Monday, March 26, 2012

අපරාධයට වසර 12ක් ගතවුවත් ගැලවීමක් නැහැ



2000 වසරේ මාර්තු මාසයේ 31 වෙනිදා අනුරාධපුරය ප්‍රදේශයේදි රැසියාවෙි නිෂ්පාදිත ඇන්ටනෝවි-26 වර්ගයේ ගුවන් යානාවක් බිම වැටුනා ඔබ කාට කාටත් මතක ඇතියි. එදා මෙම ගුවන් අනතුරින් යාපනයේ සිට කොළඹ බලා එමින් තිබු ගුවන් යානයේ සිටි යුක්රේන් ජාතික ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළුව රණවිරුවන් 40 දෙනෙක් මිය ගියාය.

එදා මෙම ගුවන් අනතුරට හේතුව යානයේ ඇතිවු කාර්මික දෝෂයක් බව සිතා සිටියත් අද වන විට එය සත්‍යයක් නොවන බව තහවුරු කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ සිටින ඉතා දක්ෂ නිලධාරින් කණ්ඩායමක් සමත්ව සිටිනවා.

එදා ( 2000 වසරේ) මාර්තු මාසයේ 30 වෙනිදා අනුරාධපුරයට ආසන්න විල්පත්තු කැලෑවෙි සිටි කොටි සාමාජිකයින් දෙදෙනා ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයකින් එල්ල කිරිම නිසා මෙම ඇන්ටනෝවි-26 ගුවන් යානය විනාශවු බව හෙලි කර ගැනීමට ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

පසුගියදා අත් අඩංගුවට ගනු ලැබු මෙම කොටි ත්‍රස්තවාදින් දෙදනාගෙන් සිදුකල දිර්ඝ ප්‍රශ්න කිරිමි රැසකින් අනතුරුව තමන් සිදුකල මිසයිල ප්‍රහාරය ගැන තොරතුරු ඔවුන් විසින් හෙලිකර තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රහාරයට යොදා ගත් ගුවන් නාශක මිසයිලයේ බහා තිබු ඇසුරුමි කොපුව පවා ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම ගුවන් යානා අනතුර වෙලා අවුරුදු 12 ක් සමිපුර්ණ වෙන්න තව දවස් 5 යි තියෙන්නේ. අපි සංතෝෂ වෙනවා අවුරුදු 12ක් ගත වෙලත් මෙම ප්‍රහාරය කුමන හේතුවක් නිසා වුනු එකක්ද, ඒකට සමිබන්ධ වැරදිකරුවන් අත් අඩංගුවට ගන්න ලැබීම ලොකු සතුටක් බව මෙම පරික්ෂණ මෙහෙයවු නිලධාරින් පවසා සිටියි.

( ශාපලත් කොටි ත්‍රස්තවාදයේ අළුයට ගිනිපුපුරු තවමත් සොයා යමින් නැවත වරක් කොටි ත්‍රස්තවාදින්ට අපේ මවිබිම ගිල ගන්නට මංපෙත් අහුරු කරනා මෙවන් ආරක්ෂක අංශ නිලධාරින්ට " මතක මංපෙත" බිලොග් අඩවියේ ප්‍රණාමය...!!!)

Thursday, March 22, 2012

කොටින්ට යන එන මං නැති කල හමුදා සුනාමිය..



වසර දෙකහාමාරකට පෙර ආරමිභවු හතරවන ඊලාමි යුද්ධයේ අවසානය කෙමෙන් කෙමෙන් උදා වෙමිනා තිබුනී. " කොටි ත්‍රස්තවාදය ඉදිරි වසරේදි ශ්‍රි ලංකාවෙන් අතුගා දමනවා" ඒ.. රණබිමෙි සැමදා නම රැන්දු අභීත රණවිරුවන්ගේ එඩිතර හඩයි.

ඒ 2008 වසරේ දෙසැමිබර් මාසයයි. උදුවප් මහේ සීතල පරදවා දිගින් දිගටම ඇදහැලෙන ඊසාන දිග මෝසමි වර්ෂාවට පිං සිද්ධ වෙන්න උතුරේ වැඩි භුමි ප්‍රදේශයක දගින්නට ලැබුනේ ජල ගැලීමි තත්වයන්ය. කුමන ආකාරයේ බාධක ආවත් ඒ සියල්ල දරාගනිමින් ශ්‍රි ලංකා යුධ හමුදාවෙි රණවිරුවන් සුපුරුදු ආකාරයෙන්ම සිය මෙහෙයුමි කටයුතු ඉදිරියට කරගෙන ගියේ ඉක්මනින්ම තම උපන් බිම කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගැනිමෙි ඒකායන බලාපොරොත්තු වෙන් බව එක එල්ලේ දිස්වෙන හැම මුහුනකම ඇදුනු ඉරියවි කියා පෑවා.




යුධ හමුදාවෙි 58 වන සේනාංකය ඒ වන විටත් පරන්තන් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් සිය මෙහෙයුමි කටයුතු දියත් කර තිබුනු අතර 57 වන සේනාංකයේ රණවිරුවන් හතරවන ඊලාමි යුධ ඉතිහාසයේ තවත් එක් රන් පිටුවක් පෙරලීමෙි අරමුණින් පිඹුරුපත් සකස් කරමින් සිටියේ එය ඉතාමත් සුක්ෂම හා රහසිගත කටයුත්තක් ලෙස සලකාය.

එවකට බ්‍රිගේඩියර් නිලයේ සිටි 57 වන සේනාංකාධිපති ජගත් ඩයස් ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකචිජාවක් සුදානමි පැවත්වුයේ 2008 වසරේ අවසාන වන්නට දින කිහිපයක් තිබියදීය. එම රැස්වීම සදහා 571, 572 හා 574 බලසේනාධිපතිවරුන්, බුද්ධි අංශ නිලධාරින් හා කාලතුවක්කු රෙජිමෙින්තුවෙි නිලධාරින් පමනක් සහභාගිවී සිටියාය.

