේ සැලසුමි දියත් කිරිම නිසා හමුදා නායකත්වය අපේක්ෂා කල ආකාරයට සහල් නැලිය ප්‍රදේශය මුදාගැනිමෙි සටන ලෙහෙසි පහසු කාර්්‍යයක් නොවන බව ඒ වන විට භුමියේ සිටින භට පිරිස් වලටද හැගි ගොස් තිබිණි. කුමන ආකාරයෙන් බාධක නැග ආවත් ඉදිරියට යෑමෙි නොනිමි ආසාවෙන් පසුවුනු හමුදා රණවිරුවන්ට කොටින්ගේ බාධක බිදහෙලිමට අවශ්‍ය වුයේ සැගවුනු වෙඩික්කරුවන්ගේ උපකාරයයි.
මන්ද යත්, සහල් නැලිය නමින් හැදින්වෙන ප්‍රදේශය මෙරට සහල් කර්මාන්තයේ තොතැන්නක් බවට පත්ව තිබු කුඹුරු යායක් වන අතර එම භුමි ප්‍රදේශය අක්කර 800 කට වඩා විශාලත්වයෙන් යුතුවෙි. කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයට නතුවුවත් යමි යමි අවස්ථාවන් වලදි එම ප්‍රදේශයේ වී ගොවිතැන් කටයුතු සිදුවුවත් එයද ඉක්මනින් අභාවයට යෑම නිසා අවසානයේදි ඉතිරි වුයේ පුරන්වු කුඹුරු යායක් පමණි. මෙම පුරන්වු කුඹුරු යාය සිමා වන්නේ ඝන කැලැවකටය. හමුදාවෙි ප්‍රහාර හමුවෙි මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ සිට පසුබෑ කොටි ත්‍රස්තවාදින් සහල් නැලිය පසුකරමින් ඝන කැලැවට වැදුනේ පුරන්ව ගිය ගොවිබිමි පුරා මර උගුල්ද අටවමිනි.
සහල් නැලිය ප්‍රදේශයට පැමිණිමත් සමග ඉදිරි මෙහෙයුමි ක්‍රියාත්මක කිරිමට හමුදා නායකත්වයට අසිරු කරුණක් වුයේ පුරන්ව ගිය කුඹුරු යාය නිසා දිවා කාලයේදි හමුදා සෙබළුන්ට ඉදිරියට යෑමට හැකියාවක් නොමැතිවිමයි. භුමියේ අවාසිය තමන් සතුව තිබෙන නිසා එයට එකට එක කිරිම මගින් කොටි නායකත්වයට පාඩමක් ඉගැන්විමෙි මුලික පරමාර්ථයෙනි.
ඒ වන විටත් වන්නි සටන් පෙරමුණේ හමුදා සේනාංක 5 ක් සිය මෙහෙයුමි කටයුතුවල නිරතවිම නිසා ස්නයිපර් බලගණයට අනුයුක්ත වෙඩික්කරුවන්ට කිසිදු විවෙිකයක් නොතිබුනි. වැලිඔය ප්‍රදේශයේදි 59 වන සේනාංකයට අනුයුක්තව සිටි මාක්, ටැංගෝ සහ රයිනෝ යන අනවර්ථ නාම වලින් හැදින්වුනු ස්නයිපර් බලකායේ ප්‍රධාන පෙලේ වෙඩික්කරුවන් තිදෙනාට අමතරව විශේෂ බලකායේ පුහුණුව ලැබු සිවිදෙනෙක් මන්නාරම, සහල් නැලිය ප්‍රදේශයට අනුයුක්ත කරනු ලැබුවෙි කොටි විසින් ලබාදි තිබුනු බාධකය හැකි ඉක්මනින් ජයගත යුතුයි යන අභියෝගයද ලබා දෙමිනි.
තමන්ට ලබාදුන් අභියෝගය කිසිදු පැකිලිමකින් තොරව භාරගත් මාක් ප්‍රමුඛ ස්නයිපර් සෙබළුන් හා විශේෂ බලකායේ කුඩා කණ්ඩායම එදින සවස 6 පසුවනවාත් සමග හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල අතරින් රිංගා ගියේ ඉක්මනට සුභ ආරංචියක් ලබාදෙන බවට 57 වන සේනාංකයේ අණදෙන නිලධාරි එවකට බ්‍රිගේඩියර් ජගත් ඩයස් මහතාට පොරොන්දුවක්ද ලබාදෙමින්ය.