එම රැස්වීම ඉතා තිරණාත්මක එකක් විය. 57 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජගත් ඩයස් මහතා තමාට ඉහලින් ලැබුනු නියෝගයන් හා සැලසුමි ප්‍රකාරව භුමියේ භට පිරිස් වලට අණදෙනු ලබන සේනාංකාධිපතිවරුන්ට ඉදිරි සැලසුමි සියල්ලම පැහැදිලි කර දුන්නේ අතරින් පතර ඇතිවු යමි ගැටළු පිලිබදව සාකචිජා කර ඒචාට එවලේම විසදුමිද ලබා දෙන ගමන්ය.

මෙි අතර යාපනය අර්ධද්ධිවීපයේ නාගර්කෝවීල් හා මුහමලේ 53 වන හා 55 වන සේනාංකයන් ඒ වන විට කොටි ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් ආරමිභ කලේ දෙසැමිබර් 29 වෙනිදා රාත්‍රි කාලයේදීය. එම ප්‍රහාරයේ මුලික අරමුණ වුනේ කොටි ත්‍රස්තවාදින්ගේ අවධානය වෙනතකට යොමු කරන ගමන්ම ඔවුන්ට අයත් කොටි පාලන ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමටයී. එම බලාපොරොත්තුව මුදුන්පමුනවමින් යුධ හමුදාවෙි 53 වන හා 55 වන බලසේනාංකයන් විසින් කොටි ඉදිරි ආරක්ෂක වලල්ල අත්පත් කර ගත් අතර කොටි ත්‍රස්තවාදින් අලිමංකඩ දක්වා පසු බැසීම ආරමිභ කලේ හමුදාවෙන් තමන්ට එල්ල වන දැඩි ප්‍රහාර වලට මුහුන දීමට තිබෙන අපහසුතාවය නිසාම බව හමුදා සෙබළුන් දැනගත්තේ ඔවුන්ගේ රේඩියෝ හුවමාරු පණිවිඩ වලට සවන් දිමෙනී.




මෙි අතර 58 වන සේනාංකයද පරන්තන් හංදියට කිලෝමිටර් 3ක් පමන ඈතින් ස්ථානගතව සිටියේ තමන්ට අණ ලැබුනු සැනින් පරන්තන් හංදිය අත්පත් කර ගැනිමෙි අභිලාෂයෙනි. මෙසේ සියලු කටයුතු සිදුවෙමින් පවතිද්දී 57 වන සේනාංකයට අයත් රණවිරුවන් සිය තීරණාත්මක මෙහෙයුම ආරමිභ කිරිමට සුදානමිව සිටියේ නොඉවසිලිවන්තවය.

හරියටම දෙසැමිබර් 30 වනදා රාත්‍රි 10ට පමන මෙතෙක් වෙලා තමන් බලාපොරොත්තුව සිටි මෙහෙයුම ආරමිභ කිරිමෙි සංඥාව ලැබුනු 57 වන සේනාංකයේ රණවිරුවන් රාත්‍රි අන්ධකාරයේ වුවත් සෙමින් සෙමින් ඉදිරියට ඇදුනේ තමන් ඉදිරියට පැමිනෙන ඔිනෑම අභියෝගයක් ජය ගෙන මිස නැවත එන්නේ නැහැ කියන උදාර වු සිතුවිල්ල සිතින් තුරුළු කරගෙනමය.

571 වන බලසේනාංකයේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කල ලුතිනන් කර්නල් හරේන්ද්‍ර රණසිංහගේ නායකත්වයේන් යුත් භට පිරිස් කිලිනොචිචී නගරයේ දකුණු දෙසින් පිහිටි දුමිරිය ස්ථානය දෙසින්ද, 574 වන සේනාංකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සේනක විජේසුරිය ඇතුළු භට පිරිස් ඉරණමඩු හංදිය දෙසින් කිලිනොචිචී නගරය ඉලක්ක කර ගනිමින් සිය ප්‍රහාර ආරමිභ කරන ලදියි.

ලුතිනන් කර්නල් ධමිමික ජයසුන්දරගේ අණදිම යටතේ සටන් වදිමින් සිටියි 572 වන බල සේනාංකය සිය ප්‍රහාරයන් 571 හා 574 බලසේනාංකයන් වලට මැදිව හිදිමින් එල්ල කරමින් ඉදිරියටම ඇදුනේ කොටි ත්‍රස්තවාදින්ට සිදුවන්නේ කුමක්ද යන්න පිලිබදව හෝ යමි තරමකින්වතා සිතා ගන්නට ඉඩක් ලබා නොදමින්ය.

මෙි අතර කිලිනොචිචී නගරය මුදා ගැනීමෙි සටන් පවතින අතර තුරදි කොටි ත්‍රස්තවාදින්ට කිලිනොචිචීය, අලිමංකඩ ප්‍රදේශය යා කරමින් පැවති එකම සැපයුමි මාර්ගයේ ප්‍රධාන ස්ථානයක්වු " පරන්තන්" මංසන්ධිය අත්පත් කර ගන්නැයි ඉහලින් ලැබුනු නියෝගයන්ට අනුව කටයුතු කල බ්‍රිගේඩියර් ශවෙින්ද්‍ර සිල්වා ගේ අණදිම යටතේ ඉදිරියට ඇදුනු 58 වන සේනාංකය සිය ඉලක්කය සාක්ෂාත් කර ගනු ලැබුවෙි පැය 4 ක පමන කෙටි මෙහෙයුමකින් අනතුරුවය.

පරන්තන් මුදාගැනිමෙි පුවත කොළඹ සිටි හමුදා ප්‍රධානින්ට සැලවීමත් සමග 58 වන සේනාංකයට තවත් මෙහෙයුමක් සදහා කැදවීමක් ලැබුනී. ඒ කිලිනොචිචීයට දකුණු දෙසින් සටන් කරමින් සිටින 571 වන බලසේනාංකය සමග සමිබන්ධවන ( ෆ්ලැන්ක්) ලෙසයි. පරන්තන් හංදියේ සිට ඉතා කෙටි කාල සිමාවක් තුලදි ඉදිරියට ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට පැමිනි 58 වන සේනාංකයේ සෙබළුන් 571 වන සේනාංකයත් සමග සමිබන්ධ වීමත් සමග කොටි ත්‍රස්තවාදින්ට ඉතා දරුණු ගණයේ ප්‍රහාර මාලාවකට මුහුන දීමට සිදුවිය.


දිගින් දිගටම කෙලවරක් නොමැති ප්‍රහාර වලින් හෙමිබත්ව සිටි කොටි නායකයින් දෙදෙනෙක් අතර සිදුවු කතා බහක් ශ්‍රවනය කිරිමට 572 වන බලසේනාංකයේ පණිවිඩ හුවමාරු ජාලයේ සිටි හමුදා බුද්ධි අංශ සමාජිකයින්ට මෙහිදි අවස්ථාව උදාවිය. මෙහිදි කොටි නායකයින් වන දීපන් හා වෙල්ලවන් සිය ඉහල අණදෙන නිලධාරින්ට කියා සිටියේ, " කොයි පැත්තෙන් ගහනවද කියලා අපිට තාමත් හිතා ගන්න බැහැ. අපේ බන්කර් ලයින් එකට කෙලිනුත් ඇටෑක් කරනවා වගේම සයිඩිස් ( පැති ප්‍රහාර) වලිනුත් ඇටෑක් කරනවා. හරියට සුනාමියක් ගහනවා වගෙයි. අපි බොහොම අමාරුවෙන් ලයින් එක අල්ලන් ඉන්නේ. දැනටමත් සමහරු පැනලා යනවා. පුලුවන්නමි උන්ව අල්ලලා ආපහු එවන්න නැත්නමි උන්ට වෙඩි තියාල මරලා දාන්න".

ඒ 2009 වසරට හිරු උදාවෙමින් තිබුනේ දහසකුත් එකක් බලාපොරොත්තු මෙි ලක්දෙරණට ජනිත කරවමින් බව කවුරුත් නිකමටවත් නොසිතන්නට ඇති. උතුරු යුධ පෙරමුණේ සිදුවන කිසිම දෙයක් ඒ වන විට දකුණු ලකේ ජනතාවට දැනගන්නට ඉඩ නොලැබීම එයට ප්‍රධානතම හේතුව විය.



2009 වසරේ ජනවාරි පලමුවෙනිදා උදෑසන 8 පමන වන විට 57 වන හා 58 වන යුධ හමුදා සේනාංකයන් කොටි නායක ප්‍රභාකරන්ගේ සිහින නගරය හෙවත් කිලිනොචිචී නගරයට ඇතුල් වුයේ කොටි නායකයාගේ අවසානය ලග බව ඔහුට රතු එලියක් දල්වමින්ය.

නගරයට ඇතුල්වුනු හමුදා සෙබළුන් කොටින්ගේ මර උගුල් ඉවත් කරමින් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමි දියත් කලේ සැගවි සිටින කොටි ත්‍රස්තවාදින් සිටීනමි එය තමන්ගේ ආරක්ෂාවට විශාල තර්ජණයක් වන බව ඔවුන් සක්සුදක්සේ දැන ගෙන සිටිය නිසාවෙනි.

ජාතියේ පිනට පහලවුනු අපේ රණවිරුවන් කිලිනොචිචී නගරය අත්පත් කර ගත්තේ විජයග්‍රහණයේ සුවද ටිකෙන් ටික තමන්ගේ පපුව ඇතුලට පුරවා ගන්නා ගමන් ඉතිරිව තිබෙන තම වැඩ කොටසද ඉක්මනින් අවසන් කර දයේ දරුවන්ට කොටි ත්‍රස්තවාදයට යලිත් අපගේ ලක්දැයේ හිස එසවීමෙි ඉඩකඩ නොතබන බවට දිවුරමින්ය.

Monday, March 19, 2012

ඉන්දියාව අපිට එරෙහිවන ලකුණු.



ජීනිවා හිදි පැවත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකමි සමුළුවෙිදි ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙනා යෝජනාව සමිබන්ධයෙන් ඉන්දියාව සිය මතය අද ලෝක් සභාවෙිදි මීට නොබෝ වෙලාවකට පෙර හෙලි කලාය.

ඉන්දීය අගමැති මන්මෝහන් සිං ලෝක් සභාවෙිදි කියා සිටියේ " ශ්‍රි ලංකාවෙි සිදුව ඇතැයි කියන මානව හිමිකමි කඩවීම හා අනෙකුත් කරුණු සැලකිල්ලට ගනිමින් තම රජය ඇමරිකාවට සහය දක්වන බවයි. විශේෂයෙන්ම ශ්‍රි ලංකාවෙි ජිවත් වන දමිල ජනතාවට සාධාරණයක් ඉටු කිරිමට මෙය ඉතා හොද අවස්ථාවක් බවයී."

මා විසින් මීට දින කිහිපයකට පෙර ලියා පල කල චැනල්-4 නාලිකාව සමිබන්ධ ලිපියේදි ඉන්දියාවෙි දෙබිඩි පිලිවත ගැන කරුණු කිහිපයක් හෙලි කලාය. දැන් එය සීයයට 75 කින් පමන සත්‍ය බවට පත්වී තීබෙි.

ඉන්දියාවට, ඇමරිකාවට, බ්‍රිතාන්‍යට ඔිනෑ කරන විදිහට අප ජිවත් විය යුතු බව මාගේ අදහස නොවෙි. ඇමරිකාවෙි බඩු භාහිරාදිය ප්‍රතික්ෂේප කිරිමෙි සටන් පාඨ දැන් අනවශ්‍යයි. මොන තරමි අපිව ආරක්ෂා කරන්න බැදි සිටිනවා කියා ඉන්දියාව කියා සිටියත්, ඔවුන්ද ක්‍රියාත්මක වන්නේ ඇමරිකාවෙි බළල් අතක් මෙන්ය. 

ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාවෙි මෙම ක්‍රියා මාර්ගය පිලිබදවත්, ඉන්දියාවෙි අළුත්ම නාට්‍ය පිලිබදව අපි විමසිල්ලෙන් බලා සිටිමු...!!!