ගොමිමන් අදුරත්.. එලිවෙන හිමිදිරියත් සතුරාට පහරදිම සදහා යොදා ගත හැකි හොදම වෙිලාවයැයී චීන යුධ සෙන්පතියෙක් වරක් සිය හමුදා භට කණ්ඩායමට ප්‍රකාශ කර තිබුනී. තම අරමුණ සාක්ෂාත් කර ගැනිමට නමි මෙි මොහොතේදි කල යුතු හොදම දේනමි චීන සෙන්පතියා කිවි ආකාරයටම සතුරාට නොදැනෙන්න සතුරා අතරට රිංගා ගොස් සිය සැලැස්ම ක්‍රියාත්මක කල යුතු බවට සිතා ගත් හමුදා විශේෂ බලකායේ සෙබළුන් පුරා දින එකහාමාරකට ආසන්න කාලයකින් පසු කොටි ත්‍රස්තවාදින් විසින් ඉදිකර තිබුනු අඩි 15 ක් පමන උසින් යුත් පස් බැමිම අසලට සමිප විය.
තමන් ආසන්නයට හමුදා භට පිරිස් පැමින ඇති බවට කිසිදු මොහොතක නොසිතු කොටි ත්‍රස්තවාදින් තමන් ආරක්ෂිතයැයි සිතමින් අලසව දවස ගෙවමින් සිටියහ. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් හමුදා විශේෂ බලකායේ සෙබළුන් තමන් සතුව තිබු පුපුරණ ද්‍රව්‍ය කොටින්ගේ පස් බැමිමට සවිකර එතැනින් ඉවත්ව ගියේ ස්නයිපර් තුවක්කු කරුවන් දුර සිට ඔවුන්ට ආවරණය සපයමින් සිටිම නිසාවෙනී.
නායක මටිටමෙි යැයී සිතිය හැකි පුද්ගලයින් කිහිප දෙනෙක් ඊට සුළු මොහොතකට පසුව සහල් නැලිය කුඹුරු යාය ආසන්නයේ ඉදි කර තිබෙන තම නවතම ආරක්ෂක උපක්‍රමය පිලිබදව සොයා බැලිමට පැමිණියේ මෙි මොහොතේදිය. තවත් මොන කතාද....???

ලගටම පැමිණි ගොදුර අත්නාරින පුරුද්ද ඉතා හොදින් ප්‍රගුණ කර තිබුනු මාක්, ටැංගෝ හා රයිනෝ ගේ කැලිබර් වර්ගයේ ස්නයිපර් අවි වලින් නිකුත් වුනු උණ්ඩ කොටි නායකයින් තිදෙනාගේ හිස පසාරු කරන් ගියේ එකින් එකාට සිදුවුයේ කුමක්ද කියාවත් ඔවුන්ට සිතා ගැනිමට මදක් හෝ ඉඩකඩ ලබා නොදිමිනි.
තම නායකයින් තිදෙනාට සිදුවුනේ කුමක්ද කියා එතැනට දිව ආ තවත් කොටි සාමාජිකයින් 9 දෙනෙක්ටද ස්නයිපර් ප්‍රහාරයන්ට ලක්ව ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුනේ ඇසපිය ගහන කාලයටත් වඩා අඩු කාලයකිනී.
ඒත් සමගම එකවර හෙන හඩක් නංවමින් කොටි ත්‍රස්තවාදින්ගේ පස් බැමිම පුපුරා ගියේ හමුදා විශේෂ බලකාය විසින් තමන් සවි කල පුපුරණ දුව්‍ය පුපුරුවා හැරිමත් සමගය. හමුදාවට ඉතා වෙහෙසකර මෙහෙයුමක් බවට පත්ව තිබු මන්නාරම, සහල් නැලිය ප්‍රදේශය බෙිරා ගැනිම සදහා එදා සැගවුනු වෙඩික්කරුවන් කල මෙහෙය අතිමහත්ය.
තමන් කල මෙහෙය නිසා ලක් මතාව ලැබු නිදහස ගැන ඔවුන් කිසි දිනක, කිසි මොහොතකදි උදමි ඇනුවෙි නැත. කිසිම විටකදි ඒවාට අයිතිවාසිකමි කිවෙිද නැත... මන්ද ඔවුන් සැගවුනු වෙඩික්කරුවන් නිසාවෙනි... ඔවුන් සැමවිටම පෙමි කලේ තම අතරැදි ගිනි අවියටයි...
" සතුරා මා ඉදිරියේ හිදි... ඔවුන් මා වට කරගෙන සිටියි... මගේ මෙහෙයුම මරණයයී.. එය ඔවුන්ට උදාකර දෙන තුරු මා නොනවතිමි"....
(මතු සමිබන්ධයි)