ඉන්දිය අගමැතිවරයාගේ ප්‍රකාශය කියවන්න මෙතනිනැ පිවිසෙන්න..

http://www.thehindu.com/news/national/article3011967.ece?homepage=true

Tuesday, March 13, 2012

චැනල්-4 නැවතත් කරලියට.



ශ්‍රි ලංකා රජයේ හමුදාව මානව හිමිකමි කඩ කරපු හමුදාවක්. ඔවුන් අහිංසක දමිල සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කර දැමිමා. මෙවැනි කතා රාශියක් විදෙස් පුවත් පත්, වෙබි අඩවී පුරා පසුගිය මාස කිහිපය පුරාවටම රැවිපිලිරැවි දුන්නේ පසුගියදා ස්විටිසර්ලන්තයේ ජීනිවා නුවරදි ආරමිභ වුනු එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කොමිසමෙි සැසිවාරය ඉලක්ක කර ගනිමින් බව අප කවුරුත් දන්නා කරුණකි.

එහෙත් ජිනිවා මානව හිමිකමි කවුන්සිලයේදි ශ්‍රි ලංකාවෙි මානව හිමිකමි කඩවීමෙි සිද්ධින් වලට එරෙහිව ඇමරිකාව පසුගිය සතියේදි යෝජනාවක් සභාගත කලේ පෙර අප බලාපොරොත්තුවු පරිදිමය. ඇමරිකාව ගෙනා එම යෝජනාවට අදාලව ජන්දය විමසීම මෙම මස 23 වෙනිදා ජිනීවා මානව හිමිකමි කවුන්සිල් සැසිවාරයේදි පැවැත්වීමට කටයුතු සුදානමි කරමින් සිටින බවට මෙි වන විට වාර්ථා ලැබි තිබෙි.

රැසියාව, චීනය, ඉන්දියාව ( තවමත් දෙබිඩි ප්‍රතිපත්තියක සිට වුවත්) ඇතුළු රටවල් රැසක විදේශ අමාත්‍යවරුන් හා නියෝජීතයින් මෙවර මානව හිමිකමි කවුන්සිලයේදි අප රටට එරෙහිව ගෙනා "යෑංකි යෝජනාව" පරාජය කිරිම සදහා අපට සහය දක්වන බව දැනටමත් ප්‍රකාශ කර හමාරය.

ශ්‍රි ලංකාවට අන්තර්ජාතික වශයෙන් මිත්‍රත්වයේ දෑත් දිගුව පවතින අවස්ථාවකදි බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව නැවතත් කිලින් ෆීල්ඩි තුන්වන කොටස බව කියමින් ශ්‍රි ලංකාවෙි යුධ අපරාධ සමිබන්ධයෙන් අළුත්ම වාර්ථා වැඩසටහනක් මාර්තු 14 වනදා විකාශනය කිරිම සදහා සුදානමින් සිටින බවට පසුගියදා වාර්ථා විය.

එම වාර්ථාමය වැඩසටහන සදහා හිටපු කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයා යැයී කියනා 12 හැවිරිදි ලමයෙකු වෙඩි වැදි මිය ගොස් සිටිනා ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක්ද මෙම වාර්ථා වැඩසටහනට ඇතුලත් වන බව යුරෝපයෙන් ලැබෙන වාර්ථා වලින් කියැවෙි.

යුධ අපරාධ සමිබන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රි ලංකාව සමග එලැඹෙින ටෙස්ටි සංචාරය සදහා එංගලන්ත ක්‍රිකටි පිල සහභාගි වීය යුතුද යන්න චැනල් 4 නාලිකාවෙි ජොනතන් මිලර් පසුගියදා එංගලන්ත පිලේ පුහුණුකරු ඇන්ඩි ෆලවර් ගෙන් විමසා සිටියාය. පසුව එම ප්‍රශ්නයට අදාලව එංගලන්ත පුහුණුකරු පිලිතුරු දෙමින් කියා සිටියේ ක්‍රිකටි ක්‍රිඩාව හා දේශපාලනය එකින්එක සමිබන්ධ කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, තම කණ්ඩායම ශ්‍රි ලංකා සංචාරය සදහා සහභාගිවන බවයි.

ශ්‍රි ලංකාවට එරෙහිව දිිගින් දිගටම චැනල්-4 නාලිකාව මෙවැනි ආකාරයේ පහර ගැසීමට කටයුතු කලේ අද ඊයේ සිටක නොව. ඊලාමි යුද්ධය පැවති අවසන් කාල සීමාවෙිදි ශ්‍රි ලංකාවෙි රජයේ හමුදාවන්ට එරෙහිව විවිධාකාරයේ කෙනහෙලිකමි කිරිම සදහා අදෘෂ්‍යමාන හස්තයක් ලෙස මොවුන් කටයුතු කලේය. මෙම කරුණු හේතුවෙන් රජයේ හමුදාවන්ට එරෙහිව අසත්‍ය විඩීයෝ රූප රාමු හා දමිල පුද්ගලයින් යොදා ගෙන සමිමුඛ සාකචිජා කරමින් සිටියදි වවිනියාව ප්‍රදේශයේදි ආරක්ෂක අංශ විසින් 2009 වසරේදි කොටු කර ගැනීමෙන් අනතුරුව රටින් පිටුවහල් කිරිමට ශ්‍රි ලංකා රජය කටයුතු කරන ලදියි.

ඇමරිකාව ඇතුළු එක්සත් ජාතින්ගේ හමුදාවන් විසින් පකිස්ථානය, ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේදි සිදුකරනා මානව සංහාරය සමිබන්ධයෙන් කිසිදු හඩක් නොනැගීමට චැනල් 4 ඇතුළු බටහිර නාලිකාවන් කටයුතු කරනා ආකාරය ඉතාමත් විහිළු සහගතය. මන්දයත්, කිසිදු ඉවක් බවක් නොමැතිව ඩ්‍රෝන් යානා යොදා ගනිමින් අහිංසක සිවිල් වැසියන් සිටිනා ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල කරමින් පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා ඉරාකයේදි මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව මෙි වන විට 10,000කට ආසන්න බව බටහිර රටවල ආක්‍රමණයට එරෙහිව හඩ නගනා සංවිධාන සිය වාර්ථා මගින් කියා සිටියි.
ඇස් ඉදිරිපිට බුරුතු පිටින් සිවිල් වැසියන් මරා දමන බටහිර රටවලට එක් මානව හිමිකමි නීතියකුත්, ලෝකයේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානය පරාජය කල අපගේ වීරෝධාර රණවිරුවන්ට තවත් නිතීයකුත් ක්‍රියාත්මක වෙමින් පවතියි. ඇත්ත ඇති සැටියෙන් නොදකින බටහිර රටවල් හරිනමි කල යුත්තේ ශ්‍රි ලංකාවට එරෙහිව මානව හිමිකමි චෝදනා නැගීම නොව තම රටවල හමුදාවන් වල විනය රැකීම සදහා කටයුතු කිරිමයි.  





අනේකවිද දුක්, කමිකටොළු විදිමින් යුද්ධයේ අවසන් මාස කිහිපයේදිකොටි ත්‍රස්තවාදින් විසින් මිනිස් පලිහක් ලෙසින් තමන් තබාගෙන සිටි ඒ අහිංසක දමිල වැසියන් අද නිස්කලංකව තම ජිවිකාව ගත කරයි.
මීට වසර කිහිපයකට පෙර උතුරු හා නැගනහිර පලාත් වල අප ඇවිද ගියේ මරණයේ සෙවනැලි මැදින්ය. රාජකාරිමය වශයෙන් මා එහි සිටිනා කාල සීමාවෙිදි දුටුවෙි විනාශ වී ගිය ගොඩනැගිලි හා බලාපොරොත්තු විරහිත භාවයෙන් පිරුනු මිනිසුන්ගේ මුහුණුය. කොටි ත්‍රස්තවාදින් විසින් අප රටට අහිමි කල වටිනා ජිවිත ගණන අතිමහත්ය. සාමයේ වටිනාකම අපට වඩා තේරුමිගත් රටක් මෙි ලෝක සිතියමෙි තවත් සොයා ගන්නට අසිරුය. හෙට එලිවෙද්දි ජිවතුන් අතර ඉදීද නැද්ද කියා සිතා ගැනීමට තරමි අසිරු කාලවකවානුවක අප ජිවත් වුනෙමු. ඒ තරමි යුද්ධයෙන් අප බැට කැවෙමු.



අනෙක් රටවල ප්‍රශ්න විසදීමට ගොස් ඉල්ලන් කන ඇමරිකාව ඇතුළු බටහිර රටවලට ඔවුන් කරනා විනාශය තවමත් තේරුමි නොගොස් ඇත්තේ මන්ද යන්න ගැටළුසහගතය. වරක් අල්-කයිඩා සංවිධානයෙන් සල්ලමිවුනු ඇමරිකාව ඉදිරියේදි ඉරානයෙන් හෝ සිරියාවෙන් හෝ පාඩමක් ඉගෙන ගනිවා යැයි ප්‍රාර්ථනා කරමු.

දේශපානමය කෝණයකින් නොබලා රට ජාතිය වෙනුවෙන් තමන්ගේ හෙට දවස අපගේ නිදහස වෙනුවෙන් කැප කල වීරෝධාර රණවිරුවන් පෝරකයට රැගෙන යෑමට වෙර දරනා බටහිර බලවෙිගයන් පරාජය කිරිම සදහා අප සියළු දෙනාගේ වගකීමයි. මාතෘභුමියේ නිදහස වෙනුවෙන් දිවිපිදු ඒ රණවිරුවන් වෙනුවෙන් ඒ යුතුකම අප පක්ෂ පාට, භේද නොසලකා එකාවන්ව ඉටු කරමු..!!!

Sunday, February 26, 2012

මවිබිම රැක ගැනීම සදහා නැවතත් අප එකමුතු වෙමු....



ස්විටිසර්ලන්තයේ ජිනීවා නුවරදි හෙට ඇරඹෙින එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කවුන්සිලයේදි අපගේ මවිබිමට එරෙහිව බටහිර රටවල් විසින් ගෙන ඒමට සුදානමි වන මානව හිමිකමි කඩ කිරිමෙි යෝජනාව පරාජය කිරිමට  ශ්‍රි ලාංකිකයින් වන අප සියළු දෙනා එකා මෙන් එකතු විමෙි දැඩි අවශ්‍යතාවයක් ඉස්මතුව තිබෙි.

දේශපාලන කෝණයකින් තොරව අප සියළු දෙනා එකා මෙන් පෙරට යායුතු කාලය නැවත වරක් එලැඹ තිබෙි. මන්දයත්, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඊලාමි යුද්ධය අවසන් කාල සීමාවෙිදි සිදුවු බව කියන මිනිස් සංහාරයට රුදිරි කොටියාගෙන් අපගේ මවිබිම බෙිරා දුන් වීරෝධාර රණවිරුවන්ට සිය ඇගිල්ල දික් කරමින් සිටියේ අද ඊයක සිට නොවෙි.

බටහිර ගැත්තන් විසින් මැදපෙරදිග අවුළුවා තිබෙන ගින්න අප අද වන විට සියැසින් දැක ඇත්තෙමු. විශේෂයෙන්ම යන තන නාගන්නා න්‍යායෙන් කටයුතු කරන ඇමරිකාවෙි රාජ්‍ය ලේකමිවරිය පසුගිය වසරේදි ඉන්දියාවෙි සංචාරයක නියැලිමෙි මුලික අරමුණු වුයේ ශ්‍රි ලංකාවට එරෙහිව ගෙන ඒමට ඔවුන් සුදානමි කරමින් සිටින මෙම මානව හිමිකමි කඩ කිරිමෙි චෝදනාව සමිබන්ධයෙන් ශ්‍රි ලංකාවට ඉන්දියාවෙි සහය ලබා නොදිමෙි මුලික යටි අරමුණෙන් බව නමි දැන් නොරහසකි. දකුණු ආසියාවෙි බලවතා මෙන්ම අප රටෙි අසල්වැසියා වන ඉන්දියාව මෙි වනතුරුත් එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කවුන්සිලයේදි අප රටට එරෙහිව ගෙන ඒමට වටහිර රටවල් සුදානමි කර තිබෙන මෙම යෝජනාව සමිබන්ධයෙන් ඔවුන් දරන මතය ප්‍රකාශ කර නැතිවීම ප්‍රබලම සාධකයක් වෙයී.

අපගේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කල ඒ වීරෝධාර සෙබළුන් වෙනුවෙන් අප එකමුතු වෙමු. සුද්දන්ට ඔිනකරන හැටියට අපගේ රට නැවත වතාවක් සමිබාධක කියන වචනෙට යටත් කර ගන්නට ඉඩ නොදෙමු.

අපගේ ලක්මවට ඉව අල්ලන වෘකයෝ රැල පරදමු....

අපේ මවිබිම සැමදා දිනෙවා...!!!

Monday, February 13, 2012

ගුවන් හමුදා මිග්-27 ප්‍රහාරක යානාවක් අනතුරට පත්වෙයි.


 පුහුණු විමි කටයුතු වල නිරත වෙමින් තිබු රුසියාවෙි නිෂ්පාදිත මිග්-27 ප්‍රහාරක ගුවන් යානාවක් අද දහවල් 1.30 ට පමන මාරවීල, දුමිමලසුරීය ප්‍රදේශයේදි අනතුරට පත්වු බව ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබෙිවික්‍රම මහතා කියා සිටියි.

අද පැවැති පුහුණු වීමක් අතර තුරේදි මිග්-27 ගුවන් යානයේ එංජිමෙි හටගත් කාර්මික දෝෂයක් නිසා ගුවන් නියමුවා නැවත යානය පන ගන්වන්න උත්සහා කලත්, එය සාර්ථක නොවු නීසා ඔහු නිරුපද්‍රිතව ගුවන් යානයෙන් පිටතට පැන පැරෂුටයක ආධාරයෙන් අසල ප්‍රදේශයට ගොඩබ
බවත්, කාර්මික දෝෂයට ලක්වු මිග් යානාව දුමිමලසුරීය ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටුනු බව ගුවන් හමුදා ආරංචි මාර්ග කියා සිටියි.

කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව පැවති අවසන් යුධ සමයේදි මිග්-27 ප්‍රහාරක යානා සතුරු කදවුරු විනාශ කිරිමෙහිලා දැක්වු දක්ෂතාවයන් ගැන සියළු දෙනාට තවමත් මතකයේ ඇතුවා නොඅනුමානයි....

Thursday, February 9, 2012

කොළඹදි මටිටු වුනු කොටි සිහිනය

ඒ 2007 වසරේ මාර්තු මාසයේ 26 වෙනිදායි. වෙළුපිල්ලේ ප්‍රභාකරන් කියන ලේ පිපාසිතයා ඊලම සොයා යන ගමනේදි තමන් ලොව අන් කවර ගරිල්ලා සංවිධානයකට වඩා ප්‍රබලත්වයෙන් සිටින බව පෙන්වා දිමෙි අරමුණින් මුල්වරට තම සැහැල්ලු ගුවන් යානා දෙකක් යොදා ගනිමින් කටුනායක ගුවන් හමුදා කදවුරු සංකිර්ණයට ගුවන් ප්‍රහාරයක් එල්ල කලේ එදිනයි.


එදා කොටි ත්‍රස්තවාදින් සිය ගුවන් යානා දෙක යොදා ගනිමින් ප්‍රහාර එල්ල කලේ කටුනායක ගුවන් හමුදා කදවුරේ අංගනයන්හි රදවා තබා තිබු කෆීර් සහ මිග්-27 ප්‍රහාරක ගුවන් යානා ඉලක්ක කර ගනිමින් බව මහත් උජාරුවෙන් පුරසාරමි දොඩන්න කොටි නායකත්වය සිය අණසක යටතේ පවතින වෙබි අඩවි හා යමි විදෙස් මාධ්‍ය ජාලයන් උපයෝගි කර ගත්තාය. කොටින්ගේ එම ප්‍රහාරයෙන් ගුවන් හමුදාවෙි සෙබළුන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 15 ක් තුවාල ලැබුවාය.
 

කොටි ත්‍රස්තවාදින් එල්ල කල ගුවන් ප්‍රහාරයත් සමග මුහුන දිමට සිදුව තිබෙන අළුත්ම ආකාරයේ තර්ජනය පිලිබදව ජාතික ආරක්ෂක කවුන්සිලයේදි දිගින් දිගටම සාකචිජා කෙරුනු අතර පසුව වහාම ක්‍රියාත්මක වන ලෙසින් කොලඹ, කටුනායක, ත්‍රිකුණාමලය ඇතුළු ආරක්ෂක හමුදා සංකිර්ණ වැඩියෙන් පිහිටා තිබෙන ස්ථාන වලට ගුවන් ආරක්ෂණ පද්ධතියන් ස්ථාපිත කිරිම සදහා අවශ්‍ය කටයුතු සුදානමි කෙරිනි.

එයට අමතරව ගුවන් හමුදාවෙි අනුරාධපුරය, වවිනියාව, පළාලි, ත්‍රිකුණාමලය කදවුරු ආශ්‍රිතව පිහිටි රේඩාර් මධ්‍යස්ථාන වලට අධි තාක්ෂණික උපකරණ ලබා දුන්නේ කොටි ගුවන් යානා ගුවන් ගත වනවාද යන්න පිලිබදව දැඩිව නිරික්ෂණය කිරිමෙි බලාපොරොත්තුවෙනි. ඒ අතර එෆ්-7 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් සදහා ගුවනේ සිට තවත් ගුවන් යානාවකට පහර දිමෙි ක්‍රමවෙිදයක් සහිත මිසයිල පද්ධතියන්ද සවීකරන ලදියි. ( මෙලෙස ගුවනේ සිට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මුල් වරට මුලතිවි ප්‍රදේශයේදි කොටි ගුවන් යානාවක් විනාශ කිරිමට 2008 වසරේ සැප්තැමිබර් 11 වෙනිදා ගුවන් හමුදාව සමත් විය).

සියළු කටයුතු සුදානමි කරන අතර වාරයේදිත් කොටි ගුවන් යානා අවස්ථාවන් කිහිපයකදි කොලඹ, ත්‍රිකුණාමලය, යාපනය, අනුරාධපුර යන ප්‍රදේශයන්ට සිය සැහැල්ලු ගුවන් යානා යොදා ගනිමින් ප්‍රහාර මාලාවන් කිහිපයක්ම එල්ල කරන ලදි. සියළුම දෙනාට අමතක නොවන ආකාරයේ කොටින් ගුවන් ප්‍රහාරයක් එල්ල කලේ 2007 වසරේ අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙමින් තිබුනු අතර වාරයේදිය. එදා කොටි ත්‍රස්තවාදින් තමන් පෙර ලබාදි තිබුනු සියළු පොරොන්දු කඩා බිද දමමින් නැවත වරක් සිය මිලේචිජත්වය ප්‍රකාශ කලාය.

කොටි ගුවන් හමුදාව තමන් ප්‍රබල බව ලොවට කියා පෑමට සිය උපරිම උත්සහය යොදද්දී ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නිහඩව බලන් සිටියේ තම වාරය පැමිණෙන තුරුය. ඒ කොටි නායක ප්‍රභාකරන්ගේ සිහින මාලිගාව සුන්ද්ධුලි කිරිමෙි අරමුණින්ය.

දින සති ගෙවි ගීයේ කිසිදු ආකාරයක කොටි ගුවන් යානාවල ක්‍රියාකාරකමක්වත් වර්ථා නොකරමින්ය. එහෙත් සියළු සිද්ධින් උඩු යටිකරු කරමින් වාර්ථා වුයේ 2009 වසරේ පෙබරවාරි පලමු සතියේදි මුලතිවි වල සිටි ආරක්ෂක හමුදා සාමාජිකයින් කොටි ත්‍රස්තවාදින්ගේ බවට සැක කෙරෙන ගුවන් යානාවක් පියාසර කරන ආකාරයේ ශබිදයක් තමන්ට ඇසුනු බවයි. එහෙත් ඒ පිලිබදව කිසිදු ආකාරයකින් රේඩාර් යන්ත්‍රවල සටහන් නොවිම නිසා යමි ආකාරයේ ගැටළු සහගත තත්වයක්ද ඉස්මතුව තිබුනී.

ඒ 2009 වසරේ පෙබරවාරි මස 20 වෙනිදා රාත්‍රි 8 පසුවුවා පමනයි. වවිනියාවෙි පිහිටි ගුවන් හමුදා කදවුරේ පිහිටුවා තිබෙන ඉන්දිරා-2 රේඩාර් යන්ත්‍රයේ තිරයේ සැක කටයුතු ලකුණු දෙකක් නිරික්ෂණය වුයේ එම මොහොතේ රාජකාරියේ යෙදි සිටි නිලධාරියාටය. වහාම ක්‍රියාත්මකවු අදාල නිලධාරියා වහාම ඒ පිලිබදව තම උසස් නිලධාරින්ට හා කොලඹ පිහිටි ගුවන් හමුදා මුලස්ථානයටද දැනුමි දුන්නේ වැඩිදුර උපදෙස් බලාපොරොත්තු වෙනි. පෙර අවස්ථාවලදි මෙන් මෙවර කොටියාට ගුවන් හමුදාවෙි උකුසු ඇස් වහන්න ඉඩ නොලැබුනී.

කොටි ගුවන් යානා තම හිසට උඩින් පියාසර කරමින් යන බවට මුලින්ම දැක්කේ මුලතිවි ඉදිරි ආරක්ෂක තිරුවෙි සිටි යුධ හමුදාවෙි සෙබළුන් පිරිසකි. මුලතිවි වලට ඉහලින් පැමිණි එම කොටි ගුවන් යානා සෙමින් සෙමින් මන්නාරමට ඉහලින් මුහුදු කලාපයට පිවිසෙන ආකාරය වවිනියාව හා කටුනායක පිහිටි රේඩාර් යන්ත්‍රවල පැහැදිලිව දිස්වුනී.

කොටි ගුවන් යානා දෙක පුත්තලම ප්‍රදේශයට පැමිණෙන විට වෙලාව රාත්‍රි 8.30 පසුවුවා පමනි. ඒ වන විටත් ගුවන් හමුදාවෙි කටුනායක පිහිටි කදවුරේ තිබු එෆ්-7 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දෙක ගුවන් ගත කෙරුනේ අවැසි මොහොතේදි සටනට අවතීර්ණ කරවිමෙි බලාපොරොත්තු වෙනි. මෙි අතර පෙර සුදානමක් ලෙස කටුනායක ගුවන් තොටුපලේ සියළු මෙහෙයුමි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ගුවන් තොටුපල බලධාරින් විසින් පියවර ගත් අතර කටුනායක බලා එමින් තිබු මගී ගුවන් යානා 8ක් ඉන්දියාවෙි ගුවන් තොටුපලවල් කරා හරවා යැවීමටද ගුවන් ගමන් පාලක මැදිරිය පියවර ගත්තාය.
කොළඹදි මටිටුවුනු කුරුමිබැටිටී මැෂිමෙි කතාව

මෙම සියළු සිදුවීමි ලහි ලහියේ සිදුවෙද්දි කොලඹ හෝ තදාසන්න ප්‍රදේශ වල ජිවත්වුනු කිසිම අයෙකු කොටි ගුවන් යානා ගුවන් ගතවී තිබුණු බවට දැන ගෙන තිබුනේ නැත. හරියටම රාත්‍රි 8.45 වෙද්දි කොලඹ නගරයේ හා අනෙකුත් තදාසන්න ප්‍රදේශවල විදුලි බලය අත්හීටුවන විට කොටි ගුවන් යානා කොලඹ නගරයට කිලෝමිටර් 8ක් පමන ඇතින් ස්ථානගතව තිබුනු බව ගුවන් හමුදා රේඩාර් යන්ත්‍රවල සටහන්ව තිබුණි.

කොලඹ වරායට ඉහල අහසේ වට දෙකක් පමන කැරකැවුනු කොටි ගුවන් යානා දෙක එකවර දෙපසට බෙදුනු අතර ඒ සමගම කොලඹ ස්ථානගත කර තිබුනු ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක විය. එක දිගට අදුරු අහස්කුස රතු පැහැගන්වමින් විනාඩියට උණ්ඩ 700ක් පමන පිට කරන 5.0 ( ෆයිවි සීරෝ) වර්ගයේ ගුවන් යානා නාශක අවි වලින් පිටවන උණ්ඩ නිසා කොලඹ නගරය ගිනිකෙලි සංදර්ශණයක් බවට පත්විය.

පෙර අවස්ථාවන් වලදි මුහුන නොදුන් ආකාරයේ දැඩි ප්‍රති ප්‍රහාරයකට තමන් ලක් වෙමින් සිටින බවට කොටි ගුවන් යානා දෙකේ නියමුවන්ට හැගී යන්නට වැඩි කාල වෙලාවක් ගත නොවුනී. තමන්ට ලබාදුන් ඉලක්කයන් විනාශ කොට නැවත නිරුපද්‍රිිතව වන්නි අඩවියට පියාසර කිරිමෙි අරමුණ කොටි ගුවන් නියමුවන් තුල විය.


එක් කොටි ගුවන් යානාවක් කොළඹ ගුවන් හමුදා මුලස්ථානය ඉලක්ක කර ගනිමින් ඒ දෙසට එනවාත් සමග ක්‍රියාත්මකවු ගුවන් නාශක අවි ක්‍රියාකරවන්නෙක් කොටි ගුවන් යානාව ඉලක්ක කර ගෙන නොනවත්වාම කොටි ගුවන් යානාවට වෙඩි වරුසාවක් එල්ල කරන්නට විය.


කොටියාගේ සියළු බලාපොරොත්තු බිද වැටීමට වැඩි කාලවෙිලාවක් ගත නොවුනි. ගුවන් නාශක අවි ප්‍රහාර වලින් සිදුරුවු ගිය ගුවන් යානාව දේශීය ආදායමි බදු දෙපාර්තමෙින්තුවෙි ඉහල මාලයේ කොටසක වැදි පුපුරා ගියේ හෙන හඩක් නංවමිනි.

තමන් සමග පැමිනි එක් ගුවන් යානාවක් පුපුරා විනාශ වන ආකාරය ගුවනේ සිට නිරික්ෂණයවු අනෙක් කොටි ගුවන් යානයේ සිටි නියමුවා තම ජිවිතය බෙිරා ගැනිමෙි අටියෙන් පැන යෑමට තැත් කලේ ජිවිත්විමෙි අශාවෙනි. එහෙත් එම ගුවන් යානයටද වැඩි වෙලාවක් නොගොස්ම පලමු ගුවන් යානාවට අත්කර දුන් ඉරණම ලගා කර දිමට කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ස්ථානගත කර තිබු ගුවන් නාශක අවි ක්‍රියාකරවන්නන් සමත් විය. 


 

ගුවන් නාශක අවි ප්‍රහාර වලින් සිදුරුවී ගිය කොටි සංවිධානයට අයත් දෙවන ගුවන් යානාව උඩු ගුවනේදිම පුපුරා යමින් කැලි වලට කැඩි මිගමුව ඉහල අහසේදි විනාශවී ගියාය. එසේ විනාශවු ගුවන් යානාවෙි කැලි කටුනායක ගුවන් හමුදා කදවුරට ආසන්නයේ පිහිටි වගුරු බිමකට කඩා වැටුනු අතරම එහි සිටි ගුවන් නියමුවාගේ මල සිරුරද සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත් විය.

ආරක්ෂක හමුදාවන් කොටි ගුවන් යානා දෙක බිම හෙලීමට සමත් විමෙි සුභ ආරංචිය පැතිරිමත් සමග මෙරට සිටි අහිංසක සිවිල් වැසියන් එදින රාත්‍රියේ සැනසුමි සුසුමි හෙළුවෙි තම ජිවිතය තවත් වරක් ආරක්ෂා කර දුන් රණවිරුවන්ට කෘතගුණ දක්වමින්ය. එදා රාත්‍රියේදි කොටි ගුවන් යානා දෙක විනාශ කිරිමෙි මෙහෙයුමෙිදි පුද්ගලයින් දෙදෙනෙක් දිවිපිදු අතර තවත් 45 දෙනෙක්ට තුවාල සිදුවුනී.


කුරුමිබැටිටී මැෂිමක් ලෙසින් අර්ථකථනය දැක්වු කොටි ගුවන් යානාවන් තුනක් විනාශ කිරිමට අපගේ රණවිරුවන් සමත් විය. මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබියදිත්, ඉන් පසුවත් කොටි සංවිධානයට අයත් සැහැල්ලු ගුවන් යානාවල බවට සැක කෙරෙන කොටස් රාශියක් සොයා ගැනිමට අපගේ වීරෝධාර හමුදාවෝ සමත් විය.

තමන්ගේ ආරක්ෂාව සලකා ගැනිමෙි තුවිජ ආශාවෙන් යුතු කොටි නායකයා ඊලමි සටන අවසානය මදකට හෝ නතර කරගැනිමෙි උවමනාවෙන් 2009 වසරේ පෙබරවාරි 20 දා ක්‍රියාත්මක කල ගුවන් මෙහෙයුම අවසානයේදි අවසන් වුයේ ප්‍රභාකරන් තවත් අමාරුවෙි දමමින්ය.....

" මගේ රටෙි සුන්දරත්වය දකින හැම මොහොතක් පාසාම මගේ හිතේ ආත්ම ශක්තිය වැඩි වෙන්නේ මටත් නොදැනීමයි. මගේ මිහිමව රැකීම මගේ අරමුණයි.. මගේ අන්තිම හුස්ම පොද මෙි ගුවන් තලයට එක්වෙන තුරු මා මාගේ සටන අත් නොහරිමි- සුරකිමු ලකඹර"